19/11/2020
Combination අද කථාබහ අපි හැමෝටම ඉතාමත් වැදගත් කාරණයක් සහ අනිවාර්යෙන්ම අපටත් දවසක මෙම අත්දැකීම විඳීමටද සිදුවේ.
ඒ මරණාසන්න අත්දැකීම්...
විද්‍යාවට අනුව මොකක්ද මේ මරණාසන්න අත්දැකීම් කියන්නේ සහ අපේ ආගමට අනුව චුති සිත කියන්නේ කුමක්ද?
අනිවාර්යෙන්ම කියවන්න.ඉතාමත් වැදගත්ම විස්තරයක්.
මෙතෙක් පවතින තත්ත්වය නම් විද්‍යාව සහ දර්ශනවාදය එකිනෙකට සම්බන්ධතාවක් නැති ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකීමයි. විද්‍යාව භෞතිකවාදය මත ගොඩනැගී ඇති අතර, දර්ශනවාදය විඤ්ඤාණවාදය වැනි මනෝමූල මතිමතාන්තර මත ගොඩනැගී ඇත.
එහෙත් මෑතක සිට විද්‍යාඥයන් දර්ශනවාදය තුළ සාකච්ඡා වන මරණින් මතු ජීවිතය මෙන්ම විඤ්ඤාණය වැනි ප්‍රපංජයන් ගැන උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇති බව පෙනී යයි. ඇත්ත වශයෙන් මරණින් මතු ජීවිතය ගැන නම් ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලය උනන්දුව දැක්වීමට පටන්ගෙන දැනට පනස් වසරක් පමණ වේ. එහි සේවය කළ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් පුනරුත්පත්තිය ගැන කළ පර්ෙය්ෂණ ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.
වර්ජිනියා විශ්වවිද්‍යාලය මරණාසන්න අත්දැකීම් (NDE - Near Death Experiences) ගැන 2017 පෙබරවාරි 22 දින සම්මන්ත්‍රණයක් පැවැත්වූයේය. (එම සම්මන්ත්‍රණයේ සෑම ඉදිරිපත් කිරීමක්ම You Tube එකට පිවිස Vergina University Seminar on Life After Death ලෙස ටයිප් කර බැලීමට පුළුවන) සාමාන්‍යයෙන් විද්‍යාවට අනුව මරණයත් සමඟ මොළයේ ක්‍රියාකාරිත්වය ඇනහිටින අතර ඉන්පසු මරණයට පත්වූ කෙනෙකුට කිසිවක් දැනෙන්නේ ඇසෙන්නට හෝ වෙනයම් සංජානනයක් ලැබීමට හැකියාවක් නොමැත.
එහෙත් ඉහත කී පර්ෙය්ෂකයන් පවසන්නේ NDE අත්දැකීම ලද අය ප්‍රකාශ කළ පරිදි එම අවස්ථාවේදී තම මනස ඉතා වේගවත් ලෙස මෙන්ම වෙන කිසිදා නොවූ අයුරින් පැහැදිලිව ක්‍රියාත්මක වූ බවයි. උදාහරණයක් ලෙස ඔවුන් කියා සිටියේ එම සීමිත කාලය තුළදී තම ජීවිත කාලයේ අත්දැකීම් තමාට දිස් වූයේ චිත්‍රපටයක් ලෙසය. මේ අවස්ථාවේදී මට මතක් වන්නේ මීට දශක ගණනාවකට පෙර මාගේ මිතරකු පැවැසූ දෙයකි. එනම් මහවැලි ගඟේ දිය නෑමට ගිය විටක හදිසියේ ඔහු දියේ ගිලෙමින් පැවතුණ අවස්ථාවක එයින් බේරීමට තැත් කරන අතර තුර තම ජීවිත කාලයේ අත්දැකීම් තමාට ඒ සුළු කාලය තුළදී පෙනී ගිය බවයි.
මෙයින් පෙනීයන්නේ මනස අකර්මණ්‍ය වීමක්ද? හදිසි හදවත් අකර්මන්‍ය වීමක් නිසා කෙනෙකුගේ මොළයට ලැබෙන ලේ ප්‍රමාණය අඩු වුවත් එසේ මනස පෙරටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න NDE පර්ෙය්ෂකයන් නගන පැනයකි. ජීවිතයේ ලද දිගු අත්දැකීම් චිත්‍රපටයක් මෙන් සුළු කාලයක් තුළ දැකීම කාලය සහ අවකාශය පිළිබඳ විශ්මයජනක අත්දැකීමක් නොවන්නේද? අප විසින් නිර්මාණය කරගත් තත්ත්පර, මිනිත්තු පැය ආදී කාලයන් විශ්වයට අදාළ නොවන බවක් එයින් ගම්‍ය නොවන්නේද? ඇල්බට් අයින්ස්ටයින් පවා කාලය පිළිබඳ එවැනි අදහසක් දක්වා තිබේ.
ඉහත කී සම්මන්ත්‍රණයේදී මෙම අත්දැකීම් සම්බන්ධයෙන් තිබෙන ගැටලු නැත්නම් චෝදනා ගැන පර්ෙය්ෂණ කර ඇත. එක් චෝදනාවක් වූයේ මරණාසන්න අත්දැකීම් ගැන කරන ප්‍රකාශ සිද්ධියෙන් පසු කරන දේ වීමයි. එම නිසා එම ප්‍රකාශ කෙතරම් දුරට නිවැරදි විය හැකිද යන්න බොහෝ අය ප්‍රශ්න කරති.
මෙම කරුණට අදාළව පර්ෙය්ෂකයෝ විමසා බැලීම් සිදු කළහ. එහිදී ඔවුන් කළේ අවුරුදු 20ට පෙර මෙම ප්‍රකාශ කළ අය සොයා ගොස් ඔවුන්ගෙන් නැවත ඒ ගැන විමසීමයි. එම ප්‍රකාශවලින් පෙනීගියේ අවුරුදු විස්සකට පසුව වුවද ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම වෙනසක් නොතිබූ බව වෛද්‍ය බෲස් ග්‍රේසන් Bruce Greyson, MD) එම සම්මන්ත්‍රණයේදී පැවසීය. මුල් අවස්ථාවේදී මෙන්ම එම විස්තරය ඉතා පැහැදිලිව නිවැරදිව අවුරුදු විස්සකට පසුත් ඔවුන්ට පිවිසිය හැකි විය.
ඔවුන්ගේ අධ්‍යයනයන්ගෙන් හෙළිවුණ තවත් කරුණක් වූයේ ඒ අයගේ ආකල්පයන්ගේ වෙනසක් සිදු වී ඇති බවයි. උදාහරණ ලෙස දක්වතොත් පහත සඳහන් දේ ගැන ඔවුන් තුළ තිබුණ අදහස් ආකල්පය වැඩිදියුණු වී තිබුණි. ඔවුන් වඩාත් ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් ඇතිවීම, අන් අය කෙරේ පෙරට වඩා දයාවක් සැලකිල්ලක් ඇතිවීම, ජීවිතය අගය කිරීම සහ එහි අර්ථය නැත්නම් අරමුණ ගැන හැඟීමක් ඇතිවීම, යම් ගැටලුවකට මුහුණ දීමේ ආත්මශක්තිය වැඩිදියුණු වීම, මරණයෙන් පසු පැවැත්ම ගැන විශ්වාස ඇතිවීම ආදියයි. NDE ගැන විශ්වාසයක් නොතිබූ ජීව භෞතික (Biophysicist) විද්‍යාඥවරියක් වූ Joyce හදිසි අනතුරක් නිසා NDE අත්දැකීමක් ලැබූ පසු කළ දේ උදාහරණයක් ලෙස දැක්වීමට පුළුවන. එම අත්දැකීම කොතරම් දුරට ඇය තුළ බලපෑමක් ඇති කළේද යත් ඉන්පසු පසු ඇය තම වෘත්තීය ජීවිතයෙන් ඉවත් වී, NDE අත්දැකීම ගැන පර්යේෂණ කිරීමට සහ අන් අයට උපකාර කිරීම සඳහා තම ජීවිත කාලයම කැප කිරීමට පටන් ගෙන ඇත. ඇය තම පර්ෙය්ෂණවලදී අන් අයගේ යහපත වෙනුවෙන් ජීවිතය කැප කරන අයගේ මොළයේ සිදුවන වෙනස්කම් සොයාගෙන ඇත.
ඒ අතර NDE අත්දැකීම් ලද අය තුළ පහත දැක්වෙන ආකල්ප හීන වී යාමක්ද දැකීමට ලැබී ඇති බව ඉහත සඳහන් වර්ජිනියා විශ්වවිද්‍යාල පර්ෙය්ෂණවලදී හෙළිවුණි. විශේෂිතව පවසතොත් මරණයට ඇති බය, භෞතික දේ රැස්කිරීමේ උනන්දුව, පෞද්ගලික තත්ත්වය ගැන ඇති ඇල්ම සහ තරගකාරිත්වය යන දේ පිළිබඳ ඔවුන්ගේ උනන්දුව අඩුව තිබූ බව අධ්‍යයන තුළින් හෙළි වුණේය. මෙලෙස ආකල්ප අදහස් නැත්නම් ඔවුන් ජීවිතය ගැන එතෙක් දැරූ මතිමතාන්තර ආදියේ අඩු වැඩිවීම් පොදුවේ මරණාසන්න අත්දැකීම් ලද සැමදෙනා තුළ පොදුවේ දැකීමට ලැබීම විශේෂත්වයක් විය.
නිව්යෝර්ක් නුවර ලැන්ගොන් වෛද්‍ය ආයතනයේ පර්ෙය්ෂණ අධක්‍ෂ වෛද්‍ය සෑම් පාර්නියා (NUR's Langone Medical Center, Resuscitation Research Director Dr.Sam Parnia) සම්බන්ධයෙන් පර්ෙය්ෂණ ගණනාවක් සිදුකර ඇත. (මේ ගැනද You Tube වෙත ගොස් තොරතුරු දැන ගැනීමට පුළුවන) මෙම පර්ෙය්ෂණවලට ඇමරිකාව මෙන්ම යුරෝපයේද NDE අත්දැකීම් ලද 2000ක් පමණ දෙනා සහභාගි කරගෙන තිබේ. මෙම පර්ෙය්ෂණ සිදුකිරීමට පෙළඹුණේ මන්දැයි ඔහුගෙන් CBSN මාධ්‍යවේදිනියක් ප්‍රශ්න කළ විට පවසා ඇත්තේ තමා හදිසි ප්‍රතිකර්ම ඒකකයක (Intensive Care Unit) සේවය කරන වෛද්‍යවරයකු ලෙස තම ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලද අයවලුන් NDE අත්දැකීම් ගැන පවසන ලද දේ පර්ෙය්ෂණය සඳහා පෙළඹීමක් ඇති කළ බවයි.
හදිසි ප්‍රතිකාර ඒකකයේ අපේක්ෂාව එයට ඇතුළත්වන පුද්ගලයන් ජීවත් කරවීමට උත්සාහ ගැනීම නිසා මෙසේ වෛද්‍ය විද්‍යාවට අනුව සායනික වශයෙන් මිය ගියා යයි (Clinically dead) සලකන අය නැවත ජීවය ලැබීම වෛද්‍යවරයකු ලෙස ඒ පිළිබඳව පර්ෙය්ෂණය කිරීමට පෙළඹීමක් ඇති කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. හෘදයාබාධ වැනි දේ නිසා එම ඒකකයට ගෙන එන ආපසු සායනික වශයෙන් මියගොස් ඇතැයි ප්‍රකාශයට පත් කර ඇති සමහර අය නැවත ජීවත්වීමට පටන් ගන්නා සැටි සහ මියගියා යයි සලකන කාලය තුළ ඔවුන් ලද NDE අත්දැකීම් සම්බන්ධයෙන් පවසන ලද දේ විමසා බැලීමේ දී ඒවා හුදෙක් මවා ගත් දේ ලෙස සැලකිය නොහැකි බව ඔහුගේ විශ්වාසය විය.
විශේෂයෙන් පර්ෙය්ෂණයට ලක්වූ එම පුද්ගලයින් සායනික ලෙස මියගොස් ඇතැයි සැලකූ කාලය තුළ හදිසි ප්‍රතිකාර ඒකක තුළ තමා ඉහළ සිට බලා සිට දුටු දේ ප්‍රකාශ කර තිබේ. තමන් ඇඳමත වැතිර සිටිය අන්දමත් වෛද්‍යවරුන් මෙන්ම එහි සිටි කාර්ය මණ්ඩලයේ අය ඒ අවස්ථාවේ කළ කී දේ ඒ අයුරින්ම පැවසීම විස්මයජනක දෙයක් ලෙස ඔවුන්ට පෙනී ගොස් ඇත. සායනික වශයෙන් මියගිය අවස්ථාවක හදවත සහ මොළය අක්‍රීයව තිබේ යයි සලකනු ලැබේ. එවැනි අවස්ථාවක මෙසේ ඉතා පැහැදිලිව එම අවස්ථාවේ සිදුවූ දේ විස්තර කිරීම නොසලකා සිටිය නොහැකි බව ඔහුගේ මතය විය.
වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පර්ෙය්ෂකයින් NDE අත්දැකීම් ලද අයගේ පසු හැසිරීම සහ ආකල්ප ගැන පැවසූ දේ වෛද්‍ය සෑම් පැවසූ දේට සමාන විය. වෛද්‍ය සෑම් පැවසුවේ ඔවුන් මරණය ගැන බියක් නොදක්වන, එමෙන්ම අන් අයට උපකාර කිරීමට ඇල්මක් දක්වන පුද්ගලයන් ලෙස තමාට පෙනී ගිය බවයි. එමෙන්ම ඒ සෑම දෙනාම NDE අත්දැකීම් ලද අවස්ථාව තුළදී තමා ලද වේදනාවෙන් තොර සැහැල්ලු සහනකාරී ආලෝකයෙන් පිරුණ එම අවස්ථාව අත්හැර නැවත මෙලොවට පැමිණීම ගැන දුක්වන බව පවසා ඇත. හෘදයාබාධයකින් පසු NDE අත්දැකීම් ලද සමාජ සේවයට බෙහෙවින් කැපවී සිටින මෙරට ජනප්‍රිය ගායකයකු රූපවාහිනී සංවාදයක දී පැවසූ දෙයක් මට සිහිපත් වෙයි. ඔහු පැවසුවේ තමා NDE අත්දැකීම් ලද අවස්ථාවේ ඉතාමත් ආලෝකමත් තැනක සිට නැවත පැමිණි විට මෙලොව කෙතරම් අඳුරුද යන හැඟීම තමාට ඇතිවූ බවය
මේ මරණාසන්න අත්දැකීම් ගැන කියන මහාචාර්ය පින් වෑන් ලෝමල් මහතා
ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්‍රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි.
ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්සා බලන්නට හැකි වුණා. ඔහුගේ පර්යේෂණයට භාවිත වූ නියැදියෙන්, හෘදයාබාධයට ලක් වී තාවකාලික මරණයට පත් වූවන්ගෙන් සියයට 10කට මරණාසන්න අත්දැකීම් තිබුණා. තමන් තාවකාලික මරණයට පත් වූ පසු සිදු වූ සිද්ධි පිළිබඳ අත්දැකීම් ඔවුන් විස්තර කළා.
තමන්ගේ ශරීරයෙන් වෙන් වී ඉවතට පා වී ගිය අයුරුත්, ඉන් පසු ඇසීමට නැත් නම් දැකීමට හැකි වූ අයුරුත් ඔවුන් විස්තර කළා. මේ මතකයන් සිතේ මවාගත් මතකයන්ද නැත් නම් ඇත්තටම ඇත්ත මතකයන්දැයි මහාචාර්යවරයා විමසා බැලුවා. ඔවුන් විස්තර කළ දේවල්, සිදු වූයේයැයි කියූ දේවල් පරීක්‍ෂා කිරීමේදී ඇත්තටම සිදු වී ඇති බව මහාචාර්යතුමාට සනාථ වුණා.
මහාචාර්යවරයාගේ මෙම පර්යේෂණයේ සිත ඉතාම කුල්මත් කරන කොටස නම් මරණයට පත් වී, පසුව සිහිය ඇවිත් සිය මරණාසන්න අත්දැකීම් ප්‍රකාශ කළ මේ සියයට දහයේම මොළය මැරී තිබීමයි. මරණාසන්න වූවන්ගේ අත්දැකීම් පිළිබඳ මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ සුවිශේෂම කාරණය මේක තමයි. මොළයේ ක්‍රියාකාරීත්වය එහෙම පිටින්ම අක්‍රියව තිබියදී, සිහිය තමන් කරන කියන දේවල් ගැන දැන සිටීමයි, සක්‍රීයව තිබීමයි. මහාචාර්යවරයාගේ පර්යේෂණයේ මුල කොටසින් අනාවරණය වන වැදගත් නිගමනය මේකයි.
ගැඹුරු භාවනාවේදීත් සිදු වන්නේ මෙයම තමයි. මම මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මේ කියන්න යන්නේ මේ මගේ මිතුරෙක්ගේ සිද්ධියක්.
ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන් වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත් වන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා චාල්ස් ගාර්ඩිනර් රෝහලට ඔහු රැගෙන ගියා. රෝහලේදී ඊසීජී හා ඊඊජී පර්යේෂණවලින් ඔහුගේ හෘදය වස්තුවත්, මොළයත් සක්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මණ්‍ය වී තිබුණා. පරීක්ෂණයේදී හෘදයවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, ඊඊජී පරීක්ෂණයේදී මොළය අක්‍රියව ඇති බවත් අනාවරණය වුණා.
ඉන් පසු විදුලි සැර වැද්දීම්, පපුව තෙරපීම් වැනි නොයෙකුත් හදිසි ප්‍රතිකාර කළත් ඔහු ජීවත් වන ලකුණක් දැකගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිම කොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිම කළ සැණින් ඊසීජී යන්ත්‍රයත්, ඊඊජී යන්ත්‍රයත් ක්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලන විට තමා රෝහලක සිටින්නේ මක් නිසාදයැයි විස්මයට පත් වුණා. වෛද්‍යවරුන් බොහෝම කඩිනම් පරීක්ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළි වුණා. ඉන් පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් යා හැකි තරමට ඔහු නීරෝගීව සිටියා.
විස්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥානයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ ගැඹුරු භාවනාව තුළින් සිදු වන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප්‍රයෝජනවත් වන නිසාය. මේ විදිහට මොළයේ ක්‍රියාකාරීත්වය නතර වූ විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත් වීමක් සිදු වන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන අවස්ථාව ලෙස හඳුන්වනවා.
දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත් වීම අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වුණාම සිදු වන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මගින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වීමෙන් සිදු වන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි; ප්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.
එය එසේ වන්නේ ඇයි? මේ වේදනාකාරි ශරීරයෙන් නිදහස ලැබීමට හැකි වීමයි. ගැඹුරු භාවනාවෙන් සිදු වන්නේ මෙයම තමයි .
ගැඹුරු භාවනාවෙන් ලබන ප්‍රමෝදය, කාමාස්වාදයෙන් ලබන ප්‍රමෝදයට වඩා ඉහළයි. මම කාමාස්වාදය විඳ තිබෙනවා. නමුත් පසුගිය හතළිස් වසර තුළ මම කාමාස්වාදයෙන් තොරව බඹසර රැක්කා. එය එසේ වුවත් මට හොඳ මතකයක් තිබෙනවා. දැන් මම ගැඹුරු භාවනාවෙන් සතුටක් ලබනවා.
මක් නිසාද කිව්වොත්: භාවනාවට සමවැදුණාම ශරීරය අතුරුදන් වෙනවා. නැති වී යනවා. ඔබ මරණයට පත් වුණාමත් සිදු වන්නේ මෙන්න මේකම තමයි. මේ නිසා ශරීරයෙන් නිදහස් වීම අතිශයින්ම ආනන්දජනකයි; ප්‍රමෝදජනකයි.
මා මේ ඔබට දැන් කියන්නට යන්නේ හාස්‍යජනක කතාවක්. මා මේ කතාවට කැමතියි. එක්තරා කාන්තාවකට සැත්කමක් කරමින් සිටින අතරවාරයේ තාවකාලික මරණයට පත් වුණා. ඇය ශරීරයෙන් වෙන් වී ගොස් ඉහළ සිට පහළ සිදු වන දේවල් දිහා බලා සිටියා. ඇය කියන විදිහට මෙසේ සිටියදී මොකක්දෝ භූත බලවේගයක් ඇයට මෙහෙම කිව්වාලු:
“මේක නොවෙයි ඔයාගේ වෙලාව. ඔයා ආපහු යන්න ඕන.”
“මට බැහැ!” ඇය කිව්වා. “මම ආපසු යන්නෙ ඇයි? මම හරි සතුටෙන් ඉන්නෙ. මට ආපසු යන්න බැහැ” ඇය උත්තර දුන්නා.
“ඔයා ආපසු යන්නම ඕන!” භූත බලවේගය බල කර කියා සිටියා.
“මට ඕවයින් වැඩක් නැහැ. මම ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.
මේ කාලයේ ජනයා නිදහසේ වැඩ කරන්න කැමැතියි. ඔබ ඔබේ දෙමාපියන්, ඔබේ ආණ්ඩුව හෝ ඒත් නැත් නම් දෙවියන් හරි වෙන කවුරු හරි කියන විදිහට ඔබ වැඩ කරන්න කැමැති නැහැ. ඇයත් නිදහසේ වැඩ කළ කෙනෙක්. ඒ නිසා ඇයට කවුරුවත් කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන වුණේ නැහැ.
මම බොහෝම සතුටෙන් ඉන්නවා. මම නම් ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.
ඒක තමයි නිදහස. අපට ආයෙත් කොහොමටවත් ආපසු යන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ විදිහට භූත බලවේගයත්, මේ කාන්තාවත් තර්ක විතර්ක කරමින් සිටි අතරවාරේ අර භූත බලවේගය ඇය අල්වා ආපහු ඇගේ ශරීරය ඇතුළට විසි කළා. ඉන් පසු පෙර තිබුණු රුදාවල්, වේදනාවල්, පීඩාවන් ආපහු ඇයට දැනෙන්නට පටන් ගත්තා.
ඇය ඇත්තටම අර භූත බලවේගය ගැන කෝපයෙන් පසු වෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙන්න මෙහෙම කව්වා:
“මම ඊළඟ සැරේ මැරුණාම, අර හාදයා කොහොම හරි සොයාගත්තොත්, මම එයාට හොඳ පාඩමක් උගන්වනවා! ඒ හාදයා මට කරපු වින්නැහිය බලන්නකො...”
මේ කතාව හාස්‍යජනක වුවත් එයින් ලබාගත හැකි පාඩම වැදගත්. කථාවෙන් කියවෙන දෙයත් බොහෝ අයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මරණය කොයි තරම් ප්‍රසන්න අත්දැකීමක්ද කියන පාඩමයි.
මරණාසන්න අත්දැකීම් විඳ ආපසු ශරීරයට ආ සෑම දෙනෙක්ම පවසන එක දෙයක් තිබෙනවා:
“මම දැන් මැරෙන්න බය නැහැ!” ඔවුන් සෑමදෙනාම කියනවා. “ශරීරය අත්හැර යෑම හරිම ආස්වාදජනකයි; ඒ වගේම හරිම ප්‍රමෝදජනකයි. අප්‍රමාණ නිදහසක්, සමාජයක් භුක්ති විඳින්න ලැබෙනවා. ඒ කාලය හරිම ප්‍රසන්න කාලයක්” ඔවුන් කියනවා.
මෙය කවුරු වුණත් දැනගත්තාම ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. මේ බව දැනගත්තාම ඔබේ මරණය ගැන ඔබ තුළ ඇති බිය නැති වෙනවා. ඔබ ආදරය කරන කෙනකු මරණයට පත් වුණාම හඬාවැලපී ශෝක වීමද ඔබෙන් ඉවත් වෙනවා.
කෙනෙක් මරණයට පත් වූ පසු ‘ඔහු දැන් යහතින් ඉන්නවා’ යැයි කියා ඔබට සතුටු වෙන්න පුළුවන්. මරණයට පත් වූවන්ගේ අත්දැකීම් අනුව ඔබට මේ පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඔවුන් මරණයෙන් පසු සතුටින් සිටින බව ඔබ දන්නවා. මේ බව දැනගැනීමෙන් පුද්ගලයන් පිළිබඳ විශාල වෙනස්කම් ඇති වෙනවා.
නමුත් සියලු දෙනා මරණයෙන් පසු සතුටින් සිටින්නේ නැහැ. ඒ ඇයි කියා ඕනෑම ආගමකට අනුව ඔබ දන්නවා.
ජීවිතය ගැන සුභවාදී වෙන්න. ඔබේ අතීතය පිළිබඳ වේදනාවන් අත්හැරදමන්න. අතීත ස්මරණවල රැඳී, අතීතයේ සිරකරුවකු නොවන්න. බිත්තියක් බැන්ද පසු එහි ගඩොළු නවසිය අනූඅටක් නිවැරැදිව තැබූ ඔබ වැරදියට තැබූ ගඩොළු දෙක ගැන සිතමින් ළතවන්න එපා. ඇත්තටම මෙලෙස කටයුතු කිරීමෙන් ඔබ සුබවාදී ආකල්පවලින් නොව අසුබවාදි ආකල්පවලින් යුක්ත වෙනවා. මම ජීවිතය පිළිබඳ සුභවාදි ආකල්ප කියන යෙදුමට කැමැති නැහැ. එය තරමක් පට්ට ගැසූ සංකල්පයක්. ඒ වෙනුවට හැම වේලාවෙම සාධාරණ වෙන්න; යුක්ති සහගත වෙන්න; හේතු සහගත වෙන්න. ඔබ ගැන සිතුවොත් ඔබ නරක පුද්ගලයෙක් නොවෙයි. මගේ මුළු ජීවිත කාලය තුරාවටම මට නරක පුද්ගලයෙක් හමු වෙලා නැහැ. මට මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හිරකරුවන් හමු වී තිබෙනවා. ඒ කවුරු වුණත් ඔවුනුත් මිනිස්සු. නමුත් ඒ සෑම කෙනකුගේම යහපත් පැත්තක්, සුන්දරත්වයක් මා දැක තිබෙනවා. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට වෛර කිරීමට, ඔවුන් විනාශ කිරීමට නුසුදුසුයි. කිසිම මිනිසකු විනාශ නොකළ යුතුයි. සෑම මිනිසකුගේම හොඳ පැත්තක්, සුන්දරත්වයක් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට වටිනා සුන්දර දෙයක්. ඔබ ගැනත් එසේ සිතන්න. ඔබ සතුටක් ලැබීමට සුදුස්සෙක්.
ජීවිතයේ අර්ථය කුමක්ද කියා ඇසුවොත් ඒ ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඔබ සතුටු වීමට සුදුසුයි යන්නයි. එය තමයි ඔබේ ජීවිතයේ අර්ථය. එහි විශාල අර්ථයක් තිබෙනවා. ඔබට ඔබේ වේදනාවන් අත්හැරදමන්න පුළුවන්. ඒ වගේම සාමය සතුට පී‍්‍රතිය ළඟා කරගන්න පුළුවන්. ඔබ මරණයට පත් වීමෙන් පසු ඒ කරුණාවන්තකම ඔබත් දක්වන්න.
බොහෝ පුද්ගලයන්ට මේ ලෝකය සමඟ තද බැඳීම් තිබෙනවා. තමන්ට අතහැරදමා යන්නට සිදු වන තැනැත්තන්, අත්හැරදමා යන්නට සිදු වන දේපළ හා වස්තු සම්භාරයට බැඳී සිටිනවා. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න සිදු වනවායැයි බුද්ධාගම කියන්නේ මේ නිසයි. ඔබට මේවාත් උසුලාගෙන යන්න බැහැ. එය ඉතා පැහැදිලි කාරණයක්. ඔබ දන්නවා අත්හැර යෑමට ඔබ උගත යුතුයි; පුරුදු විය යුතුයි.
ඇත්තද නැත්තද කියා මට හරියට කියන්න බැරි වුණත් මරණාසන්න වූවන් පිළිබඳ කතාන්දර අතරින් මගේ ජනපි‍්‍රයම කතාවක් මම දැන් ඔබට කියන්නම්. ලංඩන් නුවර විසූ ඉතාම ධනවත් කාන්තාවක් අසනීප වී, ඇයට සුළු ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. ඇය ඉතා ධනවත් නිසා මේ සුළු සැත්කම කිරීමටත් සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරුන් සිටින හාලි වීදියෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවාගත්තා. මේ සඳහා අධික වියදමක් ගියත් සැත්කම සාර්ථක විදියට කරන්න ඇයට ඕනෑ වුණා. ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ සැත්කම කළත් සැත්කම අතරමැදදී ඇය මිනිත්තු කිහිපයක් මරණයට පත් වුණා. බොහෝ වියහියදම් කර වෛද්‍යවරු කැඳෙව්වාම ඔවුන් සැම විටම විනීතව කටයුතු කරනවා ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවා. ඒත් සැත්කම කරගෙන යද්දී වෛද්‍යවරයාගේ මේ විනීතකම අතුරුදන් වුණා. මේ කාන්තාව මරණයට පත් වෙමින් සිටියා. බොහෝ කලබලයට පත් වූ අර ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කරගෙන යන අතරවාරේ මේ කාන්තාව සිහිනැතිව සිටින බව දැක මෙසේ කිව්වා: “බැල්ලි, මේ වේලාවේ මේ වැඩේ අත්හැරදමන්න එපා.” ඔහු කියූ වචන ටික ඒකයි.
ඔබ වෛද්‍යවරියක්, නැත්නම් හෙදියක් නම් මේක හොඳට මතක තියාගන්න. මේ ශල්‍ය වෛද්‍යවරයා, කාන්තාවගේ අසනීපයට ප්‍රතිකර්ම කොට ඇයට නැවත ජීවත් වීමට අවස්ථාව සැලසුවා. සැත්කමෙන් පසු මේ වෛද්‍යවරයා සුවපත් වූ කාන්තාව බැහැදකින්න ගිහින්, “නෝනා මහත්මයා, ඔබතුමියගේ ජීවිතය ඒ වෙලාවේ බොහෝ අන්තරාදායක තත්ත්වයකට පත් වුණා,” යැයි බොහෝම විනීත ලෙස කිව්වා. “ඔව්. මම ඒ වග දන්නවා” ඇය කිව්වා. “ඒත් ඔයා මට බැල්ලි කියල කිව්වෙ මොකද?” ඇය ඇසුවා. වෛද්‍යවරයාට මොනවා හිතෙන්න ඇතිද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ කියන වේලාවේ මේ කාන්තාව තාවකාලික මරණයට පත් වෙලයි තිබුණේ. තමා මරණයට පත් වූවත් තමාට සිහිය තිබුණ බව මේ කාන්තාව පසුව කිව්වා.
මොකක්ද මේ චුති සිත? ... මැරුණට පස්සේ මොකද වෙන්නේ....
”මැරුණට පස්සේ මළ ගිය ඇත්තෝ ගෙදර දොර වතු පිටිවලට ආශාවෙන් (මැරෙන මොහොතේ) චුති චිත්තයක පැවතුනොත් ඒ ඇත්තා ඒ දේපළවලට ඇළුනු ගෙවලයෙක්ව පේ‍්‍රතයෙක්ව උපදිනවා. ඉන් මිදෙන්න නිසි උපදෙස් ලැබුණොත් ඇරෙන්න ඒ ඇත්තාට කවදාවත් එම භූත භවයෙන් මිදෙන්න බැහැ.
එම නිසා පණ යන මොහොතේ චුති චිත්තය යහපත් විදිහට පවත්වා ගැනීමට සුදුසු පරිසරයක් පවත්වා ගැනීමට ආධාරයක් කිරීම අනෙක් අයගේ වගකීමයි.
සමහර පළාත්වල මරණාසන්න කෙනෙකු සිටිනවා නං ගෙදර පිරිත් ඇහෙන්න සලස්වනවා. ඒක හො`ද වැඩක්. එතකොට මැරෙන තැනැත්තාගේ අවසාන චුති චිත්තය පවතින්නේ යහපත් අරමුණක.
මිය යන මොහොතක පසුවෙන අයෙකු වෙනත් ආගම් මත දරණ නිවෙසක සිටියි නම් ඒ උදවියත් තමන්ගේ ආගමට අනුව කටයුතු කළොත් සුගතියක් මිස දුගතියක් වෙන්නේ නැහැ.
අඩුම තරමින් පරිසරය නිසංසලව තබා ගන්නට පුළුවන් නං එය භවය අතහැර යන තැනැත්තාට (විශ්වාස කළා හෝ නොකළා හෝ)ලොකු පිහිටක් වෙනවා.
මට මේ මොහොතේ කල්පනාවට එනවා ධර්මාශෝක මහ රජතුමා ගැන. මහා මිනිස් සංහාරයක් කළ අශෝක රජතමා පස්සේ තමන් කළ අපරාධය ගැන කම්පා වී සාමනේර භික්ෂූන් නමකගෙන් බණ අහලා පැහැදිලා මු`ඵ ආසියාව පුරාම ධර්ම දූතයින් වහන්සේලා යවලා පුළුල් ධර්ම ප‍්‍රචාරක මෙහෙවරක් කළා.
තමන්ගේ පුතාත් දුවත් ශාසනයට ඇතුළත් කෙරුවා. ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ලැබුණා.
එවක චණ්ඩාශෝක නමින් ප‍්‍රසිද්ධ වූ එතුමා ධර්මාශෝක නමින් ප‍්‍රසිද්ධ වුණා. තිස් පන්දාහක් පමණ වෙහෙර විහාර මු`ඵ ආසියාව පුරාම ඉදි කළා.
එතුමාගේ කරුණාව නිසාම මිහි`දු මහ රහතන් වහන්සේත් සංඝ මිත්තා තෙරුන් වහන්සේත් ලංකාවට වැඩියා.
ඒ පිලිබඳව මා සදහන් කලේ ධර්මාශෝක මහ රජතුමා මිය යන මොහොතේ ඇති වූ සිදුවීමක් නිසා එතුමාගේ ඊළ`ග භවය වෙනස්වීම ගැන දක්වන්න.
ධර්මාශෝක මහ රජතුමා මිය යන මොහොතේ එතුමාගේ පහසුව සලකා එක්තරා සේවිකාවක රජතුමාට පවන් සැලීමට යොදවා සිටියා. සෙමෙර පතකින් තමයි ඇය පවන් සලමින් ඉ`දලා තියෙන්නේ.
සේවිකාව අතින් ගිලිහුනු සෙමර පත රජතුමාගේ ඇෙ`ගහි වදිමින් බිමට වැටුණා. සෙමර පත රජතුමාගේ ශරීරයේ වැදුනා. රජතුමාගේ සිතට කේන්තියක් ඇතිවුණා.
ඒ ක්ෂණයෙන් රජතුමා දිවංගත වුණා. මියයන මොහොතේ පැවතියේ ද්වේශ සහගත චුති චිත්තයක්. මෙච්චර වෙහෙර විහාර ඉදි කළ ශාසන මෙහෙවරක් කළ රජතුමා ඊළ`ග භවයේ උපත ලැබූවේ පිඹුරෙක් වෙලයි.
කෙටි කලක් එම භවයේ රැ`දී ඉඳලා නැවතත් වෙනත් උසස් භවයක් ලැබුවා කියලා අපේ බණ පොත්වල ස`දහන් වෙනවා.
චුති චිත්තය කොච්චර වැදගත්ද? මැරෙන මොහොතේ ගෙවල්වල ඉන්න අනෙක් උදවිය ක‍්‍රියා කරන්න ඕනෑ කොයි ආකාරෙටද කියලා අවබෝධයක් ඇති කරන්න
මරණීන් පස්සේ සිදුවන දේවල් ගිහියන්ට විතරක් නෙවෙයි පැවිදි කොයි කාටත් බලපාන්නේ එක හා සමානවයි. ගිහියන් ගේදොර වතු පිටිවලට ඇ`ඵම් කරනවා වගේම පැවිදි අයත් තමන් හදාගත්ත පන්සල, වතු පිටි නම්බු නාම තානාන්තර ආදියට ඇළුම්ව සිටියොත් අවසාන මොහොත ළ`ගා වෙන කොට සිහි කල්පනාවට එන්නේ තමන් බොහෝ සේ ඇ`ඵම් කළ දේවල් පිළිබ`දවයි.
එම නිසා මම කොයි කාටත් අවවාදයක් වශයෙන් කියන්න කැමතියි ගෙවල් දොරවල් ආරාම පන්සල් ඉදිකිරීම නොකළ යුතුයි කියලා නෙවෙයි.
ආරාම, පන්සල් ඉදිවෙන්න ඕනෑ. සාසනේ පැවැත්මට ඒ දේවල් තියෙන්න ඕනෑ. ඒත් ඒ දේවලට බැෙ`දන්න එපා. සුදුසු කාලේ ආවාම ඒ දේපළ සුුදුසු විදිහකට ආරවුල් වියවුල් ඇති නොවන විදිහකට බාර දෙන්න ඕනෑ. මම හදාපු දේවල් කොහොමද අතහැරලා යන්නේ කියලා මැරෙන කල්ම දේපළට ආශාවෙන් හිටියොත් සිද්ධ වෙන්නේ කල්පාන්තරයක් දුක් වි`දිමින් ඉන්න එකයි.
තමන් දේපළ උපයා ගත්ත බව ඇත්තයි. ඒවාට ඇලෙන්න එපා. ඒ දේවල් හා ගැටෙන්න එපා.
නියම කාලේ ආවාම සුදුසු ඇත්තන්ට ඒ ඒ දේවල් පවරලා ජීවිතේ අවසාන කාලයේ සියලූ බැ`දීම්වලින් නිදහස් වීම සුදුසුයි.
මේ මොහොතේ මගේ කල්පනාවට ආවා අපේ බණ පොතක තිබුණ කතාවක්. මේ කතාවේ හැටියට මෙම රජතුමා බොහෝම ධාර්මිකව රට පාලනය කරලා තියෙනවා. දවසක් මෙම රජතුමා උදැහැනැක්කේ තමන්ගේ මුහුණ කණ්ණාඩියෙන් බලපු වේලාවේ තමන්ගේ හිසේ නරකෙසක් (සුදු පැහැ ගැන්වුණු කෙස් ගසක්) තියෙනවා දැකලා වහාම රාජ සභාව කැඳවලා තමන්ගේ රාජකීය තනතුරු ඇතු`ඵ සියලූම දේපළ සුදුසු අයට පවරලා තාපස්ධාරීව වනගත වුණා කියලා සදහන් වෙනවා.
මේ කතාවෙන් අගේ ඇති පාඩමක් හැමෝටම කියලා දෙනවා. රාජ රාජ මහාමාත්‍යවරුන් පවා ධාර්මිකව රට පාලනය කළත් නිසි කළට ඊළඟ භවය ගැන හිතලා කටයුතු කරන්න කියලා.
මීට කාලෙකට ඉස්සෙල්ලා මං හම්බවෙන්න එක්තරා සාමනේර උන්නාන්සේ නමක් වැඩියා.
උන්නාන්සේ මට නමස්කාර කෙරුවට පස්සේ අපේ නන්දරතන පොඩි නම මට කීවා,”නායක හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ වැඩලා තියෙන්නේ ඔබවහන්සේ බැහැ දැකලා කාරණයක් ගැන උපදේශයක් ගන්න.”
”මොකක්ද ප‍්‍රශ්නේ?”
”අවසරයි නායක හාමුදුරුවනේ, අපේ පන්සලේ නායක හාමුදුරුවෝ මීට මාස හතරකට ඉස්සෙල්ලා අපවත් වුණා. පන්සලේ දායකයන් ගමේ දායක පිංවතුන් අවම`ගුලේ වැඩ කටයුතු අඩුවක් පාඩුවක් නැතුව කෙරුවා. හත් දවසේ දානයත් තුන් මාසේ දානෙත් දින වකවානු වරද්දන්නේ නැතිව සිදු කෙරුවා.”
”ඉතිං දැන් මොකක්ද ප‍්‍රශ්නේ?”
”දැන් උන්නාන්සේ පන්සලේ වැසිකිළි වළේ ඉපදිලා රෑට රෑට වැසිකිළි වළෙන් අපේ හාමුදුරුවෝ කෙඳිරිගානවා, කතා කොරනවා පන්සල හො`දට බලා කියා ගන්න කියලා අවවාද කරනවා.
”දැන් අපි ඒ වැසිකිළිය පාවිච්චි කරන්නේ නෑ. උපාසක ඇත්තන්ට වෙන් කරපු වැසිකිළිය තමයි අපි පාවිච්චි කරන්නේ. පන්සලේ සාමනේර පොඩි හාමුදුරුවරු කීප නමක් ඉන්නවා. මේ සිද්ධිය මම පොඩි උන්නාන්සේලාගෙන් වසං කොරගෙනයි ඉන්නේ. දැන ගත්තොත් පොඩි උන්නාන්සේලා සිවුරු ඇරලා යයි. මේකට මොකද කරන්නේ නායක හාමුදුරුවනේ?”
”ඔය වගේ අවස්ථාවන් අද ඊයේ නෙවෙයි බුදු පසේ බුදු මහරහතුන්ගේ කාලේ ඉඳලා සිද්ධවෙලා තියෙනවා පොඩි නම. ඕවට බලි තොවිල් කරලා යවන ක‍්‍රමත් තියෙනවා. බුද්ධ චීවරයක් දරාගෙන ඉන්න අපි වගේ ඇත්තෝ ඒ ක‍්‍රම අනුමත කරන්නේවත් ආධාර අනුබල දෙන්නත් හො`ද නෑ. ඒවා හිංසාකාරී මහ පවු වැඩ.
බුද්ධ දේශනාවලම ඔය වගේ අවස්ථාවල ගන්න ඕනෑ ක‍්‍රියා මාර්ග අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. පොඩි නම කරදර වෙන්න එපා රහස ඒ විදිහටම රැක ගෙන උදේ හවහ කරණීය මෙත්ත සූත‍්‍රය සජ්ඣායනා කරන්න.
නායක හාමුදුරුවන්ට නිතර නිතර පින් පෙත් අනුමෝදනා කරන්න. උන්නාන්සේ මෙනෙහි කරලා මෛත‍්‍රී භාවනාව කරන්න. ඒ පින් තමන්ගේ ගරු හාමුදුරුවන්ට අනුමෝදන් කරන්න. කෙටි කාලෙකින් ගැටලූවට පිළිතුරු ලැබේවි.
මම මේ සිද්ධිය මතක් කෙරුවේ අපි කවුරුත් දේපළ වතුපිටිවලට පන්සල් ආරාම ආදී දේවලට තියෙන ආශාව අතහැරලා භව ගමන සුවපත් කර ගන්න කටයුතු කරන්න කියන්නයි.
අපි කවුරුත් මේ භව ගමන කියලා හ`දුන්වන්නේ භව කෙළ කෝටි ගණනක අත්දැකීම් සමුදායකට. අපට දැන් ලැබිලා තියෙන ජීවිතය භව ගමනේ එක පුරුකක් විතරයි.
භව ගමනේ ආරම්භය කවදා කෙසේ සිදු වී දැයි දන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් අභිඥාලාභී සෘෂිවරුන්ටත් විතරයි.
ඔබ දැන් කර්මාන්තයක වෘත්තියක හෝ වෙනස් දක්ෂතා ඇත්නම් ඒ භව ගමනේ ලබාපු අත්දැකීම් සමූහයක ප‍්‍රතිඵලයි. සමහර විට මෙම ලෝකයේ හෝ වෙනත් ග‍්‍රහලෝකෙක ජීවිතය ගෙවපු සන්දියේ ලබාපු දැනුම් සම්භාරයන්ගේ ප‍්‍රතිඵලයි.
කාර් කර්මාන්තයේ පියා හැටියට සලකන්නේ හෙන්රි ෆෝර්ඞ් මහත්මයායි. උන්නැහේ දවසක ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තියෙනවා මම වයස විසි හයේදී පුනරුප්පත්තිය පිළි ගත්තෙමි. අප එක භවයකදී ලබා ගත් දැනුම් සම්භාරය ඊළ`ග භවයකට ගෙන යා නොහැකි නම් අප මෙම භවයේ ලබා ගන්නා දැනුමෙන් පලක් නැත. එය එසේ නොවේ. අප ලබන දැනුම පුහුණුව භව ගණනාවකදී අප ලබා ගත් පුහුණුවේ ප‍්‍රතිඵලයි.
සමහරු එක කරුණකදී දක්ෂයන් වෙන්නේ එනිසයි. පුද්ගලයා අතීතයේදී එම විෂයය පිළිබ`දව ජ්‍යෙෂ්ඨයන් වෙන්නේ මේ කරුණ නිසයි. සමහර දේවල් මේ ලෝකෙට අලූත්ම දේවල්. ඒවා කොහෙන්ද ආවේ කියලා මුන්නැහේ වුණත් කල්පනා කරනවා ඇති. බොහෝ දේවල් විශ්වයේ විශ්ව තරංග හැටියට තියෙනවා. සමහර දේවල් සාගර පතුුලේ තියෙනවා. ඒවා තවම ගවේෂණය නොකරපු වස්තූන් හැටියට තියෙනවා. කවර හෝ දවසක මෙම දේවල් මනුෂ්‍යයා සොයා ගන්නවා සිහිපත් කර ගන්නවා.
අපේ විඥානය මහා සාගරයේ පාවෙන මහා අයිස් කුට්ටියක් වගේ. අපට පෙනෙන්නෙ සාගර ජලයෙන් උඩට මතුවී ඇති ප‍්‍රමාණය පමණයි. මහා සාගර ජලයේ යටට වෙන්න අයිස් කුට්ටියේ මහා පරාසයක් අපට පෙනෙන්නේ නෑ. ඒ වගේ භවයෙන් භවයට අප රැස් කර ගන්න යහපත් අයහපත් කුසලයන් භවයෙන් භවයට ගෙන යනවා.
අපට නියම සුවය ලැබෙන්නේ මෙම සත්‍ය අපේ විඥානයෙන් අපම අවබෝධ කර ගත්ත දාට පමණයි.
අප දැන් යන්නේ දිග ගමනක්. මෙම ගමන කවදා කෙසේ පටන් ගත්තද කියලා අප දන්නේ නෑ. ගමනේ කෙළවර ගැනත් අප දන්නේ නෑ. හැම මොහොතකම අපි මෙම ගමන යනවා. අප අවදියෙන් හිටියටත් නිදාගෙන හිටියත් මෙම ගමන යනවා. මෙම ගමන නතර කර ගැනීමට අප උත්සාහ කළ යුතු වෙනවා.
එය මේ මොහොතේම පටන් ගත යුතුයි. ඒ සඳහා ශාස්තෘන් වහන්සේ කෙනෙකුගේ පිහිට අපට අවශ්‍ය වෙනවා.
ඒ ශාස්තෲන් වහන්සේ සර්වඥතා ඥානයෙන් යුතු කෙනෙකු වීම වැදගත්. එක් එක් ශෘස්තෲන් වහන්සේලා දේශනා කරන මාර්ග එකම නෙවෙයි.
මෙසේ එක එක ශෘස්තෲන් වහන්සේ අන්ධානුසාරයෙන් පිළිගෙන කටයුතු කිරීමෙන් සිදුවෙන අනතුරු බුදුන් වහන්සේ මනාව පැහැදිලි කර තියෙනවා.
නිවැරදි මාර්ගය සොයා ගන්නේ කොහොමද? නිවැරදි මාර්ගය සොයා ගැනීමට බුදුන් වහන්සේ දේශනා කර ඇති කාළාම සූත‍්‍රය කාටත් මහෝපකාරී වෙනවා.
”මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය
මා පිටක සම්පදානේන මා තක්ක හේතු
මා නාය හේතු මා රූපකාය මා දිට්ඨි විජ්ජා
නක්ඛත්තියා මා සුමනා කරෝති”
”මා කියූ පමණින්වත්, පරම්පරාවෙන් පැවත එන පමණින්වත්, පිටක ග‍්‍රන්ථවල සඳහන් වූ පමණින් වත්, මෙය නිවැරදි යයි පිළි නොගන්න.
ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමණක් ද තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමණක් ද පිළි ගන්න.”
”මා කියූ පමණින්වත්, පරම්පරාවෙන් පැවත එන පමණින්වත්, පිටක ග‍්‍රන්ථවල සඳහන් වූ පමණින් වත්, මෙය නිවැරදි යයි පිළි නොගන්න.
ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමණක් ද තම බුද්ධියට ගෝචර වන්නේ නම් පමණක් ද පිළි ගන්න.”
ඉහත ලිපිය ලංකාදීප,දිවයින,සහ 'රීසස්ටිකේෂන්' ජර්නල් ඇසුරෙන් COMBINATION සකස් කල පෝස්ටුවකි.Combination අද කථාබහ අපි හැමෝටම ඉතාමත් වැදගත් කාරණයක් සහ අනිවාර්යෙන්ම අපටත් දවසක මෙම අත්දැකීම විඳීමටද සිදුවේ.
ඒ මරණාසන්න අත්දැකීම්...
විද්‍යාවට අනුව මොකක්ද මේ මරණාසන්න අත්දැකීම් කියන්නේ සහ අපේ ආගමට අනුව චුති සිත කියන්නේ කුමක්ද?
අනිවාර්යෙන්ම කියවන්න.ඉතාමත් වැදගත්ම විස්තරයක්.
මෙතෙක් පවතින තත්ත්වය නම් විද්‍යාව සහ දර්ශනවාදය එකිනෙකට සම්බන්ධතාවක් නැති ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකීමයි. විද්‍යාව භෞතිකවාදය මත ගොඩනැගී ඇති අතර, දර්ශනවාදය විඤ්ඤාණවාදය වැනි මනෝමූල මතිමතාන්තර මත ගොඩනැගී ඇත.
එහෙත් මෑතක සිට විද්‍යාඥයන් දර්ශනවාදය තුළ සාකච්ඡා වන මරණින් මතු ජීවිතය මෙන්ම විඤ්ඤාණය වැනි ප්‍රපංජයන් ගැන උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇති බව පෙනී යයි. ඇත්ත වශයෙන් මරණින් මතු ජීවිතය ගැන නම් ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලය උනන්දුව දැක්වීමට පටන්ගෙන දැනට පනස් වසරක් පමණ වේ. එහි සේවය කළ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් පුනරුත්පත්තිය ගැන කළ පර්ෙය්ෂණ ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.
වර්ජිනිය