08/11/2020
කටුක යැයි සිතා එය අතහැර
දිනෙන් දින කොන්ක්‍රීට් මාලිගා තනමින්
සොදුරු අවදියකැයි යැයි සිතා පිය නැගුවේ
සොදුරු මනස්කාන්ත දිවියක් අතැර
කර්කශ ලෝකයකටය.....
පොලඅතු පැලේ.. මැටි ගේ.. එලියේ කුස්සිය.. .. වත්තෙ හතරකොනේ තෙක් තිබුණු ඉරිගු.. කුරහන්. තල... මිරිස්.. මුං... මෑ.. පිපිඤ්ඤා... මඤ්ඤොක්කා ... වගාවේ සුවද... ඒ සුවදට ඇදී එන වල් අලි.. උන්ගෙන් බේරෙන්න අලිඩොන්... තාත්තා වැවේ ගිහින් මහ රෑට දඩයම් කරන් එන වැව් මාලු..
එලියේ වීරගහේ එල්ලපු පැට්‍රෝල් මැස් ලාම්පුව...ගෙයි ඉස්සරහ මහා පලුගස් දැවැන්තයා..වටේටම මහ කැලේ.. විනාඩියෙන් විනාඩිය ගෙතුලට ඇදෙන සර්පයන්.. නොනිදා පහන් කරමින් අප රකින අපේ දෙවියන් බදු වූ අපේ තාත්තා...බත් හැලිය පොල් සම්බෝලය හැදෙනකල් එක ඇදක සීතලට ගුලි වෙලා ඉන්න ළමයි රැල... උදේ පාන්දර එලියට බහිනකොට ගේ දොරකඩ සද්දන්තයා ... උගේ එක හුස්මෙන් විනාශ කරන්න පුලුවන් අපේ පැළ..ඒත් මගඇරලා යන අලි දෙවියා....
හිතුවක්කරී උනු මන්.. අඩ අඩා තාත්තා එක්ක මාලු දඩයමේ ගිය රැයක්. ගිනිපත කලුවරේ කිඹුල්ලු ගහන රජ කර වැව් තාවුල්ලේ ඔරුවක වාඩි කරවා කලුවරේම මාලු කපන තාත්තා එනකල් බලන් හිටිය මන්.. තාමත් මතකයි ඒ බය බීරන්ත වුනු මහ රෑ....
තවත් දිනයක තාත්ත එක්ක පොලොවේ අඩි හප්පා.. මහ කැලේ ඉදල් කෝටු කපන්නට ගිය ගමන.. වදුරු රැළකගෙන් මාව බේරාගත් තාත්තා.. අලි රජ කරන කැලයක තාත්තා කපන කෝටු ගොඩේ බීරාන්ත වෙලා හිටිය මන්.... මගේ තාත්ත ඩුබ්ලිකේට් සරදියෙල්..
අදටත් ඒ අතීතෙට ආදරෙයි... ඒවගේම සතා සීපාවට.. ගහට කොලට ආදරෙයි.. අපි රැකුනෙම උන් අපි රැක්ක නිසයි...අපි උන්ට ආදරේ කර නිසයි.....
අතීතයට සැනෙන් ගිය දවසක්... එදා අපි ඒ අතීතය දැක්කෙ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී දවසක්...💕💕💕
දිලූ💜️ https://www.facebook.com/dilu.shani.52035