13/04/2024
"ඇයි" කොන කපන්නේ ශානා අම්මගෙන් ඇහුවා.
ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනෙ, මම කෑම හදල දෙනකං පොතක පතක වැඩක් බලාගනිං, මෙන්න අම්ම කියාපි. අම්මා වෙනද විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා.
"නෑ මම ඇත්තටම අහන්නෙ, අම්ම හැමදාම සොසේජ් බදිනකොට කොන් කපල අයින් කරනවා. "ඇයි" කොන් කන්න හොඳ නැද්ද?
ඒ පාරනම් අම්ම ටිකක් ගැස්සුනා. පොඩ්ඩක් කල්පනා කරල මෙහෙම කිව්වා. "එහෙම තමා ඉතින් ඒව බදින්න ඕනේ, මොකක්ද හේතුව නම් දන්නෙ නෑ, ඉස්සර ආච්චි සොසේජස් බදින්නෙත් මෙහෙම. මොකක් හරි හේතුවක් ඇතිනේ ඉස්සර ඉඳන් කරන් දෙයක් නිසා,මම ඕව අහල නෑ, අර ඉන්නේ ආච්චි, ගිහින් අහගන්න" අම්ම කිව්වා.
ශාන ඊට පස්සෙ ගියා ආච්චි ගාවට, ආච්චි කිව්වට තාව එච්චර වයස නෑ, තාම කෙල්ල වගේ. "ඇයි ආච්චි සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ?" ශාන ඇහුවා.
"එහෙම තමයි ආතම්ම බැද්දෙ පුතේ, මාත් ඉතින් ඒ විදියටම කරා" ආච්චි කිව්වා.
"ඉතින් ආච්චි ඔයා ආතම්ම ගෙන් "ඇයි" කියල ඇහුවෙ නැද්ද? ශානා ආයෙත් ඇහුවා.
"හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අන්න ආතම්ම නැගිටල ඉන්නේ දූ ම ගිහින් අහන්නකෝ ඉතින්"
ආතම්ම වයස උනාට සිහිය තියනවා. ශාන ගියා ආතම්ම ගාවට
"ආතම්මේ, ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොනකපලා, අපේ අම්මත් එහෙමයි, ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා, අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා, හැබැයි කව්රුවත් "ඇයි" කියල හේතුවක් දන්නේ නෑ, ඇයි ආත්ම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ?"
"ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා. නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ? ඔයාගෙ ආච්චිවත්, අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ, මම කියලත් නැහැ, අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි"
........................................................
ඔයාලත් මේ දේවල් කරන්නේ ඇයි කියල හේතුවක් දැනගෙනද?
1. ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින්