Chami

Chami Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chami, Performing Arts, Kandy.

25/06/2025
හිගකමේ ආකල්පයෙන් මිදෙන්නමම පහුගිය අවුරුදු ගණනාව තුල විවිධ ප්‍රදේශ වල විවිධ මිනිසුන්ගේ කතා වලට ඇහුම්කන් දී තියනවා ඒ අතර හ...
13/12/2024

හිගකමේ ආකල්පයෙන් මිදෙන්න

මම පහුගිය අවුරුදු ගණනාව තුල විවිධ ප්‍රදේශ වල විවිධ මිනිසුන්ගේ කතා වලට ඇහුම්කන් දී තියනවා

ඒ අතර හිගකමින් ජීවත් වන අය මට හමුවී තියනවා

බොහෝ අග හිග කම් ඇති අය නිතර භාවිතා කරන වචනයක් ඇත...

ජීවත් වෙන්න බෑ...

අමාරුයි ..

හම්බකරන එකත් මදි ජීවත් වෙන්න..

කොහොම ජීවත් වෙන්නද මන් දන්නෙ නෑ...

මට නම් දැන් නැහිල නැහිල එපා වෙලා තියෙන්නෙ

ජීවත් වෙනවට ජීවත් වෙනවා..

මම ඒ නිවෙස් වලට ඇතුල් වෙද්දිම දකිනවා..

👉ඔහුන්ට ජීවත් වෙන්න උවමනාවකුත් නැති බව.

👉 ඔහුන්ගේ නිවස අපිළිවෙලයි සමහර විට..රෙදි හැම තැනම මිදුල කිසි පිලිවලක් නෑ..

👉එහෙම නැත්නම් ඔහුන්ගේ ජිවිත වල අපිළිවෙල බව දකින්න තියනවා..

👉නිවසෙ එක් එක් කෙනාට දොස් කියනවා..

👉නිතරම බනිනවා ,කෑ ගහනවා..

👉එක් එක් කෙනාව රුස්සන්නෙ නෑ

👉කන්නෙ බොන්නෙ සතුටින් නෙවෙයි ..

👉ඔහුන්ට ජීවිතය වදයක්..

👉ඔහුන්ට නිතර කරදර

👉සද්දෙන දමා ඇති රූපවාහිනීයක්..( මෙවැනි බොහෝ නිවෙස් වල පවුලේ අය එකතු වෙන්නෙ රූපවාහිනීය බලන්න..ඒත් කා එක්කවත් කතා කරන්නෙ නෑ..රෑපවාහියන දිහා බලාන..

මේ පොදු දේවල් හැම දේම එකම ගෙදර දකින්න නොලැබුනත් බොහෝ ලක්ෂණ දකින්න තියනවා..

නමුත් ඔහුන් තුල මා තව එක් පොදු දෙයක් දකිනවා

ඔහුන්ට නැත්තෙ නෑ..ඔහුන්ගේ තමන්ගෙ කැමැත්තෙන් අහිමිවීම හිගකම දරාගෙන ඉන්නවා ..

හිගකම කියන ආකල්පය තුල ඔහුන් ජීවත් වෙනවා..

මෙතන තියෙන්නෙ නැතිකමට වඩා ආකල්පය ප්‍රශ්නයක්..සමහර විට සොයා බලද්දි ඔහුන්ගෙ දෙමා පියන් ගත කරල තියෙන්නෙත් ඒ වගේ ජීවිතයක්..

ඔබේ නිවස ඇතුලෙ හැම වෙලාවෙම

👉නැති කම ගැන කතා කිරීම නැවත්වන්න.

👉අවාසනාව ගැන කතා කිරීම නවත්වන්න..

👉ඔබ කුලී ගෙදරක හිටියත් ,පොඩි ගෙදරක හිටියත් ලොකු ගෙදරක හිටියත් (ඇත්තෙන්ම ගෙදර ලොකුපොඩි කම මෙතනට අදාල නෑ කියල මම දකිනවා)
ඔබ ඉන්න තැන පිලිවලට ඉන්න...
පිරිසිදු ව ඉන්න
අස් කරන්න ..
ගෙදර ජනෙල් අරින්න..
හොදින් හිරු එළිය වාතාශ්‍රය ගෙදරට එන්න ඉඩ දෙන්න..

👉ඔබට තියන දෙයින් අනිත් අයට දෙන්න(අපිටත් නැතුව කොහොමද අනිත් අයට දෙන්නෙ)
නෑ අපිට තියන දෙයින් නැති කෙනෙක් වෙනුවෙන් සතුටින් යමක් දීමෙන් අපේ නැහැ කියන ආකල්පයෙන් මිදෙන්න ඒක ..

👉 ගෙදර ඉන්න අයව අගය කරන්න ..
දොස් පැවරීම් නවත්වන්න..

👉tv එක ඉස්සරහට වෙලා කන එක එක දවසක් නවත්වලා පවුලේ අය එකට වාඩි වෙලා තියන දෙයක් සතුටින් ටින් බෙදාගෙන කන්න ..කතා බහ කරමින්..

👉 පවුලක් විදිහට එක්සිත් වෙන්න..

හිගකම් කියන්නෙ ආකල්පයක්..ඒකෙන් මිදෙන්න පුළුවන් නම් හිගකමින් මිදෙන්න බොහෝ අවස්තා ඇති බව පෙනේවී..

Mihiri Jayakanth
Life Coach | Psychological Counselor 🌿

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Chami posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share