AGMA

AGMA අමිත් ජී ආරච්චි සංගීත ඇකඩමිය නව්‍යකර?

End of  another Excellent Session ❤️.   #අග්මාවරුන්ගේ_ආගමනයක්_ /-ooN
04/12/2021

End of another Excellent Session ❤️.
#අග්මාවරුන්ගේ_ආගමනයක්_ /-ooN

දුෂ්කර කාලයන් දුරුවී යන තැන වැයෙන සද්භාවයේ වාදනාව...   04/12/2021
04/12/2021

දුෂ්කර කාලයන් දුරුවී යන තැන වැයෙන සද්භාවයේ වාදනාව...

04/12/2021

අලුත් වැඩකට මුල පුරන AGMA අපි❤️  #
08/11/2021

අලුත් වැඩකට මුල පුරන AGMA අපි❤️
#

*සමූහ වාදනයේ ශ්‍රී ලාංකේය නව යුගය සොයා නව්‍යකරණයේ යාත්‍රාවේ සිට වැයෙනආත්මය පුබුදුවන මුවගොලු ගීතිකාව*
14/05/2021

*සමූහ වාදනයේ ශ්‍රී ලාංකේය නව යුගය සොයා නව්‍යකරණයේ යාත්‍රාවේ සිට වැයෙන
ආත්මය පුබුදුවන මුවගොලු ගීතිකාව*

අනන්‍යතාවය නව අරුතකින් එළිදක්වන්නෙමු. AGMA හි ශිල්පීන් විසින් නිමවනු ලැබූ නව තාල වාද්‍ය භාණ්ඩ පිළිබඳව සරල දැනුවත් කිරීමක...
15/04/2021

අනන්‍යතාවය නව අරුතකින් එළිදක්වන්නෙමු.
AGMA හි ශිල්පීන් විසින් නිමවනු ලැබූ නව තාල වාද්‍ය භාණ්ඩ පිළිබඳව සරල දැනුවත් කිරීමක් ලෙස මෙය පල කරන්නෙමු.
නව්‍යකරණයේ යාත්‍රාව හා අත්වැල් බැඳගන්නට ඔබ සැමට ආරාධනා!
AGMA - අග්මා

සියලු ⁣ශ්‍රී ලාංකිකයින්ට නීරෝගීභාවය උදාවන සෞන්දර්‍යමය සිතුවිලි වලින් පෝෂණය වූ සුභ නව වසරක් වේවා!
14/04/2021

සියලු ⁣ශ්‍රී ලාංකිකයින්ට නීරෝගීභාවය උදාවන සෞන්දර්‍යමය සිතුවිලි වලින් පෝෂණය වූ සුභ නව වසරක් වේවා!

පළමු මස ඉතාමත් සාර්ථක අඩිතාලමක් දමා ගනිමින් ඇකඩමියක් ලෙස ස්ථාවර වන්නට සියලු දෙනා ලබා දුන්නා වූ දායකත්වයට තුති. ලෝකය සොයන...
03/04/2021

පළමු මස ඉතාමත් සාර්ථක අඩිතාලමක් දමා ගනිමින් ඇකඩමියක් ලෙස ස්ථාවර වන්නට සියලු දෙනා ලබා දුන්නා වූ දායකත්වයට තුති. ලෝකය සොයන්නේ ඔබ විය හැකියි. ශිල්පීන්ගේ දක්ෂතාවන්ගෙන් උපරිම රසාස්වාදයක් කරා යන නව්‍යකරණයේ යාත්‍රාවට ගොඩවීමට ඔබ සැමට ආරාධනා.

AGMA - අග්මා

වර්තමානයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ දේශීය සංගීතය හා බැඳුනු සියල්ල ඉන්දියානු ආභාෂයෙන් හා මෙරටට පැමිණි ආක්‍රමණිකයින් විසින්...
29/03/2021

වර්තමානයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ දේශීය සංගීතය හා බැඳුනු සියල්ල ඉන්දියානු ආභාෂයෙන් හා මෙරටට පැමිණි ආක්‍රමණිකයින් විසින් ගෙන ආ සංගීතයේ කොටස් වලින් සෑදුනු ලද්දක් බවයි. එනමුදු ඉතිහාසය ගැඹුරින් හදාරන කල්හි මෙරට වසර 5000කට එහා අතීතයේ සෞන්දර්ය හැදෑරූ ප්‍රතාපවත් ශිෂ්ටාචාරයක් තිබූ බවට සාක්ෂි පවතී. එය මෙරට පුරාවෘත්ත වල සහ ඉන්දියානු පුරාවෘත්ත වලද සඳහන් වේ. පහත රූපයේ දැක්වෙන්නේ රාවණ හස්ත නම් වාද්‍ය භාණ්ඩයේ ආකෘතියකි. එය වත්මන් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වල තවමත් ප්‍රචලිතය. එය මෙරට පාලනය කළා යැයි සැලකෙන රාවණ රජුන් විසින් තැනූ බවත් එතුමන් එය වාදනයෙහි දක්ෂයෙකු බවත් හනුමන් නැමැති වානර සෙන්පති විසින් එය රාම රාවණා යුද්ධය අවසානයේ ඉන්දියාවට ගෙන ගිය බවත් දෙරටේම පුරාවෘත්ත වල කියැවේ. එහි මුලින් එක් තතක් පමණක් තිබුණු බවට විශ්වාස කෙරෙන අතර පසුව හඬ පරාස කිහිපයක් වයන්නට හැකි පරිදි තත් කිහිපයක් යොදා සකසා ඇත. විජය රජුගේ ආගමනයෙන් පසු ගොඩනැගුනු ශිෂ්ටාචාරයේදී පසුකාලීනව බුදු දහම ලැබුණු පසු සූසැට කලාවන් මෙරට ස්ථාපනය වූ බවට ඉතිහාසය පැවසුවද විජය රජුන් මෙරටට පැමිණෙන විටත් අප රටේ සංගීත නර්තන ඇතුලු කලාවන් පිළිබඳව ආදි යක්ඛයින්ගේ අවදානය යොමු වූ බවට එම ලිඛිත ඉතිහාසයේම සාක්ෂි පවතී. කුවේණිය විසින් තම ගෝත්‍රය පාවා දුන් රැයේ යක්ෂ ගෝත්‍රිකයින් සමූල ඝාතනය වන්නේ විවාහ මංගල්‍ය උත්සවයකදීය. සිත ගත් තරුණිය සමඟ තරුණයෙකු ජීවිතය නවමු ලෙස ආරම්භ කිරීම උත්සවාකාරයෙන් සැමරීමට තරම් මෙරට විසූ ජනයා තුළ සභ්‍යත්වයක් හා ශිෂ්ටාචාරවත් බවක් තිබූ බවට ඉතිහාසය විසින්ම පිළිගෙන ඇත. එය හුදු මංගල උත්සවක් නොවන අතර එය නැටුම්, ගැයුම්, වැයුම් සපිරි මංගල උත්සවයක් බවටද මහාවංශයේ සඳහන්ය. උත්සවයකට උත්සවශ්‍රීය ලබා දිය හැකි කලාවන් පිළිබඳව ඇති හැදෑරීම සහ මංගල සභාවක් ප්‍රීතිමත් කිරීම සඳහා කලාව යොදා ගැනීම තුලින් එම කලාවන් ප්‍රගුණ කළ පිරිසක් සිටි බව පිළිගැනීමට පුළුවන. මහා සම්මත මනු රජුන් යනු මෙරට ප්‍රථම කිරුළු පලන් රජු ලෙස ජනප්‍රවාදයේ පමණක් සඳහන්ය. ඒ විජය පැමිණීමට වසර තිස්පන්දහසකටත් පෙරය. දසත විසිරී තිබූ ගෝත්‍රයන් සියල්ල එක්ව නිතර බලය සඳහා ඇතිවූ ගෝත්‍ර යුද්ධ නතර කිරීමටත්, තමන් සියලු දෙනාටම අණ දෙන්නෙකු පත් කිරීමට හා සාධාරණ පාලනයක් ගෙනයාමටත් ශක්තිමත් පාලකයෙකු පත්කරගැනීමේ අරමුණින් මහා සභාවක් කැඳවූ බව අප්‍රකට ඉතිහාසයේ සඳහන්ය. එලෙස මහා සභාවක බහුතර සම්මතයෙන් පත්වූ නිසාවෙන් මහා සම්මත මනු යන ශ්‍රී නාමය සහිත ඒ රජුන් කිරුළු පළඳා ඇත. එය ගෞතම බුදුන් වහන්සේ බුදුවීමට පෙරුම් පුරනා කල්හි එක් බෝසත් ආත්මයක් ලෙසද හඳුන්වනු ලබයි. සිංහලයා බුදුන් වහන්සේට නෑකම් කියනවා යනුවෙන් පැරැන්නන් පවසන්නට හේතුව වන්නේද එයයි. එබැවින් කලාවෙන් හා ආධ්‍යාත්මයෙන් සුපෝෂිත දේශයක් වන ලක්දිවෙහි කලාවේ ආරම්භය කවදා කොතැනක සිදුවූවාද යන්න නිශ්චිත නැත. ජුලියස් සීසර් අධිරාජ්‍යයා සිය බහිස්‍රාවීය කටයුතු සඳහා වනාන්තර භාවිතා කරන විට අප රටෙහි සමකාලීන පාලකයින් මළිඟාවන්හි උඩුමහල් වල කැටයම් යෙදූ වැසිකිළි ඉදිකිරීමට තරම් ශිෂ්ඨ සම්පන්න වූ බවට නටඹුන් වලින් පවා සාක්ෂි ඇත. බෙර හඬකට අදටත් මෙරට මිනිසුන්ගේ ලේ කකියන්නේ මහපොළොවට මුල් බැසගත් අපේකමත් අපටම උරුම වුණු කලා ඥාණයත් සංසාරික උරුමයක් ලෙසින් පැවත එන නිසාය. එයින් සාක්ෂාත් වන්නේ කලාව යනු සංසාරයේදී මිනිසා විසින් සපුරාලිය යුතු පාරමිතාවක් බවය.
AGMA - අග්මා

සමූහ නද සංයෝජනය පිළිබඳව අර්ථකථන බොහෝ ඇත. ඒවා ඇතැම් විට ඇතැම් රටවල් සඳහා ආවේණික ඒවාය. ශ්‍රී ලංකාවට ආවේණික සමූහ නාද සංයෝජන...
27/03/2021

සමූහ නද සංයෝජනය පිළිබඳව අර්ථකථන බොහෝ ඇත. ඒවා ඇතැම් විට ඇතැම් රටවල් සඳහා ආවේණික ඒවාය. ශ්‍රී ලංකාවට ආවේණික සමූහ නාද සංයෝජනා මෙම යුගයේදී බිහිවෙමින් පවතින බව සතුටින් දැනුම් දෙන්නෙමි. අනාගතයේදී හමුවෙමු.
AGMA - අග්මා

ඔබේ දැනුමට.(මෙසපොතේමියානු සංගීත කලාව)මෙසපොතේමියානු ශිෂ්ටාචාරය කියන්නෙ දුහුවිලි අතර වැළලී ගිය ඉතා ශ්‍රේෂ්ඨ කලාකරුවන් වාසය...
22/03/2021

ඔබේ දැනුමට.
(මෙසපොතේමියානු සංගීත කලාව)

මෙසපොතේමියානු ශිෂ්ටාචාරය කියන්නෙ දුහුවිලි අතර වැළලී ගිය ඉතා ශ්‍රේෂ්ඨ කලාකරුවන් වාසය කළ ශිෂ්ටාචාරයක් බව නොරහසක්.
පුරාණ මෙසපොතේමියාවේ හා වර්තමාන සමකාලීන ඉරාකයේ පිහිටා ඇති පුරාණ නගරයේ නටබුන් කැණීම් අතරතුර වර්ෂ 1929 දී ලෙනාඩ් වුල්ලි මහතා විසින් විවිධ වීණා හතරක කෑලි සොයා ගනු ලැබුවා.
මෙම කොටස් ක්‍රි.පූ. 2750 දක්වා දිවෙන අතර සමහර ඒවා දැන් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ හා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සුරක්ෂිත කර තිබෙනවා.
ඒවාට විවිධ ප්‍රතිසංස්කරණ හා උපකරණ ප්‍රතිස්ථාපනය කිරීමට බොහෝ දෙනා උත්සාහ කර ඇති නමුත් ඒවායින් කිසිවක් සෑහීමකට නොහැකි බවයි ඉතිහාසඥයින් පවසන්නේ.
මේ අතරින් වඩාත් ප්‍රචලිත වන්නේ ගොන් හිස සහිත වීණාවයි.
කෙසේ වෙතත්, 2003 ඉරාක යුද්ධය හේතුවෙන් එය විනාශ වී ගොස් තිබෙනවා.
AGMA - අග්මා

ඉදිරිපත් කිරීමේ කලාවේ අප විසින් ස්පර්ෂ කිරීමට සැරසෙන මානය දැන හෝ නොදැන ඒ කෙරෙහි විශ්වාසය තබා අප සමඟ ඉතා කෙටි කලකින් අත්ව...
22/03/2021

ඉදිරිපත් කිරීමේ කලාවේ අප විසින් ස්පර්ෂ කිරීමට සැරසෙන මානය දැන හෝ නොදැන ඒ කෙරෙහි විශ්වාසය තබා අප සමඟ ඉතා කෙටි කලකින් අත්වැල් බැඳගත් ආදරණීය සිත් පන්සියයට දහස්වරක් තුති.
AGMA - අග්මා

මානව සංගීතයේ එක්තරා සුවිශේෂී වූ සන්ධිස්ථානයක් ලෙස ගායනයෙන් තොර වාදනයත් අර්ථාන්විත සංගීතමය ප්‍රකාශනයත් හැඳින්විය හැකිය. උ...
21/03/2021

මානව සංගීතයේ එක්තරා සුවිශේෂී වූ සන්ධිස්ථානයක් ලෙස ගායනයෙන් තොර වාදනයත් අර්ථාන්විත සංගීතමය ප්‍රකාශනයත් හැඳින්විය හැකිය. උගත්, බුද්ධිමත් හා විචාරශීලී ශ්‍රාවකයින් එවන් වූ සංගීතය රසවිඳීමට පෙළඹෙති. කලක් බටහිර හා යුරෝපීය රටවල් වල ඉහළ පැළැන්තිය සඳහා පමණක් මෙම සංගීත කලාව වෙන් කර තිබුණේද උගතුන් බහුතරය නියෝජනය කළේ ඉහළ පැලැන්තිය වීම නිසාවෙනි. නමුදු ගෝලීයකරණය නිසාවෙන් සියලු දෙනා හට උගැනීම සඳහා සමාන අවස්ථාවන් උදාවීමත් සමඟ අද වන විට මෙය වෙනස් ස්වභාවයක් ගෙන ඇත. එනමුදු සංගීතය විෂයෙහි ගැඹුර කනින් අසා මනසින් ස්පර්ෂ කර විඥාණයෙන් රසවිඳීමට මනස සකස් කර ගැනීම සිදුකළ හැක්කේ මනා හික්මීමක් සහිත සිතක් ඇති පුද්ගලයින්ට පමණි. සිම්ෆනි, ඔපෙරා, කැන්ටාටා, සොනාටා යනාදී ආකෘතින් අතීතයේ පටන් ඉතාලිය ප්‍රමුඛ බටහිර රටවල මුල් බැස ගත්තද එම ආකෘතීන් අභියෝගයට ලක් කරමින් වෙනස් දෑ හඳුන්වා දීමට උත්සහ කළ පුද්ගලයින්ට කතෝලික පල්ලිය විසින් විවිධ හිංසන කිරීම නිසාවෙන් අද වනතුරුද එම ආකෘති වලින් මිනිසුන් බැහැර වී නොමැත. ශ්‍රී ලංකාවට ආවේණික ඉතා⁣ විශිෂ්ඨ ජන සංගීත පද්ධතිය ලොවක් මවිත කරවන්නට සමත්ය. සාම්ප්‍රදායික බෙර හඬකට අපගේ සිරුරෙහි රෝමකූපයන් අවදි වන්නේ ඒ හා ඇති බැඳියාව නිසාවෙනි. ඉතින් මානව සංගීතය යනු මෙයමය කියමින් සීමාවකට කොටු වීම කිසිදාක ප්‍රායෝගික නැත.

AGMA - අග්මා

Address

Kandy

Telephone

+94770336672

Website

Alerts

Be the first to know and let us send you an email when AGMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to AGMA:

Share