CSC Nation Lanka

CSC Nation Lanka CSCN | Center For Social Change Nation Lanka - සමාජයීය පරිවර්ථනයක් සඳහා වූ ජාතික ආයතනය.

වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයිසමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමි...
21/06/2026

වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයි

සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුවන අයුතු බලපෑම්, මුදල් හා දේපළ කොල්ලකෑම් මෙන්ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව වෙත විශේෂ දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ දැක්වෙන්නේ, වංචනික පුද්ගලයින් විවාහ කරගන්නා බවට ව්‍යාජ පොරොන්දු දී කාන්තාවන් මුළා කිරීමේ සිදුවීම් මෑතකාලීනව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

විවිධ ආහාර සහ බීම වර්ග ලබා දී මත් කිරීම හෝ සිහිසුන් කිරීම මඟින් කාන්තාවන් නොමනා ක්‍රියාවන්ට ලක් කිරීම සහ දේපළ සොරකම් කිරීම් බහුලව සිදුවන බව පොලිසිය පවසනවා.

මීට අමතරව, වංචනික පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගේ විශ්වාසය දිනාගෙන, පසුව මුදල් හා දේපළ ලබාගෙන අවසානයේ මනුෂ්‍ය ඝාතනවලින් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, අවධානමට ලක්විය හැකි අයවළුන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට සියලුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු, බුද්ධි සහ සිවිල් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිසිය අවධාරණය කරනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට, විශේෂයෙන්ම කාන්තාවන්ට පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටිනවා.

මුදල් හා දේපළ ආරක්ෂාව: අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා නාඳුනන පුද්ගලයින් විශ්වාස කර මුදල්, ස්වර්ණාභරණ හෝ වටිනා දේපළ ලබා නොදෙන්න.

සංවේදී දත්ත හුවමාරුව: ඔබගේ සංවේදී හෝ ආදරණීය ඡායාරූප සහ වීඩියෝ දර්ශන නාඳුනන සහ සැක සහිත පුද්ගලයින් වෙත කිසිවිටෙකත් ලබා නොදීමට වගබලා ගන්න.

පුද්ගලික තොරතුරු: ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනයන් වැනි රහස්‍ය තොරතුරු නාඳුනන අයට ලබාදීමෙන් වළකින්න.

ආරාධනා ප්‍රතික්ෂේප කිරීම: සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා යම් ගනුදෙනුවකට හෝ හමුවීමකට කරනු ලබන ආරාධනා ප්‍රතික්ෂේප කරන්න.

ඔබ හෝ ඔබ දන්නා හඳුනන අයෙකු මෙවැනි වංචාවකට හෝ බලපෑමකට ලක්ව ඇති බව හැඟී යන්නේ නම්, වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

එමෙන්ම, 118 / 119 / 107 / 109 යන දුරකථන අංක ඔස්සේ ද කඩිනමින් පොලිසිය දැනුවත් කිරීමේ හැකියාව පවතින බවයි එම නිවේදනයේ සඳහන්.

මෙවැනි වංචනිකයන්ගේ උගුල්වලට හසු නොවී, තමන්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කර ගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

වැඩි විස්තර පළමු කමෙන්ටුවෙන්...

මෙරට පාසල් විභාග ඉතිහාසයේ පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයක සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින්, මෙවර අඛණ්ඩව පැවැත්වුණු අධ්‍යයන...
20/06/2026

මෙරට පාසල් විභාග ඉතිහාසයේ පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයක සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින්, මෙවර අඛණ්ඩව පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථාන ඇතුළු කුසලතා (Island Ranks) ලබාගත් සිසුන්ගේ නාමලේඛනය නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා (Commissioner General of Examinations) විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ නිල ප්‍රකාශය සිදු කර ඇත
මේ ගැන ඔබේ අදහස ....
Copied

විශ්වාසය කියන නාමයෙන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා හිතන්නවත් අමාරුයි… අනික තමන් ආදරය කරන කෙනාම එහෙම කරන්නේ කොහොමද ? ...
20/06/2026

විශ්වාසය කියන නාමයෙන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා හිතන්නවත් අමාරුයි… අනික තමන් ආදරය කරන කෙනාම එහෙම කරන්නේ කොහොමද ?

ආදරය කියන්නේ විනාශයක් නෙමෙයි, රැකවරණයක් වෙන්න ඕන දෙයක්. ඒක අමතක කරන ඕනිම කෙනෙකුට නීතියෙන් සහ සමාජයෙන් නිසි දඬුවම ලැබිය යුතුමයි .!!!

නිවන් සුව ලැබේවා සොයුරිය
゚followers
Copied

තෙල්දෙණියේදි ඝාතනය වු අම්පාර මහ රෝහලේ පිසියෝ තෙරපිවරිය රවටා මුදලින් කෝටි එකහමාරක් වංචා කරා යැයි කියන බොරු නම් වලින්  සහ ...
20/06/2026

තෙල්දෙණියේදි ඝාතනය වු අම්පාර මහ රෝහලේ පිසියෝ තෙරපිවරිය රවටා මුදලින් කෝටි එකහමාරක් වංචා කරා යැයි කියන බොරු නම් වලින් සහ බොරු කොණ්ඩයකින් වෙස් වලාගෙන ඉන්න චම්පික කියන පුද්ගලයා මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක් නොවන අතර කුරුණෑගල ප්‍රදේශයේ නාරම්මල පදිංචි කාරයෙක් බව හෙලි වී ඇත. රට පුරාම තරුණියන් සහ විවාහක කාන්තාවන් රවටා මුදල් වංචා ඇතුලු විවිධ පැමිණිලි තියෙන පුද්ගලයෙක්. බිරිඳ සහ කුඩා දරුවන් 3 කු ගේ පියෙක් වෙන මෙම වංචාකාරයා නිසා අහිංසක අම්මා තාත්තා කෙනෙකුගේ දියණියකට අකාලයේ දිවි අහිමි වුනා. ඔහු මිනීමැරුමක් කරාද නැද්ද මම නොදනී නමුත් ඔහු නිසාවෙන් ඇයට අවසන් ගමන් යන්න වුනා කියලා හිතනවා. මෙවැනි පුද්ගලයින්ට කිසිම ලිහිලක් නොදී දිවි ඇති තෙක් සිර දඩුවම් හෝ මරණදන්ඩනය නියම කල යුතුයිමයි.

ගැහැණු ළමුන් සහ කාන්තාවන් මේ සිද්ධියෙන් හරි ආකාර ආදර්ශයක් ගෙන තමන්ගේ ජීවිතය ගැන මීට වඩා සිතීමට දැනගත යුතුයි .හමුවන සෑම කෙනෙක්ම විශ්වාස නොකළ යුතු අතර සොයා බලා අන්න්‍යතාවවත් දැන ගැනීම කල යුතුයි. සොයා බලා කටයුතු කරානම් අද මේ විපත සිදු වන්නෙ නෑ. උගත්කම වගේම ගැහැණියකට බුද්දිමත්කමත් තිබිය යුතුයි අපරාධකරු නීතීයේ රැහැනට අසුකරගන්න සියලු දෙනාම සහය වෙමු..! නිසි දඩුවම් ලබා දෙනකම් අපි විමසිල්ලෙන් බලන් ඉමු..!

゚viralシ ゚
Copied

Is it like in Sri Lanka in America???Look… how easy they areThey ruled the country and then left it beautifully and happ...
19/06/2026

Is it like in Sri Lanka in America???

Look… how easy they are
They ruled the country and then left it beautifully and happily and lived their lives
This role model is a role model for the whole world
You are great!!
We respect you! And we love you!!
Politicians in Sri Lanka are not like this...
They are very unpleasant to us!!!
UASM Lasantha
from
Srilanka

තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන...
19/06/2026

තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන අගේ පෙම්වතා විවාහකයෙකු බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඔහු 38 හැවිරිදි ගන්නොරුව,මහනොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මුලින් තොරතුරු අනාවරණය වුවද ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය බවට හෙළි වී ඇති බවයි සිදිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සදහන් කළේ.

සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වල පැමිණිලි මෙන්ම අධිකරණ වල නඩු ද පවතිනවා.

තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එසේම මොහු පරිගණක මුදෘකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුවද එය අසත්‍යක් බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලදාරියා කියා සිටියේ.

පෙරේදා පස්වරුවේ මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර අදාල මෝටර් රථයක තිබී හමු වූ අතර එය සැකකරු සම්බදතා පවත් වූ කාන්තාවකට අයත් බවටයි හෙළි වී ඇත්තේ.

ඇගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක මියගිය තරුණිය සහ සැකකරු පසුගිය 3 වනදා සිට 16 වනදා දක්වා රැදී සිට ඇති අතර භෞත චිකිත්සකවරිය ඝාතනය කර මෙලස මෝටර් රථයේ දමා සැකකරු විසින් තෙල්දෙණිය රෝහලේ රථ ගාල අසලට රැගෙන විත් පලා ගොස් ඇති බවටයි පොලිසිය සක කරන්නේ.

එමෙන්ම අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

🔴 - නම විනීත වුවත් බොස්ටන්හිදී ඇසුණු අවිනීත පුවත💔 මහායායේ විනීත හිමි අමෙරිකාවේදී අත්අඩංගුවට!👇 🔰- සුවහසක් ශ්‍රී ලාංකික බෞ...
19/06/2026

🔴 - නම විනීත වුවත් බොස්ටන්හිදී ඇසුණු අවිනීත පුවත💔 මහායායේ විනීත හිමි අමෙරිකාවේදී අත්අඩංගුවට!👇

🔰- සුවහසක් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව උතුම් බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය කෙරෙහි තැබූ අචල විශ්වාසය සහ ගෞරවය දැඩි ලෙස පළුදු කරමින්, අමෙරිකාවේ බොස්ටන් නුවරින් අතිශය කලකිරීම් සහගත පුවතක් වාර්තා වේ.

🔰- බුදුදහමේ පණිවිඩය ලොවට ගෙනයාමට සිවුරක් දරාගෙන විදේශගත වූ භික්ෂුවක, අමෙරිකානු පොලිසිය දියත් කළ විශේෂ උපායදූත මෙහෙයුමකදී මුදලට "ලිංගික සේවා ලබාගැනීමේ චෝදනාව" මත අත්අඩංගුවට ගෙන ඇත.

🔰- මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාස්ථානයක් වන "ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ (Tufts University)" බෞද්ධ ආගමික උපදේශකවරයා ලෙස කටයුතු කළ, 32 හැවිරිදි "මහායායේ විනීත හිමියන් ය".

🔰- සිවුරකට සහ ශාසනයකට හිමි උත්තරීතර ගෞරවය කෙලෙසෙමින් එල්ල වූ මෙම නින්දිත චෝදනාව හේතුවෙන්, උන්වහන්සේට වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයේ දැරූ ආගමික උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවී ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තහවුරු කරයි.

🔰- ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුවාවෙන් සිදුවන කාන්තා සහ ළමා ලිංගික ජාවාරම් මැඩපැවැත්වීම සඳහා බොස්ටන් පොලිසිය විසින් "ඔපරේෂන් රෙඩ් කාඩ්" (Operation Red Card)" නමින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

🔰- එහිදී පොලිස් නිලධාරීන් උපායදූතයන් ලෙස වෙස්වලාගෙන, වාණිජමය ලිංගික වෙබ් අඩවි ඔස්සේ ලිංගික සේවා සොයා යන පුද්ගලයන් කොටු කරගැනීමට උගුලක් අටවා තිබූ අතර, ශාසනික වගකීම් සහ ශීලය අමතක කළ මෙම ශ්‍රී ලාංකික භික්ෂුවද එම අඳුරු උගුලට හසුවීම සමස්ත ලාංකිකයන්ටම මහත් ලැජ්ජාවකි.

🔰- ජූනි 13 වන සෙනසුරාදා, බොස්ටන්හි බේ විලේජ් ප්‍රදේශයේ ස්ටුවර්ට් වීදියේ පිහිටි හෝටලයකදී (Revere Hotel) මෙම වැටලීම සිදු විය.

🔰- එහිදී මෙම ශ්‍රී ලාංකික හිමිනම සමඟ තවත් ගිහි පුද්ගලයන් හයදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විය.

🔰- ඇන්ජලෝ ෆුර්ටාඩෝ (54), ඩැරන් ෆ්‍රැන්සිස්කෝ (24), මැතිව් ෆිට්ස්පැට්‍රික් (26), සුන්දරරාජන් වෛද්‍යනාදන් (56), තිමොති සිතෝරස් (42) සහ 19 හැවිරිදි වියේ පසුවන යසීන් අහමඩ් යන පිරිස සමඟ මෙම භික්ෂුවද එකම මට්ටමකට ඇද වැටෙමින් චූදිතයෙකු බවට පත්ව ඇත.

🔰- මොවුන් සියලු දෙනාටම එරෙහිව බොස්ටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ "මුදලට ලිංගික සේවා ලබා ගැනීමට තැත් කිරීම" (S*x for a fee) යන වරද යටතේ නඩු පවරා ඇත.

🔰- කෙසේ වෙතත්, මේ වන විට මුළු ලොවක් ඉදිරියේ චූදිතයෙකු වී, ශාසනයට නිග්‍රහයක් ගෙන දී සිටින "මහායායේ විනීත හිමියන්", තමන් මෙම වරද සිදු නොකළ බවත් නිවැරදිකරු බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

🔰- මෙම නඩුව එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

🔰- ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව සැමවිටම භික්ෂූන් වහන්සේලා කෙරෙහි තබන්නේ අසීමිත විශ්වාසයකි.

🔰- මෙවැනි සිදුවීම් හරහා සමාජය තුළ ඇතිවන දැඩි කලකිරීම සහ පීඩනය සාධාරණ වුවද, බුදුදහමේ පදනම පුද්ගලයා මත නොව උතුම් ධර්මය මත පමණක් රඳා පවතින බව වටහා ගැනීම මෙම අවස්ථාවේදී වැදගත් වේ.

🔰- එමෙන්ම නීතිමය වශයෙන් තවමත් විමර්ශන මට්ටමේ පවතින බැවින්, අවසන් තීන්දුව අධිකරණය සතු වේ.

උපුටා ගැනීමකි මුල් රචකයාට ස්තුතිය

Disclaimer: The information in this article is based on official reports released by the Boston Police Department and court proceedings. It is important to note that the accused has pleaded not guilty to the charges, and under the legal system, all individuals are presumed innocent until proven guilty in a court of law. The views and emotional responses expressed herein reflect the cultural and spiritual sentiments of the community and do not constitute a legal judgment.

තෙල්දෙණිය මෝටර් රථයක තිබී හමු වූ තරුණියගේ සිරුරේ අභිරහස ලිහෙයි!..පෙම්වතාසිරුර ඔසවාගෙන යන CCTV මෙන්න මහනුවර තෙල්දෙණිය රෝහ...
18/06/2026

තෙල්දෙණිය මෝටර් රථයක තිබී හමු වූ
තරුණියගේ සිරුරේ අභිරහස ලිහෙයි!..
පෙම්වතාසිරුර ඔසවාගෙන යන CCTV මෙන්න

මහනුවර තෙල්දෙණිය රෝහල අසල දමාගොස් තිබූ මෝටර් රථයකින් (17) දින සොයාගත් තරුණියගේ මළසිරුර සම්බන්ධයෙන් නුවරඑළිය සහ තෙල්දෙණිය පොලිස් කණ්ඩායම් එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව, මියගිය තරුණිය වැලිගම ප්‍රදේශයේ පදිංචි අම්පාර රෝහලේ භෞතචිකිත්සක වෛද්‍යවරියක් වන අතර, ඇය (16) දින සිය පෙම්වතා සමඟ නුවරඑළිය නගරයේ පෞද්ගලික සංචාරක හෝටලයක නැවතී සිට ඇති බව තහවුරු වී තිබේ.

📌 සීසීටීවී (CCTV) දර්ශනවලින් හෙළි වූ තීරණාත්මක සාක්ෂි:
ඝාතනයක් බවට සැකයක්: හෝටල් කාමරය තුළදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසුව මෙම කාන්තාව ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරයි.

මුහුණ වසා සිරුර රැගෙන ගිය හැටි: ඝාතනයෙන් පසු තරුණියගේ මුහුණ වසා පෙම්වතා විසින් ඇයව ඔසවාගෙන යන අයුරු හෝටලයේ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියේ ඉතා පැහැදිලිව සටහන්ව තිබේ.

සිරුර මෝටර් රථයෙන් ප්‍රවාහනය කිරීම: හෝටලයෙන් පිටතට ගත් සිරුර මෝටර් රථයක දමාගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසල මෙලෙස අතහැර දමා ගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

👮 පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි:
නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, තෙල්දෙණිය පොලිසියෙන් ලබාගත් තොරතුරු හා හෝටල් දත්ත පද්ධතියේ සටහන් සාක්ෂි ඔස්සේ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය සහ තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිරි විමර්ශන කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.

17/06/2026

Address

Subasewa Medura Building, No 94/D(උඩුමහල), Malabada Handiya, Yatadolawaththa, Mathugama
Matale Town
12100

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94710643772

Alerts

Be the first to know and let us send you an email when CSC Nation Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to CSC Nation Lanka:

Share