28/04/2024
චන්දන වික්‍රමසිංහ.... මුළු රටම දන්න නර්තන නිර්මාණ ශිල්පියෙක්. නර්තන ගුරුවරයෙක්. චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමේ නිර්මාණයක් නොදුටු නොවිදි කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්....
චන්දන සර් තරම් අපේ රටේ රූපවාහිනී වැඩසටහන්වල නර්තන නිර්මාණයෙන් දායක වූ වෙනත් අයෙක් නැතුව ඇති.... මේ අවුරුද්දේ ගෙවුණු මාස තුන හතර දිහා බැලුවත් ජාතික නිදහස් දිනය, සිංහල දෙමළ අලුත් අවුරුද්ද, Little Star, Dream Star වැනි තරු වැඩසටහන්වලත් රයිගම්, කාන්තාභිමාන වගේ විවිධ සම්මාන උළෙලවලත් චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමේ නිර්මාණයන්ගෙන් අලංකාරවත් වුනා.
මේ වසරේදීත් පැවති භාතිය සන්තුෂ්, ප්‍රදීපා ධර්මදාස, නවරත්න ගමගේ වැනි ප්‍රවීණ ගායන ශිල්පීන් සංගීතවේදීන්ගේ රැසකගේ ප්‍රසංගයන් හැඩගැන් වුනේ චන්දන සර්ගේ නර්තන නිර්මාණයන්ගෙන්....
ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි. චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායම ලොව පුරාම පියාසර කරන නර්තන කණ්ඩායමක්. ඉන්දියාවේ, පකිස්තානයේ, මාලදිවයිනේ, අබුඩාබියේ, පසුගිය මාස දෙකතුනේදී නර්තන ප්‍රසාංග ගණනාවක් පැවැත්වූ චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායම මේ සටහන ලියන මොහොත වන විටත් චීනයේ ෂැංහයි නුවර නර්තන ප්‍රසංගයක් හැඩකරමින් සිටිනවා.
රූපවාහිනී වැඩසටහන්, ප්‍රසංග පමණක් නොවේ. මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය සෝමරත්න දිසානයකවැනි ප්‍රවීණ සිනමාකරුවන් රැසකගේ සිනමා නිර්මාණයන්හි නර්තනයන් නිර්මාණය වුනේත් චන්දන සර්ගේ දායකත්වයෙන්. මේදිනවල තිරගතවන සිංහබාහු චිත්‍රපටය ඊට මනා සාක්ෂියක්.
අපේ රටේ සමකාලීන නර්තන කලාවේ මං සලකුණක් වූ චන්දන සර් ගැන මෙහෙම ලියන්නේ හුදෙක් වර්ණනාවක් විදහට නෙවෙයි...
ලාංකීය නර්තන කලාවත් නිර්මාණශීලීත්වයත් තවතවත් ඉදිරියට යායුතුයි කියා දැඩිව විශ්වාසකරන චන්දන සර් අපේ රට ඇතුළේ තවත් සුවිශේෂී කාර්යයක් සිදුකරන නිසා.
ඒ කාර්යය තමයි චන්දන වික්‍රමසිංහ නර්තන පාසල. වසර තිහකට ආසන්න කාලයක් දහස් ගණනක් දරුවන්ට නර්තනනය කියා දුන් චන්දන සර් ගෙවුණු කාලය පුරා නිර්මාණ කර්යයන් වෙනුවෙන් කොතෙක් කාර්ය බහුල වුවත්, කිසි විටෙකත් දරුවන්ට ඉගැන්වීමේ කටයුතු බිදකින්වත් අඩු කරේ නෑ.
චන්දන වික්‍රමසිංහ නර්තන පාසල් ජාලයට අයත් කළුතර අප ශාඛාව, දැන් වසරකට වැඩි කාලයක් පුරා අඛණ්ඩව පන්ති පවත්වනු ලබනවා. අවුරුදු, නත්තල් හෝ පොහොය දිනයක් හැර සෑම බ්‍රහස්පතින්දා දිනයකම කළුතර ජුබිලි ශාලාවේදි නියමිත කාලය අවසන් වන තුරුම අප පන්ති පවත්වා තිබෙනවා.
වයස අවුරුදු 3 සිට උසස් පෙළ දක්වා ඉන්න ඔබේ දුව පුතාත් අප ශාඛාව හා සම්බන්ධ කළ හැකියි.
නමුත් ඒ වෙනුවෙන් සඳහාත් අපි පුංචි ඉල්ලීමක් කරනවා. ඔබට ඔබේ දරුවාව හැකි ඉක්මනින් රූපවාහිනි ප්‍රසංගයක නැටවීමට හෝ විදෙස් සංචාරයකට යොමුකරවීමට අවශ්‍යනම් කරුණාකර චන්දන සර් ළගට එවන්න එපා. ඒවගේම තුන්මාසෙන් හයමාසෙන් කරන කළඑලි මංගල්‍ය, ප්‍රසංගත් චන්දන සර් ළඟ නැහැ.
නර්තනය කියන්නෙම ශික්ෂණයක්. ගොඩනැගිය යුතු විනයක්. ඉවසීම හා සංයමය ප්‍රගුණ කරන ප්‍රකාශනයක්. නිසි පුහුණුවක් නැත්නම් හැඩට නටන්න බැහැ. නිසි විනයක් නැත්නම් නිසි පුහුණුවක් ලබන්නත් බෑ. ගෙවුණු කාලය පුරා චන්දන වික්‍රමසිංහ නර්තන පාසලෙන් බිහිවුනේ නර්තනයට දක්ෂ දරුවන් පිරිසක් විතරක් නෙවෙයි. නිසි විනයකින් පිරි දරුවන් පිරිසක් ඉන් සැමවිටම බිහි වුනා. ක්‍රමයෙන් වැඩිවියට පත්ව නර්තනය අතැර වෙනත් වෘත්තියකට ඒ දරුවන් ගියත් චන්දන වික්‍රමසිංහ නර්තන පාසලෙන් ඔවුන්ගේ ජීවිතවල ගොඩනැගුණු විනය එළෙසින්ම පවතිනවා...
වැඩිදුර විස්තර සදහා කතාකරන්න 077763173, 0778897444
මේ සමග අමුණා ඇති සියලු සෙයාරූ අලුත් අවුරුද්දෙන පසු කළුතර ශාඛාවේ වැඩ ඇරඹි දිනදීය.