Efast Katha Piyasa

Efast Katha Piyasa සම්ප්‍රදායෙන් එහාට ගිය සිතුවම්කරණය සමගින් එක් වූ අලුත්ම කතා,කවි,නිසදෙස් කියවන්න..

30/09/2019
ඉතින් තව මොනවා කියන්නද...කදුලු වලටත් දරන්න පුලුවන් සීමාවක් තියෙනකොටමං මැරි මැරී ජීවත්වෙන අහන්නත් දෙයක්ද..උඹ ගැන හිත හිතම...
06/09/2019

ඉතින් තව මොනවා කියන්නද...

කදුලු වලටත් දරන්න පුලුවන් සීමාවක් තියෙනකොට
මං මැරි මැරී ජීවත්වෙන අහන්නත් දෙයක්ද..
උඹ ගැන හිත හිතම මේ ජීවිතේ ගෙවෙනකොට
සංසාරෙ උනත් තව දික් නොවී තියෙවිද..?

ඇත්තටම ආස නැද්ද..
එක පාරක් හරි මගේ අතින් අල්ලගෙන ඇවිදගෙන යන්න..?

පුංචිම විහිලුවක් කරලා මහගොඩක් හිනාවෙන මං දිහා බලල සතුටු වෙන්න..?

චුට්ටක් මාව තරහා ගස්සලා ආයෙමත් ලඟට අරන් ආදරෙන් හුරතල් කරන්න..?

ඇත්තම කියපන්.....
හීනෙන්වත් උඹ මාව ලඟට අරගෙනම නැත්ද..?
පපුව තියෙන්නෙ මතක හංඟගන්න උනාට,
මතක තියෙන්නෙම පපුව පුච්චන්න..
කදුලු වලට බෑ උඹව මේ පපුවෙන් දිය කරලා දාන්න...

හාර හාර උඹ ගැන හොයන්නේ, ආදරේ නිසා බව දැනුනෙම නැත්ද..?
පාට පාට හීන තියෙන්නෙ,උඹේ නමින් විතරක් බව දන්නෙම නැත්ද..?
පීර පීර උඹවම හොයන්නෙ සංසාර පුරුද්දට වත්ද..?

නැගිටින්න හදනකොටම ගසලා දාලා හදවතේ රොඩු..
ඇයි උඹ යන්න හදන්නේ ආත්මෙම කරලා අලු..
උඹ අරක් ගත්තු මේ පපුවම කරන්නෙ කොහොමද කුඩු..
ජීවිතේ සුන්දරයි කියලා කියන්නෙ තනිකරම බොරු..

එක දවසක්වත් නෑ මම උඹට මැසේජ් එකක් නොදාපු..
එක දවසක්වත් නෑ මම උඹට කෝල් එකක් නොගනිපු..
ඇත්තටම...වෙන කෙනෙක් නෑ මම තරම් උඹට වද දීපු..

මැරෙනකම් කෝල් ගත්තත් ආන්ස්වර් නොකර ඉන්න..
මැසේජ් සීන් කරලත් රිප්ලයි නොකර ඉන්න..
හැම වෙලේම මගේ අඩුපාඩු විතරක්ම කියන්න..
උඹ තරම් නරක එකෙක් තව නෑ කියලා පෙන්නන්න..

ඇත්තමයි....
එහෙම නැතුව වෙන විදියක් ඇත්තෙම නැත්ද මට උඹව එපා කරවන්න..?
උඹ දන්නවා...
ජීවිතයක් නෑ මට උඹ නැතුව...

ඉතින්.. පුළුවන්ද...
මගේ හීන ඇස් ඉස්සරහම බොඳ කරලා දාන්න..?
හැම බලාපොරොත්තුවක්ම මරලා දාන්න..?
මුලු ආත්මෙම ගිනි ගොඩක් කරලා දාන්න..?
මැවිලාහරි පේනවද උඹ නැතුව මං විදවන තරම..?

ඉතින්...
අහන්න බෑ මට
මං නැතුව ඉන්න පුලුවන්ද...?

හිතන්න බෑ මට..
තුන් හිතකින්වත් අහිතක් උඹ ගැන...
සමාවෙයන් මට..
උඹට ඕනවට වඩා මං ආදරේ කරනවට...

-කල්හාරි-

❤️
06/09/2019

❤️

කියවන්න, නිර්මාණාත්මක Comments කරන්න. Rs.1000ක් වටිනා Credits සහ GB දිනාගන්න !
05/09/2019

කියවන්න, නිර්මාණාත්මක Comments කරන්න. Rs.1000ක් වටිනා Credits සහ GB දිනාගන්න !

mention කරන්න බලන්න මෙහෙම කරන ඔයාගේ girlfriend
02/09/2019

mention කරන්න බලන්න මෙහෙම කරන ඔයාගේ girlfriend

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති ...
02/09/2019

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, තාත්තා නොදන්නා මගුලක් නැති බවත්, තාත්තා මාර පොරක් බවත් කෙල්ල සිතා සිටීම ඊට හේතුවයි. කෙල්ල අම්මා එක්ක දාගන්නා වලි සියල්ලේ ඇරියස් කවර් කරන්නේ තාත්තාගෙනි. අම්මා එපා කියූ සියල්ල කරන්නට පර්මිෂන් ගන්නේ ද තාත්තාගෙනි. එසේ පර්මිෂන් දුන් කළ අම්මා තාත්තා සමග වලි දාගන්නා බව කෙල්ලට අදාල නැත. ඒකිගේ ලෝකයේ වීරයා තාත්තා ය. ඉතිං අම්මා සමග දාගන්නා වලි වලින්ද තාත්තා දිනන බව ඒකිට ෂුවර් ය.

කෙල්ල සමග නිදා ගැනීමද ලේසි නැත. ඒකිය නින්ද යන තෙක් තාත්තාගේ අත පය තිබිය යුත්තේ ඒකිට ඕනෑ හැටියට ය. ඒකි කම්ෆර්ටබල් වනතුරු තාත්තාගේ අතපය හතර එහෙට මෙහෙට අඹරවමින් ඒකිට ඕනෑ කම්ෆර්ටබල් එක ලබා ගන්නා අතර, තාත්තාගේ කම්ෆර්ටබල් එක ඒකිට අදාලම නැත. නින්ද ගිය පසුව ද එය වෙනසක් නොවේ. බොහෝ විට රෑ මැදියමේ දී කෙල්ලගේ කකුල් දෙක ඇත්තේ තාත්තාගේ ඔළුව උඩ ය.නැත්නම් බඩට ඔළුව තියා තාත්තා ඇඳෙන් වැටෙන තුරු තල්ලු කිරීම ද නින්දෙන් කෙල්ල කරන සෙල්ලමකි. ඇහැරෙන ඇහරෙන වාරයක් පාසා ඒකි දෙපයින් ඇන විසි කරනා රෙද්ද ගෙන ඈට පෙරවීම තාත්තලා අනිවාර්යයෙන් කළ යුතු ය. කොච්චර රස්නයක හිටියත් කෙල්ල සීතලේ යැයි තාත්තලාගේ හිත නිතර කියයි. තාත්තා යන්නේ කොතැනද ඒ ඕනෑම තැනකට එල්ලී ඒමට කෙල්ල දත කට මැදගෙන සිටී. හැන්දෑවට පොඩ්ඩක් සෙට් වෙන්න හැදුවද ඉස්සෙල්ලාම බලන්නේ කෙල්ලගේ මූඩ් එක කොහොමද කියා ය. කෙල්ල ෂේප් නම් අම්මාව ගොඩ දමා ගැනීම සිම්පල් ය.

ඇබ ඇට, බටු ඇට ගානට හිඳිනා කෙල්ලන් ලොකු වෙද්දී උනට අවශ්‍ය කළමණාද වෙනස් වේ. ඒවට තට්ටු වෙන්තේ තාත්තාගේ පර්ස් එකට ය. තාත්තාලගේ පර්ස් එක හිස් කිරීමේ මහත් වූ හැකියාවක් කෙල්ලන් සතුව තිබේ. ඉල්ලන ඉල්ලන ඕනෙ මගුලක් තාත්තා අරන් දෙන බවට කෙල්ලන්ට ඇති විශ්වාසය ඊට හේතුවයි. තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්න ය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලම ය. ඒකී වඩාගෙන යෑමට බැරි උනත් කරේ අත දමාගෙන යාමට හෝ තාත්තාට හිඳිනා හොඳම යාළුවා ය. කෙල්ලගේ හොඳම යාළුවා ද තාත්තා නම් , තාත්තාට කෙල්ල ගැන බය වීමට කිසි හේතුවක් නැත.

ශෙයාර් කරන්න තව කෙනෙක්ට කියවන්න.

( උපුටා ගැනීමකි )

Address

Kadawata
11850

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94703500800

Alerts

Be the first to know and let us send you an email when Efast Katha Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Efast Katha Piyasa:

Share