17/05/2026
අපි අද බලමු හැමෝම ආසාවෙන් හදන්න බලන් ඉන්න angel මාළු ලොකයේ රජු ලෙස හැඳින්වෙන Altum angel මාළු පොඩි අවධියේදී මිලදී ගැනීමේ දී සැලකිල්ලට ලක් කර තිබිය යුතු ඉතාම වැදගත් කරුණු.
මේ මාළු අපි හදුන්වන නම තමා Altum angels. මිල ඉතාමත් ඉහළ අගයක් ගන්නා මේ මාළු මිලදී ගන්නකොට මෙන්න මේ කරුණු ගැන හොඳින් බලන්න.
මේ මසුන්ගේ ජානමය කේතයන් අනුව විශේෂිත ලක්ෂණ තිබෙනවා. මේ ලක්ෂණ හොඳටම පේනවා amazon ගංගාව තුළින් අල්ලාගත් wild මසුන්ගේ. පහලින් තිබෙන්නේ ලක්ෂණ.
1) ventral fins ඉතාම දිගු ලෙස වර්ධනය වන අතර මෙය මාළුවා කුඩා අවධියේ පටන්ම ඉතාම පැහැදිලිව බලා ගන්න පුලුවන්. කුඩාම අවධියේ ඩිස්ක් එකට සාපේක්ෂව මෙම ventral fins ඉතාම හොඳින් දිගුව පිහිටා ඇති අතර මාළුවා ලොකු වෙනකොටත් ඩිස්ක් එකට වඩා ventral fins ගොඩක් දිගු විය යුතුයි.
2) dorsal fins සහ pelvic fins ඩිස්ක් එකට සාපේක්ෂව ඉතාම දිගු ලෙස කුඩා අවධියේදී තිබෙන අතර මාළුවා වර්ධනය වන විට dorsal fin එක වර්ධනය සීමා වන අතර සාපේක්ෂව pelvic fin eka ඉතාම දිගු පැහැදිලි දිගකින් යුතු වේ.
3) මත්ස්‍යයාගේ පරම්පරාව දිගට යන විට wild maluwage මෙම ලක්ෂණ ක්‍රමයෙන් වෙනස් වන අතරම කුඩා කාලයේ mema මසුන් මිලදී ගන්නවා නම් මෙම මසුන්ගේ ජෛව විද්‍යාත්මක පරම්පරාව පිළිබඳ මනා අවබෝධයක් ඇතිව කුඩා මසුන් මිලදී ගැනීම නුවණට හුරු වන අතරම.
මේ ලක්ෂණ wild පරම්පරාවේ සිට ක්‍රමයෙන් අඩුවී f3,f4 පරම්පරා වලදී පැහැදිලි වෙනස් කම් දැක බලා ගැනීමට හැකි වී තිබෙනවා. මෙහිදී අපට සිදුවන ලොකුම පාඩුව වන්නේ මෙම f3,f4 වැනි මසුන්ගේ වර්ධන වේගය අඩු වීම නිසා මෙම තත්ත්වය මත මාළු මුලුමනින්ම වර්ධනය වන වයස එන විට එනමි ඉපදී අවුරුදු 2 පමණ වනවිට මාළුන්ට ඉහළ අපි සඳහන් කරපු ලක්ෂණ නොමැති කුඩා ශරිර ඇති වැඩිහිටි මසුන් ඇතිවීමයි. එහෙත් ඒ වන විටත් ඔබ අවුරුදු 2 පමණ බලා සිට ඇති අතර ලද දෙයින් සතුටු වෙනවා හැරෙන්නට ආපහු Altum angels ගැන සිතන්න පරක්කු වැඩියි.
ලංකාවේ මේ වනවිට Altum angels සිටින අතර ඔවුන් සමග සාකච්ඡා කර අත්දැකීම් ලබාගැනීමට හැකිය.
මෙහිදී තමන්ට ඉතාමත් ගුණාත්මක බවකින් යුතුව වර්ධනය කර ගැනීමට හැකි Altum angel මාළුවෝ තෝරා ගැනීමේදී මෙන්න මෙවා බලන්න.
1) F0,f1,f2 ( හැබැයි විස්වාස වන්ත මාර්ගයකින් මේක දැන ගන්න ඕනේ) මාළු පොඩි කාලේ ඉදන්ම පෙන්නන ලක්ෂන (f0,f1,f2) වලට ගැලපෙන ලෙස තිබිය යුතුයි.
මෙතැනින් එහාට මසුන්ගේ අනිත් දේවල් රැඳිලා තිබෙන්නේ ඔයාගෙ අතේ. ඒවා තමයි---- maalu araganna kalin Katha karala ahaganna...[email protected]