UOJ Art Circle

UOJ  Art Circle යාපනය විශ්වවිද්�යාලයීයන්ගේ කලා කෞෂල?

ඔරිජිනල් පෝස්ට් එකට ලයික් කරලා ජැෆ්නා වලට දිනුම ගේමු ❤️
09/03/2023

ඔරිජිනල් පෝස්ට් එකට ලයික් කරලා ජැෆ්නා වලට දිනුම ගේමු ❤️

● Captain of the university athletic team 2022
● Member of the university elle team in 2018,2019 & 2022
● Second runner-up in Sri Lanka University Games in 4*100m relay 2019
● Second runner up in up in Sri Lanka University Games in 4*400m relay 2019
● Won the 4th place 400m hurdles event in Inter University Track and Field Championship 2018
● Won 4th place 400m hurdles event in Sri Lanka University Games 2019
● Won the second runner up in Sri Lanka University Games in Elle 2019
● Won the 4th place in Inter University Elle Championship in 2018

කලකට පෙර     යුධපිටියකලේ රත් කල     අගනගරෙකඋණුසුම නිව්        සරසවියකතවමත් උන්        අරගලයක-ප්‍රවීන් දර්ශන-
18/01/2021

කලකට පෙර යුධපිටියක
ලේ රත් කල අගනගරෙක
උණුසුම නිව් සරසවියක
තවමත් උන් අරගලයක
-ප්‍රවීන් දර්ශන-

09/12/2020
08/11/2020

4
නුවන්ති මධුභාෂිණී සමරකෝන්
නීති අධ්‍යනාංශය
යාපනය විශ්වවිද්‍යාලය

මඟ වැරදිච්ච පුතුට

කපුටන්නෙ කැරැව් නද
කන් බීරි කරන සඳ
අඟුරු කළු දුම් කැරැළි
නාහෙ හිර කරනවද?
සුදු පාට කමිසයට
එදුම් රොටු වැදිලාද?

පියවි ලොව අමතකව
ආකහෙට නැගෙන සඳ
බොඳව යන හීනයක
පුතේ උඹ ගිලුණාද?
පිහාටුත් නැතුවාම
ඉගිලිලා යනවාද?

කාකි ඇඳුමට බයේ
උඹල පැන දිවූ සඳ
සිහිය පත නැතුවාම
පය පැකිළි වැටුණාද?
ඇපේ දෙන්නට කෙනෙක්
පුතේ ආවේ නැද්ද?

බත් තම්බ තම්බා
මව් හුස්ම අදින සඳ
කූඩුවෙදි අඳුරේදි
ඈ මතක් උන්නැද්ද?
දිවිය ඇති තාක් කල්
කූඩුවේ හිටියැකිද?

වැල් ඇඳේ පැත්‍තකින්
පිය තුමා නිදන සඳ
හෙලපු හුස්මක බරක්
පුතේ දැනුනේ නැද්ද?
පයේ ලූ විලංගුව
හද රිදුම් දෙනවාද?

හීන මග ගිය පුතා
අද සුසුම් හෙලනවලු
මග කීව පරෙයියෝ
තාම ඉගිලෙනවාලු
අනේ අම්මා අප්පා
කොහොම නං ඉවසයිද?

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබහිමිදිරියෙන් ම පටන් ගත්ත වැස්ස නිසා අද දවස පුරා ම  සිසිලයි. මන්දාරමෙන් වැසුණු වටපිටාවෙන් හමාගෙන ...
11/06/2020

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ

හිමිදිරියෙන් ම පටන් ගත්ත වැස්ස නිසා අද දවස පුරා ම සිසිලයි. මන්දාරමෙන් වැසුණු වටපිටාවෙන් හමාගෙන එන සුළඟත් එක්ක මුහු වෙච්ච හිරිකඩ ගතට සනීපයක් ගෙනාවට හිතට නම් ගෙනෙන්නෙ හරිම කම්මැලිකමක්. වෙන කිසි ම වැඩක් කරන්න හිතෙන්නෙ ම නැතිවුණත් මිහිරි ගීතයක පද වැලක් අතර අතරමං වෙන්න නම් මීට වඩා හොඳ වෙලාවක් නම් තවත් නැහැ.
ගීතයක් ගැයෙන්නෙ මිනිත්තු තුන හතරක් වුණත් සමහර ගීතවල දිග කතාවක්, කාගේ හෝ ජීවිත අත්දැකීමක් හැංගිලා තියෙනවා. ඒ කතාව දැනගෙන ම ගීතය අහනවනම් ගීතයේ රසය හොඳින් විඳින්න පුළුවන්. මේ ලියන සටහනත් එවැනි කතාවක් ගැනමයි.
මේ කතාවේ කතා නායකයා යොවුන් වියේ ඉන්න කඩවසම් සරසවි ශිෂ්යයෙක්. ඔහු සරසවියෙ අධ්‍යාපනය ලබද්දි විශ්ව විද්‍යාලයෙන් සංවිධානය කල චාරිකාවකට සහභාගී වෙන්න ඔහුට අවස්ථාවක් ලබෙනවා. මේ චාරිකාව අතරතුරේදි තමයි ඔහුට ඇය මුණ ගැසෙන්නෙ. චාරිකාව පුරාම එකටම ගමන් කරන ඔවුන් දෙදෙනාගේ හදවත් ප්‍රේමයේ රැහැනින් බැඳෙන්නෙ නිරායාසයෙන්.
ඇය ඔහුට වඩා ජේෂ්ට වසරක ඉගනුම ලබන ශිෂ්‍යයාවක්. නමුත් ජාති, ආගම්, කුල ඉක්මවා යන ප්‍රේමයට මෙය බාධාවක් වෙන්නෙ නැහැ.
අහඹු හමුවීමක් නිසා ඇතිවුණු මේ ප්‍රේමය දලු දා වැඩෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැ.
ප්‍රේමය නමැති සරසවියෙදි ඔහුගෙ ඇදුරුතුමිය වන්නෙ ඇයයි.මෙයයි ඔහුගෙ පළමු ප්‍රේමය. ඔහුගෙ සොම්නසේ උල්පත වෙන්නෙ ඇය. තව්තිසාවෙ තියනවයි කියන සක් දෙවිගෙ මල් උයන වන නඳුන් උයන වගෙ ඔහුගෙ ලෝකය ලස්සන තැනක් කරන්න ඇගේ ප්‍රේමයට හැකි වෙනවා.
නමුත් ඔහුගෙ කුලුඳුල් ප්‍රේමයේ බලාපොරොත්තු බොඳවෙලා යන්නෙ ඇය එළිකරන රහසක් නිසා. ඇත්තට ම ඇයට ඒ වෙද්දිත් විවාහය සඳහා යෝජනා කළ තරුණයෙක් ඉඳලා තියනවා. ඔබ මා නොදන්නා හේතුවක් නිසා ඇයට ඔහුව ප්‍රතික්ශේප කරන්න බැහැ. නමුත් ඇයට මේ ප්‍රේමය අතහරින්න හිත හදාගන්නත් බැහැ
දෙලොවක් අතර අතරමං වන ඇය අවසානයේ තීරණය කරන්නෙ ඔවුන් සරසවියෙ ඉගනුම ලබන තෙක් මේ සම්බන්ධය තියාගන අවසානයේ වෙන් වෙන්න.
හිරු නැඟ එද්දි සඳු බැසයනවා වගේ ඇයගෙ ලෝකයට හිරු උදාවෙද්දි ඔහුට ඇයගෙ ජීවිත අහසින් බැහැල යන්න වෙනවා. සොම්නසේ ආනන්දයේ උල්පතක් වුණු මේ ආදරය ඔහුට දැන් කඳුළු සයුරක උල්පතක් වෙනවා. නමුත් ඔහු මේ නිසා ජීවිතය විනාශ කරගන්නේ නැහැ. පසු කලක ඔහු කීර්තිමත් මහාචාර්යවරයෙක් වනවා. නමුත් ඔහු තනිකඩව ම ජීවිතයෙ ඉතිරි කාලෙ ගෙවන්න තීරණය කරනවා. ඔහු යාපනය විශ්ව විද්යාලයේ ඉගැන්වීම් කරද්දි ඔහුගෙ මේ අත්දැකීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් ගීතයකට ගොනු වෙනවා.
සුනිල් ආරියරත්නයන් 1975 දවසක මේ ගීතය වික්ටර් රත්නායකයන්ට දීලා කියනව
, "වික්ටර්, ඔයා මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරන්න. මේ ගීතයට තනි සංගීත භාණ්ඩයක් විතරක් යොදා ගන්නව නම් හොඳයි".
ඒ කියපු විදියට ම වික්ටර් රත්නායකයන් ගිටාරය පමණක් යොදාගෙන සුමිහිරි තනුවක් නිර්මාණය කරලා ඔහුගෙ මන මෝහනීය කට හඬින් මේ ගීතය ගායනා කරනවා,

"දෛව යෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ".

මේ ගීතය ගායනා කරන වික්ටර් රත්නායකයන් අද වියපත්. ගීතය ලියූ සුනිල් ආරියරත්නයන් ද වියපත්. නමුත් දශක ගණනාවක් ගත වුණත් ගීතය නම් තවම තරුණයි. තවත් බොහෝ කාලයක් මේ ගීතය අපේ සවන් පින්වාවි.
(පින්තූරය සුනිල් ආරියරත්නයන්, වික්ටර් රත්නායකයන්ට ලියා දුන් ගීතයයි.)

සටහන - අසේල.
Copied from Janith Nadeera

දහස් තරු මල් අහසේ තිබුණත්මගේ හීනය එළි නොවෙද්දෙන්...සීත වැහි බිදු ගතේ ගැටුනත්හිතේ ගින්දර තව තිබුනදෙන්...මතක එක් කොට ගෙල ප...
10/05/2020

දහස් තරු මල් අහසේ තිබුණත්
මගේ හීනය එළි නොවෙද්දෙන්...
සීත වැහි බිදු ගතේ ගැටුනත්
හිතේ ගින්දර තව තිබුනදෙන්...
මතක එක් කොට ගෙල පැළදගත්
පබළු මාලය ගිලිහුණාදෙන්...
රුදුරු නියගෙක දිය සොයා ගිය
දෙපා පොඩි මගෙ තව රිදෙද්දෙන්...

රං
-විද්‍යා පීඨය

 #දෙවසරක_අවසානය....මතකයි ද අද වගේ අපි කාපු කටුකැන්ටිමේ බත් එකේ තිබුනේ නෑ ලුණුවතුර හරි ගනන් වුනු පෝළිමත් මරුඋබලාට මතකයිද ...
03/05/2020

#දෙවසරක_අවසානය....

මතකයි ද අද වගේ අපි කාපු කටු
කැන්ටිමේ බත් එකේ තිබුනේ නෑ ලුණු
වතුර හරි ගනන් වුනු පෝළිමත් මරු
උබලාට මතකයිද අපි කාපු නඩු

බලන්නට හඳ හිතන් අපි නැග්ගා කදු
අපි එකතු වුන තැනදි පෙන්නුවා තරු
සහෝදර බැමි මතින් පැරදුවත් හිරු
තවත් දෙවසරක් නෑ බබලන්න තරු

දෙවසරක් ගතකලත් ජිවිතේ මරු
ගෙවුන හැටි දැනුනෙ නෑ කාලයත් හොරු
සහෝදර බැදීමක් සවි කරපු සරු
යාල් හඳ අපි දැකපු දෙවසරට ගරු

-කිරා-
කළමනාකරණ හා වාණිජ පීඨය

Photo credit : Geeth අයියා ❤️

"තල් අරණේ දම්සක් නද" පතුරවන දම් සුවද මෙවර සයිබර් අවකාශයටඔබගෙ කලාත්මක නිර්මාණයන් මෙය වෙත යොමු කල හැකියි.* වෙසක් කූඩු* ගද්...
03/05/2020

"තල් අරණේ දම්සක් නද" පතුරවන දම් සුවද මෙවර සයිබර් අවකාශයට
ඔබගෙ කලාත්මක නිර්මාණයන් මෙය වෙත යොමු කල හැකියි.

* වෙසක් කූඩු
* ගද්‍ය පද්‍ය
* බැති ගීත
* බොදු සිතුවම්
* බොදු ඡායාරූප
* සුබපැතුම් පත්

යොමු කල යුතු ආකාරය පළමු කමෙන්ටුවේ සඳහන් කර ඇත.

* මෙම පණිවිඩය හැකිතාක් මිතුරන් අතර බෙදාහරින්න.

යාපනය විශ්වවිද්‍යාලයීය බෞද්ධ විහාරය කෙන්ද්‍ර කරගනිමින්, අසිරිමත් සම්බුදු තෙමගුල සිහිපත් කරනු වස් සිදුකරනු ලබන ...

යාල් අහස යට සැමරූ නත්තල  #2019 🌲❤️සංවිධානය : යාපනය විශ්වවිද්‍යාලයීය කතෝලික ශිෂ්‍ය සංගමය.
03/05/2020

යාල් අහස යට සැමරූ නත්තල #2019 🌲❤️
සංවිධානය : යාපනය විශ්වවිද්‍යාලයීය කතෝලික ශිෂ්‍ය සංගමය.

IMMIGRATION OF ENDEARMENT organized by catholic student , university of jaffna on 2019 December used camera canon 80D 18-300 wondershare filmora #...

03/05/2020



Address

Jaffna

Website

Alerts

Be the first to know and let us send you an email when UOJ Art Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category