22/07/2026
Doctor Love 3rd day
කෙශ් කියපු දේට යාළුවෝයි සිතුමියි ඔක්කොම පුදුම වෙලා හිටියේ. රණ්ඩුවෙන් පස්සේ පන්තියට ගියපු ගමන් යාළුවෝ කෙශ් වටකරගෙන ඇහුවේ,
"මොකක්ද බං ඒ කිව්වේ? අනික උඹට පිස්සුද... ඒකි උඹට ගැලපෙන්නේ නෑ! කට නිකන් වක්කඩයක් වගේ... උඹට ඊට වඩා ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුළුවන්!"
ඒවාට උත්තරයක් විදිහට කෙශ් කිව්වේ,
"මන් කැමති ඒ කෙල්ලට, එච්චරයි! උඹලට තියෙන ප්‍රශ්නේ මොකක්ද? උඹලටත් ඕන වුණේ මට කෙල්ලෙක් සෙට් කරන්නනේ..."
"අනේ කෙශ්, කියන එක තේරුම් ගනින්කෝ! බලපන් ඒකි ලෑල්ලක් වගේ... ඊට වඩා සිතුමි හොඳයි!" යාළුවෙක් ආයෙත් කිව්වා.
"සිතුමි හොඳයි නම් උඹ සෙට් කරගනින්! මටත් නිදහස්නේ..." කෙශ් කිසි ගණනක් නැතුව පැවසුවේය.
හරි බං... උඹේ තීරණේ ඒක නම් අපි උදව් කරන්නම්. හැබැයි පුතෝ පස්සේ අපිට බනින්න එන්න එපා!" යාළුවෝ ටික හිනා වෙවී කිව්වා.
කෙශ්ටත් ඒ වෙලාවේ ලොකු සහනයක් දැනුණා. එයා යාළුවෝ දිහා බලලා පොඩි හිනාවක් දැම්මා.
"එහෙනම් උඹලා දෙන පළවෙනි උදව්ව විදියට මට මෙන්න මේක කරලා දීපල්ලා..." කෙශ් ටිකක් ලං වෙලා රහසින් වගේ කිව්වා.
"මොකක්ද?" යාළුවෝ ඔක්කොම කුතුහලයෙන් කෙශ්ගේ මූණ දිහා බැලුවා.
"අර දෙව්ලිට පෑන දුන්න කෙනා කවුද කියලා මට හොයාගන්න ඕනේ!" කෙශ් කෙළින්ම කිව්වා.
"මොකක්? පෑන දුන්න කෙනා?" යාළුවෝ එකපාරටම එකිනෙකාගේ මූණවල් දිහා බලාගත්තේ පුදුමයෙන්.
"ඔව්... ඒ පෑන නිසා තමයි මේ ඔක්කොම පටන් ගත්තේ. මට ඒක පිටිපස්සේ ඉන්න කෙනාව දැනගන්නම ඕනේ..." කෙශ් ගේ ඇස්වල තිබුණේ ලොකු උනන්දුවක්.
"මොකක්ද බං ඒ පෑන කතාව? පෑනක් නිසාද උඹ මේ තරම් පෙරළෙන්නේ?" යාළුවෝ ටික පුදුමයෙන් ඇහුවා.
කෙශ් ලොකු හුස්මක් අරන් යාළුවෝ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ හරිම බරපතළ පාටක්.
"උඹලට ඒක නිකම්ම නිකං පෑනක් වුණාට මට ඒක ඊට වඩා ගොඩක් වටිනවා බං... මට මුලින්ම දැනගන්න ඕනේ දෙව්ලිට ඒ පෑන දුන්නේ එයාගේ ලයිෆ් පාට්නර්ද, නැත්නම් වෙන කොල්ලෙක්ද කියලා. එයාට එකෙක් ඉන්නවා නම් මට මේ ගේම් එකෙන් අයින් වෙන්න වෙනවා. හැබැයි එහෙම කවුරුත් නැත්නම්... මං කොහොම හරි දෙව්ලිව දිනාගන්නවා!" කෙශ් කිව්වේ හරිම තදින්.
"අඩෝ... උඹ නම් මාරම ලව් එකක් නෙ බං පටන් අරන් තියෙන්නේ! හරි, අපි ඒ පෑන දුන්න එකා කවුද කියලා කොහොම හරි හොයලා දෙන්නම්." යාළුවෝ ටික කෙශ්ගේ කරට අතක් දාගෙන කිව්වා.
ඒ අතරේ පන්තියෙන් එළියට ගියපු සිතුමි හිටියේ මාරම තරහකින් සහ ඉරිසියාවකින් පිච්චි පිච්චි. කෙශ් හැමෝම ඉස්සරහා දෙව්ලිට කැමතියි කියපු එක සිතුමිට දරාගන්නම බැරි වුණා. එයාගේ යාළුවෝ කෙල්ලෝ ටිකත් සිතුමි වටකරගෙන එයාව තවත් අවුස්සන්න පටන් ගත්තා.
"සිතුමි... උඹ බලන් ඉද්දිම අර කෙල්ල කෙශ්ව උදුරගත්තා නේද? බලපන් ඒකිගේ තියෙන මායම්!" එක යාළුවෙක් ගිනි තියන්න වගේ කිව්වා.
"ඒකනේ බං! අර ලෑල්ල වගේ ඉන්න කෙල්ලට කෙශ් කොහොමද කැමති වුණේ? සිතුමි, උඹ මෙහෙම නිකන් ඉන්නද හදන්නේ?" තව යාළුවෙක් ඇහුවා.
සිතුමි තමන්ගේ නියපොතු තදින් අත්ලට තෙරපාගත්තා. එයාගේ ඇස්වල තිබුණේ වෛරයක්.
"කොහෙත්ම නැහැ! මං ඒක වෙන්න දෙන්නේ නැහැ..." සිතුමි දත් කුට්ටාගෙන කිව්වා.
"ඉතින් උඹ මොකක්ද කරන්න හදන්නේ?"
"මට ඕනේ කෙශ්ගේ හිතෙන් දෙව්ලිව සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඒක කරන්න නම් දෙව්ලිට හොඳටම රිදෙන, කෙශ්ට දෙව්ලිව අප්පිරියා වෙන විදිහේ ප්ලෑන් එකක් ගහන්න ඕනේ. දෙව්ලිව කෙශ්ගෙන් විතරක් නෙමෙයි, මුළු ඉස්කෝලෙන්ම කොන් වෙන තැනට මං පත් කරනවා!" සිතුමි කුරිරු හිනාවක් දාගෙන යාළුවන්ට ලං වුණා.
"කියපන්කෝ ඉතින්... මොකක්ද ප්ලෑන් එක?" යාළුවෝ ටිකත් කුතුහලයෙන් ලං වුණා.
"හරි... අපි ඒක කරලා දෙන්නම්කෝ. හැබැයි කෙශ්, උඹ තව පාරක් හොඳට හිතලා බලපන් බං..." යාළුවෙක් කෙශ්ගේ උරහිසට අතක් තියලා ආයෙත් කිව්වා.
"ඒ මොකටද බං ආයෙත් හිතන්නේ?" කෙශ් ඇහුවා.
"නෑ ඉතින්... බලපන්කෝ, දෙව්ලි කියන්නේ එච්චර ලොකුවට රූපයක් තියෙන කෙල්ලෙක් නෙමෙයිනේ. උඹට ඊට වඩා කොච්චර ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුළුවන්ද? බොරුවට මොකටද බං ඒකි පස්සේ යන්නේ?"
කෙශ් පොඩි හිනාවක් දාලා යාළුවෝ ඔක්කොම දිහා කෙළින් බලලා මෙහෙම කිව්වා:
"මචං... මං කවදාහරි බැන්දොත්, මැරි කරොත් මැරි කරන්නේ දෙව්ලිව විතරයි! ඔයාලා කියනවා වගේ එයාට ලොකු රූපයක් නැති වුණාට මට වැඩක් නැහැ. එයාගේ කටකාර ගතිය තිබ්බට එයා හරිම හොඳ කෙල්ලෙක් කියලා මට තේරුණා. මං ආසයි ඒ වගේ හොඳ ගතිගුණ තියෙන, ඕනෑම දේකට කෙළින් කතා කරන සෘජු කෙල්ලෙක්ට..."
කෙශ් ටිකක් නතර වෙලා ආයෙත් කතාව පටන් ගත්තා.
"අනික මචං... පොත ලස්සන වුණාට විතරක් හරියන්නේ නැහැනේ. පිටින් විතරක් ලස්සන කෙල්ලෙක්ගෙන් අපේ ජීවිතේ ඉස්සරහට යන්නෙත් නෑ, අපිට ගැලපෙන්නෙත් නෑ."
කෙශ් කියපු දේ අහගෙන හිටපු යාළුවෝ ටික එකපාරටම ඔළුවේ අත තියාගත්තා.
"අඩෝ... උඹ නම් මාරයි බං! නිකන් ඉස්කෝලේ ලව් එකකටත් උඹ මහා දාර්ශනික ටෝක් දෙනවනේ!" යාළුවෙක් කිව්වේ හැමෝම හිනා වෙද්දී.
සිතුමි තමන්ගේ හොඳම යාලුවෝ දෙන්නා වෙන මල්කිවයි අයේෂාවයි පන්තිය පිටිපස්සේ තියෙන අඹ ගහ යටට කැඳෙව්වා. සිතුමිගේ මූණේ තිබුණේ නපුරු, කුරිරු හිනාවක්.
"සිතුමි... කියපන්කෝ ඉතින්! මොකක්ද උඹේ ප්ලෑන් එක? කෙශ්ට දෙව්ලිව අප්පිරියා කරවන්නේ කොහොමද?" මල්කි නොඉවසිල්ලෙන් ඇහුවා.
සිතුමි වටපිට බලලා හඬ අඩුවෙන් මෙහෙම කිව්වා:
"දෙව්ලි කියන්නේ හරිම අහිංසක, නම්බුවට ඉන්න කෙල්ලෙක් නේද? හැමෝම හිතන්නේ ඒකි හරිම ශිෂ්ටයි කියලා. මං කරන්න හදන්නේ ඒක අනිත් පැත්ත හරවන්න!"
"ඒ කිව්වේ?" අයේෂා ඇහුවා.
"දෙව්ලිගේ බෑග් එකේ තියෙනවා එයාගේ විශේෂ සටහන් පොතක්. ඒකේ තමයි එයා කවි, විකාර ලියන්නේ. අපි කරන්න ඕනේ ඒ පොත හොරෙන් අරන්, ඒක ඇතුළට කෙශ්ගේ නමයි, ඉස්කෝලේ තව නරක විදිහට ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ පිරිමි ළමයෙක්ගේ නමයි දාලා, දෙව්ලි ඒ දෙන්නා ගැනම ලියපු එක එක විකාර කතා අඩංගු ලියුමක් හොරෙන් ඔබන එක!"
මල්කිගේ ඇස් ලොකු වුණා. "අඩෝ... උඹ කියන්නේ දෙව්ලි කොල්ලෝ දෙන්නෙක් එක්කම ප්ලේ කරනවා වගේ පේන්න හදන්නද?"
"අන්න හරි!" සිතුමි ලොකු හිනාවක් දාගෙන කිව්වා. "ඊටපස්සේ අපි ඒ ලියුම පන්තියේ හැමෝටම පෙනෙන්න, විශේෂයෙන්ම කෙශ්ට හම්බවෙන විදිහට බිම වට්ටනවා. කෙශ් හිතන්නේ දෙව්ලි හරිම අහිංසක, කෙළින් වැඩ කරන කෙල්ලෙක් කියලනේ? කෙශ්ට තේරෙයි ඒකි කොල්ලන්ව අන්දන චරිතයක් කියලා! කෙශ්ට විතරක් නෙමෙයි, මුළු ඉස්කෝලෙටම ඒකිව අප්පිරියා වෙලා යයි!"
"අඩෝ සිතුමි... උඹ නම් මාරයි බං! ප්ලෑන් එක නියමයි!" අයේෂා කිව්වා.
"හැබැයි මට එක දෙයක් දැනගන්න ඕනේ..." සිතුමිගේ මූණ ආයෙත් සැර වුණා. "දෙව්ලිගේ බෑග් එකට ඒ ලියුම දාන්න පුළුවන් වෙන්නේ ඉන්ටර්වල් එකේදී. උඹලා දෙන්නා පන්තිය ළඟ සෝදිසියෙන් ඉන්න ඕනේ!"
තනු එක හුස්මට අර අඹ ගහ යටදී ඇහුණු ඔක්කොම විස්තරේ දෙව්ලිට කිව්වා. ඒක ඇහුණු ගමන් දෙව්ලිට යක්ෂයා ආවේශ වුණා! දෙව්ලිගේ කන් දෙකෙන් දුම් දාන්න පටන් ගත්තා.
"මොකක්ද? මගේ බෑග් එකට ලියුම් ඔබලා මාව කොන් කරන්න? අද බලමුකෝ ඒක කරන්නේ කොහොමද කියලා!"
දෙව්ලි එකපාරටම නැගිටලා, කොණ්ඩෙත් තද කරලා බැඳගෙන, කෙළින්ම ගියේ සිතුමිලා ඉන්න තැනට. පන්තිය මැදදීම දෙව්ලි සිතුමිට කඩා පැන්නා!
"මේ! සිතුමි! මොකක්ද තොට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ? ආ?" දෙව්ලි කෑගැහුවා.
සිතුමි එකපාරටම ගැස්සිලා ගියා. "මො... මොකක්ද බං? තොට පිස්සුද දෙව්ලි?"
"පිස්සු තොට! මගේ බෑග් එකට ජරා ලියුම් ඔබලා මාව ඉස්කෝලෙටම කොන් කරන්න නේද හිටියේ? මං ඔක්කොම දැනගත්තා! උඹලට මාව වට්ටන්න ලේසි වෙන්නේ නෑ දැනගනින්! ඇයි තොට මාත් එක්ක ඔච්චර ඉරිසියා? මොකක්ද මං කරපු වරද?" දෙව්ලි කට වක්කඩේ වගේ ඇරලා සිතුමිට බැනගෙන බැනගෙන ගියා.
සිතුමිට තමන්ගේ ප්ලෑන් එක මාට්ටු වුණා කියලා තේරුණාම මාරම ලැජ්ජාවක් සහ තරහක් ආවා. පන්තියේ අනිත් ළමයිනුත් දැන් මේ රණ්ඩුව දිහා බලාගෙන. සිතුමිට තමන්ගේ කන්ට්‍රෝල් එක නැති වුණා.
"ඔව් යකෝ! මට තොත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා! තොට ඔච්චර ලොකුකම් දාන්න මොනවා තියෙනවටද? අර කේශ් පන්තියම ඉස්සරහා කිව්වේ ඌ තොට කැමතියි කියලා! ඌ කියනවා තොවමලු බඳින්නේ! අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ! තෝ වගේ ලෑල්ලකට ඌ කොහොම කැමති වුණාද මන්දා!" සිතුමි තරහෙන් වෙවුල වෙවුල කෑගහලා කිව්වා.
මුළු පන්තියම එකපාරටම හොල්මන් වුණා වගේ නිහඬ වුණා. දෙව්ලිගේ ඇස් දෙක උඩ ගියා.
'මොකක්? අර කේශ්යා? ඌ මට කැමතියි කිව්වා? පන්තියම ඉස්සරහා? මාව බඳින්න? මං ඌට කවදද එහෙම ලයිසන් දුන්නේ?'
දෙව්ලිගේ හිතේ ලැජ්ජාවයි, පුදුමයයි ඔක්කොම එකතු වෙලා මහා කේන්තියක් බවට පත් වුණා. එයාට දැන් සිතුමිව අමතක වුණා. මුළු තරහම හැරුණේ ඒ කතාව පතුරවපු කේශ්ගේ පැත්තට! නිකන් ඉන්න තමන්ගේ නම පන්තිය මැද විකුණපු කේශ්ට අද පාඩමක් උගන්වන්න ඕනේ කියලා දෙව්ලි හිතාගත්තා.
"අහ්... එහෙමද? බලමුකෝ කේශ්යා මාව බඳින හැටි!"
දෙව්ලි දත් කුට්ටාගෙන, ගිනි පිටවෙන ඇස් දෙකෙනුත් එක්ක, අත්දෙකත් එකතු කරලා මිට මොලවගෙන, අර "මනමාලයා" හොයාගෙන පන්තියෙන් එළියට දිව්වා.
දෙව්ලි පන්තියෙන් එළියට යන්න අඩියක් තියලා එකපාරටම ආයෙත් පස්සට හැරුණා. සිතුමි දිහා බලලා කටකොනකින් හිනාවෙලා, තදින් මෙහෙම කිව්වා:
"ආ... තව දෙයක්! මේකත් හොඳට මතක තියාගනින් හලෝ. තමුසෙට කේශියාව තියාගන්න බැරි නම් ගෙදර අරන් ගිහින් හරි තියාගන්නවා, මට වැඩක් නැහැ! මම ඌ ගැන බලාගන්නම්!"
ඒක කියලා දෙව්ලි ආයේ පස්ස බලන්නේ නැතුව, යක්ෂයා ආවේශ වුණා වගේ කෙළින්ම දිව්වේ කේශ්ලගේ පන්තියට. තරහට දෙව්ලිගේ මූණ රතු වෙලා, අත් දෙකත් මිට මොලවගෙන හිටියේ.
කේශ් ඒ වෙලාවේ යාළුවොත් එක්ක වටවෙලා හිනාවෙවී මොකක්දෝ කතාවක්. දෙව්ලි කිසිම කතාවක් නැතුව පන්තිය මැද්දටම කඩාගෙන පැන්නා. එකපාරටම කේශ් ඉන්න ඩෙස්ක් එකට තදින් තට්ටු කළා!
ඩොං!
"ඒ හලෝ! මොකක්ද තමුසේ මේ කියලා තියෙන්නේ?" දෙව්ලි කෑගැහුවා.
කේශ් ඇතුළු යාළුවෝ සෙට් එකම එකපාරටම ගැස්සිලා ගියා. කේශ් ඇස් දෙකත් ලොකු කරගෙන දෙව්ලි දිහා බලද්දී, දෙව්ලි ආයෙත් පටන් ගත්තා.
"තමුසේ හිතුවද මම බූරුවෙක් කියලා? ආ? එදා මම තමුසෙට පාන් පිටි හින්දා කෑගහපු එකට පලිය ගන්න නේද තමුසේ මේ වගේ බලු කතාවක් ප්ලෑන් කරලා මුළු ඉස්කෝලෙටම කිව්වේ? මට කැමතියි, මාව බඳිනවා ගගා විකාර කියවන්න තමුසෙට පිස්සුද?"
දෙව්ලිගේ කට වක්කඩේ වගේ ඇරෙද්දී, කේශ්ගේ යාළුවෝ ටික කටවල්වලට අත් තියාගෙන හිනාව තද කරගත්තා. කේශ්ට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව අසරණ විදිහට දෙව්ලි දිහා බලාගෙන හිටියා.
කේශ්ගේ කට උඩට එන උත්තරේ කට ඇතුළෙම හිරවුණා.
"නෑ... දෙව්ලි... ඔයා... ඔයා මේ... එකපාරටම වැරදියට—" කේශ් ගොත ගගහා මොනවා හරි කියාගන්න හැදුවත්, දෙව්ලි ඊට වඩා සැරෙන් කඩාගෙන පැන්නා.
"තමුසේ කට වහගන්නවා හලෝ! මට තමුසේ කියන එක කතාවක්වත් අහන්න ඕනේ නැහැ! මම තමුසෙගෙන් අහන්න ආවේ උත්තර නෙමෙයි! තමුසෙට ඕනේ තරම් කෙල්ලෝ ඇති, ඒත් මාව ඔය තමුසෙගේ විකාරවලට පටලවගන්න එන්න එපා දැනගන්නවා!" දෙව්ලි කේශ්ට ඇඟිල්ල දික් කරලා, වචනයක්වත් කියන්න ඉඩ නොදී දිගටම බැන්නා.
කේශ් ආයෙත් අතකුත් උස්සගෙන, "අනේ පොඩ්ඩක් අහන්නකෝ බං... මං කිව්වේ—" කියලා කියන්න හදද්දීම දෙව්ලි ආයෙත් කෑගැහුවා.
"මොකක්ද අහන්න කියන්නේ? තමුසේ මුළු ඉස්කෝලෙටම මාව විහිළුවක් කරන්න හදලා දැන් මොනවා අහන්නද කියන්නේ? ආයෙත් මගේ නම ඔය කටට ගත්තොත් බලාගමුකෝ වෙන්නේ මොකක්ද කියලා!"
දෙව්ලිගේ ඒ සැරට පන්තියේ හිටපු අනිත් උනුත් කටවල් වහගත්තා. කේශ්ට කරන්න දෙයක් නැතුව, ඇස් දෙකත් ලොකු කරගෙන, කටත් පොඩ්ඩක් ඇරගෙන, අසරණ විදිහට දෙව්ලි දිහා බලාගෙන හිටියේ 'මූට මොන යක්ෂයා ආවේශ වෙලාද' කියලා හිතාගන්න බැරුව.
කේශ් ගොතගගහා මොනවා හරි කියාගන්න හැදුවත්, දෙව්ලි කේශ්ට කිසිම ඉඩක් නොදී ආයෙත් සැරෙන් කඩාගෙන පැන්නා.
"නෑ... දෙව්ලි... ඔයා මේ... පොඩ්ඩක් අහන්නකෝ—"
"තමුසේ කට වහගන්නවා හලෝ! මට තමුසේ කියන එක කතාවක්වත් අහන්න ඕනේ නැහැ! මේ ඉස්කෝලේ මෙච්චර ලස්සන කෙල්ලෝ ඉන්නකොට, තමුසෙත් මෙච්චර ලස්සන වෙලා ඉද්දී, මම වගේ කෙල්ලෙක්ට කැමති වෙයි කියලා හිතන්න තරම් මම බූරුවෙක් නෙමෙයි! ඒ නිසා තමුන් මේක හොඳට මතක තියාගන්නවා!" දෙව්ලි කේශ්ගේ මූණටම ඇඟිල්ල දික් කරලා බැනගෙන බැනගෙන ගියා.
කේශ් අසරණ විදිහට අතකුත් උස්සගෙන ආයෙත් උත්තර දෙන්න හදද්දීම දෙව්ලි ඒක පිටින්ම කැපුවා.
"තමුන් කරන්නේ මාව බොරුවට යාළු කරගෙන, මාත් තමුසෙට කැමති වෙයි කියලා හිතුවට පස්සේ මාව අතහැරලා චාටර් කරලා එදා පෑනට කියපු දේට පලිය ගන්නනේ? ඒ වගේ ගොන් වැඩවලට මම අහුවෙන්නේ නැහැ හලෝ! තමුන් ආයේ මගේ දැහැට පේන්නවත් එන්න එපා! මාත් එක්ක වචනයක්වත් කතා කරන්න එන්නත් එපා!"
එහෙම කියපු දෙව්ලි, කේශ්ට වචනයක්වත් කියන්න නොදී, පන්තියේ හිටපු අනිත් උන්ගේ මූණවල් උඩ යන විදිහට රවාගෙන, එක පිම්මට ආපහු හැරිලා යන්න ගියා.
කේශ්ට කරගන්න දෙයක් නැතුව, අත් දෙකත් කලිසම් සාක්කුවල දාගෙන, කටත් ඇරගෙන දෙව්ලි යන දිහා බලාගෙන හිටියේ යාළුවෝ සෙට් එකත් එක්කම එකපාරටම හොල්මන් වෙලා වගේ!දෙව්ලි තරහෙන් පිම්බි පිම්බි පන්තියෙන් යද්දී, කේශ්ගේ යාළුවෙක් ඇවිත් කේශ්ගේ උරහිසට තට්ටු කළා.
"මචං... දෙව්ලිට මේක කිව්වේ කවුද බං?"
කේශ් ජනේලයෙන් එළිය බලාගෙන කල්පනා කළා. එයාට එකපාරටම තේරුණා මේක කළේ කවුද කියලා.
'අනිවාර්යෙන්ම මේක කිව්වේ සිතුමි! වෙන කවුරුත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ...' කේශ්ට හිතුණා.
මොකද එයාට එයාගේ යාළුවෝ ටික ගැන සියයට සීයක් විශ්වාසයි. අනික දෙව්ලි ඇවිත් කෑගහන වෙලාවේ යාළුවෝ ඔක්කොම හිටියේ කේශ් එක්කමයි. පන්තියේ වෙන ළමයෙක් කිව්වා කියන්නත් බැහැ, මොකද ඉස්කෝලේ හැමෝම වගේ කේශ්ට ගොඩක් ගරු කළා, එයාට ආදරේ කළා. ඉතිං මේ වැරදි ආරංචිය දෙව්ලිට දීලා ගිනි තිබ්බේ සිතුමිම තමයි කියන එක කේශ්ට ස්ථිර වුණා.
...
වර්තමානය...
දීර්ඝ හුස්මක් හෙලපු ඩොක්ටර් කේශ්, හීන් හිනාවක් එක්කම ඇස් දෙක ඇරියා.
හොස්පිටල් එකේ වෙහෙසකර ඩියුටි එක ඉවර වෙලා, ගෙදර ඇවිත්, හොඳට නාගෙන ඇඳට වැටුණු කේශ්ගේ මතකයන් අතරට එකපාරටම කඩා වැදුණේ අන්න ඒ අතීත සිදුවීම!
එදා තමන්ගේ මූණටම ඇඟිල්ල දික් කරලා 'තමුන්ගේ දැහැට පේන්නවත් එන්න එපා' කියලා කෑගහපු අර කටකාර, හිතුවක්කාර දෙව්ලි... තව මාසෙකින් එයාගේ අත අරන් මනමාලි කරගන්න ඉන්නවා කියලා මතක් වෙද්දී කේශ්ගේ හිතට දැනුණේ මාරම සැහැල්ලුවක් සහ ආදරයක්.
ඒ එදා රණ්ඩු වුණු දෙව්ලිව තමන්ගේ ජීවිතේ කරගන්නකන්, දෙන්නා අතරේ තිබුණු ඒ ලස්සන, විනෝදබර රණ්ඩු සරුවල් පිරුණු ගමන මතක් වෙද්දී, ඩොක්ටර් කේශ්ට රෑ කළුවරේම ඇඳ උඩදී ලස්සන හිනාවක් ආවා..."
ඩොක්ටර් කේශ්ටයි දෙව්ලිටයි ඊළඟට මොකද වුණේ? දෙන්නගේ අලුත් කතාවේ තවත් සුන්දර කොටසකින් ඉක්මනින්ම හමුවෙමු!
කතාවට ආදරෙයි නම් අනිවාර්යයෙන්ම Like කරන්න, Comment කරන්න, Follow කරන්න අමතක කරන්න එපා. ආදරෙයි හැමෝටම!" ❤️✨