LUCKY Aquarium

LUCKY Aquarium All Aquarium Items Wholesale & Retail...

20/03/2024
02/01/2024

Lucky coppens High Protein 44% දැන් පානදුර LUCKY Aqua වෙතින් මිලදී ගත හැක.
Sizes : 1 , 3 , 5 mm
නිවසටම උවද ගෙන්වා ගත හැක.
මසුන් ඉක්මනින් වර්ධනය වේ
පැහැය වැඩිදියුණු වේ
Flower Horn,Fighter,ගප්පි,මොලි,ප්ලේටි,ඔස්කා,කාෆ්,ගුරාමි,ටෙට්ට්‍රා,ගෝල්ඩ් ෆිෂ්,මලාවි,කැට් ෆිෂ්,සීබ්‍රා, ඇතුලු ඕනම මත්සයෙකුට ලබා දිය හැකිය
80%ක් දිරවන බැවින් මසුන්ට දිනකට එක් වතාවක් පමණක් දීම ප්‍රමානවත්‍ වේ.
1kg Rs 1000
වැඩි විස්තර සදහා - Lucky Aquarium Petshop
Panadura Branch 0717819820
Bandaragama Branch 0727 819820

All Aquarium Items Wholesale & Retail...

●කරිජ්ජ ඉස්සා       කරිජ්ජ ඉස්සා හෙවත් අටිමියා (Brine shrimp - Artemiya spp) විසිතුරු මත්ස්‍යය කර්මාන්තය පමණක් නොව මුළු ...
05/12/2023

●කරිජ්ජ ඉස්සා

කරිජ්ජ ඉස්සා හෙවත් අටිමියා (Brine shrimp - Artemiya spp) විසිතුරු මත්ස්‍යය කර්මාන්තය පමණක් නොව මුළු මහත් ජලජීවි වගා ක්ෂේත්රයේ ම විශාල පෙරළියක් ඇති කළ සතෙකු වශයෙන් හැඳින්විය හැකිය.ඒ මෙම සතාගේ ප්‍රජනක කාර්යේදී නිපදවනු ලබන "බිත්තර" හෙවත් "කෝෂ"( Artemia cysts)වියළීමෙන් පසු ව ජීවී තත්ත්වයෙන් දීර්ඝ කාලයක් තබා ගැනීමට හැකිවීම උන්ගේ පැටඋන් මෙන්ම සුහුඹුලන් හා වැඩුණු සතුන් නොයෙකුත් ආකාරයේ ජලජ ජීවීන්ට ඉතාමත් සුදුසු අහරයක් වීමත් නිසාය.

කෙසේ නමුත් දැනට මෙම ක්ෂේත්‍රයේ දී ඉතා පෘථුල වශයෙන් භාවිතා කෙරෙන්නේ කරිජ්ජ ඉස්සාගෙ කෝෂ රැක්කවීමෙන් පසුව ලැබෙන කීටයන්‍ ය.ඒ නිසා මේ වන විට artemia කෝෂය නිෂ්පාදනය සහ අලෙවිය ද ලොව දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වී ඇත.

●කරිජ්ජ ඉස්සාගේ කෝෂ්ඨ

කරිජ්ජ ඉස්ස සාමාන්‍යයෙන් ජීවත් වන්නේ ලවනතාවය ඉතා ඉහළ මුහුදු තීරයන් සහ ලුණු ලේවායන් ආදී ස්ථානවල ය.සාමාන්‍යයෙන් ලවණතාවය අඩු පරිසර තත්ත්වයන් යටතේදී උන්ගේ ගැහැණු සතුන් සංවාසයෙන් පසුව කීටයන් බිහි කරති.(ඇතැම් artemia විශේෂ වල පිරිමි සතුන් නොමැතිව වුවද ගැහැණු සතුන් හට පැටවුන් බිහි කිරීමට හැකියාව ඇත.)එහෙත් ලවණතාවය 40ppt. ට වඩා වැඩි අවස්ථාවන්හි දී උන් තද කටුවක් සහිත බිත්තර දමන අතර මේවා artemia කෝෂ ලෙසින් හඳුන්වයි.මේවා ජලයේ පාවෙමින් වෙරළාසන්නයේ කලාපයට ගසාගෙන ඇවිත් විවිධ ස්ථානවල තැන්පත් වේ.

එසේම කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ජලයේ ලවණතාවය පහළ බසින විට දී එම කෝෂ්ඨ යළිත් සක්‍රීය වී ඒ තුළ කළලය විකසනය සිදුවීමෙන් අනතුරුව සෑදෙන කීටයෝ ඒවායෙන් පිටතට පැමිණ මව් සතුන් මෙන්ම ජීවන චක්‍රයේ ඉතිරි අවස්ථා ගත කරති.මිනිසා විසින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ නැවත සක්‍රිය වීමට පෙර මෙවැනි අකර්මන්‍ය තත්ත්වය වූ කෝෂය.

●කරිජ්ජ ඉස්සර කෝෂ්ඨ ට ප්‍රයෝජනයට ගැනීම.

අකර්මණ්‍ය artemia කෝෂ්ඨ ව්‍යාපාරිකයන් විසින් වියළා ටින්වල අසුරා වෙළඳපොළට එවා ඇති අතර මත්ස්‍යයන්ට හෝ වෙනස් සතෙකුට ආහාරට දීමට සුදුසු වන්නේ ඒවායෙන් බිහිවන කිටයන්‍ ය.ඒ නිසා එළෙසින් මිලට ගත් කෝෂ වලින් කීටයන් ලබා ගැනීම නම් ඒවා "රැක්කවිම" හෙවත් "බීජෞෂණය"කිරීමට අවශ්‍ය ය.සාමාන්‍යයෙන් හොඳ තත්වයේ ආටීමියා කෝෂ ග්‍රෑම් එකක් රැක්කවිමෙන් පසුව කීටයන් එක්ලක්ෂ හැටදාහක් (160 000) පමණ ලබා ගැනීමට හැකියාව ඇත.ඒ නිසා ඒවා රැක වීමට පෙර තමන්ට අවශ්‍ය කිටයන් සංඛ්‍යාව ගැන අවබෝධයක් ලබා ලබා ගැනීම ඉතාම වැදගත්ය.ඊට හේතුව වන්නේ මෙම කෝෂ්ඨ ඉතා ඉහළ මිලකින් යුක්ත වන නිසාඒ සඳහා වන වියදම අවම කිරීය.

කෙසේ නමුත් මෙම කෝෂ්ඨ භාජනයකට දමා එයට ජලය 1L දමා ලුණු ග්‍රෑම් ග්‍රෑම් 30ක් පමණ දමා හොඳින් වාතය කළ යුතුය.ඉන් පසුව පැය 18-24 අතර කාලයක් තුළදී කිටයන් එළියට එති.මෙම එන කීටයන් සියල්ලම අතිශය ආලෝකයට සංවේදී සතුන් වන අතර ප්‍රබල ආලෝකයක් එල්ල කිරීමෙන් උන් සියල්ලම එක ස්ථානයකට රැස් කරගත හැකිය.එලෙස රැස්කරගත් කීටයින් මත්ස්‍ය ආහාරයක් සේ භාවිතා කිරීම ඉතා සුදුසුය.

05/12/2023

පාට පාට carf ලා ඕනිද....?
150 upwards.....
එන්න Lucky Aquarium එකට....
0706662666

New LUcky aquarium Logo...
02/12/2023

New LUcky aquarium Logo...

12/07/2016

Address

Main Street
Horana
12400

Telephone

+94717819820

Website

Alerts

Be the first to know and let us send you an email when LUCKY Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category