Nisha

Nisha Love quotes is the impress of this page

තවත් සිහින එනකං බලං ඉන්න බැරි හන්දා මල්මීයන්න නැගිට්ටා....ඇයි යන්නේ.....ඒ හඩට මල්මී ගැස්සුනා... එත් ඒ සිහින නෙමෙයි...ඔයා...
04/10/2025

තවත් සිහින එනකං බලං ඉන්න බැරි හන්දා මල්මී
යන්න නැගිට්ටා....

ඇයි යන්නේ.....

ඒ හඩට මල්මී ගැස්සුනා... එත් ඒ සිහින නෙමෙයි...

ඔයා....

මම අහස් සිහිනගේ හොදම යාලුවා...
සිහින මේක ඔයාට දෙන්න කිව්වා...

අහස් අරං ආවෙ ඒ ලියුම ඇත්තටම මොකක්ද...
මල්මී කල්පනා කලා...

සිහින එන්නෑ... කිව්වා මල්මී. ඔයා දැන් ඔක කියන්න එපා මෙතන..
සිහින කිව්වා ඔක ගෙදර ගිහිං කිය්වන්න කියලා...

අහස් යන්න හැරුනා...

අහස් මගේ සිහිනට

නෑ නෑ මල්මි එහෙම කිසි අවුලක් නෑ...
එත් ඔක කියෙව්වාම හැමදේම ඔයාට අවබෝද වෙයි...

අහස් එතනින් යනවාත් එක්කම මල්මී ලියුම කැඩුවා...

මං දන්නවා ඔයා ඔක පාර්ක් එකේදිම කඩනවා කියලා...
මල්මී ඔයාව හම්බෙලා කියන්න බැරි හුගාක් දේවල්
තියෙනවා
එත් දැන් පරිසමට ගෙදර. යන්න
ඔයාගේ කාමරේ ලොකු රෝස පොතක් ඇති...
ඒකේ ඇතුලේ තියෙනවා මේ ලියුම ලියන්නේ ඇයි කියලා විස්තර කරපු ඇත්තටම ලියුම...

මේ වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව්
මල්මි හිටියේ ඇස් වල කදුලු පුරෝගෙන
පුලුවන් තරං ඉක්මනට පාරට ඇවිත් three වීල් එකක නැගලා මල්මී ගෙදර ආවා...

වැස්ස නිසා තිබ්බ මූසල ගතිය... මේ අහඹු සිද්දිය නිසා තවත් වැඩි වුනා....

මගෙම මල්මිට ආදරෙන්...
අයෙත් කිසිම දාක අපි හම්බෙන්නෑ කියලා මුලින්ම ඔයාට කියන්න ඔනෝ...
ඔයාගේ ආදරේට හුගක් පිං...
ඒක මහ ලෝභ හිතෙන ආදරයක් මල්මී...
මං ඒක ලබන්න වාසනාවන්ත වුනා...

මේ කියන්නේ මොනාද කියලා නොතේරෙන මල්මී
ඇස්වල කදුලු පුරෝගෙන මේ ලියුම කියෙව්වා...
89 යේ අග නොවැම්බර් මාසෙක මේ සිද්දිය අදට අවුරුදු 30 කට කලිං සිද්දවුන නිසා කොල් එකක් මැසේජ් එකක් දාලාවත් විඩියෝ කෝල් එකක් අරං වත් ඇයි මැණික මෙහෙම කියලා අහන්න මල්මිට විදියක් නෑ...

සිහින ඔයා හම්බුන දවසේ මට මුලු ලෝකේම ලැබුනා
ඒත් ඒලොකේ ජීවත් වෙන්න ලැබෙන්නේ මාස කීයද කියලා මං දැනං හිටියේ නෑ...
මට ඒක දැන ගන්න ඔනෝ කලෙත් නෑ...
එත් මං දැනං හිටියේ නෑ මෙචචර ඉක්මනට ඒ හැමදේම වෙනස් වෙයි කියලා...

සිහින එතකොට හිටියේ කොළඹ කැම්පස් එක කිට්ටුව බෝඩිමක...
දන්න කීප දෙනෙක්ගේන් ඇහුවත් ඒ කිසිම කෙනක් සිහිනට මොකද වුනේ කියලා දැනං හිටියේ නෑ...
යම් රාජ්‍ය විරෝදී සංවිදානයක සාමාජිකයෙක් විදියට සිහින වැඩ කරන්න ඇති කියලා හුගාක් දෙනෙක් කිවා
ඒ දවස් වල රටේ තිබුන තත්වේ එක්ක තරුණයන් අතුරුදන් වෙන එක සාමන්‍ය දෙයක්...

මගේ හෙට දවස ගැන මං වත් දන්නේ නෑ...
වාසනාව මත හෙට ඉරක් පායයි කියලා හිතෙන ගානට මගේ ජිවිතේ ගැන මටවත් විස්වාසයක් නෑ...
මං කරන්න ඔනේ දේ මං විතරක්ම දැන ගන්න ඔනේ තරමට මේ හැමදේම පැටලිලා...
හුස්ම ගන්න එයලා මට ඉඩක් දුන්නොත් දවසක මං අයේම ඔයාව හම්බෙන්න එන්නං...
එත් ඒ දවසත් මගේ නම වගේම හීනයක්....

ඔයා මං ගැන මතකයක් විතරක් හිතේ තියා ගන්න...
මං එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා...
ඔය ලස්සන ආදරේ වෙන කාට හරි දෙන්න
ලස්සනට ජීවත්වෙන්න...
කොල්ලෙක් හම්බුනොත් ඔයා කැමති නං විතරක් එයාට විමුක්ති කියලා නම තියන්න.
මං නවතිනවා

ඔයාගේ නොවුන සිහින.

"පැනි වගේ ගේමක් "හීනී පොදයක් එක්ක රුසිත් කාර් එක ඔෆිස් එකෙන් ඩාලී පාරට දැම්මා...ගෙදර යන්න ඒ හැටි හදිස්සියක් නෑ මොකද යසාර...
03/10/2025

"
පැනි වගේ ගේමක් "

හීනී පොදයක් එක්ක රුසිත් කාර් එක ඔෆිස් එකෙන් ඩාලී පාරට දැම්මා...
ගෙදර යන්න ඒ හැටි හදිස්සියක් නෑ මොකද යසාරයි චූටී දුයි දැන් යසාරගේ මහගෙදර ඉන්නේ...
Weekend එකට ගාල්ලේ ගිහිං එයාලා බලනකං රුසිත්ට නිවනක් නෑ...
යසාරා තමයි රුසිත්ගේ දෙවනි කසාදේ...
එයා කලිං බැදලා හිටියේ හිමායා...
හිමයා නිසා රුසිත් හුගාක් මානසිකව වැටිලා හිටියේ...
මොකද එයා සෑහෙන්න රුසිත්ට වංචා කලා...
බෑන්ක් account එකේ තිබ්බ සල්ලී නැති වුනා වගේම තව සම්බන්දයක් තිබුන නිසා රුසිත් හුගාක් කලකිරිමෙන් හිටියේ...

Hello ඔයා කොහෙද දැන් off වුනාද?

හ්ම්ම්ම් දැන් town hall කෝ චූටී

එයාට අද වේලාසනින් නින්ද ගියා රුසිත්
මං නැතුව ඔයාට හරියට කෑමක් වත් නැතුව ඇති නේ...

හ්ම්ම් කමක් නෑ ඔය මොනා හරි හදාගන්න පුලුවන් නේ

මේ Drinks 🥃 එහෙම ගන්න එපා හරිද

හ්ම්ම්ම් එහෙම මූඩ් එකක් නෑ මම බලන් ඉනේ ඉක්මනට friday වෙනකං...
ගාලු එන්න...

මටත් ඔයා නැතුව හුගාක් පාලුයි අනික මං නරක හීනයක් දැක්කා

ඒ මොකක්ද... යසාරා

අර ගෑණී අයේත් ඔයාව රවට්ටගෙන..
ඔයාලා trip එකක් ගිහිං

(හිනා) ඔයා නං දකිනේම මාරම හීන (හිනා)
මොකද බබා ඔක නං realම හීනයක්ම තමයි...
කවදාවත් ඇත්තක් වෙන්නේ නැති හීනයක්...

ඒක මං දන්නවා... එත් මට බයයි අප්පච්චී...

යසරා මගේ මුලු ජීවිතේම විනාසේට ඇද්ලා දාපු ගෑණී එක්ක අයේ මං....

Breake....

අනේ රුසිත් කතා කරන්නකෝ රුසිත්.... රුසිත්

ෆෝන් එක කට් වුනා... යසාරා අයේ අයේ try කලත් ෆොන් එක වැඩ කලේ නෑ
දැන් යසාරට හුගාක් බයයි අනික හොදටම රෑ...
එයා ඉන්නේත් ගාල්ලේ...

දෙයියනේ මගේ රුසිත්ට මොකද වුනේ... අනේ එයාට කිසිම කරදරයක් නං වෙන්න එපා...

රෑ 2ට විතර රුසිත්ගෙන් මිස් කෝල් එකක් තියෙනවා එයා දැක්කා...
ඒ දකිනකොට පාන්දර 04.00 යි
ඒ වෙලාවෙම එය කෝල් බැක් කලා...
එත්...

හලෝ රුසිත් දෙයියනේ ඔයාට මොකද වුනේ
කරදරයක් නෑ නේ... කතා කරන්නකෝ අනේ මාව බය නොකර කතා කරන්නකෝ...

Hello ඉතිං කොහොමද ඩාංලි

ඔයා කොහොමද රුසිත්ගේ ෆෝන් එක ආන්සර් කරන්නේ...හිමායා

අනේ මට නං මේ මිනිහාගේ ෆෝන් ආන්සර් කරන්න ඔනේ නෑ...
රුසිත් ඇක්සිඩන්ට් වුනා තාම එයාගේ වොලට් එකේ
හදිස්සියකට කතා කරන්නනොනේ කෙනෙකාගේ නම්බර් එක විදියට තියෙන්නේ මගේ නම්බර් එක
Hospitel එකෙන් රුසිත්ගේ වයිෆ් කියලා මටයි කෝල් කලේ...
මොනා වුනත් මම දවසක් හරි ආදරේ කරපු මනුස්සයා
පස්සේ එක එකා වෙනස් කරාට මං තාම ආදරේ කරන මගේ පණ , So Darling මට අහක බලන්න බෑ නේ

හරී ඔයා හරි , Please මට කියන්නකෝ දැන් එයාට කොහොමද

එයා iCU පුලුවන් තරං ඉක්මනට ජෙනරල් හොස්පිටල් එකට එන්න...
බායි...

"සමහර තැන්වල අපි ඔනෙවට වඩා සැක කරන මිනිස්සු අපිට උදව් කරනවා.
මොකද මිනිස්සු හැමදාම එක විදියට ඉන්නෑ
මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙනවා..."

#නිශා

#නිශා

සර් මං අයේ ක්ලාස් එන්නෑ...ශෙනායා ඇයි මේ එකපාරටම...මං දන්නෑ සර් එත් මට බෑ....ඇයි මොකුත් finacialනෑ සර් එත් සර්...ඔයා හොදට...
03/10/2025

සර් මං අයේ ක්ලාස් එන්නෑ...

ශෙනායා ඇයි මේ එකපාරටම...

මං දන්නෑ සර් එත් මට බෑ....

ඇයි මොකුත් finacial

නෑ සර් එත් සර්...

ඔයා හොදට වැඩ කරන ලමයෙක් නේ...
එක පාරටම ඔහොම වුනාම කොහොමද?
තියෙන ප්‍රශ්නේ මට කියන්න දැන් බැරි නං ක්ලාස් ඉවර වුනාම කියන්න...

හරි සර් මං යන්නං...

ඇහි පියන් යට බරවෙලා තිබුන කදුලු කැට බිම වැටෙන්න කලිං ශෙනායා ඒක පිටි අල්ලෙන් පිහගත්තා...
යාලුවො කවුරුත්ම එන්නේ නැති මේ පංතියට එන්න ශෙනයාට හේතුවක් තිබුනා..

"ඒ උත්පල සර්...."
ශෙනයාට මුලින්ම කෙනෙක් ගැන ආකර්ෂණයක් හිතුනා නං ඒ සර් ගැන...
ශෙනයාගේ crush එක සර්...
සර් තාම කැම්පස් ශෙනයාට වඩා අවුරුදු 5-6 වයසින් වැඩි ඇති...

"සර් අහිංසකයි.එත් පංතියේදී කවුරුහරි පාඩමෙන් පිට වෙන වෙන මනෝ ලෝකවල යනවා නං සර්ට පුලුවන් කෑගහන්නේ බනින්නේ නැතුව එයාලව පංතිය මැද්දේ අසරණ නොකර පාඩමට ගන්න... ඒක මාරම ටැලන්ට් එකක්... සර් කාගෙවත් හිත රිදෙන්න කතා කරලා නෑ.
මේ group ක්ලාස් එකේ ලමයි හිටියෙත් 50 විතර
හැබැයි හැමෝටම කලිං පංතියට ඇවිත් ඉස්සරහම පේලියේ ඉදගන්නේ මම..
අනික හැමදාම සර් යනකං පංතියට වෙලා ඉන්නේත් මම...
ඉතිං සතියට එකසැරයක් තියේන සර්ගේ පංතියට එන්න මම ඒ සතියෙම ලෑස්තිවෙනවා...
ඇත්තමයි අලුත් ඇදුමක් ගත්තොත් ඒක මුලින්ම අදින්නෙත් සර්ගේ පංතියට..."

ශෙනායා ඇත්තටම ජීවත්වුනේ හීන ලෝකෙක...
ශෙනායාගේ හිනේ උත්පල....
එත් උත්පලට ශෙනයා තවත් එක ලමයෙක් විතරයි...

ශෙනයා හොදට අහගන්න
ඔයාගේ හිතේ තියෙන දේ කවදවත් වෙන්නෑ😡

සර්..........😳

මොකද ලමයෝ මේ....
කවුද ඔය සර්... ආහ් දැන් දවස් ගානක ඉදං මහ රෑට සර් කියාගෙන කෑගහලා නැගිටිනවා...

අම්මා මට ක්ලාස් යන්න බෑ....

ඇයි උඹට මොකුත්....

අනේ නෑ අම්මා... එත් මට උත්පල සර් ගැන

ඔව් ඉතිං

අම්මා මං උත්පල සර්ට කැමතී....

අනේ අනේ පෙනේද පෙනේද මේ කෙල්ලට
මගුල් විසේ
මේ ඒයි ඇහුනද....

අනේ අනේ තාත්තට කියන්න එපා අම්මා....

හ්ම්ම්ම් හරි මොනා වුනත් ඔයා හිතේ තිබ්බ දේ කිව්වානේ...
දුවේ උඹ හොදට ඉගෙනගනිං...
ඔය කාලේට එහෙම තමයි හිත එක තැනක නෑ...
උඹත් හරියටම මං වගේ... ඉක්මනින් රැවෙටෙන ජාතියේ...
හ්ම්ම්ම් යං තං 18 ලැබුනා විතරයි මාත් උඹලෑ තාත්තා එක්ක ආවේ...
හැබැයි ඉතිං එදා ඉදන් නිය පොත්තක අඩුවක් තිබ්බේනෑ...
මාව ඇහැක් වගේ බලා ගත්තා...
ඒ අතිං එයා දෙයියෙක්...

අම්මා....

ශෙනයා අම්මාව බදා ගත්තා... අම්මාගේ ඇස්වල කදුලු... ආදරේ රග අම්මා තරං වෙන කවුරුත් දන්නෑ නෑ... තාමත් අම්මයි තාත්තයි මාරම loving...
එක මාරම ආදරයක්...

කෙල්ලේ ඔය විකාර නවත්තලා මහන්සි වෙයං තව අවුරුද්දක් වත් නෑ නේ විභාගෙට...

ඊට පස්සේ සතියේ ශෙනයා පංති ගියේ මේක සර්ට කෙලින්ම කියන්න... එත් පංතියට ලං වෙද්දී ඒ හැගීම පස්සට ගියා... කවදාවත්නැතුව එද ශේනයා වාඩිවුනේ පිටිපස්සේම පේලියේ...

අද සර් දිහා මං දුර ඉදන් බලනවා ....
දුරට සර් තවත් Handsome...
සර්ව අයිතිවෙන කෙනා තමයි මේ ලොකේ වාසනාවන්තම කෙල්ල...

පංතිය Break එකකට නැවැත්තුවාම ලමයි සේරම වගේ තේ බොන්න ගියා...
ශෙනයා එයාගේ මුතු කැට අකුරින් සර්ට තමන්ගේ හිත අස්සේ තියෙන කියාගන්න බැරි ඒ කතාව අකුරු කලා...

ආදරණීය උත්පල සර්...🥰

සර් ගැන මට තියෙන්නේ ලොකු භක්තියක්... හැබැයි ඊට වඩා මං සර්ට ආදරෙයි...
මෙක මට කවදාවත් සර්ට කියන්න බෑ...
මොකද සර් ඉස්සරහ මං දූවිල්ලක්...
සර්ගේ ඇස් දැක්කාම මට මොනද වෙනවා...
අයේ මං සර්ගේ පංති එන්නෑ... එත් විභාගේ හොදට කරලා රිසල්ට් එක කියන්න අනිවර්‍ය්න්ම එනවා...
එකම එක සැරයක් සර් බලන්න...
මං
ශේනායා...😘

මේක තිබ්බේ උත්පලගේ නෝට් බුක් එක අස්සේ...
පොඩි break එකක් දීපු වෙලාවේ ශෙනායා මේක
සර්ගේ note book එක අස්සට දාලා යන්න ගිහිං...

ශෙනායා ඔයා අවංකයි මොකද ඔයාගේ අවංක හැගීම මට කිව්වා...
ඔයාට කවදාවත් වරදින්නෑ....

‍රෝස පාට කොලයක ලීව ඒ පුංචි ලියුම ලස්සන මතකයක් නිසා උත්පල එක ඒ පොත ඇතුලේම තියා ගත්තා...
මේක එයාට කෙල්ලෙක් දිපු මුල්ම Love letter එක..

ශෙනාය අයේ ක්ලාස් අවේ නෑ...
උත්පලට චූටි කෙල්ල නැති අඩුව සතියක් දෙකක් යනකං දැනුනා...
මොකද ශෙන්‍යාට තිබ්බේ ලස්සන කතා කරන ඇස් දෙකක්...
එත් පංති කීපයකම වැඩ නිසා උත්පලට ශේනායා කලෙත් එක්ක අමතක වුනා....
අවුරුදු ගනක් ගතවුනේ හරි ඉක්මනට ලමයි 50-60 හිටපු උත්පල ගුරුසිංහගේ ජීව විද්‍යාව පංතියට ලමයි 1000 ගානක් එන්න ගත්තා...
පත්තර ටිවී වල ඒ නම නිතර ඇහෙන්න ගත්තා....

සර්.... මාව අදුනනවද?

හ්ම්ම්ම් ඔය ඇස් නං හොදට හුරුයි...

මං සර්ගෙ ගෝලයෙක් ඉතිං සර් ඇයි මේ හොස්පිටල් එකේ... ලෙඩෙක් බලන්න ආවද?

නෑ දරුවෝ මං appointment එකක් ගත්තා...

කවුද සර් doctor

ඩොක්ටර් ශේන්‍යා...

සර් එන්න යං...

ජිවිතේ හරි පුදුමයි....
ඉස්සර සර්ව බලන්න ගියේමං...
අද සර් මං ගාවට ඇවිත්

අවුරුදුගානක් එක දිගට stage වල හිටගෙන නේ දරුවෝ...
එකයි මේකට හේතුව....

ලෙඩේට හේතුවත් සර්ම කියනවා....
ඉස්සර වගේමයි....

සර්ට මාව මතක ඇති... අර රෝස පාට කොලේක සර්ට කැමැති කියලා නුගවෙල ඉසුර පංතියේදී ලියපු කෙල්ල...
අර හැමදාම පංති ඇවිත් ඉස්සරම පේලියේ ඉදින් සර් දිහාම බලං ඉදලා exam ලං වෙලා සර්ට ආදරෙයි කියලා පැණලා ගිය කෙල්ල...
ඒ ශෙනායා තමයි සර් මං....

ඉස්සර වගේ අහිංසක විදියට හිනාවෙලා උත්පල සර්
ශේනායා දිහා මොහොතක් බලං හිටියා...🥰

#නිශා_Cloud

NOKIA සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට කියනව : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න." කියල.😂...
21/09/2025

NOKIA සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට කියනව : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න." කියල.😂

පෞද්ගලික ලේකම් නෝනා තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"😂

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."😂

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."😂

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."😂

සීයා (NOKIA සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"😂

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"😂

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"😂

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"😂

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"😂

සීයා (NOKIA සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."😂

1. NOKIA සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?

2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?

3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?

😂😂😂😂😂😂😂😂

ලි- Lite-1පියයුර මත ඇදපු සමනල් Tatoo එකට ගැලපෙන්න ලා නිල් පාටට එයා Contact Lens දාලා තිබුනා.‍රතට පාට දාලා පිම්බුන  තොල් ...
08/09/2025

ලි- Lite-1

පියයුර මත ඇදපු සමනල් Tatoo එකට ගැලපෙන්න ලා නිල් පාටට එයා Contact Lens දාලා තිබුනා.
‍රතට පාට දාලා පිම්බුන තොල් මෑත්කරලා මද සිනහවක් මට එව්වා....
හෙමින් වම් අත පොඩ්ඩක් උස්සලා මාව අදුන ගත්තා කියන sign එක එයා මට එව්වා...

මම හෙමින් එයා ලගට කිට්ටු වුනා...

මිනිස්සු මුලින්ම දකින විදිය First Impression තමයි හුගාක් වෙලාවට එයාව අපි ඇතුලට ගන්නවද නැද්ද කියලා තිරණය වෙන්නේ....

අප්සි මම එයාට දාපු නම
පලවෙනි විවාහය අසාර්ථක වුන Evoke එකක් පදින Middle Age දැන් ජීවිතේ විදින නිදහස්කාමිණියක්...

අපි හම්බුනේ මුලින්ම Insta වලින්...

අප්සිගේ Pics මං අම්බනෙකට වින්දා එයා මට ලයින් වුනේ මගේ කෑදර ආදර වදන් වලට...

ඉතිං අප්සි Date එකකට කැමැති වුනා...

මම ගාවින් ආවේ Most wanted සුවද,
මම හිතුවා ඒකට අප්සි කැමැති වෙයි කියලා....

ඔයා රනෝද්, ඈම් අයි රයිට්?

හ්ම්ම් ඔව් නයිස් ටූ මීට් යූ....ඔයා ගොඩක් වෙලා නෑනේ ඇවිත්.

ඔනේම දෙන්නෙන්ක් එකට හම්බෙන මුල්ම දවසේ ඔය මෝඩ ප්‍රශ්න දෙක ඇහෙනවා....

රනෝද්:ඩූ යූ ස්මෝක් ?
ඉදලා හිටලා අප්සි,
එහෙමද මෙන්න ස්විච් කරන්න
ඔයා දන්නවද රනෝද Coffe වලටයි මං ආසයි ....

"මං ආස කෝපි පාට කෙල්ලන්ට..."

ඇගේ අනග බැල්මට උස් හඩින් එලියට දාපු හිනාවට
බිම්බුන තෙල් විසාලවෙලා ලමැදේ උන්නු ටැටූ සමනලා සැහෙන්න වෙලාවක් ගැස්සුනා,
අප්සි උවමනාවෙන්ම තව මේසේට බරවුනා...

2 minutes නීතියෙන් දවසම වෙනස් කරන්නෙ මෙහෙමයි! මං අද කියලා දෙන්නෙ හරිම පොඩි දෙයක් නමුත් ඔබේ දවසම වෙනස් කරගන්ට පුලුවන් දෙය...
31/05/2025

2 minutes නීතියෙන් දවසම වෙනස් කරන්නෙ මෙහෙමයි!

මං අද කියලා දෙන්නෙ හරිම පොඩි දෙයක් නමුත් ඔබේ දවසම වෙනස් කරගන්ට පුලුවන් දෙයක් ගැන. ඔබ සමහර වෙලාවට මෙන්න මෙහෙම කියනවා. මම ඒක පස්සෙ කරන්නන්. හිතිනුත් ඔබ ඕන තරම් කියා ගන්නවා මං මේක පස්සෙ කරනවා කියලා. හැබැයි ඒ පස්සෙ කියන එක බොහෝ වෙලාවට ඔබට එන්නෙ නෑ. ඔබ පොඩි පොඩි වැඩ පස්සෙ කරන්නන් කියලා මගඇරියම ඒ වගේ ඒවා ගොඩක් එකතුවෙලා ගොඩගැහිලා කියලා තේරුණාම අන්න ඔබව stress වෙන්ට ගන්නවා.

හැබැයි ඔබ දන්නවද මේ වගේ වැඩ ගොඩගැහෙන එක විනාඩි 2 නීතියෙන් වෙනස් කරන්ට පුලුවන් බව. අපි බලමු කොහොමද කියලා. මේ නීතිය තමයි මොනවම හරි වැඩක් විනාඩි 2 ඇතුළත කරන්ට පුලුවන් කියලා ඔබ දන්නව නන් ඒක එවෙලෙම කරන්ට කියන එක. ඒක පොඩි ඊමේල් එකකට රිප්ලයි එකක් දාන එක, ඔබ නිදාගත්ත ඇද හදන එක, ඇඳුම් වොෂින් මැසින් එකට හේදෙන්ට දාන එක, නවන්ට තියන ඇඳුම් කීපයක් නවන එක, වගේ කුඩා කුඩා වැඩ වෙන්ට පුලුවන්. ඇත්තටම මේවා විනාඩි 2 කරන්ට පුලුවන් වැඩ. මේක පොඩි දෙයක් වගේ පෙනුනට it's powerful.

ඔබ මේ විනාඩි දෙකේ නීතියට හුරු උනොත් ඒක ඔබේ clutter වෙලා තියන ඔලුව නිදහස් කරනවා. වෙලාව ඉතුරු කරනවා, ඔබට යම් වැඩක් සම්පූර්ණ කළා වගේ හැඟීමක් දෙනවා. අපේ මොළය කැමතියි quick wins වලට. මේ වගේ කුඩා කුඩා වැඩ කීපයක් සම්පූර්ණ උනාම ඔබට පොඩි motivation එකක් දැනෙන්ට ගන්නවා දවසෙ ඉතිරි වැඩ ගැන. They shape your environment and the mind set.

ඊට පස්සෙ මේක පුරුද්දක් වෙනවා. දුවන්ට ඕන නන් සපත්තු දාගන්ට. පොතක් කියවන්ට ඕන කියලා හිතනව නන් පොත පෙරළන්ට. භාවනා කරන්ට ඕන නන් මුලින් විනාඩි 2 සන්සුන්ව ඉන්ට. මං කියන්නෙ විනාඩි 2 අරන් රෙඩි වෙන්ට කියලා. ඕම සතියක් කළාම ඔබ ඒ වැඩේ කරන්ට නිකන්ම motivate වෙනවා. මොකද ඕනම දේක අමාරුම කොටස තමා පටන් ගන්න කොටස. විනාඩි 2 නීතිය මේ අමාරු කොටස ඔබට පහසු කරල දෙනවා.

It is not about how much you do
It is about getting started. And once you done. You usually keep going!

මේක මතක තියාගන්ට. Consistency beets intensity. Always !

රොමානා 🌿
#නිශා

Episode 02"අහම්බෙන් අපි හම්බුන මුල්ම දවස"වැස්ස ......හීනි පොද වැස්ස.....  අපි දැන් කඩුගන්නාව කන්ද නගිනවා...මීදුම බාලා මා...
04/05/2025

Episode 02

"අහම්බෙන් අපි හම්බුන මුල්ම දවස"

වැස්ස ......
හීනි පොද වැස්ස.....
අපි දැන් කඩුගන්නාව කන්ද නගිනවා...
මීදුම බාලා මාර ගති....
මේ Feeling එක ඇත්තටම වෙන රටක ගානයි.

මං නුවරට මේ තරං ආස කලේ ඇයි කියන්න තියන එකම හේතුවයි ඒ දිනේෂ් කොළඹගේ ලියපු "සුළග වගේ ඇවිදින් " නවකතාව...
ඒක මං කියෙව්වෙ ඉස්කෝලේ හතේ පංතියේ,
එදා ඉදන් නුවර කියන්නේ මට පිස්සුවක්... අපේ මේ ගමනට හේතුව,
නුවර මහාමායාවේ Media Day එක...
අපේ ආනන්දේ Broadcasting unite එක හැම අවුරුද්දකම චාරිත්‍ර විදියට මහාමයාවේ Media day එකට යනවා....
නුවර යන්න තියෙන සික් එක නිසාම මමත් මේ නඩේට එකතු වුනා....
අපි A/C බස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩී වුනා මේ Isuzu ලොකු බස් එකක් අපේ අය 10 විතර මේ ගමනට සෙට් වුනා....
එන්න එන්න වැඩි වෙන බස් එකේ A/C එකේ සීතලට අවට පේන වැහි බිංදු වලින් තෙමුන නුවර මට නං වෙන ලෝකයක්...

අපි සෙට් එක නුවරට එද්දී වැස්ස පායලා,
උදේ 9.00 විතර ඇති good shed එක ලග නවත්තපු බස් එකෙන් බැහලා අපි මහාමායා එකට යන්න වීල් කිහිපයක් හොයා ගත්තා,

නුවර වැව රවුමට ඇතීන් පේන මාලිගාව, වැස්සට තෙමුන නුවර වෙනම ආර්ට් එකක් , වලාකුළු බැම්ම , ගල් බංකු වල කුඩ ඉහලං ඉන්න couple නුවරට තියෙන මගේ ආසාව මුවහත් කලා.
මගේ ආදරේ ගැන හිත ඇතුලේ මොකක්දෝ සංවේදනාවක් තිබ්බට ආදරේ විදලා නැති හිස්කම
ලොකුවටම තිබුනා.
එක නුවරින්වත් පිරෙයිද.... අනේ මන්දා,

වීල් ටික පේලියට ලොකු දිමියෝ සෙට් එකක් වගේ වැව රවුම දිගේ හෙමින් ඉස්සරහට යනවා.
මහාමායාව ඉස්සරහ බස් හෝල්ට් එක ලගින් අපි බැස්සා .
සාමාන්‍යයෙන් අපි මේ ගමනේදී කරන අභිචාර තියෙනවා . මේත් එහෙම එකක්,
අපි මහාමායාවට ඉස්සර තියෙන බස් හෝල්ට් එකේ ඉදන් ටයි එකයි සුදු කෝට් එකයි දාලා ගැම්මට අපිත් මහාමායාවට පය තිබ්බා,
ඒ දවස්වල මාධ්‍ය සදාචාරය ගැන ලොකු කථාවක් තිබ්බා, ඒක ගැන රටම කථා කලේ අත්සන් ලක්ෂයක් එකතු කරලා රටේ මාධ්‍ය සංස්කෘතිය නිවැරදි කල යුතු බවට පාසල් මාධ්‍ය සමාජ් බලපෑම් කණ්ඩායම්ක් විදියට ආණ්ඩුව නැත්නම් මාධ්‍ය භාර ඇමතිතුමාට සංදේශයක් බාර දීපු අපූරු කටයුත්ත මේ වැඩේ පටන්ගත්තේ මහාමායා මාධ්‍ය දිනයකදී ආනන්දේ අයියා කෙනෙක් කරපු කථාව .
නුවර ලස්සන ඇස්වල ඇලවුනේ තැන් තැන් වලින් මතුවෙන නුවර කෙල්ලෝ දැකලා....
දැන් කියන්න එපා කොළඹ කොල්ලෝ කැතැයි කියලා....
මේ වෙනකොට මේ මාධ්‍ය දිනයේ සියළු බර කරට අරං හිටියෙත් ආනන්දේ අපේම අයියා කෙනෙක් එකට හේතුව මහාමායා එකේම නංගී කෙනෙක්...
මේක ලියන වෙලාවේ නං ඒ ආදරය අතීත මතකයක් වෙලා සැහෙන්න කාලයක් ....
To be continue.....

Episode 01
මෙතනින් කියවන්න.
https://m.facebook.com/story.php?story_fbid=1324604135182071&id=100028974925492 #නිශා

🇦🇺විපක්ෂ නායක පීටර් ඩටන්ව, ඔහු 24 වසරක් ආරක්ෂා කළ ඩික්සන් අසුනෙන් පරාජයට පත්කළ දිරිය කත ලේබර් පක්ෂයේ අලි ෆ්‍රාන්ස්! 💪🦿 ආ...
04/05/2025

🇦🇺විපක්ෂ නායක පීටර් ඩටන්ව, ඔහු 24 වසරක් ආරක්ෂා කළ ඩික්සන් අසුනෙන් පරාජයට පත්කළ දිරිය කත

ලේබර් පක්ෂයේ අලි ෆ්‍රාන්ස්! 💪

🦿 ආබාධිත තත්ත්වයකට මුහුණ දුන්නත්, ජීවිත බාධක ජයගත් ශූරියක් වන අලි, මාධ්‍යවේදිනියක, ලෝක ශූර පැරා-ක්‍රීඩිකාවක හා ආබාධිත අය වෙනුවෙන් පෙනී සිටින උද්‍යෝගිමත් ගැහැනියක් තමා අලි

🌟 2018දී මේ අසුන සදහා ඇය මුලින්ම තරගවදිද්දී බොහෝ අය ඇයට කිව්වා, “ඩික්සන් ජයගන්න බැහැ, ඩටන් ජනප්‍රිය වැඩියි, ඔහු විශ්‍රාම යනකන්
මේ අසුන ජයගන්න බෑ කියලා!” 😔 ඒත් අලි එහෙම හිතුවේ නැහැ. “මම උත්සාහ කරනවා!” කියලා ඇය තුන්වැනි වරටත් ඩටන්ට එරෙහිව තරග කර, ඉතිහාසය වෙනස් කළා! 🏆

"මීට අවුරුදු 04කට කලි ලියවූවක්..... ඉතිරිය ලියන්න හිතුවා...කියවලා අදහස් දෙන්න.."Episode 01:කවුන්සිල් එක ලග කොළ පාට බෙන්ච...
04/11/2024

"මීට අවුරුදු 04කට කලි ලියවූවක්.....
ඉතිරිය ලියන්න හිතුවා...
කියවලා අදහස් දෙන්න.."

Episode 01:

කවුන්සිල් එක ලග කොළ පාට බෙන්ච් එක ලග මම නැවතුනා.
අපි ෆස්ට් ඉයර්ලා විදියට ලෑස්ති කරන පලවෙනි වැඩේ, සිල සමාදනේ....
ඒ වෙනකොටත් ඒක හරියට වෙන්නේ නෑ කියලා කුණු කතා සීයයක් විතර අහගෙනයි අපි හැමෝම හිටියේ....
මේ විකාර ඉවරයක් වෙන දවසක් කවදා එයිද?
මල විකාර .... එත් විකල්පයක් නැති තැන ඇණ වුනත් කන්න වෙනවා කියලා මම හිත හදාගන්න තීරණය කලා.

තාම කෙල්ලන්ගේ ඩෝම් වලින් සල්ලි එකතු වෙලා නෑ
වැඩේ බාර දීපු කෙල්ලට සනීප නෑලු.
ඉතිං ඒ වැඩේ වෙන එකියකට බාර දීලා
ඒකී එනකං මම බෙන්ච් එක ලග නතර වෙලා,පහලින් පේන කෙල්ලන්ගේ ඩෝමේ දිහා බලං හිටියා.

උදේට පිටි එකක් බීලා දවස පටන් ගත්තු අපිට කැම්පස් ඇවිත් මේ ගෙවෙන දවස් තුනට. හතරට පාන්දර නැගිටලා ඇල් වතුර එකක් ගහලා ගැහෙන හීතලේ කවුන්සිල් එකට පාන්දර බන අහන්න එන එක තිත්ත කසාය වගේ... ඒක මහ බෝරිං වැඩක්,

දාහක් දේවල් හිතේ එහෙට මෙහෙට පනින්නවා...
ඈතින් කන්ද නැගගෙන කෙල්ලෙක් ලාවට හිනාවක් මුණේ ගාගෙන මං ඉන්න තැනට එනවා...
එකී නුවර එකියක්...
මං දන්නේ එච්චරයි
සුදු හම කොළඹ රස්නෙට පිච්චිලා දැන් එකී රතු වෙලා... ඒ ටිකට මම එයා ගැන සෑහෙන්න හොයලා...
ටික ටික
දිග කොණ්ඩ කාරී මං ලගට කිට්ටු කලා...

මහන්සි ද? මම ඇහුවා

නෑ ගානක් නෑ අපිට කදු නැගලා පුරුදුයි...

ඔව්නේ උන් නුවරනේ සුද්දා නොහිටින්න උඹලා කන්දෙම තමා... කියන්න කට මැද්දත් මම හිතා මතා පාලනය වුනා ඒත් ඇයි මේ....

ඒතකොට මටත් නොදැනිම ඒ ඇස් දිහා බැලුනා
දුඹුරු පාට බෝල ඇස් එක්ක නුවර මාලිගාවේ බිත්තිවල ඉන්න නුවර මැණිකේ කෙනෙක්ම කෙහෙනන්දෝ මට මතක්වුනා....

මම කෝලී...
ඒ කට හඩ අමුතු හුරතලයක් ....
එකී කතාව පටන් ගත්තා..

අපේ ඩෝම් වලින් සිල් සමාදනේට එකතු කරපු සල්ලි ටික ඔයට දෙන්න කියලා හසී කිවවා.

එයා එක දිගට කියාගෙන ගියා....

හැමෝම දීලා නෑ... මං කොහෙමහරි අද හවස වෙනකොට ඒ ටික එකතු කරලා දෙන්නං

මම ඔළුව වැනුවා....

ඒ තත්පර කීපයට මගේ හිතේ ඇදුණු මගේ ඩීර්ම් ගර්ල් මොඩල් එක ඒකී බින්දා....

මම කිසිම වගකීමක් ඇගට ගන්නේ නැති සැහැල්ලුවට හැමදේම හිතන එකෙක් නිසා ජීවිතේ මාව වගකීමෙන් ඉස්සරට අරං යන්න පුළුවන් කෙල්ලෙක් ඔනේ නේද කියලා මගේ හිත මට අලුත් යෝජනවක් ගෙනාවා.

මම අයෙත් ඒ ඇස් දිහා බැලුවා....
හිත කියනවා අද හරි ලස්සන දවසක් ලු
මේ කෙල්ල වෙනස් ඒ වෙනස දිහා බලපංලු
පිස්සෙක්ගේ ජීවිතේට ඔනේ වගකීම කරට ගන්න කෙල්ලෙක්ලු මට මේ මොනාද වෙන්නේ....
හිතා ගන්න බැරුව මම එයා දිහාම බලාගෙන හිටියා.

ඔයා වීක් එන්ඩ් එකට නුවර යන්නේ නෑ...

මමවත් දන්නේ නෑ ඇයි ඒ වෙලේ මම එහෙම ඇහුවේ කියලා...

කෙල්ලගේ ඇස් දිලිසෙනවා... ඒ බෝල මූණ අහිංසකයි

ඒකී අහිංසකයි බං...... මගේ හිත උඹ නං

හිත මනමාලකම කරයි- සිතුවිලි සීතලෙන් ගැහෙයි

ඒ කපුගල කන්දේ රේඩියෝ එකක් නැතිවුනාට ඒ වෙලාවේ මගේ හිත සද්දෙට ඒ සින්දුව Ply කලා...

මං යන්නද.... එයා අහනවා මට හීනෙන් වගේ ඇහුණා...
තත්පර ගානකට සීල් වුන මම අයෙත් පියවි සිහියට ආවා.

හා. හා හවසට FND එක වෙලාවේදි ඉතුරු සල්ලි ටික එකතු කරලා දෙන්නං ...

හිනා වුනා ඇස් පිහාටු වේගෙන් ගැහුනා
එකී අත වනං පහලට යන්න ගියා....

තනි කරලට ගොතපපු කොණ්ඩේ රෝස මල් එක්ක හැඩවුන ඒ චීත්ත ගවුම... මාර හැඩයි
මෙච්චර කාලයක් හිත ලස්සනයි කියලා හිතපු small made කෙල්ලන්ට වඩා මේ කෙල්ල මාරයි නේද බං කියලා මගේ හිත මටම කියනවා...

ඇත්තමයි ඒකීට කෝලි නෙමෙයි රෝසි කියලායි කාඩ් එක දාන්න තිබුනේ... අපරාදේ මුන්ට එහෙම දෙයක් වත් හරියට කරගන්න බෑ...

මම මටම කියාගත්තා...

අයෙත් මගේ ඇස් එයා යන දිහා බලගෙනම හිටියා...
එයා ඇවිදින විදිය පවා මාව වෙනස් කරන්න පුළුවන් මහ අමුතු හැගීමක් වෙලා...
ජීවිතේ කවමදාවත් කෙල්ලෙක් ගැන මේ විදියට සිරියස් නොවෙන මම අද එය ඉස්සරහ ලොක්ඩවුන් වෙලාද? නෑ නෑ.... මම එහම නෑ...

කැන්ටිම ගාවින් කෙල්ලන්ගේ හොස්ටල් එකට බහින පඩිපෙල ලගදී එයාට නිකමට මම ඉන්න දිහා බැලෙන්න ඇති....

මම තාමත් බලං ඉන්නවා දැකලා එයා පේන නොපෙනන ගානට අත වනං පඩි පෙල බැහැලා කෙල්ලන්ගේ ඩෝමේට ගියා....

පිරිමි පාසලකට ඉස්කෝලේ ගියපු අපිට ජීවිතේ කවදාවත් කෙල්ලෙක් හිනා වෙලා අත වනලා නෑ...
මතක ඇති කාලෙක.. ඒකට හේතු කෝටියයි..
ස්කූල් බස් එකේ ,ක්ලාස්වලදී ,මහපාරේදී ,දකින හැම කෙල්ලෙක්ටම අව කැපෙන වචන කියලා...
බැලැක් ලිස්ටි වෙලා හිටපු මෙලෝ රහක් නැති අපි වගේ ඩයල් අවුට් එවුන්ට මේ වගේ ඉතා සුලු උත්තේජනයක් ඇති මාසයක් දෙකක් වුනත් මතක් කර කර මනෝ ගහන්න....

අනේ මන්දා ඒදා ඒ නුවර කෙල්ල.... අයේත් මගේ හිතේ හැංගිලා තිබුන නුවරට බැදි ප්‍රේමය අලුත් කලාද මන්දා....

මලක් වගේ එයාව බලාගන්න....එයාව Mention කරලා Share කරන්න.🥰
24/06/2024

මලක් වගේ එයාව බලාගන්න....
එයාව Mention කරලා Share කරන්න.🥰

සැම සිත් නිවේවා ආදරය දසත ඉතිරේවා!
21/06/2024

සැම සිත් නිවේවා ආදරය දසත ඉතිරේවා!

When i heard ,දිවි මැදුර පුරාදෙව් දුවක් වෙලා තුරුළුනිමාවක් නැති ජීවිතේකවුරුවත් දන්නෙ නෑසසරින් සසර සරාඔබ මට ලැබුණා කියා…....
21/06/2024

When i heard ,

දිවි මැදුර පුරා
දෙව් දුවක් වෙලා තුරුළු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුණා කියා…..

I felt it

Address

Sripalee Campus, University Of Colombo
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Nisha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category