Sripalee College - Horana

Sripalee College - Horana Welcome to Sripalee College - Horana Official page! Excited to have you here! Explore Sripalee College.

Join us for:
📅 School Events
📢 Important Updates
🤝 Community Connections

📸 Tag us in your school moments!

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පාසල් පිරියත පිරිසිදු කිරීම සදහා ශ්‍රමදානයක් ශ්‍රීපාලි විද්‍යාලයීය 6 - 13 ශ්‍රේණිවල ද...
18/06/2026

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පාසල් පිරියත පිරිසිදු කිරීම සදහා ශ්‍රමදානයක් ශ්‍රීපාලි විද්‍යාලයීය 6 - 13 ශ්‍රේණිවල දූ දරුවන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් විදුහල්පතිතුමිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් 2026.06.17 වන දින පැවැත්විිිණි. ඒ සදහා නන් අයුරින් සහභාගී වූ සියලු දෙනාට ම විද්‍යාලයාධිපතිතුමියගේ ප්‍රශංසාව මෙයින් පළ කරමු.

🏵️බස්නාහිර පළාත් වූෂු තරගාවලිය 202626-06-06 / 07 දෙදින තුළ කොළඹ විශාඛා විද්‍යාලයේ පැවැති බස්නාහිර පළාත් වූෂු තරගාවලියේ ද...
18/06/2026

🏵️බස්නාහිර පළාත් වූෂු තරගාවලිය 2026

26-06-06 / 07 දෙදින තුළ කොළඹ විශාඛා විද්‍යාලයේ පැවැති බස්නාහිර පළාත් වූෂු තරගාවලියේ දී 18න් පහළ බාලිකා (Barehand,Short weapon,Long weapon) දෙවන ස්ථානය දිනාගත් ශ්‍රීපාලි විද්‍යාලයේ ක්‍රීඩිකා සඳලි උත්තරා සේදර දිසානායක ශිෂ්‍යාව එම තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් අතර ඇයටත් එකී දක්ෂතා ඉස්මතු කර ගැනීම සඳහා සහය වූ වූෂු පුහුණුකරු රජීව් මධුමාධව මහත්මාටත් වූෂු ක්‍රීඩාභාර ආචාර්ය තනුජ ගමගේ මහත්මාටත් අනෝමා කුඹුකගේ මහත්මියටත් විද්‍යාලයාධිපතිනිය ප්‍රමුඛ සමස්ත ශ්‍රීපාලියන්ගේ උණුසුම් සුබ පැතුම්...

🏵️ආදරණීය ශ්‍රීපාලි ආදි සිසුවෙකුගේ පාසල් සත්කාරය...ශ්‍රී පාලි විද්‍යාලයේ  කීර්තිමත් ආදි ශිෂ්‍ය සංජීව හේවාසුන්දරගේ මැතිතුම...
14/06/2026

🏵️ආදරණීය ශ්‍රීපාලි ආදි සිසුවෙකුගේ පාසල් සත්කාරය...

ශ්‍රී පාලි විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සංජීව හේවාසුන්දරගේ මැතිතුමා සහ මැතිනියගේ රුපියල් මිලියන 2.5 පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විද්‍යාලයේ දූ දරුවන්ගේ
දෛනික පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරනු පිණිස සිදු කරන ලද සුවිශේෂී ජල ව්‍යාපෘතියක් 2026-06-11 බ්‍රහස්පතින්දා දින ශ්‍රීපාලි විද්‍යාලයේදී ආරම්භ විය. ආදි විද්‍යාර්ථියෙකු ලෙස තමා උගත් පාසලෙහි ආදරණීය සොයුරු සොයුරියන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන ලද මෙම පුණ්‍ය කටයුත්ත සමස්ත ශ්‍රීපාලියන් බැතිබරව සිහිපත් කරයි. මේ සඳහා සිය පෞද්ගලික ධනය වියදම් කරමින් කටයුතු කරන ලද සංජීව හේවාසුන්දරගේ දෙපළ ඇතුළු ඒ සඳහා සහය වූ සියලු දෙනාට විද්‍යාලයාධිපතිතුමිය ප්‍රමුඛ සමස්ත ශ්‍රීපාලියන්ගේ ස්තුති පූර්වක ප්‍රණාමය පුද කරමු.

🏵️ප්‍රතිෂ්ඨාචාර්ය විල්මට්  ඒබ්‍රහම් පෙරේරා  ශ්‍රීමතාණන්ගේ 121 වන ජන්ම  ගුණ සමරුව සිහිපත් කරමින් ආදි ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය...
12/06/2026

🏵️ප්‍රතිෂ්ඨාචාර්ය විල්මට් ඒබ්‍රහම් පෙරේරා ශ්‍රීමතාණන්ගේ 121 වන ජන්ම ගුණ සමරුව සිහිපත් කරමින් ආදි ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය නායක මණ්ඩලය ,සෞඛ්‍ය දාන සංගමය එක්ව සංවිධානය කරන ලද විශේෂ ලේ දන්දීමේ මහා පුණ්‍ය ක්‍රියාවක් 26-06-12 දින
ශ්‍රීපාලි විද්‍යාලයේදී පැවැත්විණි. ඒ සඳහා රුධිර දානයන් ලබාදුන් සියලු දානපතීන්ද, අනෙකුත් කටයුතු සංවිධානය කිරීමේදී සහය වූ සියලු දෙනාද ගෞරවයෙන් සිහිපත් කරන අතර ප්‍රතිෂ්ඨාචාර්යයන් වෙනුවෙන් කරන ලද මෙම රුධිර දානමය පින්කමෙහි අනුසස් ඔබද තුටින් අනුමෝදන් වනු ඇතැයි. සමස්ත ශ්‍රීපාලියන්ගේ පැතුමයි.


🏵️මහා ප්‍රඥා පාරමිතාවක මිහි බට නිමැවුම ශ්‍රීපාලි විද්‍යාලය නිර්මාණය කරමින් දැයේ දරුවන්ගේ නැණ නුවන්ඒකාලෝක කළ මානව ප්‍රේමය...
12/06/2026

🏵️මහා ප්‍රඥා පාරමිතාවක මිහි බට නිමැවුම ශ්‍රීපාලි විද්‍යාලය නිර්මාණය කරමින් දැයේ දරුවන්ගේ නැණ නුවන්
ඒකාලෝක කළ මානව ප්‍රේමයේ සුවිශේෂිත ම සලකුණක් බඳු මහාදානපති විල්මට් ඒබ්‍රහම් පෙරේරා ශ්‍රී මතාණන්ගේ 121 වන ජන්ම
සංවත්සරය කරමින් සිදුකළ විශේෂ උපාසනය 26-06-12 දින විද්‍යාලයීය අභිමානවත් ආදි ශිෂ්‍ය
නාවික හමුදාවේ commander සපුමල් කුමානායක මැතිතුමාගේ ගෞරවනීය සම්ප්‍රාප්තියෙන් විද්‍යාලයාධිපතිනී අනූෂා දමයන්ති මහත්මියගේ උපදෙස් මත ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ ආදරණීය ශ්‍රීපාලි දූ දරුවන් විසින්
මහත් අභිමානයෙන් සමරන ලද වගයි.


11/06/2026
11/06/2026

ලස්සන ශ්‍රීපාලී....

2026 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින හොරණ කලාපයේ  සිසු දරුවන් වෙනුවෙන්, කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන...
11/06/2026

2026 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින හොරණ කලාපයේ සිසු දරුවන් වෙනුවෙන්, කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන්, ශ්‍රීපාලි විද්‍යාලය සංවිධානය කළ, කලාපයේ භෞතික විද්‍යා ගුරු භවතුන් සහභාගි වූ භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩසටහ 2026 .06.11 දින ශ්‍රීපාලි විද්‍යාලයේ විද්‍යා අංශයේදී පැවැත්විණි.


2026 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින හොරණ කලාපයේ  සිසු දරුවන් වෙනුවෙන්, කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන...
08/06/2026

2026 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින හොරණ කලාපයේ සිසු දරුවන් වෙනුවෙන්, කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන්, ශ්‍රීපාලි විද්‍යාලය සංවිධානය කළ, කලාපයේ රසායන විද්‍යා ගුරු භවතුන් සහභාගි වූ රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩසටහ 2026 .06.08 දින ශ්‍රීපාලි විද්‍යාලයේ විද්‍යා අංශයේදී පැවැත්විණි.


Address

Sripalee College
Horana
12400

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94778311091

Alerts

Be the first to know and let us send you an email when Sripalee College - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share