ධනා official

ධනා official රිදුනු හිත් සනසන්නට,�

"මගේ දෙමව්පියන්ට ඕනි වුණේ මාව දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න.හැබැයි අවු : 14 දී මම බලපු Silver Dream Racer චිත...
04/05/2020

"මගේ දෙමව්පියන්ට ඕනි වුණේ මාව දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න.හැබැයි අවු : 14 දී මම බලපු Silver Dream Racer චිත්‍රපටය මගේ මුලු ජීවිතයම වෙනස් කරා.ඊටපස්සේ මට ඕනි වුණේ මෝටර් සයිකල් ධාවකයෙක් වෙන්න..

දවසක් මම පොඩි කාලේ ගෙදර කාර් එක පැදලා තාත්තාගෙන් හොඳටම ගුටි කෑවා.මම අඬ අඬ ඉන්නකොට අම්මා ඇවිත් කිව්වා 'කවදාහරි තමන් හම්බකරලා කාර් එකක් අරන් පදින්න.එතකොට කාගෙන්වත් ගුටි කන්නවත්,බැනුම් අහන්නවත් ඕනි නෑ' කියලා..

වයස අවු : 18 දී මගේ පළවෙනි ජාත්‍යන්තර තරගය කරා ඉන්දියාවේදි.ඒකටත් මම ගෙදරට හොරෙන් ගියේ.මගේ බයික් එක කෝච්චියේ දාගෙන කුරුනෑගලින් තලෙයිමන්නාරමට ගිහින් එතනින් Ferry බෝට්ටුවකින් තමයි ඉන්දියාවට ගියේ.ඒත් මැඩ්‍රාස් වල තිබ්බ පළවෙනි තරගය මට කරන්න දුන්නේ නෑ ලංකාවේ බලධාරීන් විසින්.ඊට සතියකට පස්සේ තිබ්බ තරගයට තමයි මට සහභාගි වෙන්න වුණේ.එතන කවුරුත් මාව ගනන් ගත්තේ නෑ.මොකද මම තමයි එතන හිටපු ලාබාලම කෙනා, ඒ වගේම එතන පරණම මෝටර් සයිකලය තිබ්බෙත් මට. ඒත් එතන හිටපු ජපන් ක්‍රීඩකයා මගෙත් එක්ක ගොඩක් හිතවත් වුණා.ඔහු ඒ වෙනකොට ශූරයෙක්.ඔහු මගෙන් අහුවා 'ඇයි ඔබ මේ පරණ බයික් එකකුත් අරගෙන මේ වගේ ජාත්‍යන්තර තරගයකට ආවේ' කියලා.මං කිව්වා : 'මට තව ගොඩක් කල් තියෙනවා ජීවිතේ.ඒ නිසා ප්‍රශ්නයක් නෑ..මම කවදහරි ලෝක ශූරයෙක් වෙනවා.ඒ වගේම මං ඔබවත් කවදහරි පරද්දනවා' කියලා.ඔහු හිනා වුණා..

ඊට පස්සේ මම මෝටර් රථ ධාවන තරගවලටත් සහභාගි වුණා.මම ලෝකේ කොහේ ගියත් රේස් එක පටන් ගන්න ආරම්භක රේඛාවේ ඉද්දී මං දකිනවා ශ්‍රී ලංකා කොඩියත් එක්ක ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා ඉන්නවා.ඔවුන්ට මට මුදල් වලින් අනුග්‍රහය දක්වන්න බෑ.ඒත් ඒ නිහතමානි ශ්‍රී ලාංකිකයන්ගේ අහිංසක සහයෝගය මට ගොඩක් වටිනවා..

සමහර දවසට පැය 20 ක් විතර වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් තමයි මම රේස් පදින්න ගියේ.මම ජපානයට ගියාම මට ඉන්න තැනක් තිබුණේ නෑ.වෑන් එකක තමයි මම ජීවත් වුණේ.අර ජපන් ක්‍රීඩකයව හම්බවෙන්න ගොඩක් උත්සහ කරත් බැරි වුණා..

අවුරුදු 14 කට පස්සේ ඒ ජපන් ක්‍රීඩකයා මට හම්බවුණා.එතකොට ජපානේ තිබ්බ ලොකුම තරගාවලිය වන Formula Nippon තරගාවලියට සහභාගී වීමෙන් ජපාන අගමැතිතුමා මට උපහාර දක්වලා තිබුණා. ජපන් ක්‍රීඩකයා මගෙන් ඇහුවා 'ඩිලන්ත., ඔබ මට හම්බවෙද්දි පොඩි කොල්ලෙක්. අද මටත් වඩා ඔබව ජපානේ මිනිස්සු දන්නවා, ගෞරව දක්වනවා..කොහොමද ඔබ මේක කරේ'? කියලා.ඇත්තටම අද වෙනකන් මම දන්නෙත් නෑ කොහොමද ඒක කරේ කියලා.මට හිතෙන විදිහට, ජපානේ ඉද්දි වෑන් එකක ජීවත් වුණත් කවදාවත් පාළුවක්, තනිකමක් දැනිලා නෑ..මොකද හැම තත්පරේම මම වැඩ කළේ මගේ හීනය වෙනුවෙන්.ඒකයි හේතුව..

හීනයක් නැතුව ඔබට ඒක ඉටු කරගන්න බෑ..ඒ නිසා හීන මවන්න,එහි ජීවත් වෙන්න"...
- Dilantha Malagamuwa -
උපුටා ගැනීමකි

ඒක වෙනම ආතල් එකක්Page එකටත් like එකක් දාන්න
01/05/2020

ඒක වෙනම ආතල් එකක්
Page එකටත් like එකක් දාන්න

21/04/2020

2019 / 04 21
ලංකාවේ කාටත් අමතක නොවෙන දවසක් වුණා,
අවුරුදු ගානක් වෙඩි හඬක්,බෝම්බ හඬක් නැතිව,
හරිම සතුටින් සාමයෙන් කාලය ගෙවෙද්දි.....,
තිස් වසරක් යුද්ධයෙන් බැටකාපු ජාතියක් කියලා,
අපේ මිනිස්සුන්ට අමතක වෙලා ගියා....,
මිනිස්සු සෑහෙන සතුටින් නිදහසේ ජීවත් උනා...,

ඒත් අප්‍රේල් 21,පාස්කු ඉරිදා....
එදත් මිනිස්සු යුද්ධයක්,බෝම්බ,ත්‍රස්තවාදය,
ගැන හීනෙකින්වත් නොහිතන්නට ඇති.
පවුලේ උදවිය,නෑයො එක්ක කිතුනු බැතිමත්තු
තමන්ගෙ ආගමික වතාවත් කරන්න,
තමන්ගෙ ආගමික ස්ථාන වලට යන්න ඇති....

නමුත් ,
එසේ යන විට,සිය ජීවිත එහි දමා ඒමට
සිදුවන බව ඔවුන් නොසිතන්නට ඇති

එසේම
රජයේ නිවාඩු දවසක පවුලෙ අය එක්ක,
ටිකක් සතුටු වෙන්න හෝටලේකට ගිය අය,
වෙනදා වගේම ඒ හෝටලේ රස්සාවට ගිය අය,
යන්නෙ මාරයෙගෙ කටට බව කිසි සේත්ම නොසිතන්නට ඇති

ඔව් ඇත්ත අපි කවුරුත්ම හිතුවෙ නෑ තමයි
අපි කවුරු කවුරුත් අමතක කලා තමයි අමිහිරි වසර 30ක්
ඒත් 2019 පාස්කු ඉරුදින ආයේමත් ඒ අමිහිරි මතක ආවර්ජනය කලා,
ආදරය සෙනෙහස සතුට කෑලි කඩලා පොට්ටනි වල දාපු
ඒ කුරිරු බෝම්බ ප්‍රහාරය,
එල්ල කල එවුන්
දැනගෙන නොවලක්වපු එවුන්
ඒ නැති උන ජීවිත වලට වගකිව යුතුයි,
ඒ අබාධ වලට වගකිව යුතුයි,
වගකීමෙන් ගැලවෙන්න කිසිවෙකුට නොහැකී.

කර්මය,ලෝකධර්මය විසින් යුක්තිය ඉටු කරාවී.
ප්‍රහාරයෙන් මියගිය සියලු ජනයාට නිවන් සුව ලැබේවා....
නැවත අකල් මරන නොවේවා......

2019 අප්‍රේල් 21 නොනිමෙන මතකය 😞

- ධනා -

13/04/2020
    #ධනා-official_හිත_හැදෙන_නිවෙන_එකම_තැන
05/04/2020




#ධනා-official_හිත_හැදෙන_නිවෙන_එකම_තැන

ධනා - oficial අලුත් විදිහකට
01/04/2020

ධනා - oficial අලුත් විදිහකට


දැනගෙන ජීවත් වෙයන් #ධනා-official
01/04/2020

දැනගෙන ජීවත් වෙයන්
#ධනා-official


Like us #-DHANA-official
28/03/2020

Like us
#-DHANA-official

බැඳීම් අතෑරපන්ජීවිතේ විඳපන්
28/03/2020

බැඳීම් අතෑරපන්
ජීවිතේ විඳපන්

මතකයන්.....😔
17/02/2020

මතකයන්.....😔

Address

Horana
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when ධනා official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to ධනා official:

Share