සැර idea

සැර idea Something to think about
(2)

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා... #වෙසක්
30/05/2026

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...

#වෙසක්

මානසික නිදහසට බාධාවක් වෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නමේ සමාජේ ජීවත් වෙන අපි හැමෝම අපිට සෙට් වෙන විදිහක Comfortable zone එකක...
28/05/2026

මානසික නිදහසට බාධාවක් වෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න

මේ සමාජේ ජීවත් වෙන අපි හැමෝම අපිට සෙට් වෙන විදිහක Comfortable zone එකක් හදාගෙන ඉන්නව..අන්න ඒ විදිහට ඔයා හදා ගත්ත ඔයාට සැප පහසු කළාපේ ඇතුලට නොගැලපෙන මිනිස්සු ලං කර ගන්නේ නැතුව ඉන්න ඔයාට හැකියාවක් තියෙන්න ඕනි

සරළවම කියනව නම් ඔයාගේ මානසික නිදහස අවුල් කරන ඔයාට සෙට් වෙන්නෙ නැති අය කවදාවත් ඔයාගේ ජීවිතේට ලං කර ගන්න එපා..

අද සමාජේ ජීවත් වෙනකොට ඔයාට එක එක විදිහේ මිනිස්සු ගොඩක් එක්ක ගණුදෙනු කරන්න හම්බවෙනව..ඒ හැමෝම කොයි මොහොතක හරි ඔයාගේ වැඩ වලදි ඔයාට උවමනා වෙනව. හැබැයි ඒ හම්බවෙන හැම මනුස්සයෙක්ම ඔයා ගණුදෙනු කරන හැම මනුස්සයෙක්ම කොයි වගේ ද කියල කියවගන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි..

අන්න ඒ හැකියාවත් ඔයාට එන්නෙත් සමාජ ආශ්‍රය නිසාම තමයි..ඒක මේ පොත් පත් කියවලවත් කාගෙන් හරි අහගෙන දැනගෙනවත් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි..අන්න ඒ නිසා හම්බවෙන ගනුදෙනු කරන හැමෝම එක්ක සුහදව ගණුදෙනු කරන්න, හැමෝම එක්ක හොදින් ගණුදෙනු කරන්න ට්‍රයි කරන්න හැබැයි මේ හම්බවෙන හැම කෙනෙක්ම සියුම්ව කියවගන්න..

ඔයා හදා ගත්ත Comfortable zone එකට ගැලපෙන්නෙ නෑ කියල දැනෙනව නම් එතනින් අයින් වෙන්නත් උපක්‍රමශීලී වෙන්න..

ඔයාගේ මානසික නිදහස අවුල් කරන කිසිම කෙනෙක් ගේ ජීවිතේකට අනවශ්‍ය විදිහට ලං වෙන්න යන එක වගේම එයාව ඔයාගේ ජීවිතේට ලං කර ගන්න එකත් ඔයා ඔයාගේ ජීවිතේට කර ගන්න ලොකු පාඩුවක්.

අන්න ඒ නිසා ඔයා හදා ගත්ත ඔයාට සැපහසු ජීවිතේ ඇතුලට වටිනාකමක් තියන කොල්ටි එකක් තියන මිනිස්සු ලං කර ගන්න හැම වෙලේම ට්‍රයි කරන්න...

✍️ Amila Nishantha

❤️❤️රත් පැහැ රුහිරය ස්වේත වර්ණිත කල ජීවයේ මැව්කාරිය අම්මා.....🥰🥰❤️❤️අද මව්වරුන්ගේ දිනය.... මීට අවුරුදු 33 කට කලින් මට මු...
10/05/2026

❤️❤️රත් පැහැ රුහිරය ස්වේත වර්ණිත කල ජීවයේ මැව්කාරිය අම්මා.....🥰🥰❤️❤️

අද මව්වරුන්ගේ දිනය.... මීට අවුරුදු 33 කට කලින් මට මුණ ගැහුණු තරුණ වයසේ අම්මා අද වියපත් වෙලා..අවුරුදු ගානක් ගෙවිලා ගිහින් ඇය වියපත් වෙලා..හම රැලි වැටිලා කොන්ඩේ සුදු වෙලා මතක ශක්තිය දුර්වල වෙලා වේගෙන් වැඩ කරපු ඇය අද මන්දගාමී වෙලා දුවලා පැනලා වැඩ කරපු ඇය අද එක තැනකට සීමා වෙලා....❤️💯

අම්මත් එක්ක මාත් වියපත් වෙලා. අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ලා මට ජීවිතේ මුලින්ම මුණ ගැහුණු මනුෂ්‍ය පරානේ ඇය. මව් කුසින් එළියට ආපු දවසේ මම මුලින්ම දැකපු රූපේ ඇය...❤️❤️💥💯

කකුල් දෙකෙන් හයියට මේ මහ පොලොවේ හිට ගත්ත පළවෙනි දවසේ ඉදන් අද වෙනකන් මගේ හයියට අවුරුදු 33ක් තිස්සෙම මගේ ළඟින් හිටියේ ඇය..👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦

කාලය කොයි තරං වේගෙන් ගෙවිලා ගිහින්ද? අපි කොයි තරං ඉක්මනට වියපත් වෙලාද? මේ ලෝකේ කොයි තරං වෙනස් වෙලාද? හැබැයි අම්මගේ ආදරේ තවමත් එහෙමමයි නේද? ටිකක් ආපස්සට කල්පනා කරනකොට හිතුනේ මේක..👩‍👩‍👦💯💥

ඇය කොයි තරං වියපත් උනත් අදටත් ඇගේ ආදරේ වියපත් වෙලා නැති එක, එක විදිහක පුදුමයක්..කිරි කැටියා කාලේ ඉදන්මේ, මහ පොළොවේ පය ගහලා ඇවිදින කාලේ ඉදන් පරිස්සමට රැකපු ඇගේ ආදරේ අදටත් එහෙමම ඉතුරු වෙලා තියන එක මේ ලෝකේ තියෙන වටිනම දේ නේද?💯👩‍👩‍👦👩‍👩‍👦👩‍👩‍👦

අම්මාවරුන්ට අද දිනේ වෙන් උනත්, අම්මලා ගැන කවි ගී කතා ලිය උනත් අම්ම කෙනෙක්ට අද දවස විතරක් උරුම කරන එක, එකස් විදිහක සාහසික වැඩක්..❤️❤️💥

මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට දවසක් ඕනි නෑ ඇයට මේ ජීවිත කාලේ හැම දවසකම අයිතිය තියනව...❤️💥👩‍👩‍👦

ඒ නිසා මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ටම අද වගේම හැම දවසක්ම සුබ දවසක් වෙන්නම ඕනි කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව..❤️❤️❤️❤️

✍️ Amila Nishantha

ඔයාගේ ආදරෙත් බස් එකේ ඉතුරු රුපියල වගේ ද? 🤔🥰ඒ කියන්නේ කවදාවත් දෙන්නෙ නැද්ද? නැත්නම් අරගෙන වැඩක් නැති නිසා ඉල්ලන්නෙ නැද්ද?...
03/05/2026

ඔයාගේ ආදරෙත් බස් එකේ ඉතුරු රුපියල වගේ ද? 🤔🥰

ඒ කියන්නේ කවදාවත් දෙන්නෙ නැද්ද? නැත්නම් අරගෙන වැඩක් නැති නිසා ඉල්ලන්නෙ නැද්ද? කිසි වටිනාකමක් නැද්ද?🥰

මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නව හිතේ මහ ගොඩක් ආදරේ තියාගෙන ඒක කියා ගන්න බැරුව තමන්ගේ ජීවිතේ හොදම කාලේ තනියම ජීවත් වෙන..
ඇත්තටම ඒ මිනිස්සු ආදරණීය මිනිස්සු උනත් ඇයි මේ තමන්ට දැනෙන ආදරේ කියා ගන්න බැරි වෙන්නේ..

සමහරවිට හිත ඇතුලෙන් මහ ගොඩක් ආදරේ කලත් එයාලා ආදරේ කරන මිනිස්සු වෙන තැනක නතර වෙලා ඉන්න නිසා වෙන්න පුළුවන්
කොයි තරං ආදරේ හිතේ පුරවගෙන හිටියත් ඒ ආදරේ වටිනාකම ගැන හිත ඇතුලෙන් සැකයක් තියන නිසා වෙන්නත් පුළුවන්..

එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේප වෙන්න තියන බය නිසා වෙන්නත් පුලුවන්..
එකී නොකී මෙකී හේතු ගොඩක් තියෙන්නෙ පුලුවන්..🤔🤔

මෙන්න මේ වගේ හේතු ගොඩක් නිසා දැනෙන ආදරේ හිත ඇතුලේ හිරකරගෙන ඉන්න ආදරණීය මිනිස්සු මේ ලෝකේ කොයි තරං ඉන්න පුළුවන්ද?🧐🧐

සමහරවිට ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුලුවන්..ඉතිං ළමයෝ හැඟෙන ආදරේ දැනෙන විදිහට කියන්න පරක්කු වෙන්න එපා..නැත්නම් ජීවිතේ හොදම කාලේ හුදකලා වෙන්න තියන ඉඩ වැඩියි 🥲🥰

✍️ Amila Nishantha

හැමෝටම හොද කෙනෙක් වෙන්න ට්‍රයි එපා...🥰ඔයා හැමෝටම ආස හිතෙන හැමෝම කැමති වෙන කෙනෙක් වෙන්න ට්‍රයි කරන්න එපා ඒක තේරුමක් නැති ...
12/04/2026

හැමෝටම හොද කෙනෙක් වෙන්න ට්‍රයි එපා...🥰

ඔයා හැමෝටම ආස හිතෙන හැමෝම කැමති වෙන කෙනෙක් වෙන්න ට්‍රයි කරන්න එපා ඒක තේරුමක් නැති වැඩක්..🥰🥰

ඔයා ඔයාට ප්‍රිය කෙනෙක් වෙන්න හැම වෙලේම ට්‍රයි කරන්න..🫵

මේ ලෝකේ අපි කොහොම හිටියත් කොයි විදිහට හැසිරුණත් අපේ ඒ විදිහ දිරවන්නේ නැති එක්කෙනෙක් හරි අනිවාර්‍යෙන් ඉන්නව.

අපි කොයි තරං හොද කලත් පුංචිම පුංචි අඩුවක් හරි හොයා ගන්න අපේ අඩුපාඩුවක් කියන එක්කෙනෙක් හරි ඉන්නව. අන්න ඒ නිසයි ඔයා හැමෝටම හොද කෙනෙක් වෙන්න යන එක අපරාදයක් වෙන්නේ..

ඔයා ඔයාට ප්‍රිය වෙන කෙනෙක් වෙන්න හැම වෙලේම ට්‍රයි කරන්න.ඔයා ආස දේවල් කරන්න ඔයාව සතුටෙන් තියන්න පුළුවන් දේවල් කරන්න. සරළවම කියනව නම් ඔයාගේ මානසික නිදහසට බාදා වෙන කිසි දෙයක් ඔයා කරන්න යන්න එපා..😶😶

හැමෝටම හොද කෙනෙක් වෙන්න ඕනි නිසා හැමෝටම ඕනි විදිහට ජීවත් වෙන්න ගිහින් ඔයාට ඔයාව නැති කර ගන්න එපා...🤛🤛

Amila Nishantha

පිරිමි ඇත්තටම හයියද? සාමාන්‍ය සමාජේ පිරිමියා කිව්වහම හැඳිලා තියන ප්‍රතිරූපෙ කාන්තාවට ශාපේක්ෂව වෙනස්..පිරිමියා කියන වචනෙ ...
08/03/2026

පිරිමි ඇත්තටම හයියද?
සාමාන්‍ය සමාජේ පිරිමියා කිව්වහම හැඳිලා තියන ප්‍රතිරූපෙ කාන්තාවට ශාපේක්ෂව වෙනස්..පිරිමියා කියන වචනෙ ඇහෙනකොටම ඒකේ තියනව නෙ හයියක් , ගැම්මක්... ගැහැණිය කියන්නෙ සියුම් ලඳ බොළඳ අහිංසක චරිතයක් සාහිත්‍ය, ඉතිහාසය වගේම ඒක මේ සමාජේ ඇතුලේ කාලෙක හැඳුන එකක්..

මොකක් හරි බියගුළු වැඩක්, පසුබහින වැඩක් කලහම අපෝ පිරිමියෙක් නේද, කොල්ලෙක් නේද කියන වචන ඕනි තරං ඇහෙනව නේ ඒකෙන් ව්‍යංගාර්ථව කියනේ ගෑණු වගේ වෙන්න එපා ටිකක් හයියට හිඋටහං කියන එක නේ...

ඇත්තටම පිරිමි එහෙමද? මට නම් හිතෙන්නේ ඒමමත් නෑ කියලා..ඉපදුන දවසෙ ඉදන් හැම පිරිමියෙක් පිටිපස්සෙම හයියට ඉන්නේ ගෑහැණියෙක්...

අම්මගෙන් පස්සේ පෙම්වතියක් පෙම්වතියගෙන් පස්සේ බිරිඳක් ඊටත් පස්සේ දියණියක් සහ මිතුරියන් ඉන්න පුළුවන්... හැම පිරිමියටම නැති උනත් ගොඩක් පිරිමින්ගේ පිටිපස්සේ මේ වගේ විවිධ ගැහැණු චරිත කාලෙන් කාලෙට එකතු වෙලා තියනව..

පිරිමියෙක්ගේ ජීවිත කාලෙම මේ කියන පිරිස පස්සෙන් ඉන්නව, පස්සෙන් කිව්වට සමහර ගැහැණු පිරිමින්ට වඩා ඉස්සරහින් ඉන්නේ..

ගැහැණු නැතුව වැඩ අවුල් කර ගන්න පිරිමින්ට තමන්ගේ ජීවිත කාලේ ගෙවලා දාන්න හැමදාම පස්සෙන් ගැහැණියක් ඉන්න ඕනි..මම පෞද්ගලිකව දන්න අදුනන මිත්‍රයින් ඉන්නව තමන්ගේ එදිනෙදා වැඩ ටිකවත් පිළිවෙලට කර ගන්න බෑ ගැහැණියෙක්ගේ උදව්ව නැතුව, ඒ වගේ පිරිමි කොයි තරං ඉන්නවද? පොඩ්ඩක් හිතලා බැලුවොත් අපි වටේ ඉන්න කී දෙනෙක් නම් එහෙම ඉන්නවද?

පුංචි කාලේ අම්ම උයලා දෙන බත් වේල නැති උනහම බඩගින්නෙ ඉන්න වෙන, ඉස්කෝලේ යන කාලේ පොත් ටික පිළිවෙලට අහුරලා බෑග් එකට දාලා උදේම නැගිටලා බත් උයලා පිළිවෙලට දවස ප්ලෑන් කරලා දෙන එක මිස් උනහම වෙන අවුල ගොඩක් පිරිමින්ට මතක ඇති ..

තරුණ කාලේ පෙම්වතියගේ තරවටු අවවාද උපදෙස් අහන පෙම්වතුන් නම් කොච්චරක්ද? රස්සවට යන්න ඇදුම අයන් කරලා දෙන සපත්තු පොලිෂ් කරලා දෙන සහෝදරියෝ ඉන්න ගෙවල් කොයි තරං තියනවද? මේ දේවල් කර ගන්න දවසක් හරි මග ඇරුනොත් උදේ පාන්දර සෙට් වෙන ආතල් එක කොහොමද? අත්දැකීමෙන් දන්න පිරිමි කොයි තරං ඉන්නවද?

විවාහයෙන් පස්සේ බිරිඳක් හැසිරෙන්නේ කොහොමද? බිරිඳ ස්වාමියාගේ හැම තීරණයක් පිටිපස්සෙන්ම ඉන්න නිසා ගොඩක් වැඩ පිළිවෙලකට උනා කියලා හිතිලා නද්ද? ජීවිතේ සැදෑ සමයෙදි පුතාලා කොයි තරං හිටියත් ආවසානෙට හයියක් උනේ දුව කියලා කියපු කොයි තරං පිරිසක් ඉන්නවද?

පිරිමි හයියයි තමයි ඒත් සමහර ගහැණු හයියට නොහිටින්න පිරිමින්ට ඒ හයිය දරාගෙන වැඩිකල් බැරි වෙනව..

අන්න ඒකයි කියන්නේ සාර් ථක පිරිමි පිටිපස්සේ ගැහැණු ඉන්නව කිව්වට, සමහර කතා ඇතුලේ ගැහැණු ඉන්නේ පිරිමින්ට ගොඩ ඉස්සරහින්...

International Women's Day

✍️ Amila Nishantha

උඩ යන්න හදිස්සි වෙන්න එපා...බිමට වැටෙනෙ වේගේ ගොඩක් වැඩි වෙන්න පුළුවන්.....පූජාසනයේ - ඔබ හිදුවාඔබට පුදන මේ - ලෝකයමයි ...
03/03/2026

උඩ යන්න හදිස්සි වෙන්න එපා...බිමට වැටෙනෙ වේගේ ගොඩක් වැඩි වෙන්න පුළුවන්.....

පූජාසනයේ - ඔබ හිදුවා
ඔබට පුදන මේ - ලෝකයමයි හෙට
ඔබට ඒරෙහි වී නැගිටින්නේ..

මේ වචන ටික ලියවුනේ මීට දශක ගානකට කලින්..හැබැයි අදටත් හෙටටට්ත් එදා වගේම වලංගු වෙන සර්වකාලීන සත්‍යක් තමයි මේ කියලා තියෙන්නේ..

කතාව කොයි තරං නම් ඇත්තද? වචන ටික ලියලා තියෙන්නෙ සුනිල් ආරියරත්න මහාචාර් ය තුමා ඒ අමරණීය හඬ නන්දා මාලිනියගේ..

ජයග්‍රහණ, ප්‍රශංසා, අගයකිරීම් වලින් අභිමානයක් ඇති කර ගන්න හදිස්සි වෙන්න එපා

අද ඔයාව අගය කරන ගොඩක් අය හෙට වෙනකොට ඔයාට නින්දා කරන්න දෙපාරක් හිතන්නේ නෑ..ඒකට ඔයාගෙන් වෙන්න ඕනි පොඩිම පොඩි වැරැද්දක් විතරයි..

අද ඔයාව ඉහළින් අගය කරන කෙනෙක් ඔයා අතින් වෙන පොඩි අතපසුවීමක් හින්ඳා හෙට ඔයාව පහළට ඇදලා දාන්න පුළුවන්..සරළව කියනව නම් ඔයාව උස්සලා තියන අය ඔයාගෙන් වෙන පොඩි අතපසුවීමකින් ඔයාව හෙට බිමට ඇඳලා දාන්න පුළුවන්....

අද ඔයා වටේට එකතු වෙන ඔයා එක්ක දුක සැප බෙදා ගන්න විනෝද වෙන පිරිස ගොඩක් වැඩියි..හෙට ඔයා දරන තනතුර නැති උනොත්, ඔයාගේ ආර් ථිකේ කඩා වැටුණොත් ඔයා එක්ක අද ඉන්න කී දෙනෙක් ඉතුරු වෙයි ද?

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් ඒය වරදක් වේ..........

ඒ තමයි ලෝකේ හැටි ඒ අපි ජීවත් වෙන සමාජේ හැටි..අපිට ලැබෙන නින්දා ප්‍රශංසා ගැරහීම් අගයකිරීම් වගේ හොද නරක හැම දෙයක් ගැනම මධ්‍යස්ථව බලන්න අපිට පුළුවන් වෙන්න ඕනි..අන්න එහෙම බලන්න පුලුවන් වෙන දවසට අපි දිණුම්....

✍️ Amila Nishantha

❣️ කඳුළු ඇස් අස්සේ හංගලා හිත් ඇතුලෙන් අඩපු  තාත්තලා... ❣️තාත්තලා කියන්නෙ එහෙම මිනිස්සු තමයි..මහා හයිය රූස්ස ගස් වගේ උන ත...
25/02/2026

❣️ කඳුළු ඇස් අස්සේ හංගලා හිත් ඇතුලෙන් අඩපු තාත්තලා... ❣️

තාත්තලා කියන්නෙ එහෙම මිනිස්සු තමයි..මහා හයිය රූස්ස ගස් වගේ උන තාත්තලා පුංචි පැල වගේ උන තමන්ගේ දරුවන්ව හැමදාම රකිනව මහ ගස් වෙලා අරටුව හයිය වෙනකන් පණ වගේ රකිනව....🥰❤️

සුළි සුළං කුනාටු බාඳක වලට ලේසියෙන් කඩා වැටුනේ නැති තමන්ගේ දරුවෝ රකින මහා රූස්ස ගස් තමයි තාත්තලා..🥰🙂

හිතට දැනුනු දුක් කන්දරාව ඇස් වලින් පිට කලේ නැති තාත්තලා හිත් ඇතුලෙන් අඬපු වාර කොයි තරං ඇත්ද?....💓💞

ලෝකෙට පේන්න අඬපු නැති තාත්තලා හිත් ඇතුලෙන් කඬුළු හෙළුවේ තමන්ගේ දරුවන්ගේ ජීවිත ඒ කදුළු වලට හේදිලා යයි කියන බයට වෙන්න ඇති නේද?... ❤️❤️❤️

මේ ලෝකේ පවතින්නේ හිරු එළියෙන්, අම්මගේ කිරි වලින් වගේම තාත්තලගේ හයියෙන් කියලා අළුත් වචනයක් එකතු කලොත් ඒක කොයි තරං නම් ලස්සනද...♨️♨️

අප්පච්චි කියන්නේ වචනයක්...... නෑ ඒක කතාවක් මේ මහ පොළොවේ හයිය කශේරුකාවක් එක්ක කෙලින් හිටගෙන ඉන්න දහස් ගානක් දරුවෝ පිටිපස්සේ තියන කියවන්න ආස හිතෙන කතාවක්....🥰🥰

✍️ Amila Nishantha

⭕️නඩත්තු කරන්න අමාරු ප්‍රතිරූප හදා ගන්න එපා...♨️ඔයා සමාජෙට පෙන්නන ප්‍රතිරූපේ කොයි වගේ එකක්ද? ඒක නඩත්තු කරන්න ටිකක් අමරු ...
18/01/2026

⭕️නඩත්තු කරන්න අමාරු ප්‍රතිරූප හදා ගන්න එපා...

♨️ඔයා සමාජෙට පෙන්නන ප්‍රතිරූපේ කොයි වගේ එකක්ද? ඒක නඩත්තු කරන්න ටිකක් අමරු මිල අධික එකක්ද?

♨️තමන්ට නඩත්තු කරන්න අමාරු ප්‍රතිරූප හදා ගන්න එක අපි කර ගන්න ලොකු වැරැද්දක්...ඔයාගේ ඇත්ත ප්‍රතිරූපේ කොයි විදිහ උනත් ඔයා ඒ විදිහට ඉන්න ට්‍රයි කරන්න..

♨️නඩත්තු කරන්න අමාරු ප්‍රතිරූප හදාගෙන මුළු ජීවිත කාලයක්ම ප්‍රතිරූප නඩත්තු කරන්න ඔයා කැප කරන කාලේ කොයි තරම් අපරාදයක් ද?

♨️කාලය කියන්නේ කොයි තරම් වටින දෙයක් ද? අමාරු ප්‍රතිරූපයක් නඩත්තු කරන්න ජීවිත කාලයක්ම මහන්සි වෙන එක අපේ ජීවිත කාලෙට අපි කරන ලොකු අසාධාරනයක් නේද?

♨️බාහිර සමාජෙට පේන්න ලොකු ප්‍රතිරූප හදා ගන්න ගොඩක් අය පුංචි පුංචි ප්‍රශ්න වලින් කොයි තරං දරුණුවට ඇදගෙන වැටෙනවද? ඔයා කොයි තරං පුංචි මනුස්සයෙක් උනත් ඔයා ලේසියෙන් වැටෙන්නෙ නැති මනුස්සයෙක් වෙනව නම් ඒක කොයි තරං නම් වටිනවද?

♨️ලේසියෙන් වට්ටන්න බැරි ආත්ම විශ්වාසයක් ඔයාගේ ඇතුලේ හදා ගන්න අන්න ඒක නඩත්තු කරන්න අමාරු ප්‍රතිරූප හදාගෙන ඒ වෙනුවෙන් ජීවිත කාලයක්ම මහන්සි වෙනවට වඩා ගොඩක් වටිනව..

✍️ Amila Nishantha

පහළ තියෙන්නේ සංඛ දිනෙත්ටයි වික්ටර් රත්නායකටයි Dilshan Pathiratne ලියපු සිංදුවක එක ලයින් එකක්..ඩිල්ෂාන් කියනව වගේම සිංදුව...
14/01/2026

පහළ තියෙන්නේ සංඛ දිනෙත්ටයි වික්ටර් රත්නායකටයි Dilshan Pathiratne ලියපු සිංදුවක එක ලයින් එකක්..

ඩිල්ෂාන් කියනව වගේම සිංදුවක් හිට් වෙන්න එක ලයින් එකක් ඇති...හරියටම හරි මේ තියෙන්නේ ඒ ලයින් එක..මීට අවුරුදු හතකට කලින් විතර රිලීස් උන සිංදුවේ මේ වචන ටික අදටත් ගැලපෙනව..අදට විතරක් නෙවෙයි මානව සංහතියේ පැවැත්ම මේ ලෝකේ තියනකන්ම හැම මනුස්සයෙකුටම වගේ අඩු වැඩි විදිහට ගැලපෙනව.

මුලු සිංදුවෙම වචන රහට ගලපන වැඩේ ඩිල්ශාන් හරි ලස්සනට කරලා තිබුනත් සිංදුවේ අනිත් වචන වලට තරඟයක්වත් දෙන්න බැරි තරමට මේ ලයින් එක හිතට වදින්නේ කොහොමද? සමහරවිට ඒ අපේ අත්දැකීම් එක්ක වෙන්න පුළුවන්..

කලා කෘ තියක් අවසන් කලාට පස්සේ ඒ නිර්මාණයේ අයිතිය නිර්මාණකරුවගෙන් අයින් වෙලා ඒක රසිකයින්ට ලැබෙනව කියන එක තමයි ජනප්‍රිය කතාව..ඩිල්ශාන් මේක ලියන්න ඇත්තේ තමන්ගේ අත්දැකීම් එක්ක වෙන්නත් පුළුවන්..හැබැයි දැන් මේක රිලීස් වෙලා අවුරුදු හතකට පස්සෙත් මේ වචන පේලිය රසිකයින්ගේ වෙලා ඉවරයි.. තම තමන් විදපු විදවපු අත්දැකීම් එක්ක ගලපගන්නවා..මගේ වගේම මේක තවමත් රහ කරලා අහන හැමෝම තම තමන්ගේ අත්දැකීම් එක්ක මේ ලයින් එකට බැදෙනව..

සිංදු ගොඩක වචන ගොඩක් එකට එකතු කරපු ඩිල්ශාන් හැම සිංදුවකම මේ වගේ රහ ලයින් එකක් එකතු කරනව "නුඹයි හදවත සියුම් තැන් වල පිහි තුඩින් ආදරේ ලිව්වේ" මේ වචන පේලියත් ඩිල්ශාන්ට කොහෙන් කොහොම ආවද කියන්න නම් හරියටම දන්නේ නෑ..හැබැයි ඒ ඇවිත් තියෙන්නෙත් පොදු රසික සමූහයක් තම තමන්ගේ අත්දැකීම් වලින් විද ගන්න වචන පේලියක්..

හිතින් ඈත් වෙලා යන කිසිම කෙනෙක් අතින් අල්ලල නවත්තන්න බෑ ඒක සත්‍යයක්..මේ ලෝකේ පවතිනකන්ම හැමදාම පවතින සත්‍යක්..හිතින් ගිය අය අතින් අල්ලලා නවත්තන්න බැරි උනාට සමහර බැඳීම් හිත ඇතුලෙන් අල්ලන් ඉන්නෙ අතින් ඇල්ලුවට වඩා හයියට..ඒ බැඳීම් ලේසියෙන් වෙන් වෙලා යන බැඳීම් නෙවෙයි..

ඩිල්ශාන් ආයිත් ලඟදිම මේ අගේ ලයින් එකකින් අල්ලන ලස්සන සිංදුවක් ලගඳිම ලියයි..අනිවාර්‍යෙන්ම ඒකත් හිතින් ගැලවිලා වෙන් වෙන්නෙ නැති හැඟීමක් වෙයි..

✍️ Amila Nishantha

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when සැර idea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share