Chathra Tv

Chathra Tv සිංහල අපේ බෙහෙත් සහ ආහාර

18/09/2025

සිලෝන් මීඩීයා ඇකඩමි

මේ වගේ වැදගත් video ගොඩක් අපි ඉස්සරහට දානවා ඒවා බලන්න subscribe කරන්න අපි  ☝👇
17/07/2024

මේ වගේ වැදගත් video ගොඩක් අපි ඉස්සරහට දානවා ඒවා බලන්න subscribe කරන්න අපි ☝👇

Thanx for visiting my Chanel all friends Plz support and subscribe my Chanel

https://youtu.be/bjoGqT-8VhA?si=NJgWf8AXXnEOV8Bd▪️රම්පෙ පිළිකාකාරකයක්ද?එදිනෙදා මුළුතැන්ගෙයි කටයුතුවලදී රම්පෙ භාවිතා කරනව...
16/07/2024

https://youtu.be/bjoGqT-8VhA?si=NJgWf8AXXnEOV8Bd

▪️රම්පෙ පිළිකාකාරකයක්ද?

එදිනෙදා මුළුතැන්ගෙයි කටයුතුවලදී රම්පෙ භාවිතා කරනවානම් අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් වන්න.

අතීතයේ පටන් අපේ ආහාර වේල් රසවත් කිරීමට යොදා ගන්නා ස්වභාවික රසකාරකයක් විදිහට රම්පෙ හඳුනාගන්න පුළුවන්.සහල්වල පවතින දුර්ගන්ධය නැති කර ගැනීමට මෙන්ම ආහාර රුචිය වඩවන සුවඳක් එක්කර ගැනීමට බොහොමයක් ගෙවල්වල රම්පෙ කොල කෑල්ලක් එකතු කරනවා.එසේම ආහාර වර්ග තෙම්පරාදු කිරීමේදී ද සුවඳ වැඩි කර ගැනීමට රම්පෙ කැබැල්ලක් ඊට එකතු කරනවා.

පාරම්පරික සිංහල වෙදකමේදී විෂ නසන ශාකයක් ලෙස රම්පෙ භාවිතා කරනවා.රම්පෙ වල ඇති ගුණාංග ලෙස
▪️රසකාරකයක්
▪️සුවඳකාරකයක්
▪️විෂ අවශෝෂණ කාරකයක් විදිහට වැදගත් වෙනවා.වර්තමානය වනවිට බොහෝ නිවාසවල රම්පෙ පඳුරක් දැකගන්න පුළුවන්.බොහෝ දුරට පෙනී යන්නේ මෙම රම්පා පඳුරු වගා කර ඇත්තේ නාන කාමරයෙන් ඉවත්වන ජලය බැස යන තැන්වල හෝ නාන ළිං ආශ්‍රිතව හෝ අපවිත්‍ර ජලය බැහැරවන තැන්වලය.

ඉතින් අතීතයේදී රම්පෙ භාවිතය එතරම් ගැටලුවක් නොවූයේ පිරිසිදු වතුර බැහැරවන ස්ථානවලට වගා කර තිබූ බැවිනි.නමුත් වර්තමානය වන විට මෙය ගැටලුවක් වී ඇත්තේ බැහැරවන ජලයේ විෂ රසායනික අඩංගු වීමයි.එම ජලයට එකතුවන විෂ අතර
▪️විවිධ රෙදි සෝදන කුඩු වර්ග
▪️භාවිතා කරන විවිධ ෂැම්පු වර්ග
▪️සේදීමට භාවිතා කරන වෙනත් සේදුම්කාරක

ඔබ නොදැනුවත්වම නාන කාමරයෙන් ඉවත් කළ ජලය තුල ඉහත සඳහන් කළ රසායනික සංයෝග අයත් වේ.මේවා බොහොමයක් පිළිකා කාරක වන අතර ඇතැම් ඒවායේ මිනිසාට උග්‍ර විෂ සහිත බැර ලෝහ වර්ග ද අන්තර්ගත වේ.රම්පෙ ශාකයට ආවේණික විෂ උරා ගැනීමේ හැකියාව නිසා ස්වාභාවිකවම මෙම විස රසායන උරාගෙන පිළිකා ඇති කිරීමේ අවදානමක් නිර්මාණය කරයි.එමනිසා රම්පෙ භාවිතා කරනවා නම් පිරිසිදු ජලය බැස යන තැන්වල වගා කරන්න.එවිට රම්පේ පිළිකා කාරකයක් නොවේ.

(2875) ශ්‍රී ලංකාවේ දේවාල = දැඩිමුණ්ඩ දෙවොල් (මාවනැල්ල අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවොලය)***🙏“බුදුන් තනි කරලාදෙවියන් ගියයි හැර ...
15/07/2024

(2875) ශ්‍රී ලංකාවේ දේවාල = දැඩිමුණ්ඩ දෙවොල්
(මාවනැල්ල අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවොලය)***🙏
“බුදුන් තනි කරලා
දෙවියන් ගියයි හැර ලා
දැඩි දෙවිඳු සිට ලා
යුද කරම් සල කළේ වඳ ලා ”
( උපුටාගැනීම : ගල කැප්පු සැහැල්ල )

සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී සිදුවූ මාර පරාජයේදී සිදුහත් තවුසා සමඟ රැඳීසිටි එකම දේවතාවාද වන්නේ මෙම දෙවියන්ය. එපමණක් නොව, තථාගතයන් වහන්සේ පිරිනිවන්පාන අවස්ථාවේදී, සක්දෙව් අමතා ලංකාව භාර කරන ලෙස කීවේද දැඩිමුණ්ඩ දෙවියන්ටය. මේ කාරණා නිසා උපුල්වන් දෙවියන් ලෙසින් ද හඳුන්වන දැඩිමුණ්ඩ දෙවියන් බොදු ජනතාවගේ ප්‍රසාදයට ලක් වූ දෙවි කෙනෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා ඈත අතීතයේ සිටම විවිධ ප්‍රදේශ වල පුද පුජා පවත්වා තිබෙන බව විවිධ ඉතිහාසගත සාක්ෂ්‍ය වලින් පැහැදිලි වෙනවා. එහෙත් මෙම දෙවියන් උදෙසා ඉඳිකර ඇති ප්‍රධාන දේවාලය ලෙස සලකෙනේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයයි.

ඉතිහාස කතා
දැඩිමුණ්ඩ දෙවියෝ.
දැඩිමුණ්ඩ දෙවියෝ.

මාවනැල්ල, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය වසර තුන්සියයක් ඉක්මවු ඉතිහාසයකට හිමිකම් කියන්නක්. පෙර රජ දවස සුනේත්‍රා දේවිය විසින් කළ යෝජනාවකට අනුව මෙම දේවාලය ඉදිකළ බවයි පොතපතේ සඳහන් වෙන්නේ. දේවාලය පිලිබඳ තවත් කතාවක කියවෙන්නේ මෙසේයි: මේ දේවාල භූමියේ ඇති සුවිශේෂී අලංකාර මණ්ඩපයක් වන්නේ, ගල බිඳ තනන ලද දේවාලය නොහොත් පත්තිරිප්පුවයි. මොල්ලිගොඩ අධිකාරම් රටින් පිටුවහල් කිරීමට නියමවූ අවස්ථාවේදී, එතුමන්ගේ ජීවිතය බේරි දුක්කරදර නිමා වුවහොත්, ගල බිඳ දේවාලයක් ඉදිකරන බවට බාර වී ඇත.

ඔහුගේ අපේක්ෂාව ඉ‍ටු වූයෙන්, ගල බිඳ දේවාලය ඉදි කිරීමට කටයුතු කළ බව කියැවෙනවා. දේවාලය ඉදිකිරීම සඳහා ගල බිඳීමට යක්ෂ ගෝත්‍රිකයන් ගෙන්වාගෙන ඇත්තේ දැඩිමුණ්ඩ දෙවියන්ට කළ කන්නලව්වක් ඔස්සේය. මේ හෙයින් දැඩිමුණ්ඩ දෙවියන්ගේ දැඩි මෙහෙයවීමෙන් එක් රැයකින් ගල බිඳින්නට හැකිවූ බව ඉතිහාස කරුණුවල දැක්වෙනවා.

ගල බිඳ ඉඳිකළ දේවාලය.
ගල බිඳ ඉඳිකළ දේවාලය.

හොඳට හොඳ, නරකට නරක හදවතක් ඇති දැඩිමුණ්ඩ දෙවියන් දුකට පිහිට විය හැකි ශක්තියක් ඇති දෙවියකු ලෙසට බැතිමතුන් විශ්වාස කරනවා. එනිසා ඔවුන් දැඩිමුණ්ඩ දෙවියන්ට බාරහාර වෙමින් අලුත් නුවර දේවාලයට එම බාරහාර ඔප්පු සිද්ධ කරන්නේ ඉමහත් භක්තියකින්.

අලුත්නුවර හැරුණු කොට, කතරගම කිරිවෙහෙර අසලත් දැඩිමුණ්ඩ දේවාලයක් දකින්න තියෙනවා. ඒ වගේම වෙනත් ප්‍රදේශ වලත් පිහිටි දැඩිමුනඩ දේවාල ගැන නොයෙකුත් සඳහන් දක්නට පුළුවන්. ඒ කොහොම උනත් ප්‍රධාන දේවාලය ලෙස සැලකෙන්නේ මාවනැල්ල, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයයි.
https://youtu.be/JqNuZXEonKs?si=QZPBv_4bd-8Q-O43 තව කෙනෙක්ට බලන්න share කරන්න subscribe කරන්න

🍚මී කිරි වල ගුණ අඟුණ 🍚මී කිරි යනු ඉතා ප්‍රනීත ආහාරයක්.ප්‍රධාන ආහාර වේලට එක්කර ගන්නවා සේම,,ගොඩක් අවස්ථා වල අතුරැ පසක් ලෙ...
14/07/2024

🍚මී කිරි වල ගුණ අඟුණ 🍚

මී කිරි යනු ඉතා ප්‍රනීත ආහාරයක්.ප්‍රධාන ආහාර වේලට එක්කර ගන්නවා සේම,,ගොඩක් අවස්ථා වල අතුරැ පසක් ලෙස මේ මීකිරි ආහාරයට ගනී.මෙය වඩාත් ප්‍රණීත වන්නේ සීනි හෝ කිතුල් පැණි,සමග ආහාරයට ගැනීමෙනි.

ඉතා රසවත්⁣ සේම,ශරීර සෞඛ්‍ය නීරෝගීව පවත්වා ගෙන යෑමට උදව්වන ආහාරයක්.
මී කිරි සෑම දෙනෙක්ම පාහේ ආහාරයට ගැනීමට ප්‍රිය සේම,,සෑම වයසක අයෙකුටම සුදුසු ආහාරයක්.

නමුත් මෙය ආහාරයට ගැනීමට,සුදුසු වෙලාවන් ඇත.අවේලාවේ ආහාරයට ගෙන මෙය අපත්‍ය විය ඇති අවස්ථාද ඇත.

මී කිරි වල ගුණ බොහෝයි...නමුත් මෙය රාත්‍රියේ ආහාරයට ගැනීම නුසුදුසුයි,,ඒ අවස්ථාවල මෙහි අහිතකර තත්වයන්ද ඇතිිවිය හැකිය.

මෙහි ගුණ අගුණ විමසා බලමු👈👈👈👈👈

මී කිරි ගුණයන්🍚🍚🍚

🐃🐃🐃 🐃🐃🐃🐃මතක ශක්තිය වැඩිකරනවා සේම එළකිරි වලට වඩා දෙගුණයක් මී කිරි වල කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.මෙහි ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි. තවද නාඩි ව්‍යුහය ශක්තිමත් කරන අතර ශරීරය පුෂ්ටිමත් කිරීමටද බෙහෙවින් උපකාරී වෙි.

💭බඩගින්න ඇතිවීම,බඩ පුරවා දැමීම නැතිවේ.

💭ශරීර ශක්තිය වැඩි කෑම අරැචිය නැති වී යයි.

💭ශරීරය කෙට්ටු වීම වළකයි.

💭සිරුරේ ඇතිවන වාත වේදනාව හා පිත නැති කෙරේ.

💭ක්ලාන්ත බව නැති කරයි.

💭බඩ දැවිල්ල නැති කරයි,ගැස්ට්‍රයිටීස් රෝගයටද සුදුසුයි.

💭මළ බද්ධය නැති කරයි.

එසේම මී කිරිවල වැඩිපුර මේදය,ප්‍රෝටීන්,කැල්සියම් පොස්පරස් ,විටමින් බී බහුලව ඇත.
රූපලාවණ්‍ය කටයුතු සදහාද භාවිත කරයි.

🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

මී කිරි අගුණවන්නේ කෙසේද???🍚🍚🍚

මෙය රාත්‍රී කාලයේ ආහාරයට ගැනීමෙන්,සෙම වඩයි,එසේම පමන දැන නොවැලදීමෙන් උදරය බර ගතිය වැඩිවේ.

මෙය ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් ලැබෙන අහිතකර තත්වයන්👈👈👈👈👈👈

💭උණ ගතිය ඇතිවිය හැකිය.

💭රක්ත පිත්ත හා සිරැරෙ තැන් තැන්වල සැරව ගෙඩි ඇතිවිය හැකිය.

💭කුෂ්ඨ රෝග කරකැවිල්ල ඇතිවිය හැකිය.

මී කිරි ආහාරයට ගැනීමෙන් සිතට ප්‍රීති ජනක බවක් ඇතිවනවා සේම,පදාර්ථ බහුල ආහාරයක් වන නිසා කය වෙහෙසා වැඩ කරන අයට බෙහෙවින් ගුණදායක වේ.

මේ වගේ වටිනාකම් ඇති දේ දැනගන්න chathra tv youtube එක subscribe කරන්න page එකට සම්බන්ධ වෙන්න

Share your videos with friends, family, and the world

දියබත් ********* https://youtu.be/L53mXGvJBCE?si=tl1cz3eTEck4kJipදිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි පෝෂ්‍ය දායක උදෑසන ආහාර...
13/07/2024

දියබත්
********* https://youtu.be/L53mXGvJBCE?si=tl1cz3eTEck4kJip
දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි පෝෂ්‍ය දායක උදෑසන ආහාරයකි.
පිලියෙල කිරීම

ක්‍රමය:
රාත්‍රියේ ඉතිරි වන බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරිනු ලැබේ. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් අතින් මිරිකා ජලය ඉවත් කර, දිය බත් සඳහා සාදන විශේෂ පොල් කිරි මිශ්‍රණය සමග ආහාරයට ගත හැක. (බත් පෙරා ගත් වතුර බීමට ගත හැක)

ක්‍රමය:
රාත්‍රියේ ඉතිරි වන බත් මුට්ටියේ තබා එයට බත් වැසෙන පමණට ජලය දමා වසා තබන්න. පෝෂණ ගුණය අපතේ නො යැවීමට පසු දින දිය බත් සකසා ගැනීමේදී ජලය ඉවත් නොකළ යුතුය!.. එම බත් ගෙන දිය බත් සඳහා සාදන විශේෂ පොල් කිරි මිශ්‍රණය එක් කර හොඳින් අනා ගන්න

පොල් කිරි මිශ්‍රණය
දිය බත් අහාරයට ගැනීම සඳහා පොල් කිරි මිශ්‍රණය සාදා ගැනීමට පොල් කිරි වලට ලියාගත් රතු ලූනු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ/හා අමු මිරිස්, රස අනුව ලුණු සහ පදමට දෙහි ඇඹුල් එකතු කර ගන්න. Subscribe කරන්න මේ වගේ වටිනා video බලන්න

Thanx for visiting my Chanel all friends 🙏 Plz support and subscribe my Chane

පිළිකාව සහ මඤ්ඤොක්කා.. එක් ජීවිතයක් හරි බේරගන්න මෙම ලිපිය වැදගත් වන බව නිසැකය..මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිත...
13/07/2024

පිළිකාව සහ මඤ්ඤොක්කා.. එක් ජීවිතයක් හරි බේරගන්න මෙම ලිපිය වැදගත් වන බව නිසැකය..

මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු විසින් තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබූ පිළිකා රෝගී තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාරයක් ලෙසටය.

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත.
එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් පි ළිකා වැළැක්වීමටත්, ප්‍රතිකාර වලින් ලැඛෙන සුවය ප්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප්‍රයෝජනයට ගත හැකිය.

මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ.
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මහතා විසින් බොහොම කාලකට ඉහතදී මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙනවා. මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රම පහත දක්වේ.

අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් සොයා ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරගන්න.
දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් පිරිසිදු ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වන ආකාරය දැකගත හැකිය.
ඉහළින් තිබෙන ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසයක් ගනී) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතු බවට මතක තබා ගන්න.

මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (ඔබ මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)
පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න වග බලාගන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 8 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 7 හමාරක් විය යුතුය.)

මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.එය නිසි ආකාරයෙන් සිදු කරන්න.
මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම වෙනුවට දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.එවිට ඔබට අප්පිරියාවක් නොදැනෙනු ඇත.

මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි කර තිබෙනවා. වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර තිබෙනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණා.ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීම වනවා. https://youtu.be/bjoGqT-8VhA?si=9VFlfUO9UlIHroi5

මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද සුදුසු විමයි.
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව මෙන්න

මඤ්ඤොක්කා අල සහ ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන හේතුව නිසා සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසෙනවා.
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක් මෙන්න.

මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය දෙළුම් කරවිල ඇට සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කර තිබෙනවා.

(මෙම ලිපිය කියවා කිසිවෙකු හෝ ප්‍රයෝජනයක් ගත්තොත්, එයින් ලැඛෙන පිනෙන්, මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව පිළිබඳව ලාංකිකයින්ගේ ඇස් පෑදු විශේෂඥ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියට දීර්ගායුෂ ලැබෙන්නට, හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.)ලිපිය ටයිප් කරපු කෙනාටත් ගොඩක් ස්තුතියි

පිළිකාව සහ මඤ්ඤොක්කා.. එක් ජීවිතයක් හරි බේරගන්න මෙම ලිපිය වැදගත් වන බව නිසැකය..මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිත...
13/07/2024

පිළිකාව සහ මඤ්ඤොක්කා.. එක් ජීවිතයක් හරි බේරගන්න මෙම ලිපිය වැදගත් වන බව නිසැකය..

මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු විසින් තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබූ පිළිකා රෝගී තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාරයක් ලෙසටය.

පිළිකා සුව කිරීම සඳහා නිශ්චිත විකල්ප ක්‍රමයක් ලෙස මෙහි සාකච්ඡා කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකා හැරිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප්‍රතිශක්ති චිකිත්සාව වැනි උසස්ම ක්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට උත්සහ කිරීම බුද්ධිමත් නොවනු ඇත.
එසේ වූවද පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොසලකා හැර, විද්‍යානුකූල ප්‍රතිකාර ක්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් පි ළිකා වැළැක්වීමටත්, ප්‍රතිකාර වලින් ලැඛෙන සුවය ප්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප්‍රයෝජනයට ගත හැකිය.

මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ.
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මහතා විසින් බොහොම කාලකට ඉහතදී මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙනවා. මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රම පහත දක්වේ.

අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් සොයා ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරගන්න.
දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් පිරිසිදු ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වන ආකාරය දැකගත හැකිය.
ඉහළින් තිබෙන ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසයක් ගනී) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතු බවට මතක තබා ගන්න.

මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (ඔබ මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)
පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න වග බලාගන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 8 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 7 හමාරක් විය යුතුය.)

මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.එය නිසි ආකාරයෙන් සිදු කරන්න.
මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම වෙනුවට දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.එවිට ඔබට අප්පිරියාවක් නොදැනෙනු ඇත.

මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි කර තිබෙනවා. වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර තිබෙනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණා.ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීම වනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද සුදුසු විමයි.
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව මෙන්න

මඤ්ඤොක්කා අල සහ ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන හේතුව නිසා සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසෙනවා.
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක් මෙන්න.

මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය දෙළුම් කරවිල ඇට සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කර තිබෙනවා.

(මෙම ලිපිය කියවා කිසිවෙකු හෝ ප්‍රයෝජනයක් ගත්තොත්, එයින් ලැඛෙන පිනෙන්, මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව පිළිබඳව ලාංකිකයින්ගේ ඇස් පෑදු විශේෂඥ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියට දීර්ගායුෂ ලැබෙන්නට, හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.)

🥣 කිරි අල පිති ව්‍යාංජනය 🥣🥣 කාල තියෙන යාළුවෝ නම් දන්නවානේ රස ..කාල නැති යාළුවෝ මෙහෙම හදල බලන්නකෝ කොහොමද රස කියලා..🥣 මුලි...
12/07/2024

🥣 කිරි අල පිති ව්‍යාංජනය 🥣

🥣 කාල තියෙන යාළුවෝ නම් දන්නවානේ රස ..කාල නැති යාළුවෝ මෙහෙම හදල බලන්නකෝ කොහොමද රස කියලා..
🥣 මුලින්ම ළපටි කිරි අල පිති කීපයක් කපල පැය දෙකක් විතර තියන්න .
🥣 දැන් හොඳින් සෝදල පිති වල කොළ පාට කොටස ඉවත් කරල සිහින්ව පෙති කපාගන්න .
🥣 හැබැයි මතක ඇතුව අත් ආවරණයක් දාගෙන මේ දේවල් කරන්න .මොකද ..සමහර අයගෙ අත් කසන්න ගන්න පුළුවන් ..
🥣 වතුර භාජනයක් ලිපේ තියල කහ සහ ලුණු කුඩු ටිකක් එකතු කරන්න .වතුර ටික උතුරන කොට කපාගත් ටික එකතු කරන්න .ලිප ඕෆ් කරල විනාඩි පහක් විතර තියන්න .
🥣 දැන් වතුර පෙරල පෙති ටික හොඳින් දිය ඉවත් වෙනතුරු මිරිකා ගන්න .
🥣 තෙම්පරාදුවකට අවශ්‍ය දේවල් හැමෝම දන්නවානේ ..දැන් ඒ ටික ලංකරගන්න.
🥣 මැටි හට්ටියක් ලිපේ තියල පොල් තෙල් ටිකක් දාගන්න .තෙල් ටික රත් උනාම තෙම්පරාදුවට අවශ්‍ය කලමනා ටික එකතු කරන්න .කිරි අල පිති ටිකත් දාල හොඳින් තෙම්පරාදු කරන්න .මතක ඇතුව ගොරක කෑල්ලකුත් එකතු කරන්න ..
🥣 අන්තිමට පොල් කිරි ටිකක් එකතු කරල හිඳෙන්න අරින්න .කැමති නම් ලිපෙන් බාන්න කිට්ටුව තක්කාලි ටිකකුත් එකතු කරන්න ...
🥣 දැන් ඉතින් බලන්නකෝ රස කොහොමද කියලා ..👌😋

Address

Alerts

Be the first to know and let us send you an email when Chathra Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share