21/10/2026
තාත්තෙක්ගේ ආදරේ මිල කරන්න බැහැ…👨👦❤️
මෑතකදී මම Play කරපු ,පුංචි පුතෙකුගේ Birthday Party එකකදී දැකපු හරිම ආදරණීයම සිදුවීමක්… 🎂❤️
ලොකුවට සල්ලි තිබුණත් නැතත්, තමන්ගේ පුංචි පුතාගේ මූණට හිනාවක් ගේන්න ඒ තාත්තා පුළුවන් උපරිමයෙන් උත්සාහ කරලා තිබුණා. 🥹❤️
තමන්ට කොච්චර අඩුපාඩු තිබුණත්, තමන්ගේ දරුවාගේ පුංචි හීනෙකට වටිනාකමක් දෙන්න ඒ තාත්තා ලස්සන බයික් එකක් අරන් දීලා තිබුණා. 🏍️❤️
සමහර විට ඒ බයික් එක තාත්තා කෙනෙකුට ලොකු වියදමක් වෙන්න ඇති… ඒත් ඒ වෙලාවේ පුංචි පුතාගේ මුහුණේ තිබුනු සතුටට මිලක් නියම කරන්න බැහැ. 🥺💖
දරුවෙකුට ලෝකේ ඉන්න ලොකුම වීරයා චිත්රපටි වල ඉන්න සුපිරි වීරයෝ නෙවෙයි… තමන්ගේ තාත්තා! 🦸♂️❤️ තමන්ගේ තාත්තා තමා ඕනම දරුවෙකුට සුපිරි වීරයා වෙන්නෙ.....
මොන තරම් අඩුපාඩු මැද ජීවත් වුණත්, තමන්ගේ දරුවන්ගේ හිනාව වෙනුවෙන් කැපවෙන හැම තාත්තා කෙනෙක්ටම මේ ආදරය උපහාරයක් වේවා! 🙏❤️
තාත්තේ… ඔයා එදා දරුවට අරන් දුන්නේ සෙල්ලම් බඩුවක් විතරක් නෙවෙයි. ඒ දරුවාගේ ජීවිත කාලෙම මතකයේ තියෙන ලස්සන ළමා කාලයක්! 🥹❤️
#තාත්තගේආදරය ❤️👨👦