Words with Nishu

Words with Nishu Crafting a life of learning, living, and loving

හැම හීනයක් ම හිතේ දරාගෙන ඉද්දිඒ හීන වලට පණ දුන්නේ ඔයා...පුංචි පුංචි බලාපොරොත්තු ගොන්නකින් හිත ම පිරවුයේ ඔයා...කවදාවත් කව...
05/03/2026

හැම හීනයක් ම හිතේ දරාගෙන ඉද්දි
ඒ හීන වලට පණ දුන්නේ ඔයා...
පුංචි පුංචි බලාපොරොත්තු ගොන්නකින්
හිත ම පිරවුයේ ඔයා...
කවදාවත් කවුරුත් නොදුන් තරමට
ආදරය මට දුන්නේ ඔයා...
හිත බිදෙන හැමවාරෙකදී ම මට හැමදාමත්
සැනසීමක් වුනේ ඔයා...
මියෙන තුරාවට මා ලග ඉන්නට
පොරොන්දු දුන්නේ ඔයා...
එක්ව ගමනක් යන්නට මට
හීන දුන්නේ ඔයා...
හැමදාමත් මගේ හදවතේ
මුල් තැන ගන්නේ ඔයා... ❤

නිශූ ❤️

"Feeling Butterflies in my stomach”කෙනෙක්ව දැක්කාට පස්සේ, බඩේ සමනලයෝ පියාඹනවා වගේ දැනුණා කියලා ගොඩක් අය එදිනෙදා කියනවානෙ...
27/01/2026

"Feeling Butterflies in my stomach”
කෙනෙක්ව දැක්කාට පස්සේ, බඩේ සමනලයෝ පියාඹනවා වගේ දැනුණා කියලා ගොඩක් අය එදිනෙදා කියනවානෙ. ඒ වගේම සමහර අය හිතනවා, ආදරේ නිසා තමයි එහෙම දැනෙන්නේ කියලා.

ඇත්තටම මොකක්ද මේ වෙන්නේ?
මම සරළව කියන්නම් මොකක්ද වෙන්නේ කියලා.

ඔයා උනන්දුවක් දක්වන පුද්ගලයෙක් දැක්කාම ඔයා ඒ වෙලාවේදී excite වෙනවානෙ. මේක emergency තත්ත්වයක් විදිහට තමයි අපේ body එක ගන්නේ. මේ අවස්ථාවේදී ඔයා තුළ Fight-or-Flight තත්ත්වයක් ඇතිවීම, ඔයාගෙ adrenaline වැනි hormones නිකුත් වීමක් සිදුවෙනවා.

මේ අවස්ථාවේ ඔයාගෙ Heart beats වේගවත් වීම, හුස්ම ගැනීම වේගවත් වීම සිදුවෙනවා. ඔයාගෙ brain එකට, අත් සහ කකුල් වල muscles වලට, heart එකට, and lungs වලට, මේ වෙලාවේදී ඔයාගෙ රුධිරය වැඩි වශයෙන් ලබා දෙනවා.

ඔයාගෙ බඩ ඇතුළු digestive system එකට ලබා දෙන රුධිරය මේ වෙලාවේදී අඩු වෙනවා. එතකොට ඔයාගෙ බඩේ blood flow අඩු නිසා තමයි ඔයාට ඒ සමනළයෝ පියාඹනවා වගේ දෙයක් (fluttery ස්වාභාවයක්) ඔයාගෙ බඩේ දැනෙන්නේ.

එතකොට මේ ඇත්තටම ආදරයක් නිසා හෝ ඔයාට ගැළපෙනම කෙනා එයා කියන එක නෙවෙයි බඩේ සමනළයෝ පියාඹනවා වගේ දැනෙන එකෙන් කියන්නේ.
අපි stress වන, anxious වන, අවස්ථාවන් වලදී අපේ ශරීරය දක්වන ප්‍රතිචාර නිසා තමයි එහෙම දැනෙන්නේ 😊

(Follow Mental Health with Avishka for more mental health content)

Thank you for respective owners 🙏

ඔයාටත් කවදාම හරි මේ දෙය දැනිලා තියෙනවාද.?
ඒ හැගීම මොන වගේ ද.? හරි ලස්සනයි නේද 😍

නිශූ ❤

"නුඹේ රුව" 😍දකින්නට අවැසි මුත් මටනුඹේ රුව මගෙ නෙත් දෙකින්..තුරුල් වන්නට අවැසි මුත් මටනුඹේ පපුවට සෙනෙහසින්..බලා ඉන්නට අවැ...
26/01/2026

"නුඹේ රුව" 😍

දකින්නට අවැසි මුත් මට
නුඹේ රුව මගෙ නෙත් දෙකින්..
තුරුල් වන්නට අවැසි මුත් මට
නුඹේ පපුවට සෙනෙහසින්..
බලා ඉන්නට අවැසි මුත් මට
නුඹේ නෙතු දෙස ආදරෙන්..
කෙසේ එන්නද නොවැටහේ මට
නුඹ සොයාගෙන සෙනෙහසින්..

නිශූ ❤
ආදරෙන්

දින සති මාස ඇවෑමෙන් 2025 වසරත් ගෙවී අවසන්.. 🙂👋හිමි අහිමි වීම බහුල විය.,දුක සතුට එකතු විය.,යහපතත් අයහපතත් සම සම ව විය..,😍...
31/12/2025

දින සති මාස ඇවෑමෙන් 2025 වසරත් ගෙවී අවසන්.. 🙂👋
හිමි අහිමි වීම බහුල විය.,
දුක සතුට එකතු විය.,
යහපතත් අයහපතත් සම සම ව විය..,😍😍

ඉදින්.,
ගෙවීයන ඔබ දුන්නු ඒ මතක සමුදාය
හිත් කොනේ රන්දාන..,
එන්න යමු එක් ව අපි ඉදිරි 2026 ට
පැතුම් පොදි බන්දාන.. ❤

ආයු බෝ වෙන, සිනා කැන්දන..,
සැමට ජය වෙන, සුභ ම කැන්දන..,
නොලැබ පැරදුම, ජය ම ලැබ දෙන..,
පතමි අද දින, සුභ ම වෙන්නට.. ❤❤

ආදරය නිති සිත පිරේවා..
ජීවිතේ සැම දෙන දිනත්වා..
රෝග බිය කම්කටොලු නොම වෙන..
ඔබට සුභ ම හැම දින.. ❤❤❤

නිශූ ❤

#ඔබ සැමට #සුභ ම සුභ #නව වසරක් වේවා.. #2026

ජීවිතේ මොන දේ තිබුනත් අම්මී තාත්තී එක්ක ඉන්න කාලේ තමයි ගැහැනු ළමයෙක් ගේ ජීවිතේ ලස්සන ම කාලේ...දුවක් කියන්නේ මලක් ලූ..ඒවග...
30/10/2025

ජීවිතේ මොන දේ තිබුනත්
අම්මී තාත්තී එක්ක ඉන්න කාලේ තමයි
ගැහැනු ළමයෙක් ගේ ජීවිතේ ලස්සන ම කාලේ...

දුවක් කියන්නේ මලක් ලූ..
ඒවගේ ම දුවක් කියන්නේ ලස්සන තෑග්ගක්..
ලස්සන පුංචි බෝනික්කියක් වගේ අරන් ඇවිත්
අම්මි තාත්තී හැඩ දාලා
අන්තිමේ දී...,
ඒ ගෙනාව අත් වලින්ම තවත් ගෙදරකට තෑගි දෙන
එක ලස්සන තෑග්ගක්...

අම්මි ගේ ආදරේ
තාත්තී ගේ රැකවරණය එක්ක.
සතුටින් ම සැහැල්ලුවෙන් ම ඉන්න කාලේ...
ජීවිතේ දිනන්න හයිය ලැබෙන්නේ
අම්මි තාත්තී දෙන්න ගෙන්..
හැමදාම ත් අලුත් පාඩමක්
ඉගෙන ගන්න ලැබෙන්නේ
අම්මි තාත්තී ගෙන්..

දවසක් ගානේ ඉස්සරහට යද්දී
එයාලා වයසට යද්දී
කාලය නවත්වන්න පුළුවන් නම්
එයාලා වයසට නොයා ඉන්නවා නම්
එයාලා අසනීප නොවී ඉන්නවා නම්
කියලා හිතෙන වාර ගණන අනන්තයි 🥰

අම්මි එක්ක කුස්සියේ ගෙවෙන කාලය
තාත්තී මාසෙකට සැරයක් ගෙදර ආවම ඉන්න කාලය
හරි ඉක්මනින්ම ගෙවෙනවා කියලා දැනෙද්දී
හිතට දැනෙන්නේ හරි අමුතුම දුකක් 😥

ගැහැනු ළමයෙක් තාත්තී ලග ඉන්න කාලේ තමයි
ජීවිතේ සතුටින් ම ඉන්න කාලේ..
අම්මීගේ ආදරේ එක්ක ඉන්න කාලේ තමයි
ජීවිතේ හුඟක් දේවල් ඉගෙන ගන්න කාලේ..

හැමෝම හොයන්නේ නිදහසක් උනත්
දවසක් අම්මී තාත්තී ලග නැතුව ගෙවෙද්දී
කොච්චර පාලුයී ද කියලා
වචනෙකින් කියලා නිම කරන්න බෑ

සංසාරේ මම හුඟාක් පිං කරලා ඇති ඔය දෙන්නගේ දුව වෙලා උපදින්න.
දුවක් උනත් හැමදාමත් මම
මගේ තාත්තී ගේ "පුතා"..

වචන කරන්න පුළුවන් උනේ මෙච්චර යි

දැනෙන දවසක් දැනුනු දෙයක් වචන කලා...

නිශූ ❤️
ආදරෙන් ❤

"සතුට කොතැන ද සිතක් නැති තැන.."කියා ගන්නට බැරිව ලතවන..වේදනාවන් හිත දරාගෙන...සැමට සිනහව බෙදා දීගෙන..ඉන්නෙමි මා නිරතුරාවම....
25/10/2025

"සතුට කොතැන ද සිතක් නැති තැන.."

කියා ගන්නට බැරිව ලතවන..
වේදනාවන් හිත දරාගෙන...
සැමට සිනහව බෙදා දීගෙන..
ඉන්නෙමි මා නිරතුරාවම... 🤔

සතුට කොතැනද සිතක් නැති තැන..
දුකත් කෙලෙසට ලැබෙනුයේ තව...
තරහවක් නැහැ කවුරුත් ගැන..
ඉවසා ඉන්නට හැකිය මට තව...😔

කවදද දුක නිමා වන්නේ..
හදවත ම සතුටින් පිරෙන්නේ...
දුක නිවෙන තුරු බලා ඉන්නේ..
කෙදින පැතුමන් පල දරන්නේ... 🙂

නිශූ ❤
ආදරෙන් ❤

බොහෝ ලෙසින් කාන්තාවන් ගේ දැනුමට අවශ්‍ය ම කරන මාතෘකාවක් අද අරගෙන ආවේ... 👧ෆෝලික් අම්ලය:(Folic Acid) ෆෝලික් අම්ලය (Folic Ac...
24/10/2025

බොහෝ ලෙසින් කාන්තාවන් ගේ දැනුමට අවශ්‍ය ම කරන මාතෘකාවක් අද අරගෙන ආවේ... 👧

ෆෝලික් අම්ලය:
(Folic Acid)

ෆෝලික් අම්ලය (Folic Acid) යනු කුමක්ද?
ෆෝලික් අම්ලය යනු විටමින් B9 හි කෘත්‍රිම (synthetic) ආකාරයකි. මෙය ශරීරයේ විවිධ කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වන ජලයේ දියවන විටමිනයකි. ☝️

ෆෝලික් අම්ලය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
ෆෝලික් අම්ලය පහත සඳහන් වැදගත් කාර්යයන් සඳහා දායක වේ:
* DNA සංස්ලේෂණය (DNA synthesis): DNA නිපදවීමට සහ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වේ.
* සෛල බෙදීම (Cell division): සෛලවල වර්ධනයට සහ සංවර්ධනයට උපකාරී වේ.
* රතු රුධිර සෛල නිෂ්පාදනය (Red blood cell production): නිරෝගී රතු රුධිර සෛල නිපදවීම සඳහා අත්‍යවශ්‍ය වේ. 🙂

ෆෝලික් අම්ලයේ ප්‍රතිලාභ:
* උපත් ආබාධ වැළැක්වීම (Prevents birth defects): ගර්භණී සමයේදී ෆෝලික් අම්ල අතිරේක ගැනීමෙන් ස්නායු නාලිකා දෝෂ (NTDs - Neural Tube Defects) ඇතිවීමේ අවදානම අඩු කරයි.
* සංජානන ක්‍රියාකාරිත්වයට සහය වීම (Supports cognitive function): මතකය සහ සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
* විෂාදය අඩු කිරීම (May reduce depression): විෂාදය පාලනය කිරීමේදී කාර්යභාරයක් ඇති බව සමහර අධ්‍යයනවලින් පෙන්වා දෙයි.
* හෘද සෞඛ්‍යයට සහාය වීම (Supports heart health): හෝමොසිස්ටීන් (homocysteine) මට්ටම අඩු කිරීමට උපකාරී වන අතර, එමඟින් හෘද රෝග අවදානම අඩු කරයි.

ආහාර ප්‍රභවයන්:
ෆෝලේට් (folate - විටමින් B9 හි ස්වභාවික ස්වරූපය) අඩංගු තවත් ආහාර කිහිපයක් මෙන්න:
* ඇස්පරගස් (Asparagus)
* අලිගැටපේර (Avocados)
* බ්‍රොකොලි (Broccoli) 😏

ෆෝලික් අම්ල අතිරේක අවශ්‍ය වන්නේ කාටද?
* ගර්භනී කාන්තාවන්: උපත් ආබාධ වැලැක්වීමට සහ කලලයේ වර්ධනයට.
* ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන්: මුල් කලල වර්ධනයට සහාය වීම සඳහා.
* ෆෝලේට් ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයන්: රෝග විනිශ්චය කළ ඌනතාවයක් ඇති අය හෝ යම් යම් රෝග තත්ත්වයන් හේතුවෙන් අවදානමට ලක්ව සිටින අය. 😮

අතුරු ආබාධ සහ අන්තර්ක්‍රියා:
නිර්දේශිත මාත්‍රාවලින් ගන්නා විට ෆෝලික් අම්ල අතිරේක සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. කෙසේ වෙතත්, අධික මාත්‍රාවලින් ගැනීමෙන් පහත සඳහන් දේ ඇති විය හැක:
* ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු (Gastrointestinal issues): ඔක්කාරය, බඩ පිපීම සහ උදරයේ කැක්කුම.
* ඖෂධ සමඟ අන්තර්ක්‍රියා (Interactions with medications): අපස්මාර නාශක (anticonvulsants) සහ රසායනික චිකිත්සක (chemotherapy) වැනි ඇතැම් ඖෂධ සමඟ අන්තර්ක්‍රියා කළ හැක. 🤔

ෆෝලික් අම්ල අතිරේක ගැනීම පිළිබඳ පෞද්ගලීකරණය කළ උපදෙස් සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.💪❤

ඔයාටත් වැදගත් කියලා හිතෙනවා නම් කියවන් යන්න. 👋

තොරතුරු ගොනු කරගත්තේ අන්තර්ජාලයෙනි.

නිශූ ❤

තොරතුරු ගොනු කරගත්තේ අන්තර්ජාලයෙනි.

නිශූ ❤

Electric Salt Spoon.කිරින් හෝල්ඩින්ග්ස් (Kirin Holdings) සහ මේජි විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරය විසින් නිපදවන ලද 'විදුලි ල...
23/10/2025

Electric Salt Spoon.

කිරින් හෝල්ඩින්ග්ස් (Kirin Holdings) සහ මේජි විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරය විසින් නිපදවන ලද 'විදුලි ලුණු හැන්ද' (Electric Salt Spoon) යනු විද්‍යුත් උත්තේජනය යොදා ගනිමින් ලුණු අඩු ආහාරවල ලුණු සහ උමාමි රස 1.5 ගුණයකින් පමණ වැඩි කරන නව නිපැයුමකි. 😮😮

මෙය අමතර ලුණු එකතු නොකර ආහාරවල රසය වැඩි කරන බැවින්, ලුණු අඩු ආහාර වේලක් අවශ්‍ය අයට ඉතා ප්‍රයෝජනවත් වේ. හැන්දේ "ලුණු රස" මට්ටම් හතරක් ඇති අතර එය භාවිතයට පහසු සහ අතේ ගෙන යා හැකි උපකරණයකි. 💪

ආරම්භක මිල යෙන් 19,800 ක් වූ අතර, වැඩි දියුණු කළ නව අනුවාදයක් යෙන් 24,750 කට (බදු සහිතව) මිලදී ගත හැකිය. මෙය මාර්ගගතව (online) සහ ජූනි මාසයේ සිට සීමිත ප්‍රමාණයක් වූ වෙළඳසැල් හරහා ලබා ගත හැක.

ඔයත් කැමතියි නම් order එකක් දාන්න 👋

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

නිශූ ❤

🌎👑කියන්නේ මා මෙලෙස නුඹ හට ❤දරන්නට බැරි ගොඩක් තැන්වලඋරහිසක් විය ළඟින් හිදගෙනමට ම මං නැති වුනත් ඉඳහිටනුඹ  ළඟ ම විය මාව රැක...
23/10/2025

🌎👑
කියන්නේ මා මෙලෙස නුඹ හට ❤

දරන්නට බැරි ගොඩක් තැන්වල
උරහිසක් විය ළඟින් හිදගෙන
මට ම මං නැති වුනත් ඉඳහිට
නුඹ ළඟ ම විය මාව රැකගෙන.. ❤❤

ළඟින් ඉන්නට නොහැකි තැන් වල
වදන් එක් කලේ හිත හැදෙන්නට..
ආදරෙන් නුඹ මාව රැකගෙන
ඉන්න හැමදා මාගේ අසලම.. ❤❤

කියා ගන්නට නොහැකි තරමට
නුඹ ම දෙන්නේ ආදරේ මට
මාත් එක්කම සෑමදාකම
ඉන්නවද නුඹ මාගේ අසලම..❤❤

නාඳුනන ලෙස මුණ ගැසුණු නුඹ
නුඹ සැනසුමක් මගේ දිවිතුරාවට
කියන්නේ මම නුඹ ට හැමදාම
ආදරෙන් ඉමු මියෙනා තුරාවට.. ❤❤

නිශූ ❤
ආදරෙන් ❤

Address

Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when Words with Nishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category