SL Giha Boy

SL Giha Boy cartoon video post

චාමර වීරසිංහ Family ❤️🌍
03/05/2026

චාමර වීරසිංහ Family ❤️🌍

27/04/2026

*නොනැවතී*

*හතලිස්හයවන නැවතුම...................🥀*

ඔ.. ඔයා...

එන්න අංකල්... වාඩි වෙන්න...
සාරා මේ...

හිතාගන්නෙ මොනවද... මාව ගල් ගැහිලා ගිහින්... වෙඩින්ග් එක දවසෙත් මාත් එක්ක පැයක් වත් හිටපු නැති ඔයා මාව බලන්න ඇවිත්ද...
අප්.. අප්පච්චි...

වෙව්ලන වචනත් එක්ක අමාරුවෙන් ගැටගැහුවෙ සද්දයක් නෑ සෙන්න...

වාඩිවෙන්න අංකල්... සාරා මේ... ඔයාගෙ...
නෑ මගෙ කවුරුත් නෙවෙයි... පොඩි කාලෙම මාව අතෑරපු මිණිස්සු... මට මොකටද.. හිතින් හිතුවත් කියාගන්න කෝ හයියක්... ඒත් ඔයා ඇත්තටම මාව බලන්න ඇවිත්ද අප්පච්චි.....

පුතා මම ආවෙ අර ඩීල් එක... SDV ගාමන්ට් එකේ... ඒත් මම දැනන් හිටියෙ නෑ ඒ...

SDV.. එතකොට... දේවක විජේනායක.. ඕහ්.. සොරි... මම හිතුවෙ...
හරි එහෙනම් අපි බිස්නස් ගැන කතා කරමු මිස්ටර් විජේනායක....

SDV ගාමන්ට්ස්... කව්ද හිතුවෙ අලුතින්ම බිස්නස් ෆීල්ඩ් එකට බහින්න යන්නෙ මාමන්ඩිත් එක්ක කියන්න... ඇස් වල කදුලු පිහන ගමන් උඩට දුවන කෙල්ලව දැක දැකත් නොදැක්කා වගේම පටන් ගත්තෙ මීටින් එක...

බිස්නස් ජීවිතේ කරන් දරු පවුල් අමතක කරලා සල්ලි පස්සෙ දුවන මිණිස්සු ඉස්සරහ ආදරේ හොයන්න හරි අමාරුයි මැණික... ඒත් උබයි පැටියයි වෙනුවෙන් මේ ෆීල්ඩ් එකට අත ගැහුවත් උබයි දරුවයි මගෙ ලෝකෙම...

Excuse me මිස්ටර් විජේනායක.. මට පොඩි වෙලාවක් දෙන්න.. වයිෆ් ප්‍රෙග්නන්ට්... එයාට වෙලාවට කෑමයි බෙහෙතුයි දෙන්න ඕනේ...

ශුවර්..

ඇස් ගැස්සුනු වචනත් එක්කම කින්ඩි හිනාවක් දාගෙන මම කෑමත් අරන් ගියේ උබව හොයාගෙන...

සාරා... කෝ මේ නැගිටිනවකෝ...

සාරා.... ඕයි.......

කොට්ටෙ බදාගෙනම අනිත් පැත්‍ත හැරිලා...

එ.. එයාට යන්න කියන්න....

හරි ඕයි... මේ නැගිටිනවකෝ... තමුසෙ කන්න ඕනේ.. මගෙ පැටියා බඩගින්නේ....

ම්.. මට බෑ...

බෑ කියලා හරියන්නෑනේ ඕයි... කෝ මේ බලනවකෝ....

කියන ගමන්ම කෙල්ලව නැගිට්ටනවත් එක්කම තුරුලු වුනේ පපුවට... ඉකි ගහ ගහම අඩනවා...

ඇයි මැණික මේ... ම්ම්... මගෙ පැටියත් බය වෙයි අම්මි ඔහොම අඩද්දි...

..🥀..

තප්පරේකට හිතුනා... සතුට ලැබුනද... නෑ ඒත් නෑ... සතුට කියන්නෙම හීනයක්...

යසෙත් අයියගෙ පපුවට තුරුල් වෙලාම ඇඩුවෙ හිතට දැනෙන වේදනාවට... මම මගෙ අප්පච්චිගෙ එකම දුව වෙද්දි එයා ඇවිත් තියෙන්නේ මාව බලන්නද... නෑ එයාගෙ බිස්නස් වලට... ඒ එයා... තප්පරේකට හිතුනෙ නැද්ද අප්පච්චි ඔයාගෙ දෝණිව බලන්න... ඔයා දන්නවද ඔයාගෙ දෝණී දැන් අම්මා කෙනෙක්... එයාගෙ බඩේ චූටි පැටියෙක් පන ගැහෙනවා... ඔයාට හිතුනෙ නැද්ද අප්පච්චි... හැමෝටම වගේ ඔයාටත් මම විතරද ආදරේ... ඔයාගෙ ආදරේ හීනයක්ද...

ඒත් ඒ හීනේ... අර ගෙදර ඉන්න පොඩි එකීට විතරක් ඇත්තක් වුනේ කොහොමද... මට කියන්න.. ඒ.. ඒක... මම හොස්ටල් වල බෝඩිම් වල ඉගන ගද්දි කැන්ටින් වල කෑම කද්දි ගෙදර ඉදගෙනම රෙස්ටූරන්ට් වල අප්පච්චිගෙ ආදරේත් එක්කම හිටියෙ කොහොමද.. ඔයා හොදටම දැන දැනත් ඒ ඔයාගෙ ලේ නෙවෙයි කියන්න ඔයා මාව ඈත් කරේ කොහොමද ? හැමදාමත් වගේ අදත් අසරනයි... පිටට කොච්චර චන්ඩි වුනත් ඇතුලෙ ඉන්න බොලද කෙල්ල ඔයාගෙ ඉස්සරහට එන්න තප්පරයක් වත් යනවද... නෑ අප්පච්චි... ඔයාගෙ ඇස් මානෙදිම ඒ බොලද කෙල්ල ඇවිත් ඉවරයි...

..🥀..

සාරා... ඇති නේද ඇඩුවා... හොද කෙල්ල වගෙ මේ සැන්ඩ්වීච් එක කාලා ජූස් එක බොන්නකෝ... බෙහෙත් බොන්න ඕනේ...

කේන්තිය වාවගෙනම උබෙ අතින් සැන්ඩ්වීච් එක තිබ්බෙ උබෙ මගෙ පපුවට තවත් ගුලි වෙද්දි... මට හරි කේන්තියි.. උබ කවුරු නිසා වුනත් ඔහොම කදුලු වට්ටද්දි... අඩ අඩ ගුලි වෙවීම උබ හොයන්නෙ මෙච්චර කාලයක් උබට නොලැබුණු ආදරේම නෙවේද... උබට මගෙ පපුවේ එ ආදරේ ඕනෑවටත් වඩා...

අප්පිරියාවක් නොවෙන්නම සැන්ඩ්වීච් ටිකයි ජූස් එකයි උබට දීලම ආවෙ පහලට... දන්නවා උබෙ අප්පච්චිට ලේට් කියන්න... ඉතින් මට මොකද... උබ තරම් වටිනවද..

ට්‍රේ එකත් කිචන් එකේ තියලම ආවේ මාමන්ඩි ගාවට... ෆයිල් එකත් මූණට ඔබාන මම එනවත් එක්කම

එහෙනම් මිස්ටර් ෆර්නැන්ඩෝ... ඩිල් එක ඕකේ... අපි එකට...

සොරි මිස්ටර් දේවක... මගෙ වයිෆ් කැමති නෑ මේ ඩීල් එකට... අනික මිස්ටර් දේවක කියලා දන්නවනම් මම කොහොමත් මේක කරන්නෑ... සොරි...

ඩයල් එකගෙ මූණටම කියලා දැම්මා.. තවත් මොනවද.. කොච්චර ලාබ වුනත් ඕනේ නෑ බන්.. උබෙ කදුලූත් එක්ක බිස්නස් පාට්නශිප් හදන් මොකටද...

ඒත් පුතා...

සොරි මිස්ටර් විජේනායක... මම හිතන්නෑ අපිට මීට වඩා කතා කරාට වැඩක් වෙයි කියලා...

හරි.. ඒත් පුතාට හිතුනොත් ඕනෙ වෙලාවක කතාකරන්න.... ඕනෙ වෙලාවක...

හිනාවෙලා ඔලුව වැනුවා... තව මොනවා කියන්නද... උබට ඕනෙ නැති මිණිස්සු එක්ක.. මගෙ පිටටත් තට්ටුවක් දාගෙන උඩටත් ඇස් යවන ගමන් මෑන් ගියා...

කව්ද හිතුවෙ කෝටිපති විජේනායක මගෙ මෝඩ කෙල්ලගෙ අප්පච්චි කියන්න... කට කොනට ආව හිනාවත් එක්කම මම උඩට නැංගෙ කෙල්ල හොයාගෙන...

..🥀..

ඔන්න සුදු බෝලේ... අපි ඔයා වගේම චූටි පැංචො ටිකකගෙ 4to ටිකක් ගේමු හරිද... අම්මි දැකලා තියනවා ප්‍රෙග්නන්ට් අම්මිලාගෙ ගෙවල් වල ඒවා ගහලා තියනවා... තව තාත්තිටත් කියමු ගේන්න කියල

ඒත් කෝ මේ ඔයාගෙ දුශ්ට තාත්තී.. දැක්කද සුදු බෝලේ මම නිකන්ද කියන්නෙ තාත්ති අම්මිට ආදරෙ නෑ කියලා.. ම්ම්...

දැන් පැයකට කලින් ඇවිත් කිස් කරලා ගියා ගියාමයි කෝ මේ මිණිහා... වෙන වෙලාවලටනම් මම පස්සෙම කැරකි කැරකි...

උඩමත් නෑ.. දෙවනි එකෙත් නෑ.. පහල කිචන් එකෙත් නෑ... ආ ඔය ඉන්නේ...

ලැප් එකත් බඩ උඩ තියාන ලොකු වැඩක්... තාත්තිගෙ ඔය කොයි ලොකු වැඩෙත් අපි තරම් ලොකු නෑ නේද සුදු බෝලේ...

කියලා හිතානම ගිහින් ලැප් එකත් අයින් කරලා පැන්නෙ ඇග උඩට...

ඔය... ඕයි... පරිස්සමෙන් අයිසේ....

හරි හරි අනේ... සුදු බෝලේ පරිස්සමෙන්...

සුදු බෝලේ....

ඔවු අනේ... මේ ඉන්නේ...

කියන ගමන්ම මෑන්ගෙ අතක් අරන් තිබ්බෙ සුදු බෝලේ උඩින්...

මෙයාද සුදු බෝලෙ ම්ම්ම්...

හ්ම්ම්....

ඒ පාර මගෙ ශර්ට් එක උස්සන ගමන් බඩපුරා ඇගිලි යවන ගමන් මාවත් හරවන් බර වුණේ මගෙ තොල් වලට...

තොල් පුරා හරි ආදරෙන් දග කරන ගමන් මාව තවත් තුරුලු කරන්... කවදාවත් හිතපු නැති විදිහට ජීවීන්ට සතුට අරන් ආවට ගොඩක් පිං යසෙත් අයියෙ ඔයාට...

කෝ බොලව් මේ ගෙවල් වල මිණිස්සු... දොරවලුත් ඇරලා දාගෙන...

අප්පට දේව්... නෑ... නෑ.. මම මොකුත් දැක්කෙ නෑ... සත්තයි ඇත්තයි....

ආර් ශික්...

වැලලියන් සාරා...හ්.... මේ මිගාරයා... ඒත් මූ මෙහේ...

දෙයියනේ මගෙ උන් ටික... මාව බලන්න ඇවිත්.... මිගාර , ගයා , රවීනයා.. දනුකයා... සංගීත්.. තව නේහා අක්කත්...

Congratulations පැංචී....

කියාන නේහා අක්කා මාව බදාගත්තෙ ඒත් එයා කොහොමද දන්නෙ මම මොකුත් කිව්වෙ නෑනේ.. අනික...

යකෝ මම දැන් මාමා කෙනෙක්... මටත් Congratulations කියපියව්....

මගෙ එකී උබට වරදින්නෑ බන්...

ඕන් බලහන්කෝ.. මාමලා ටිකට පොඩි කොලු පැංචෙක් ඇවිත් ඉන්නේ...

මගෙ උන් ටික මාව වට කරන්... ලැජ්ජාවටත් එක්කම මට ඇඩෙද්දි මම බැලුවේ යසෙත් අයියා දිහා... මොකුත් නොකල ගානට ඇවිත් මගෙ කර වටෙන් අත දාගෙන... මම දන්නවා මේ ඔක්කොම තමුසෙගෙ වැඩ....

අත් මිටි කරලා ගහන ගමන්ම තුරුල් වුනේ ඒ පපුවට...

තමුසෙ තව හිනාවෙනවද... මාව සප්‍රයිස් කරලත්.. හිතන ගමන්ම ගැහුවෙ පපුවට...

ඇති ඕයි රිදෙනවා...

රිදෙන්න තමයි මනුස්සයෝ ගැහුවෙ... මෝඩයා...

අම්මෝ මචන් ඒ ආදරේ... මට බෑ යකෝ... මාව කුනිත්තපන්... මේ මගේ දේව්වද ශුවර් නෑ මට..

උබ මගෙන් කනවා ගයා...

හරි මචන්... දේව්වා තමා...

..🥀..

උබෙ සතුට කොතනද... මට ඕනෙ එච්චරයි... ඉතින් මේ ආරන්චිය උබෙ සහෝදරයො ටිකට නැතුව මම කාට කියන්නද... මෙච්චර කාලයක් උබව සහෝදරියක් වගේ පරිස්සම් කරේ උන් ටික...

මචන් යශ්...

කතාකරද්දිම මම බැලුවෙ රවීනයා දිහා..

උබට ගොඩක් පිං මචන්... අපෙ එකීට සතුට ගෙනාවට... ඕකි හරි මුරන්ඩුයි.. ඒත් ඉවසපන්..

අහන්නත් දෙයක්ද.. ඒකි මගෙ පන බන්.. ඉතින්...

මොකුත් නොකියම හිනාවුනා...

උබට කියන්න ඕකි ඒකාලෙ කරලා තියන වැඩ...

ඕයි දනුක...

නෑ නෑ පොඩ්ඩක් හිටපන්කො.. අයියට කියන්න ඕකි අපිට හපන්.. පිනාගෙ සීල් එක පවා වෙනස් කරපු එකියක්...

මොකක්..

ඔවු බන්.. ඉස්සර අපි ඕලෙවල් කාලෙ පිනෙක් හිටියා එල් තිලකසිරි කියලා... මේකි ඉදගෙන ඒකේ එල් එකේ ඉස් පිල්ල කපලා... එදා ඉදන් මිණිහගෙ සීල් එක එල තිලකසිරි.. මෙහෙමයි ඉතින්.. ඌ මේකි නොකරපු වරදකට මේකිට දඩුවම් කරා... ඒකයි සීන් එක මේකිට මල පැන්නා...

..🥀..
ඉතින් පැටියො... ඔයා කියන්නකෝ... ඔයා මොනවටද කන්න ආස.. මම හදලා දෙන්නම්...

අනේ එපා නේහා අක්කේ.... ඔයාලත් මාර මිණිස්සු නේ.. ඉස්සර නම් ඔහොම ඇහුවාවත්ද..? ඔක්කොම සුදු බෝලේ ආවට පස්සෙ තමා...

හරි ඉතින්... අපි ඔයාට කන්න නොදි ඉදලා නෑනේ පැටියෝ.. ඒක නෙවෙයි ඔයා මෞර්යව බලන්න ගියාද...

මෞර්ය.....

…………………………………………………………………………………………………………………………………………………………🥀

රියැක්ට්ස් කමෙන්ට්ස් දන්න ලමයි 🙂❤️

27/04/2026

ඉස්සර ආසාවෙන් බලපු ලස්සන කාටුන් film එකක් ❤️

මෙ දෙන්නා හින්දා මිනිස්සු කි දෙනෙක්  නම් හිනාවෙලා ඇත්ද..🌍❤️@බන්දු සමරසිංහ / ටෙනිසන් කුරෙ..// විකට ලොවෙ රජුන් ..🖤
26/04/2026

මෙ දෙන්නා හින්දා මිනිස්සු කි දෙනෙක් නම් හිනාවෙලා ඇත්ද..🌍❤️@බන්දු සමරසිංහ / ටෙනිසන් කුරෙ..//
විකට ලොවෙ රජුන් ..🖤

🥺❤️‍🩹
26/04/2026

🥺❤️‍🩹

Address

Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when SL Giha Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category