Green Goals

Green Goals Beautiful & historical value places, & you can learn about so many things in the Geographical side,

24/07/2024
Happy New Year 2022🌠
31/12/2021

Happy New Year 2022🌠

Merry X'mas...🎅❤️🌲
25/12/2021

Merry X'mas...🎅❤️🌲

අගෝස්තු 04 ජාත්‍යන්තර වලාකුළු දිවි දිනය (International Clouded leopard day) වෙනුවෙන්.  ලොව සුන්දරම ආවාසනාවන්තයන්.=======...
13/09/2021

අගෝස්තු 04 ජාත්‍යන්තර වලාකුළු දිවි දිනය (International Clouded leopard day) වෙනුවෙන්.
ලොව සුන්දරම ආවාසනාවන්තයන්.
============================
මෙයාව විද්‍යාත්මකව හඳුන්වන්නේ Neofelis nebulosa කියලයි.මේ nebulosa කියන ලතින් වචණයේ තේරැමත් වලාකුළු කියන එකම තමයි.ඉතින් මේ නම ඇවිල්ලා තියෙන්නේ මෙයාලගෙ මේ ඇඟේ තියන වලාකුළු වගේ විශාල පුල්ලි නිසයි.දැක්ක ගමන් පේනවනේ මේ රටා වැටුණු වර්ණවත් ලෝම සහිත ශරීරය කොයිතරම් සුන්දරද කියලා.ඉතින් මේ සුන්දරත්වයම මෙයාලට පාරාවළල්ලක් වෙලා තියනවා.ඒ ගැන මම පහලින් විස්තර කරන්නම්.

මෙයා හිමාලයේ පහත කඳුකරයේසිට ගිණිකොණ දිග ආසියාවේ චීනය දක්වා කලාප⁣ය පුරා දැකගන්න පුලුවන්.මෙයා ජීවත්වෙන රටවල් විදිහට නේපාලය භුතානය,ඉන්දියාව දකුණු බංගලාදේශ තායිලන්තය මැලේසියාව ආදී රටවල් සඳහන් තරන්න පුළුවන්.කලකට පෙර මෙයා සිංගප්පූරුව සහ තායිවානයේ දැකගන්න ලැබුනත් දැන් එම රටවලින් මෙම සත්වයා වඳවී ගොස් තිබෙනවා.

මෙයාගේ තක්සෝන විස්තර ගත්තම ඒක ඇතුලෙත් ශෝකාන්තයක් තියනවා.මෙයා ⁣අයත්වන neofelis කියන ඝණයට අයත් විශේෂ දෙකක් පමණයි දැනට ලොව ඉතිරිවෙලා ඉන්නේ.මේකෙ තියන කණගාටුදායකම කාරණය තමයි මේ විශේෂ දෙකේම 10000ටත් අඩු සංඛාව බැගින් තමයි දැනට ලෝකේ ඉතුරැවෙලා ඉන්නේ.තවත් ඉතා අවාසනාවන්ත කථාවක් කියනවා කියන්න.මේ වලාකුළු දිවියන්ගේ තායිවානයට ආවේනික උපවිශේෂයක් හිටියා Formosan clouded leopard (Neofelis nebulosa brachyura) කියලා.නමුත් 1997 වසරේ ඉඳලා 2012 වසර වෙනකන් කරපු පරීක්ශණ සහ සොයාබැලීම් කිසිවකදී එම සත්වයින් හොයාගන්න බැරිවෙලා තියනවා.ඉතින් මෙයා ලොවෙන් නශ්ඨවීගිය සත්වයෙකු ලෙස මේවනවිට නිලවශයෙන් නම් කරලා තියනවා. මෙයාලගේ පරිනාමික ඉතිහාසය ගත්තම මෙයාලා සිංහයන් කොටින් අයත්වන Pantherinae සහ කුඩා පූසන් අයක් වන Felinae කියන උපකුල දෙක අතර ඉන්න සත්වයින් කොටසක්.සරලව කියනවා නම් මෙයාලා ⁣කුඩා බළලුන් සහ විශල කොටි වැනි විශාල බළලුන්ගේ ලක්ශන මිශ්‍ර වෙච්ද සත්වයෙක්.දැන් මේවා විස්තර කරලා වැඩක් නෑ.නිදිමත හැදෙයි කියවනකොටම.ඒක නිසා අපි අනිත් විස්තර බලමු.

මෙයාලගේ රෑපිය ලක්ශණ ගත්තම වලිගය රහිතව දිග 90-95cm ක් පමණ වැඩෙන අතර වලිගයද 85-90cm පමණ දිගකින් යුක්කයි.පාද සිට උරහිසට උස 50-50cm පමන වෙනවා.වැඩුනු සත්වයෙකු 25kg විතර බරකින් යුක්ක වෙන්න පුලුවන්.සාමාන්‍යයෙන් ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ශරීරයෙන් කුඩායි.දැන් හිතාගන්න පුලුවන් නේ මෙයා සාමාණ්‍ය බිලාලයන්ගේ මධ්‍යම ප්‍රමාණයේ ශරීර තියන හුරැබුහුටි කුඩා අය කියලා.මෙයාලගේ වර්ණය ගත්තම තද අළු හෝ දුහුවිලි වැනි දුඹුරැ පැහැති ශරීර මත අඳුරැ අළු හෝ කළු පැහැති පුල්ලි වැටුන ශරීර තමයි තියෙන්නේ.මුඛය තියුණු දත් සහිත වන අතර ශරීර ප්‍රමාණයට සාපේක්ෂව විශාලම රදණක/දඩයම් (canine teeth) දත් තියන බිලාලයෙක්.ඒක නිසාම මෙයාට නූතන ලෝකයේ සබර් ටූත්(අයිස් ඒජ් එකේ ඉන්නේ දත් දෙක එලියට පැනපු කොටියෙක් වගේ සතා) කියලයි කියන්නේ.මෙයාගේ ස්වරාල අස්ථියට කම්පණය වෙන්න පුලුවන්.ඒක නිසා පුරැ පරැ ගාන්න මෙයාටත් පුලුවන්.මෙයාගේ ඉදිරිපස ගාත්‍රාවලට වැඩිය දිගු පසුපස ගාත්‍රා පිහිටනවා.ඒ නිසා මෙයාට ඉහල පිමි පනින්න පුලුවන්.ඒකට හේතුවක් කියනවා.මම පස්සේ කියන්නම්.මෙයාගේ ඉදිරි ගාත්‍රා වල පහල බාහුවල අස්ථි එකිනෙක්න් වෙන් වෙලයි පිහිටන්නේ මේක නිසා ඒම ගාත්‍රා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල පරාසයක චලණය කරන්න පුලුවන්.මෙයාගේ ඇස්වල කුණීතය කොල වැනි පැහැයක් තමයි ගන්නේ.පුළුල් පාද සහ ඝණ කොට්ට ඒවා යට පිහිටනවා.

ඉතින් මම උඩදී මෙයාගේ ව්‍යුහය හා පාද ගැන ගොඩක් විස්තර කරා නේ.ඒකට හේකුව තමයි මෙයාලගේ චර්යාව.මෙයාලා දවල් කාලයේ විවේක ගන්න ගොඩක් වෙලාවට කල් ගෙවන්නේ ගස් උඩ.බලල් ලෝකයේ ගස් නගින්න බහින්න වඩාත් හොඳින් හැඩගැහුන සාමාජිකයා මෙයා කිවිවට වැරැද්දක් නෑ.මෙයාගේ වැඩි පරාසයක චලණය කරන්න පුලුවන් පාද සහ දිගු නම්‍යශීලී වලිගය මේ රැක්වැසි චර්යාවට ලොකු උදව්වක් දෙනවා.මෙයා දඩයම් කරන්න බිමට බහිනවා.ඒ වගේම ගස් උඩත් රැකලා ඉන්නවා.මෙයාලා මාංශ භක්ෂකයන්නේ.ඉතිං ආහාර විදිහට වඳුරන් මුවන් උණහපුළුවන් බිම් ලේනුන් කබල්ලෑයන් ආදී සතුන් ගොදුරු කරගන්නවා.

මෙයාලගේ ප්‍රජණනය ගත්තම සාමාණ්‍යයෙන් අවුරැදු දෙකේදී විතර ලිංගිකව පරිණත වෙනවා.මෙයාලා දෙසැම්බර් මාර්තු අතර කාලයේ තමයි ප්‍රජණනය කරන්නේ.සංසර්ගයේදී පිරිමි සත්වයා ගැහැනු සත්වයාගේ ගෙල තදින් සපාගෙන තරමක් රළු විදිහට තමයි සංසර්ගයේ යෙදෙන්නේ.මේ ක්‍රියාවලිය වරින් වර දින කිහිපයක් සිදුවෙනවා.ඉතින් ගැහැනු සත්වයා පිරිමි සත්වයාට වඩා ගොඩක් පොඩි උනොත් අනතුරක් වෙන්නත් පුලුවන්.කොහොම හරි මේ දින කිහිපයෙන් පස්සේ පිරිමි සත්වයා පිටවෙලා යනවා.ගැහැනු සත්වයා දින 100ක විතර ගැබ් කාලයකින් පසුව පැටවුන් 1-5 අතර ගණනක් බිහි කරනවා.මෙයාලගේ ඇස් ඇරෙන්න දින 10ක් විතර යනවා.සාමාන්‍යයෙන් මාස 10කින් විතර පස්සේ පැටවුන් ස්වාධීන වෙනවා. මෙයාලා වනයේ වසර 7-8ක් තමයි ජීවත් වෙන්නේ නමුත් සත්වෝද්‍යානවල වසර 11-17ක් විතර ජීවත් වෙනවා.

මෙයාලා වඳවීමේ තර්ජනයට ලක්වෙච්ච සත්වයෙක් කියලා මම කිව්වනේ.දැන් ලෝකේ ඉන්නේ 10000කටත් අඩු ගණනක්.මෙයාලට තියන ලොකුම තර්ජනය තමයි වාසභූමි අහිමිවීම.මෙයාල ඉන්න පරිසර විනාශ කරණ නිසා දැන් දැන් සීඝ්‍රයෙන් මෙයාලගේ සංඛ්‍යාව අඩු වෙනවා.ඒ වගේම තමයි මෙයාගේ අලංකාර සම ලබාගන්න මේ සුන්දර සතුන් දඩයම් කිරීමත් සිදුවෙනවා.ඒ වගේම තමයි පැරනි චීන ඔසු සඳහා ද මෙයාගේ ශරීර කොටස් ගන්නවා.ඉතිං ඒක නිසා මෙයාලගේ ශරීර කොටස් කළු වෙලඳපොලේ ඉතා ඉහල මිලකට ජාවාරම් වෙනවා.කොහොම උනත් බොහෝ රටවල් මෙයාව සංරක්ෂණය කරන්න විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියනවා.ඒ අනුව බොහෝ රටවල මෙයාලා අධි ආරක්ශිත සත්වයෙක් ඒ වගේම මේයා ගැන දැනුවත් කිරීම සඳහා 2018 වසරේ ඉඳලා අගෝස්තු මාසේ 4 වැනිදා ජාත්‍යන්තර වලාකුළු දිවියන්ගේ දිනය කියලා නම් කරලා තියනවා.International Clouded Leopard Day
ඒ වගේම තමයි 2017 FIFA ලෝක යොවුන් පාපන්දු ශූරතාවයේ නිල සුරතලා උනෙත් මේ වලාකුළු දිවියා.ඒ සියල්ලට අමතරව තායිවානයේ රැකායි මිනිසුන් මෙම සත්වයින්ට හින්සා කිරීම හා ඝාතණය ඉතා පහත් සහ සමාජ විරොදී අසම්මත ක්‍රියාවක් විදිහට සලකණවා.

තව රසකථාවක් තියනවා කියන්න.ඒ ශ්‍රීලාංකිකයෝ විදිහට අපිට ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්.ඒ තමයි අපේ රටේ සම්භවයක් තියන රාමා සමරවීර එහෙම නැත්තං සෑම් සමරවීර කියන චිත්‍රශිල්පියා ඇඳපු මේ වලාකුළු දිවියාගේ පින්තූරයක් 1970 ඇමරිකාවේ වැඩිම මිලකට අලෙවි වූ සිතුවම වෙලා තියනවා.

(පින්තූර ගෞරවය මුල් හිමිකරැවන් සතුයි)

#විමුක්ති.

*ඔබත් පරිසරයට ආදරය* *කරන්නෙක්ද ?* 🍃🍂💦🌍එසේනම් , පරිසර දූෂණය හා පරිසර සංරක්ෂණය පිළිබඳ ඔබ සතු වටිනා *අදහස්*💡 සහ *යෝජනා*🎯 ඉද...
18/07/2021

*ඔබත් පරිසරයට ආදරය* *කරන්නෙක්ද ?* 🍃🍂💦🌍

එසේනම් , පරිසර දූෂණය හා පරිසර සංරක්ෂණය පිළිබඳ ඔබ සතු වටිනා *අදහස්*💡 සහ *යෝජනා*🎯 ඉදිරිපත් කිරීමට මෙය කදිම අවස්තාවකි.

බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ රොටරැක්ට් සමාජය විසින් සංවිධානය කරනු ලබන *"Eco-Experts 21/22"* ශ්‍රී ලංකාවේ වත්මන් පාරිසරික ගැටලු සඳහා නවෝත්පාදන අදහස් සොයා යන ගමනේ, පරිසරයට ආදරය කරන ඔබ සඳහා🍂🍃,විවෘත කරන ලද වේදිකාවකි.

ඔබ සතු වටිනා අදහස් සහ යෝජනා මාර්ගස්ත🗣️ හෝ කායික 👥👣යන කාණ්ඩ යටතේ හෝ එම කාණ්ඩ දෙකම යටතේ ඉදිරිපත් කල හැකිය.

*2021 ජූලි 27 වන දින* *මධ්‍යම රාත්‍රියට පෙර* ලියාපදිංචි වන්න🌃

https://forms.gle/Fe6wiAwcrYiWzeNa6

වැඩිදුර තොරතුරු වට්ස්ඇප්📱හා ඊ තැපෑල 📧 මගින් දැනුම් දෙන්නෙමු.

ඔබගේ අදහස් විනිශ්චය මන්ඩලයක් 👩‍🏫🧑‍🏫මගින් තෝරා පත් කර ගනු ලබන අතර, එහිදී තේරී පත්වන *මුල්* *ජයග්‍රාහකයන් පස් දෙනා* හට *තමා විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතීන් දියත් කිරීමට අවස්තාව ලබා දෙනු* *ඇත.*
මීට අමතරව
*සහභාගී වන සියලු* *දෙනා හට* වටිනා *ඩිජිටල් සහතික පත්* ප්‍රධානය කරනු ලැබේ.💫🔥

නොපමාව⏳අප සමඟ සම්බන්ධ වී පරිසර ගවේෂකයෙක් වන්න.🔬🧑‍🏫

ස්‍තූතියි♥️✨

-Experts
|Conservation






 #ලග්ගල රණමුරේ # 😍
28/02/2021

#ලග්ගල රණමුරේ # 😍

Moragahakanda
28/02/2021

Moragahakanda

  are the music of the ground. From earth's lips spoken without sound..🌸🌹🌼
03/02/2021

are the music of the ground. From earth's lips spoken without sound..🌸🌹🌼

Address

Gampaha
11100

Website

Alerts

Be the first to know and let us send you an email when Green Goals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share