04/07/2026
🚨 SCAM ALERT | විශේෂ නිවේදනයයි! 🚨
XONMART නාමය සහ අපගේ අධ්‍යක්ෂකවරයෙකුගේ අනන්‍යතාවය භාවිතා කරමින් සිදුවන මූල්‍ය වංචාව පිළිබඳවයි!
මෑත කාලීනව XONMART බ්‍රෑන්ඩ් නාමය, අපගේ Official Logos සහ අප සමාගමේ Co-Founder / Director කෙනෙක් වන Mr. Tharusha Dasanayaka ගේ පෞද්ගලික ඡායාරූප (Profile Pictures) අවභාවිතා කරමින්, ව්‍යාජ WhatsApp Groups සහ ගිණුම් හරහා Gaming Accounts සහ මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බව අපගේ අවධානයට යොමු වී ඇත.
මෙම වංචාකරුවන් Xonmart Official නාමයෙන් පෙනී සිටිමින්, පහත සඳහන් ව්‍යාජ දුරකථන අංක සහ පෞද්ගලික බැංකු ගිණුම් හරහා මුදල් ගනුදෙනු සිදු කරමින් සිටියි:
🚫 වංචාකරුවාගේ WhatsApp අංක: +94 78 382 5589
⚠️ අපගේ නිල ස්ථාවරය සහ දැනුම්දීම:
1. ඉහත සඳහන් දුරකථන අංක සමඟ Fidex Developers (Pvt) Ltd සමාගමට හෝ Xonmart වේදිකාවට කිසිදු සම්බන්ධයක් නොමැත.
2. අපගේ සියලුම නිල ගනුදෙනු සහ Account Trading කටයුතු සිදුකරනු ලබන්නේ අපගේ නිල වෙබ් අඩවිය වන www.xonmart.com හරහා පමණක් වන අතර, අපි කිසිවිටෙකත් පෞද්ගලික WhatsApp Messages හරහා පුද්ගලික බැංකු ගිණුම් වලට මුදල් බැර කිරීමට ඉල්ලා නොසිටිමු.
3. මෙම වංචාව සිදුකරන පුද්ගලයාගේ බැංකු ගිණුම් තොරතුරු සහ දුරකථන අංක සහිත සියලුම සාක්ෂි මේ වන විටත් ශ්‍රී ලංකා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CID - Cyber Crime Division) වෙත ඉදිරිපත් කර නීත්‍යානුකූල පියවර ගනිමින් පවතී.
මෙම වංචාවට හසුවූ හෝ තොරතුරු දන්නා අයෙක් වේ නම්, වහාම අදාළ සාක්ෂි සමඟ පොලිස් පරිගණක අපරාධ අංශයට හෝ අපගේ නිල Facebook පිටුවට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. එමෙන්ම මෙම අංක WhatsApp හරහා "Report" කර සහයෝගය දක්වන ලෙස සමස්ත Gaming Community එකෙන්ම ඉල්ලා සිටිමු!
- Management, Xonmart (By Fidex Developers)
🌐 Official Website: www.xonmart.com