14/09/2026
ප්රවීණ නර්තනාචාරිණී, විරිඳු සහ ජන ගීත ගායිකාවක වන දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්රාප්ත වේ.
අද(14) උදෑසන ඇය අභාවප්රාප්තවන විට 91වැනි වියෙහි පසුවිය.
ප්රවීණ ජන හා විරිඳු ගායකයකු වූ සේන ෆොන්සේකා මහතා සමග 55 වසරක් යුග ජීවිතය එකට ගත කළ ඇයගේ නාමය විරිඳු සහ ජන ගායනා මෙන්ම නර්තනය සමග යුග යුග බැඳී පවතින්නකි. 2012 වසරේ අගෝස්තු දෙවෙනිදා සේන ෆොන්සේකා මහතා ජීවිතයෙන් සමුගත් අතර දයා නෙල්ලම්පිටිය මහත්මිය මෙරට සිටි ජේෂ්ඨතම කලාවේදිණියන්ගෙන් කෙනෙකි.
"නරි බෑණා" වේදිකා නාට්යයේ වසර 40ක් පසුබිම් ගායනා කර ඇති ඇය "ගජමන් පුවත", "පද්මාවතී", "ජසයා සහ ලෙංචිනා" නාට්යවල ද ගීත ගායනා කර ඇත.
සේන - දයා යුවළ විරිඳු නොගයන වෙසක් තොරණක් ද එකල නොවීය. ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මිය සම්පාදනය කළ සරල ගී වැඩසටහනකදී ඔවුන් දෙපළ ගායනා කළ ප්රේමකීර්ති ද අල්විස් ලියා ඩී. ආර්. පීරිස් සංගීතවත් කළ "ගිනි කුකුළයි ගිනි කිකිළියි අන්දර අත්තේ.........." ගීතය ජනාදරයට පත් වූ ගීයකි.
දයා නෙල්ලම්පිටිය මහත්මිය ගුවන්විදුලියේ විශිෂ්ට ශ්රේණියේ ජන ගී ගායිකාවකි.
අවසන් ගෞරව දැක්වීම සඳහා දයා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය ඇය පදිංචි වී සිටි කලුබෝවිල නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අනිද්දා(16) සවස 6ට කොහුවල සුසාන භූමියේ දී සිදු කෙරේ.
✍️ චානක ඉනෝජ්