Knowledge Infinity

Knowledge Infinity Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Knowledge Infinity, Arts and entertainment, Gampaha.

අපිට වචන ඉතාම සරල විදිහට පෙනුනත්, ඒවායේ බලපෑම ගැඹුරු සහ දිගු කල් පවතින ඒවා වේ. ඒවා අපගේ සිතුවිලි සහ, අපගේ හැඟීම් වලට බලප...
01/02/2026

අපිට වචන ඉතාම සරල විදිහට පෙනුනත්, ඒවායේ බලපෑම ගැඹුරු සහ දිගු කල් පවතින ඒවා වේ. ඒවා අපගේ සිතුවිලි සහ, අපගේ හැඟීම් වලට බලපෑම් කරයි. විශේශයෙන්ම අපි අපිත් සමගම කතා කරන වචනත් ඉතාම වැදගත්.
ඔබ නිතරම රිනාත්මක වචන භාවිතා කරනවා නම් ඔබගේ ජීවිතය පිරිහීමට හේතු වෙයි. ඔබ නිතරම ධනාත්මක වචන භාවිතා කරනවා නම් එය ඔබගේ දියුනුවට හේතු වෙයි.අපගේ වචන අපගේ සබඳතාවලට ද බලපායි. ආචාරශීලී සහ කරුණාවන්ත වචන විශ්වාසය හා සමගිය ගොඩනඟන අතර, රළු වචන ගැටුම් සහ වේදනාව ඇති කරයි. අප වචන භාවිතා කරන ආකාරය අපගේ සාර්ථකත්වයට පමණක් නොව අපගේ සම්බන්ධතාවල ගුණාත්මක භාවයට ද බලපායි.
ඥානවන්තව වචන භාවිතා කිරීම කලාවකි. ධනාත්මක සහ කල්පනාකාරී වචන කෙනෙකුට, උසස් සහ ජයග්‍රාහී ජීවිතයක් ලබා ගැනීමට උපකාරී විය හැකිය. අනෙක් අතට, නොසැලකිලිමත් වචන සිත් රිදවීම් ඇති කල හැකි ය.එබැවින්, ඔබේ වචන ප්‍රවේශමෙන් තෝරාගන්න.සැමවිටම සුහදශීලීව සහ ධනාත්මකව කතා කරන්න.
මේ වීඩියෝ එකෙන් ඔයාගෙ ජීවිතයට වටිනාකමක් එකතු වෙන්න ඇති කියල මම හිතනවා. ඉතින් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න.

In this Sinhala Zen Story, discover how words impact our life, relationships, and success. Negative words bring sorrow and negativity, while positive words l...

https://youtu.be/kjUoJ4TdQTg?si=djr08o4Dv6B3HtCK
30/01/2026

https://youtu.be/kjUoJ4TdQTg?si=djr08o4Dv6B3HtCK

The Richest man of the World - Elon Musk's Life Story. ඉලෝන් මස්ක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා උනේ කොහොමද?ඉලෝන් මස්ක් කියන්නේ නි...

30/01/2026

ඉලෝන් මස්ක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා උනේ කොහොමද?
ඉලෝන් මස්ක් කියන්නේ නිකම්ම නිකම් බිලියනපතියෙක් නෙවෙයි; ඔහු බොහෝ දෙනෙක් දකින්නේ අනාගතයෙන් ආපු මිනිහෙක් විදිහටයි.
දකුණු අප්‍රිකාවේ පාසල් වියේදී දරුණු ලෙස හිරිහැරයට ලක්වුණු කුඩා පිරිමි ළමයෙක්, අද වන විට ලෝකයේ ධනවත්ම මිනිසා වුණේ කොහොමද?
අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ, බැංකු පද්ධතිය උඩුයටිකුරු කළ අභ්‍යවකාශය ජයගන්නා SpaceX, විදුලි වාහන විප්ලවය ඇති කළ සහ අපේ මොළයට චිප් එකක් බද්ධ කරන්න හදන වැනි මස්ක්ගේ දැවැන්ත ව්‍යාපෘති ගැනයි. රොකට් පිපිරෙද්දී, සමාගම් බංකොලොත් වෙන්න යද්දී ඔහු ඒ අභියෝග වලට මුහුණ දුන්නේ කොහොමද? මනුෂ්‍ය වර්ගයා අඟහරු ලෝකයේ පදිංචි කරවීමේ ඔහුගේ හීනය ඇත්තටම හැබෑ වෙයිද? මස්ක්ගේ ජීවිතයේ හැලහැප්පීම් සහ අනාගත දැක්ම ගැන දැනගන්න මේ වීඩියෝව අවසානය දක්වා නරඹන්න.

සමහර තුවාල සමග ඡිවත්වෙන්නේ කෙසේද ?--- පාවුලෝ කොයියෝ =================අයිස් යුගයේදී බොහෝ සතුන් සීතල නිසා මිය ගියහ. මෙම ත...
01/01/2026

සමහර තුවාල සමග ඡිවත්වෙන්නේ කෙසේද ?
--- පාවුලෝ කොයියෝ
=================

අයිස් යුගයේදී බොහෝ සතුන් සීතල නිසා මිය ගියහ. මෙම තත්වය දුටු ඉත්තෑවුන් එකට එකතු වීමට තීරණය කළ අතර ඔවුහු එකිනෙකා සමග හොදින් එතී සීතල මගහැර එකිනෙකාගේ උනුසුමින් අනෙකා ආරක්ෂා කළහ..නමුත් තම කටු වලින් එකිනෙකාට රිදෙන බව තේරුමි ගත් පසුව ඔවුහු වෙන්ව සිටීමට තීරණය කළහ.

ඔවුන් යළිත් මරණයට පත්වීමට පටන් ගත්හ.
ඒ නිසා ඔවුන්ට තේරීමක් කිරීමට සිදු විය: එක්කෝ ඔවුන් පොළොවෙන් අතුරුදහන් විය යුතුය නැතහොත් අසල්වැසියාගේ කටු පිළිගත යුතුය. උන් අසල්වැසියාගේ කටු පිලිගත්තෝය

එබැවින් ඔවුන් නැවත එකට සිටීමට තීරණය කළහ. ඉතා සමීප සම්බන්ධතාවයක් නිසා ඇති කළ හැකි ඒ කුඩා තුවාල සමඟ ජීවත් වීමට ඔවුහු ඉගෙන ගත්හ, මන්ද වැදගත්ම දෙය අනෙකා දුන් උණුසුමයි.

අවසානයේදී ඔවුන් දිවි ගලවා ගත්හ. ඔවුහු තවමත් ඡිවත්වෙති

Copied.

මම කතා කරන්න අකමැතිම දෙයක් තමයි අද මේ කියන්නේ. මේක කියන පළවෙනි සහ අන්තිම පාර වෙන්න පුළුවන්.දැන් දැන් වටින් ගොඩින්, නෑදෑය...
16/10/2025

මම කතා කරන්න අකමැතිම දෙයක් තමයි අද මේ කියන්නේ. මේක කියන පළවෙනි සහ අන්තිම පාර වෙන්න පුළුවන්.

දැන් දැන් වටින් ගොඩින්, නෑදෑයොන්ගෙන්, යාලුවොන්ගෙන් ඇහෙන්න පටන් අරන් තියෙනවා,

"දැන් බැඳලා අවුරුදු ගාණක් නේද? ළමයි නෑ නේද තාම"
"පුළුවන් නම් පවුලේ අයට පේන්න ළමයෙක් හදපං"
"දැන්ම ළමයෙක් හදන්න. නැත්තන් වයසට යනකොට ඕවා කරගන්න අමාරු වෙනවා"
"දැන් 35ටත් කිට්ටුයි නේද? ළමයි හදන්නේ නැද්ද?"

මේ ප්‍රශ්න වලට සරලම උත්තරේ තමයි "අපි ළමයි හදන්නේ නෑ. අපි ළමයි හදන්න කැමති නෑ (හදන ප්‍රොසෙස් එකට විතරයි කැමති 🥴)”

මේක අතිශය පෞද්ගලික තීරණයක් කියන එක තවමත් ලංකාවේ ගොඩක් අයට තේරුමක් නෑ. ඒ නිසා තමයි අනවශ්‍යම දෙයක් වුණත් මේක ලියන්නේ.

👉 අපි දෙන්නම අනවශ්‍ය අමතර බැඳීමක් හදාගන්න කැමති නෑ. අපි දෙන්නම මානසිකව තාම ඒකට සූදානම් නෑ. ඉස්සරහටත් ඒක වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි.

👉 අපි දෙන්නම දරුවෝ නිසා ජීවිතේ නිදහස නැති වුණ, ජීවිතේම දරුවන්ට කැප කරපු, තමන් ආස කිසිම දෙයක් කරගන්න බැරුව හිර වුණ අපේ යාළුවෝ නෑදෑයෝ දැකලා දරුවෝ හැදීම පිළිබඳ අදහස සහමුලින්ම අතෑරපු දෙන්නෙක්.

👉 අපි ජීවිතේ මෙච්චර දුරක් ඇවිත්, ජීවිතේ ගොඩ නඟාගන්න ලොකු කට්ටක් කාලා, ජීවිතේ දුක අත්විඳපු දෙන්නෙක්. තවත් ජීවියෙක් මේ ලෝකෙට ගෙනෙල්ල බින්දුවේ ඉඳන් එයාටත් මේ ලෝකේ දුකම උරුම කරලා දෙන්න ඕනි නෑ කියලා හැඟීමක් අපිට තියෙනවා.

👉 ඕනිම වෙලාවක බැඳීම් අතාරින්න ලේසි වෙන්න ජීවිතේ ඉස්සරහට පවත්වගෙන යන්න අපි දෙන්නම කැමතියි. දරුවෙක් ඉන්නවා කියන්නේ ඒ 'අත් හැරීමට' බාධාවක්.

ඉතින් ඔය කරුණු, හේතු අපි දෙන්නට පෞද්ගලිකයි. ඒවා හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒත් ඒක අපේ පෞද්ගලික තීරණයක්. වැඩිහිටියෝ විදියට ඒ තීරණය ගන්න අපිට අයිතිය තියෙනවා කියලා අපි දෙන්නම හිතනවා. ඒ වගේම ඒ තීරණයට ගරු කරන්න මගේ යාලුවෝ, නෑදෑයෝ සහ අපේ Travelling Lovebirds යූ ටියුබ් චැනල් එකේ 'දැන් නම් ළමයෙක් හදන්න කාලේ හරි' කියලා කමෙන්ට් දාන අපේ ෆෑන්ස්ලට පුළුවන් ඇති කියලා අපි දෙන්නම විශ්වාස කරනවා.

සමහරවිට කාලෙත් එක්ක අපි මේ හිතන විදිය වෙනස් වෙන්නත් පුළුවන්. ඒකත් අපේ පෞද්ගලික තීරණයක්!

ඉතින් මේක කියවන, කොහෙන් හරි ළමයි හදන්න කියලා pressure එකක් එන කපල් වලටත් කියන්න තියෙන්නේ, කසාද බඳින හැමෝම ළමයි හදන්න ඕනි කියලා දෙයක් නෑ.

ළමයෙක් හදන්න ඕනි,

🙅 නෑදෑයෝ, යාළුවෝ අහන නිසා නෙවෙයි.

🙅 තමන් වඳ නෑ, තමන්ටත් ළමයි හදන්න පුළුවන් කියලා කාටවත් පෙන්නන්න වත් නෙවෙයි.

🙅 අම්මා තාත්තා ආච්චි කෙනෙක් සීයා කෙනෙක් කරන්නත් නෙවෙයි.

🙅 පරම්පරාව ගෙනියන්න කෙනෙක් ඕනි නිසාත් නෙවෙයි.

ළමයෙක් හදන්නේ නැති නිසා මිනිස්සු ඔයා ගැන නොයෙක් දේ හිතයි, කියයි. 'ඌට ළමයි නෑ. ඒකිට ළමයි නෑ. ඒකි වඳයි ඌ වඳයි' කියලා කතා හදයි, තැන තැන කියයි. මිනිස්සු කතා හදන එක නවත්තන්න අපිට බෑ. මිනිස්සු හිතන දේවලුත් අපිට පාලනය කරන්න බෑ. මිනිස්සු හිතන දේවල් නිසා ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනි නෑ. තමන්ට ඕනි ලයිෆ් එක තමන්ට ඕනි විදියට ගෙනියන්න පෞරුෂය හදාගන්න.

ළමයෙක් හදන්න ඕනි, තමන්ට ඇත්තටම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඕනි කියලා හිතුණම, තමන්ට ළමයෙක් වෙනුවෙන් කැපවෙන්න පුළුවන් කියලා හිතුණම විතරයි. විතරමයි!

එච්චරයි!

~ රන්දුනු

-Copied-

මොනවද මේ අයිස් කියන්නෙ?ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝක...
14/09/2025

මොනවද මේ අයිස් කියන්නෙ?
ඉස්සර මත්ද්‍රව්‍ය කිව්වම හෙරොයින් කොකේන් ගැන තමයි කතා කරේ. දැන් ඒවා ඇහෙන්නෙ ඉතාම කලාතුරකින්.. ලෝකේ හැම තැනින්ම අහෙන්න අයිස්... ඇත්තටම මොනවද මේ අයිස්...

අයිස් කියන්නෙ මිනිස්සු කටවචනෙට දාගත්ත එකක්. මේක ඇවිල්ලා මෙතෆෙටමින් නැත්තන් ක්‍රිස්ටල් මෙත් කියල කෙමිකල් එක... මේක කැට හැටියට කුඩු හැටියට පෙති හැටියට එනව. මේ කැට හැටියට එන එක ඇත්තටම අයිස් කෑලි වගේ.. ඔය ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට කෑලි කෑලි වලට කැඩුවොත් අන්න ඒ පෙනුමට මේක ගොඩ සමානයි.. ඒ නිසා තමයි මේකට අයිස් කියන නම ආවේ..

❄️ #අයිස්_ගහනවා කියන්නෙ මොකද්ද..

කට කඩපු වීදුරු බල්බයක් හෝ බීකරයක් ඇතුලට අයිස් දාල යටින් රත් කරාම උඩට එන දුම බටයක් ආධාරයෙන් උරන එක තමයි ලංකාවේ ප්‍රකට ක්‍රමය..

( මේක කිවේ අයිස් ගහන්න පුරුදු කරන්න නෙමෙයි, පුතාගෙ කාමරේ ඇඳයට තිබුන බිඳුන බල්බ් එක මොකද්ද කියලා හොයපු නැති අම්මලා හිටියා, පුතාගෙ පොත්මේසෙ උඩ තිබ්බ පිච්චුන බීකරය විද්‍යාව පාඩමට ඕන එකක් වෙන්නැති කියලා හිතන් හිටිය තාත්තලා හිටියා.. එයාලට දැනගන්නයි ඒක ලිව්වෙ)

වෙන රට වල මේක රත් කරලා දිය කරලා සිලින්ජර්ස් වලට දාලා ඉන්ජෙක්ට් කරගන්න එක එකත් ක්‍රමයක්..

අයිස් කියන මත්‍ද්‍රවය මොන විදියට පාවිච්චි කරත්.. ඒකියන්නෙ නාහෙන් දුම ඇද්දත්, බිව්වත්, ඉන්ජෙක්ට් කරගත්තත් ,ගිල්ලත්... කෙලින්ම බලපෑම ඇතිවෙන්නෙ අපේ මොලේට..

අපේ මොලේ තියෙනව එක කොටසක්.. එතනින් තමයි සතුටේ හෝමෝනය ශ්‍රාවය කරන්නෙ.. ඒ කොටසේ සෛල වලින් තමයි මේ සතුටේ හෝමෝනය හෙවත් dopamine (ඩොපමීන්) කියන හෝමෝනය නිශ්පාදනය වෙන්නෙ.. කොටින්ම අපිට සතුට,පරිපූර්ණත්වය,වගේ හැඟීම් දැනෙන්නෙ ඒ හෝමෝනය ශ්‍රාවය වීමෙන්.. අපිට සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න පොලඹවන්නෙ මෙන්න මේ හෝමෝනය.. අපි කැමතිම සින්දුවක් ඇහුවම, කරගන්න බැරි වැඩක් ඉවරකරාම, රස ආහාර වේලක් කෑවම දැනෙනවා වගේ සතුට මිශ්‍ර උන හෙනම ෆිට් බවක් ඇතිවෙන්නත් මෙන්න මේ හෝමෝනය නිසා...

අයිස් ශරීර ගත උන ගමන් යන්නෙ මොලේ මෙන්න මේ කොටසට.. ගිහිල්ලා ඩොපමින් හදන ඒරියා එක උත්තේජනය කරනවා.. ඒ සමඟම අපේ මොලය ඩොපමින් විශාල ප්‍රමාණයෙන් නිශ්පාදනය කරන්න ගන්නවා.. ඒක සමහරවිට ජිවිත කාලෙම හදපු නැති තරන් ඩොපමින් ප්‍රමාණයක් එක මොහොතෙම හදන්න ගන්නවා..

සාමන්‍යෙ අපේ මොලයේ ඩොපමින් 100%ජ් තියෙනවා කියල.. අපි රස කෑමක් කෑවම ඒක ත්ව 50%කින් විතර ඉහල ගිහින් අපිට ආශ්වාදයක් ලැබෙනවා. කෙල්ලත් එක්ක ආදරේ කරනවා හෝ වෙනත් ආශ්වාදය දැනෙන දෙයක් කරා කියමු, අපේ ඩොපමින් තවත් 100%කින් වැඩිවෙනවා..ඒ සතුට දැනෙන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන්නෙ අපි ඔන්න ඔය ඩොපමින් ශ්‍රාවයට කැමති නිසා...

හැබයි අයිස් ගැහුවම මේ තියෙන 100% සතුට තාවකාලිකව 1000% ඒ කියන්නෙ දස ගුණයකින් වැඩි වෙනවාලු... ඉතින් ඔන්න අපිට පුදුම තරමේ ප්‍රීතියක්, උදයෝගයක්, පුදුම ආතල් එකක් දැනෙන්න ගන්නවාලු.

මතක තියාගන්න අයිස්ගහන උන් මත් වෙන්නෙ නෑ.. ඇස් රතුවෙන්නෙ නෑ... වදිනවා කියලා දේකුත් වෙන්නෙ නෑ.., වැනෙන්නෙ නෑ, කල්පනා කරන්නෙ නෑ.. ගල්බමුණ වෙන්නෙ නෑ.. කොටින්ම කුඩු ගැහුවා වගේ වෙන්නෙත් නෑ..

❄️ #ඇබ්බැහිවෙන්නෙ_ඇයි...

මාරම කික් එකකින් ආතල් එකකින් සතුටකින් පිරිලා ඉතිරිලා යනවා.. ඕන දෙයක් පැය ගනන් දවස් ගනන් කරන්න පුලුවන්, නින්ද අහලකවත් නෑ.. මාරම ත්‍රිල් එකේ දවස් ගෙවෙනවා.. බඩගින්නක්වත් එන්නෑ.. මොකද හොද කෑමක් කෑවම එන ත්‍රිල් එක, කෑමක් නොකාම දැනෙන නිසා... කෙලින්ම සුපර්මැන් පවර් එකක් එනවා වගේලු.. නිදිමරන් නොකා නොබී ඕන ගේමක් ගහන්න පූලුවන් කියළා තාවකාලික හැගීමකුත් එනවා.. ඒ නිසා ඕකට පටස් ගාල ඇබ්බැහිවෙනවා... දුර දුවන බස් ඩ්‍රයිවර්ලා ගොඩක් ඕක ගහනව කියන්නෙ ඒකයි.. මහන්සිය තෙහෙට්ටුව නිදිම්ත බඩගින්න මේ මුකුත් දැනෙන්නෑ...

රහ කෑමක් කන එක, සුන්දර දසුනක් බලන එක, ආස හිතෙන දෙයක් කරන එක, ආදරේ කරන එක, ක්‍රීඩාවක් කරන එක, මේ වගේ අපිට සතුට දනවන දේවල් ආයෙ ආයෙ කරන්න හිතෙන හැඟීම දෙන ඩොපමීන් ඉතා විශාල ප්‍රමාණයකින් නිපදවෙන නිසා අයිස් වලට මුල් කාලේ ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙනවා..

❄️ ටික දවසකින් මොකද වෙන්නේ..

මේක ටික දවසක් දිගට වෙනවා... අයිස් එනවා.. මොලේ සෛල අවුස්සනවා. අතිවිශාල ප්‍රමාණයෙන් ඩොපමින් හදනවා.. අයිස් ගහන එකා සතුටින් ඉපිල යනවා.. ඔන්න ටික දවසක් ගියාම මොලේ සෛල වලට මහන්සීයි... මොකද ඩොපමින් නිශ්පාදනය ඉතාම වැඩී... සෛල වලට තව දුරටත් ස්වභාවිකව ඩොපමීන් නිශ්පාදනය කරගන්න බැරිවෙනවා.. ඒ කියන්නෙ මොලය අයිස් එනකන් බලන් ඉන්න ගන්නවා. ආවොත් විතරක් ඩොපමින් හදනවා.

කොටින්ම අයිස් නැතුව ඩොපමීන් හැදෙන්නෙ නැතුව යනවා.. සතුට නැති වෙනවා.. දැන් තමයි භයානකම කොටස... මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා.. අනවශ්‍යය භීතියක් ඒ මිනිහට දැනෙන්න ගන්නවා, අපේක්ශාභංගත්වයට පත් වෙනවා.. දැන් ඒ මිනිහට තේරෙන්න ගන්නවා මේක උනේ අයිස් ගහලා කියලා.. එයාට අයිස් ඕන්නෑ...හැබැයි එයාට ඩොපමින් ඕන.. ඩොපමින් ඕන නිසා එයා බැගෑපත් වෙනවා.. අනේ මට අයිස් ඕනා.. පොර දන්නවා මේක විනාසයක් කියලා.. හැබැයි ආයෙ හැරෙන්න බෑ. හැරුනත් ඩොපමින් නැතුව ජීවත් වෙන්න බෑ.. ඇඟ රිදෙනවා.. භය දැනෙනවා..
ඒකට උත්තරේ තව අයිස් හොයනවා... ආයෙම වලෙන් වලටම යනවා...

මේ තමයි ක්‍රිස්ටල් මෙත් වල හැටි... ගැලවෙන්න ඕන උනත්... කවදාවත් ගැලවෙන්න බෑ... භාවනා මෙඩිටේශන් මොනවා කරත් ගැලවෙන්න බෑ.. මිනිහටම තේරෙනවා මිනිහ අයිස් වලින් විනාස වෙන බව.. ඒත් ගැලවෙන්න බෑ...

ඒ නිසා කවූරු හරි අයිස් ගහන පලවෙනි දවස තමයි ඒ මිනිහා ජීවත් වෙන එක නවත්තන දවස වෙන්නෙ..

❄️ අයිස් හදන්න පාවිච්චි කරන්නෙ මොනවද...

පුදුමයට පත්වෙන්නෙපා.. අයිස් හදන්න පාවිච්චි කරනකිස්ම දෙයක් ස්වාභාවික දේවල් නෙමෙයි.. ගහකොලකින් ගන්න දේවල් නෙමෙයි.. සියලුම දේ ලැබ් වල හැදෙන රසායන ද්‍රවය..

❄️ Pseudoephedrine - සූඩෝඇපිඩ්‍රින්

ස්වසන මාර්ගයේ අපහසුතා තියෙන අයට ඒක ක්‍ර්ලියර් කරන්න දෙන බෙහෙතක්.. අතුරු ආබාධ අධික නිසා මේක ඉතාම සුළු ප්‍රමාණයන් ගන්න ඕනා ඖශධයක් කියලා තමයි කියන්නෙ. අයිස් හදනකොට ඕවා ගෝනි ගණන් දාන්නෙ. ඉතින් සොරි.කොම් තමයි.

❄️Acetone - ඇසිටෝන්

Nail polish removers දන්නවනේ. ඒ තමයි ඔය ඇසිටෝන්. තින්ත වල ඝණත්වය අඩු කරන්න දාන කෙමිකල් එකක්.. හරියට තිනර් වගේ..

❄️Ammonia - ඇමෝනියා

මේක පෝර හදන්න පාවිච්චි කරන කෙමිකල් එකක්.

❄️ Hydrochloric acid - හයිඩ්‍රොකෝරික් ඇසිඩ්

මේක පිරිසිදුකාරකයක්.. ටොයිල්ට් සුද්ද කරන්න ගන්නෙ මේවා තමයි. යවන්න බැරි පැල්ලම් යවන්මෙත් මේවා දාලා.. ඔය ලයිසෝල් වල හාපික් වල තියෙන්නෙ මෙව්වා..

❄️ Lythium - ලිතියම්

බැට්‍රි හදන්න පාවිච්චි කරන අමුද්‍රවයක්...

❄️ Red phosphorus රෙඩ් පොස්පරස්

ගිනිකූරු ඔලු ෆයර් වර්ක්ස් හදන්නෙ මේවයින්.. මේවා පුපුරණ ද්‍රවය... ඒකයි සමහර වෙලාවට වාර්තාවෙන්නෙ අයිස් හදන කර්මාන්තශාලා ගිනි අරගෙන පුපුරලා ගියා කියලා..

❄️ Toluene ටොලුයින්

මේකත් තීන්ත වල දෘශ්‍යාවීතාවය අඩු කරන්න පාවික්චි කරන එකක්.. ගම් හදන්නත් පාවිච්චි කරනවා..

❄️ Sulfuric acid - බැටරි ඇසිඩ්

ඔන්න ඕවා තමයි ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් වල තියෙන්නෙ..

මේක යක්ශයාගෙ නිර්මාණයක් කියලා කියන්නෙ ඒකයි. ක්‍රිස්ටල් කියලා නම දැම්මහම හරි නිර්මල පැහදිලියි වගේ පෙනුනට.. ඇත්තටම මේක ක්‍රිස්ටල් මෙත් නෙමෙයි crystal death (පැහැදිලි මරණය)

අයිස්වලින් අපේ මනස විකෘති වෙන තව විදියක් තියෙනවා..

අපිට දුක දැනෙන්න ඕන වෙලාවට සතුටක් දැනෙනවා, සතුට දැනෙන්න ඕන වෙලාවට දුක, බය දැනෙන්නෙ ඕන වෙලාවට නිර්භීතකමක්, ඒ වගේ අපේ මනස මඤ්ඤං කරන හැකියාවකුත් මේ අයිස් වලට තියෙනවා..

අයිස් ගහන මිනිහෙක්ගේ ඉදිරි ආයුකාලය උපරිම අවුරුදු 10යි.. දත් දිරන්න ගන්නවා. අස්ථි දිරන්න ගන්නවා. අවුරුදු 20/25 මනුස්සයාට අවුරුදු 50/55 ක පෙනුමක් එනවා. ලෝකෙම තමන්ට එරෙහිවෙලා වගේ දැනෙනවා... කීසිම හේතුවක් නැතුව දුකක් දැඩෙන්න ගන්නවා. තමාව සමාජෙන් කොන් උනා කියලා හිතෙනවා... සමාජෙන් පලිගන්ඩ හිතෙනවා.. අනික් මිනිස්සුන්ගෙ ජිවිතේට හානි කරන්න හිතෙනවා... අවසානයේ තමන්ගෙ ජිවිතේට හානි කරගන්න හිතෙනවා.. මේ තමයි මේ අයිස් වල ඛේදාන්තය...

තව දුරටත් මොලේ ඩොපමින් හැදෙන්නෑ.. හැදෙන්නෙ අයිස් ගැහුවොත් විතරයි
දුක නැති කරගන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. ඒ නිසා අවසාන හුස්ම වෙනකන්ම අයිස් ඉල්ලනවා..

අයිස්වල කතාව ඔන්නෝකයි.. භයානකම දේ තමයි හෙරෙයින් වලටත් වඩා බහුලව අයිස් හොයාගන්න මේ සමාජෙන් පුලුවන්.. ඔව් ඔබේ දරුවාට, සහෝදරයට, සහෝදරියට, පෙම්වතාට, පෙම්වතියට, ගැහැනු පිරිමි බේදයකින් තොරවමේ ඕනම කෙනෙක්ට ලඟාවිය හැකි සීමාවටම අයිස් මාරයා ඇවිල්ලා.....

ඉස්සර පකිස්තානය පැත්තෙන් ඕමාන් බෝඩර් එකෙන් අමාරුවෙන් ලංකාවට ආපු අයිස්... දැන් ලංකාවෙම නිශ්පාදනය කරන තැනට එමින් සිටිනවා..

පිලමන්ට් එක අයින් කරපු බල්බ් එකක්.. පතුල පිලිස්සුන හැන්දක්... පිලිස්සුම් ලකුණු සහිත බීකරයක් කොතනක හරි දැක්කොත් ඔබේ සීමාවේ අයිස් ඛේදාන්තයේ ගොදුරක් ඉන්නවා....

සැලකිලිමත් වෙන්න... දැනුම්වත් වෙන්න....



ලිපියේ මුල් හිමිකරුට ස්තූතිය සහ ගෞරවය පුද කර සිටිමු..

දෛවය කියන්නේ හිස්පිටුවක්ඒක ලස්සනට ලියනවද නැද්ද කියලා තීරණය කලයුත්තේ ඔබමයි...🍃🩵Copied.Image: Pinterest
23/07/2025

දෛවය කියන්නේ හිස්පිටුවක්
ඒක ලස්සනට ලියනවද නැද්ද කියලා තීරණය කල
යුත්තේ ඔබමයි...🍃🩵

Copied.

Image: Pinterest

ගෑණියෙකුට තමන් ඉස්සරහා ඉන්න මිනිස්සු කවුරු වුනත් කමක් නෑ, තමන්ට පිටිපස්සෙන් හරිහමන් පිරිමියෙක් හිටගෙන ඉන්නවා කියලා දැනෙන...
17/07/2025

ගෑණියෙකුට තමන් ඉස්සරහා ඉන්න මිනිස්සු කවුරු වුනත් කමක් නෑ, තමන්ට පිටිපස්සෙන් හරිහමන් පිරිමියෙක් හිටගෙන ඉන්නවා කියලා දැනෙනවනම් ! 🖤

හයිය බැඳිමක් තියෙන, තමන්ව පරිස්සම්කරන පිරිමියෙක් තමන්ට පිටිපස්සෙන් ඉන්නකොට මේ ලෝකෙ ඕනම ගෑණියෙකුගෙ හිතට අමුතු හයියක් එනවා. එයා ලෝකෙට මූණදෙන විදිය වෙනස්වෙනවා. ජීවිතේ තියන හැම අඩියක් ගානෙම කවදාවත් හිතේ තිබුනෙ නැති විශ්වාසයක් එතකොට ඈ ලඟ තියෙනවා. දන්නෙම නැතුව ඒ ඇස් දිලිසෙන්න පටන්ගන්නවා.

මොකද ඇය ඉන්තේරුවටම දන්නවා තමන් යන ඕන තැනක තමන් පරිස්සම් කියලා, තමන් දිහා තව ඇස් දෙකක් බලාගෙන ඉන්නවා කියලා, ආදරණීය හයියක් තමන්ට පිටිපස්සෙන් හැමවෙලේම ඉන්නවා කියලා.

කවදාවත් ඒ පිරිමියට තමන් ඉන්නවා කියලා ඇයට අමුතුවෙන් පෙන්නලා දෙන්න ඕනෙ නෑ, ඇයට පේනමානෙන් හිටගෙන ඉන්න ඕනෙත් නෑ. මොකද ඒ හිත ඒක දන්නවා. නොවෙනස්, අවංක පිරිමි ආදරේකට පුලුවන් එයාට මේ ලෝකෙටම වුනත් තනියම මූණදෙන හයිය දෙන්න.

ඇත්තම කතාව,

ගෑණියෙකුට හරි හමන් පිරිමියෙකුගෙ හයිය ලැබෙනකොට. මේ ලෝකෙම එයාට බෑ කියපු දේවල් වුනත් කරන්න එයාට හයියක් ලැබෙනවා. ඒ දැනෙන ආදරේ හැටියක් ! 🖤

_________________________________🍃🤍

#සදෙව්

Copied

09/07/2025

පොසොන් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් Ceylon Gold store වෙතින් ඔබ වෙත ගෙන එන සදහම් පණිවිඩය.🙏🙏

උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති.

🔹උත්‍ථාන (සංඛ්‍යාත වීර්‍ය්‍ය) යෙන් යුක්ත වූ, (කුදු මහත් කටයුත්තෙහි) එළඹ සිටුනා සිහි ඇති, නිර්දෝෂ කායකර්‍මාදිය ඇති, (සියලු කටයුතු) පරීක්‍ෂා කොට කරන සුලු වූ, සංයත වූ කායවාක්කර්‍ම ඇති, ධාර්‍මමික ජීවිකායෙන් ජීවත් වන්නාවූ, (කෘෂිවණික්කර්‍මාන්ත රාජසේවාදියෙහි) අප්‍රමත්ත වූ, පුරුෂයාගේ (ඓශ්චර්‍ය්‍ය භොග පරිවාර සම්මාන සංඛ්‍යාත වූ ද කිත්තිවර්‍ණ සංඛ්‍යාත වූ ද) යශස (ඔදවැඩි) මුහුද මෙන් වඩනේ ය.

ඔබ සැමට පින්බර පොසොන් පෝය දිනයක් වේවා...!!!🙏🙏🌕

කෝටිපතියෙකුගේ බිරිඳක් වීමට උත්සහා කරන කාන්තාවට වඩා තම සහකරු කෝටිපතියෙකු කිරීමට උත්සහා කාන්තාව උතුම් 🥰
09/07/2025

කෝටිපතියෙකුගේ බිරිඳක් වීමට උත්සහා කරන කාන්තාවට වඩා තම සහකරු කෝටිපතියෙකු කිරීමට උත්සහා කාන්තාව උතුම් 🥰

Address

Gampaha
11880

Alerts

Be the first to know and let us send you an email when Knowledge Infinity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Knowledge Infinity:

Share