My page

My page ���������������

Permanently closed.
28/08/2023

සමහර වෙලාවට,
අපිට කාලයට ඉඩ දීලා බලන් ඉන්න ම වෙනවා!"😌💙

දන්නවද ඒකපාර්ශ්වීය ආදරය හරි සුන්දරයි 😊ඒ වගේමයිවෙලාවකදි ඒ ආදරේ දරුණු ගින්දරක්..😣මැණික,එදා අපේ උන ආදරේ අද මගේ විතරක් වෙද්ද...
05/09/2021

දන්නවද
ඒකපාර්ශ්වීය ආදරය හරි සුන්දරයි 😊
ඒ වගේමයි
වෙලාවකදි ඒ ආදරේ දරුණු ගින්දරක්..😣

මැණික,
එදා අපේ උන ආදරේ අද මගේ විතරක් වෙද්දි..💔
දාලා ගිය උඹව අත්හරින්න කියල මොලය යටිහිතට බලකරද්දි..💔
මගේ කියපු ආදරේ ඉස්සරහ මන් පිටකෙනෙක් වෙද්දි..💔
අමතක කරන්න බැරි මතක ගොන්නක් විටින් විට හදවත අවුලවද්දි..💔
මන් මගෙත් එක්කම ‍යුද්ධ කරේ,
මේ ආදරේ හදවතේ මරල දාන්න නෙවෙයි
උඹෙයි මගෙයි මතක විතරක්ම තුරුළු කරගෙන
ජීවිතේ තනියම ඉස්සරහට ගෙනියන්න...❤

අද නැතිවට හෙට අඩුවෙයි කියල හිතුවට
මේ දුකත් හරියට බාලගිරි වගේ..
නැතිවෙන දවසක්නන් පේන මානෙක නෑ..

ඉතින් පණ,
හිතේ තියන පුංචි හැඟීමක් ලියල තියන්නම් උඹ වෙනුවෙන් ✍😌

දවසක,
උඹ ආපහු නොආවොත් මන් තරහ නෑ..
ඒත්
උබට තුරුළු වෙලා මේ දුක පිටකරගන්න
මට එකම එක දවසක් ඉඩ ලැබුනොත් ඇති,
මැරෙන්න කලින් එකම එක වතාවක්..❤
ඒක හීනයක්✨️
ජීවිතේ උඩින්ම තියන හරි අමුතු ආසාවක්✨️
ආදරෙයි 👀❤

✍️ Y A S I T H

පරිස්සමට ගෙදර යන්න හොදදගෙදර ගිහින් මැසේජ්  එකක් දාන්නකන්නෙ නැතිව ඉන්න එපා කන්නමගෙන් බැනුම් අහන් නැතිවයන තැනක කියලා යන්න ...
13/08/2021

පරිස්සමට ගෙදර යන්න හොදද
ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න
කන්නෙ නැතිව ඉන්න එපා කන්න
මගෙන් බැනුම් අහන් නැතිව
යන තැනක කියලා යන්න හොදද
මං එපා කියලා තියෙන දේවල් කරන්න එපා
මං ඔයාට ගොඩාක් ආදරෙයි...

ම්ම් අහල ඇති නේ
ආයෙ කියන්නෙ ඕනේ නේ නේද..

උඹට කෙනෙක් ආදරේ කරනව නම්
එයාට උඹ නැතිව ජීවත් වෙන්න බෑ කියලා කියනව නම්
උඹ ගැන නිතරම හොයනව නම් උඹව පරිස්සම්
කරන්න නීති දානව නම්
උඹටම එයාව වදයක් කියලා හිතලා
උඹ එයාගෙන් ඈතට යාවි
හැබැයි උඹට දවසක තේරෙයි
උඹටත් පාලුවක් තනියකම් දැනෙනවා කියලා
උඹට ඒ දැනෙන්නෙ අර උඹේ පස්සෙන්ම
උඹට ආදරේ කර උඹට වදයක් වෙලා
හිටපු කෙනා නැති ඇඩුව කියලා

ඒ වෙනකොට උඹ එයාව හොයයි
ඒත් මතක තියගනින් ඒ වෙනකොට එයා
උඹ ඉන්න තැනටත් වඩා දුරක් ගිහින් ඉදීවි...

ඒ නිසා කවදාවත් තමන්ට වටිනාකමක් දෙන අයව
අතහැර ගන්න එපා
මොකද පසුතැවෙන්න වෙන්නෙ තමන්ටමයි....
මග ඇරගන්න එපා ඒ වගේ හිතක් ❤🙏

යසිත් ❤️

තාමත්🖤එයාව ගොඩක් මතක් වෙනවදහිතෙනවද ආපහු ආවොත් බාර ගන්නවා කියලා කාටත් හොරෙන් කොට්ටේ තෙත් වෙනකන් අඩලා තියෙනවද...ගැලරියේ ආය...
26/07/2021

තාමත්🖤
එයාව ගොඩක් මතක් වෙනවද
හිතෙනවද ආපහු ආවොත් බාර ගන්නවා කියලා
කාටත් හොරෙන් කොට්ටේ තෙත් වෙනකන් අඩලා තියෙනවද...
ගැලරියේ ආයෙමත් බලන් නෑ කියලා හංගන් ඉදපු
එයාගේ photo බලල තාමත් හූල්ලනවද...

මහා ගොඩක් බලාපොරොත්තු දීලා
කියන්න පුලුවන් සුරංගනා කතා සේරම කියලා
උඹ නැති වුණොත් මං මැරෙයි කිව්ව කටින්ම
මට උබව එපා කියලා ගියා නෙද මැණික

ලෝකේම කඩාගෙන වැටුණා වගේ හැගීමක් දැනෙන්න ඇති
කවුරු ළඟ හිටියත් එයා නැති අඩුව පාලුව දැනෙන් ඇති
උඹ කොල්ලෙක්නං සිහියක් නැති වෙනකන් බොන්න ඇති
කෙල්ලෙක්නම් මහා රෑ එලි වෙනකන් කොට්ටේ තෙත් වෙනකන් අඩන්න ඇති

හැබැයි |

ඔය කදුලුවත් වේදනාවත් උන් දකින් නෑ
දැක්කත් උන්ට වැඩකුත් නෑ
මොකද එහෙම දුක් වෙන්න හැගීමක් තිබ්බනං
උඹ ඔහොම අඩන්න ඕනීද
එහෙනන් හිනාවෙනවා නේද?....

ඒත් මම දෙයක් කියන්නද

හිතින්_යන_අය_අතින්_අල්ලා_නවත්නට_බෑ"

ඒත්,
සතුටු වෙන්න ඔයාගේ ආදරේ හරි පිරිසිදුයි කියලා

හිනා වෙලා දරාගනින් මැණික
මොකද කාටවත් උබේ වේදනාව තෙරෙන්නේ නෑ එයාලට විහිලුවක් විතරයි
ඒ නිසා ලෝකයා ඉදිරියේ හිනා වෙලා ඉන්න
ඒ හිනාව තමා රිද්දන්න පුලුවන් එකම ආයුදය🌸

බුදුසරණයී 🙏

Credits goes - යසිත් 🌸🖤

25/07/2021

💔😢😬

කොල්ලෙක් කොච්චර වැරදි කලත්දාලා යන්නේ නැති කෙල්ලෝ නැද්ද?කොල්ලා පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැත්නම් ඌ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?ම...
25/07/2021

කොල්ලෙක් කොච්චර වැරදි කලත්
දාලා යන්නේ නැති කෙල්ලෝ නැද්ද?

කොල්ලා පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැත්නම් ඌ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?

මොන තරම් දේවල් කියලා බැන්නත් සීරුවෙන් ඒවා අහන් ඉදලා ලං වෙන්න චාටු බස් කියන කෙල්ලෝ නැද්ද?

අත් හරින්න හේතු දාහක් තියෙනකොට
මොන හේතුව ආවත් ඒ හිත මත්තෙම නැහි නැහි ඇලි ඇලි ඉන්න කෙල්ලෝ නැද්ද?

වටේ ඉන්න මිනිස්සු මොන දෙවල් කිව්වත්
ලෝකයක්ම විවේචනය කලත්
අම්මෙක් වගේ ලගින්ම ඉන්න කෙල්ලෝ නැද්ද?

බොරු දේවල් වලට රංඩු වෙලා වරු ගනන් තරහ වෙලා ඉදියත්
ඊලග වරුවේ ඉදන් ආදරෙන් ඉන්න කෙල්ලෝ නැද්ද?

කොච්චර සල්ලි තිබුනත්
කොච්චර ඇග කද තිබුනත්
කොච්චර ලස්සන හැන්ඩියෝ දැක්කත්
ඉන්න එකාගේ ගුණ වර්ණනනා කර කර තාත්තෙක් වගේ උගේ පස්සෙන් ඉන්න කෙල්ලෝ නැද්ද?

මහ රෑ දෙගොඩහරියේ ගමනක් බිමනක් ගියත්,
උඹ ඇවිත් නිදා ගනින්
මම නිදා ගන්නවා කියන කෙල්ලෝ අතරේ
ඌ එනකම් ඇහැක් පිය වන්නේ නැතුව
ෆෝන් එකේ චාර්ජ් බැහැලා ඕෆ් වෙනකම් කෝල් කර කර වද දෙන කෙල්ලෝ නැද්ද?
කොහේ ගියත් පරිස්සමින් ගෙදර යනකන් හිතේ ගින්දරින් අම්මෙක් වගේ බලන් ඉන්න කෙල්ලෝ නැද්ද?
උඹට ඒක වදයක් කරදරයක් වගේ
පෙනුනත් ඒක තමයි ඒකිගේ ආදරේ

මට උඹ එපා,
මගෙන් ඈත් වෙයන් කිව්වාමත්,
නෑ මං යන්නෑ කියලා උෟ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?

තමන්ගෙ සතුට දියුණුව
විතරක් හොයන කෙල්ලෝ අතරේ
උඹගෙ සතුටයි දියුණුවයි දකින්න කැමති කෙල්ලෝ නැද්ද?

ලෝකෙම උඹ වැරදියි කිව්වත්
උඹ මත්තෙම නැහෙන ලෝකයක් ඉස්සරහ උඹ හරියි කියලා ඔප්පු කරන්න දඟලන කෙල්ලෝ නැද්ද?

උඹට බැහැ කියල අතෑරල දාන්න හිතපු දේවල් නැහැ ඒක ඔයාට පුළුවන් කියලා උඹට ශක්තියක් උන කෙල්ලෝ නැද්ද?

එපා කිව්වම වෙන උන් ලග හුරතල් වෙන කෙල්ලෝ අතරේ මට වෙන එකෙක් එපා උඹවමයි ඕනි කියලා උඹ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?

ඉන්නවා,

ඉන්න එකා යකෙක් උනත් ඇත්තටම ආදරේ එකී උෟ ලග ඉන්නවා
යන එකී දෙවියෙක් ලග හිටියත් යනවමයි

කොටින්ම කිව්වොත්
උඹට හොදනම් මට බැරිද
කියන කෙල්ලෝ අතරේ
කොච්චර මොන දේ කලත් ඌ එක්කම දීග යන්න බලාගෙන ඉන්න කෙල්ලෝ ඉන්නවා,

දැන් පොඩි වැරැද්ද කලත්
ලොකු වැරැද්දක් කලත්
මොන දේ කලත්
වටේ එවුන් එක්ක හුරතල් වෙන කෙල්ලෝ අතරේ
ඒ හැම දේම අමතක කරලා තව එකෙක්ට හිමීට හේත්තු වෙන කෙල්ලෝ අතරේ
අර කිව්ව වගේ කෙල්ලෙක් ලබන්න පිං කරන්න ඕනි,

මොකද

අද කාලේ ගොඩක් ආදර කතා එහෙමයි

මුලදි හායි
මැදදි රහයි
අන්තිමට තරහයි

දැන් උඹලා කියයි කොල්ලා කොච්චර වටේ ගියත් අපි බාර ගන්න ඕනිද
ඌට හොදනම් ඇයි අපිට බැරි කියලා නිදහසට කාරනා කියයි,

ඒත් එදා සිද්ධාර්ථ කුමාරයා යශෝදරාව
තනි කරලා හොර රහසේ ගිය වෙලාවේ
එදා යශෝදරාව දැන් උඹලා ඔය කරන දේවල් කලාද?

යශෝධරා දැන සිටියා මතු යම් දිනෙක
බැදීම නිමවෙනවා කියලා
ඒත් ආදරේ නාමයෙන් කිසිදා

හැර ගියාද
තනි කලාද
විවේචනය කලාද

හදවතින් තට්ටු කරලා අහපන්,

කොච්චර හේතු කාරනා තිබුනත්
ආදරේ නාමයෙන්
ඒ හැම දේම ඉවසගෙන ඉදියා නේද?
උඹ ඒකිට කොච්චර බැන්නත් අපහාස කරත් ඒකි ඒ හැම දේම එක හිනාවකින් අමතක කලේ නැද්ද?
උඹ කොච්චර ඒකිට නපුරුකම් කලත්
ඒකි ඒවා ඉවසුවේ නැද්ද?

ඔව් අදත් ඉන්නවා
යශෝදරාව කුලේ ගැහුනු
තාමත් හූල්ල හූල්ල එක ආදරයක් මත්තෙ නැහෙන,
ඒ ආදරේ වෙනුවෙන් තාමත් බලාගෙන ඉන්න,
පිරිමි සීයක් දැක්කත් සත පහකට ගනන් ගන්නේ නැති,
ගැහැණු ඕනි තරම් ඉන්නවා,

ආදරේ තිබ්බේ,
උඹට බැරිනම් මට බැරි නෑ කියන තැනවත්,
වටේම එවුන් අල්ලගෙන හුරතල් වෙන තැනවත්,
වැරදි හොය හොය තමන් නිවැරදි කාරයෙක් කර ගන්න තැනවත්,
බලෙන් තියා ගන්නේ නෑ යන්න ඕනිනම් යන්න පුලුවන් කිව්ව තැනවත්,
උඹට එපානම් මටත් එපා කිව්ව තැනවත්,
දුක අමතක කරන්න තව එකෙක් ගාවට ලං වෙච්ච තැනවත් නෙවෙයි,

ආදරේ තිබ්බෙම එක හිතක් මත්තේ නැහි නැහි ඇලි ඇලි ඉදලා
ඒ හිත මත්තෙම සැනසිලා
හිත් දෙක අල්ලගෙන සංසාරෙන් එතෙර කරපු තැන විතරමයි!

Credits goes - යසිත් 🌸🖤

හැමෝගෙම ජිවිතේට කාලෙකදි මුනගැහෙනවා...හිතාගන්නවත් බැරි අපූරූ මිතුරෙක්...සමහර වෙලාවට එයා තමන්ගෙම කෙනෙක් කියලා හුගාක් අයට ද...
24/07/2021

හැමෝගෙම ජිවිතේට කාලෙකදි මුනගැහෙනවා...
හිතාගන්නවත් බැරි අපූරූ මිතුරෙක්...
සමහර වෙලාවට එයා තමන්ගෙම කෙනෙක් කියලා හුගාක් අයට දැනෙනවා ..
එකම උදරය කඩාන් ආවා වගේ දැනෙනවා...
එකම ලෙයක් ශරිරයේ දිවුවෙ නැතිවට...
සමහර ආත්මයන් අපේම ලේ වලින් හැදුනා වගේ දැනෙනවා...
ඒක අහම්බයක්..
ඒත් ඇත්තටම ලස්සන බැදීමක්...
මොකද මේ ලෝකේ පිට කෙනෙක් තමන්ගෙම කෙනෙක් කරගන්න මිනිස්සූ දුලබයි ...

ඒත් ,
ඒ හමුවීම් ඇතුලේ හිනාව
ආදරය...
කරුනාව
මහාමෙරක්...
සහොදරයෙක්ගේ සෙනෙහසට සම කරන්න පුලුවන් අසීමිත සෙනෙහසක්...

කවදාවත් ඒක මිලින වෙන්නේ නෑ...
ඒ හැගීමට වචන නෑ...
යාලුවෙක් කියන්නත් බැ....
ඒක ලස්සන කතාවක් !

හොදම යාලුවා කියන්නේම ලස්සන මතකයක්..
ලස්සන හැගිමක්..

🖤

Credits goes - යසිත් 🌸

තේරුම් ගන්න බැරි නම් ආදරේ නොකර හිටපන් ඒකට කමක් නෑ මහ ලොකුවට ආදරේ කියාගෙන උබ නැතුව එක මොහොතක් ඉන්න බෑ කියාගෙනඒ කාලේ පස්සෙ...
24/07/2021

තේරුම් ගන්න බැරි නම්
ආදරේ නොකර හිටපන් ඒකට කමක් නෑ
මහ ලොකුවට ආදරේ කියාගෙන
උබ නැතුව එක මොහොතක්
ඉන්න බෑ කියාගෙන
ඒ කාලේ පස්සෙ න් වැටීගෙන
ආදරේ කරපු උන්
_
කාලයක් යනකොට
පුදුමාකාර විදිහට වෙනස් වෙන්නෙ .....
_
ආදරේ කියාගෙන ලං උන උන්ම
දැන් තැන් තැන් වල ......
ප්‍රශ්නයක් උනාම දෙපැත්ත ට වෙලා
බොරුවට විදවනවා....
ඉස්සෙල්ලා
කතා බහ කරන්නේ කවුද කියලා
ඒකෙත් දෙප රැන්ද......
මිනිස්සුන්ට ආදරේ කරන්න
මහ ලොකු දේවල් ඕන නෑ .....
_
හිතේ සතුටයි , ඔලුවේ නිදහසයි තිබ්බනම්
හොදටෝම ඇති ......
ඒ දේ නැති තැන් වලින්
මිනිස්සු ඉක්මනට අයින් වෙනවා.........
_
සමහරක් මිනිස්සු
ආදරේ නොකර
තනියම ඉන්න හේතුවත් ඕක...
මොකද ඔලුවේ
නිදහස නැති වෙනවට වඩා
පාඩුවෙ තනියම ඉන්න එක දහසක් වටිනවා..
_
ආදරේ කරන්න ඕන ...
හැබැයි තේරුම් ගන්න බැරි දෙයක්
තියෙනවා නම්
ඒකට රණ්ඩු වෙන එකවත්
සැක කරන එකවත් නෙවෙයි
_
කතා කරලා විසදගන්න යි ඕන ....
-* හිතේ තියන්
සැක කරලත් වැඩක් නෑ .....
* සැක කරන කෙනෙක් ට
ඒ පහදලා සැකේ නැති නොකරත් බෑ .....
_
ඒ දෙකම
කරන්න ඕන ආදරේ කරන ම අය....
නැති නම්
අවසානයේ දෙන්නාම දෙපැත්තක .......
_
ඒකත් බොරුවට හිතින් විදව විදව විදව .....
හුගක් මිනිස්සු
දෙපැත්තකට වෙලා විදවන්නෙ ....
_
තාමත් ඒ අයට
තමුන්ගේ දේ හරියට
තේරුම් ගන්න බැරි කමයි
කියාගන්න බැරි කමයි හින්දා
Credits goes - යසිත් 🌸🖤

"ප්‍රේමය කියන්නේ ලැබීම් නොලැබීම් අතරේදෝලන වන දෙයක් වෙන්න පුලුවන් හිතට ඇතිවන හැගීමක්ලබා ගන්න තැත්කිරීමක් වුනත් වෙන්න පුලු...
23/07/2021

"ප්‍රේමය කියන්නේ

ලැබීම් නොලැබීම් අතරේ
දෝලන වන දෙයක් වෙන්න පුලුවන්

හිතට ඇතිවන හැගීමක්
ලබා ගන්න තැත්කිරීමක් වුනත් වෙන්න පුලුවන්

හිමි වීමක් වෙන්නත් පුලුවන්

ඔය කොහොම උනත් ප්‍රේමය තිබ්බෙම වැඩි පුර නොලැබුන තැන් වල
හමු වෙලා අත් හැරුන හිත් වල
තාමත් මගේ වෙයි කියලා මග බලන්
ඉදපු ඇස් වල
මතක මහ කදු ගනන් පුරෝගෙන
ඉදපු පපු වල

ඔව් ප්‍රේමය තිබ්බෙම
අහිමි වෙච්ච තැන් වල..

ඒ නිසා මහ ලොකුවට ප්‍රේමය
ගැන හිතන්න ඕනි නෑ

මේ සංසාර චක්‍රයේ කොයි තරම්
සැරි සැරුවත් උරුමනම් මතුයම්
දිනෙක හමු වනවා
අයිති නැත්නම් අත් හැරෙනවා

ඒක පෘතක්ජන මිනිස්සු විදියට අපි ඒ ටිකවත් දැන ගන්න ඕනි.එතන වෛරයක් කවදාවත් තියෙන්න බෑ.මොකද ආදරේ කරපු මිනිහෙක්ට කවදාවත් කිසිම විදියකින් වෛර කරන්න බෑ.එහෙම වෛර කරනවනම් එතන කොහෙත්ම ආදරයක් තියෙන්න විදියක් නෑ..ඒ නිසා අත් හැරුනත් අපි කෙලවර වෙන්න ඕනි ආදරෙන් තමා.ඒ කියන්නේ අපි නවතින්න ඕනි වෛරයක් නැතුව..

ජීවිතේ ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා
නොලැබෙන්න තියෙන දේවල් නොලැබෙනවා

නොලැබුනා කියලා එකම තැන ඉන්න ඕනි කියලා නියමයක් නෑ.ආදරේ ඇති තැනක ඔයා වගේම ඔයා බලාපොරොත්තු වෙන තැනකට ඔයාට අයිතියක් තියෙනව.මොකද හැම මිනිහම ආසයි ආදරේ කියන හැගීම එක්ක හැම වෙලාවෙම ජීවත් වෙන්න..

ඒ නිසා ආදරේට ඔහේ වහින්න දෙන්න
ඔයා ඒ වැස්සට තෙමෙන්න

හිත් අමනාපකමකින් ඈත් වෙන්නේ නැතුව
හිත් මනාපයෙන් ඈත් වෙන්න..

එතකොට ඔයාටත් සැනසීමක්
අනෙත් පාර්ශවයටත් සැනසීමක්

ඔයාගේ ආදරේට ගෞරවයක්..

- යසිත් 🎨❤️

මානසික රෝහලක සිතුවම්🎨😞
22/07/2021

මානසික රෝහලක සිතුවම්🎨😞

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when My page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share