Chithrakatha

Chithrakatha ශ්‍රීලාංකික චිත්‍රකතාවේ වෙබ් අවකාශය! සිත්තරා

ඔන්න එයා එනවා ළඟදීම නිකුත්වන චිත්‍ර කතා  පොත ෂා  publication වෙතින්
20/08/2025

ඔන්න එයා එනවා
ළඟදීම නිකුත්වන චිත්‍ර කතා පොත
ෂා publication
වෙතින්

08/08/2025

Next month

Onna jagro 3 enawa..sadde natiwa wada kida pennapu waddek
10/07/2025

Onna jagro 3 enawa..
sadde natiwa wada kida pennapu waddek

ඔයා ඕනෑම විදිහක social media content කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයා නොකල යුතුම දෙයක් තමා මුලින්ම යාලුවෝ හරි, කොයි විදි...
06/07/2025

ඔයා ඕනෑම විදිහක social media content කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයා නොකල යුතුම දෙයක් තමා මුලින්ම යාලුවෝ හරි, කොයි විදිහකින් හරි ඔයාව සැබෑ ලෝකේ දන්න අයට invite කරලා add කර ගන්න එක. හේතුව මෙන්න මේකයි.

ඔයාලා අහලා තියෙනවනේ algorithm (ඇල්ගොරිතම්) කියන එක. දැන් කාලේ content අති විශාල ප්‍රමාණයක් තියෙන නිසා social media හැම එකක්ම ගොඩක් සංකීර්ණ ඇල්ගොරිදම් පාවිච්චි කරනවා අපි දාන ඕනෑම විදිහක content එකක්, ඒ කියන්නේ අකුරු විදිහට ලියපු කවියක්, සින්දුවක්, කතාවක්, හෝ ඕනෑම ලියමනක්, පින්තූරක් විදිහට දාන දෙයක්, වීඩියෝවක්, යනාදී ඕනෑම දෙයක්, කොච්චර හොඳද, ඒක ගොඩක් අයට පෙන්නන්න ඕනෙද, එපාද, වගේ දේවල් තීරණය කරන්නේ ඔය සංකීර්ණ ඇල්ගොරිතම් එකෙන් දත්ත බොහෝමයක් සලකා බලලා.

එතකොට යාලුවෝ හෝ අදුරන අය එකතු කර ගත්තාම මොකද වෙන්නේ?

ඔයාලා පේජ් එකක් හෝ චැනල් එකක් හදාගෙන, මුලින්ම පවුලේ අය, යාලුවෝ, අඳුරන අය රොත්තකට ඕක යැව්වම වෙන්නේ, එයාලා ඔයාව ෆලෝ කරන්න ගන්නවනේ. ඉතින් ශෝයි කියලා හිතෙනවද? ඇත්තටම වෙන්නේ මේකයි.

ඔය ගොඩක් අය ඔයා යමක් කරන එකට ඊරිසියයි හෝ ඔයා කරන දේවල් වලට වටිනාකමක් දෙන්න අකමැතියි හෝ ඔයාගේ content වලට කැමති නෑ
එයාලා ඔයාව ෆලෝ කරන්නේ, එක්කෝ බෑ කියන්න බැරි කමට, නැත්තං ඕපා දූපේ බලා ගන්න ඕනේ කමට.

එතකොට, ඔයා මොකක් හරි පෝස්ට් කරපුවහම වෙන්නේ, ඔයාගේ ඔය මුල් ෆලෝවර්ස් ලා හරි සබ්ස්ක්‍රයිබර්ස් ලා විදිහට ඉන්න යාලුවොයි, අඳුරන එවුනුයි, ඔයා දාන එක බලන්නෙත් නෑ, දැක්කත් රිඇක්ට් නොකර නිකං ඉන්නවා. එතකොට ඇල්ගොරිදම් එක හිතන්නේ ඔයාගේ කොන්ටෙන්ට් එකේ අවුලක් කියලා, ඒක තව අයට පෙන්නන එක අඩු කරලා හරි නවත්තලා හරි දානවා. ආයේ මලාට ඔයාගේ පේජ් එක හරි චැනල් එක හරි එතනින් එහාට වර්ධනය කර ගන්නවා බොරු.

ඔයා සිරාවට මහන්සිවෙලා කොන්ටෙන්ට් හදන serious content creator කෙනෙක් නම්, නිකමට වත් දන්න අඳුරන අයව මුලින් add කර ගන්න එපා. ඔයාට ඕනේ ඇත්තටම ඔයාගේ වැඩවලට කැමති, ඉස්සරහට දිගටම ඒවා බලන්න කැමති genuine fan base එකක්. ඉතින් හෙමීට ඔයාගෙම ෆෑන්ස් ලා ටිකක් එකතු වෙනකල් ඉවසීමෙන් බලන් ඉන්න. එයාලා තමයි දිගටම ඔයා දාන එවා බලන්නෙත්, ඒවට රිඇක්ට් කොමෙන්ට් කරන්නෙත්, ශෙයා කරන්නෙත්. එතකොට තමා ඇල්ගොරිතම් එක හිතන්නේ, ඔයාගේ කොන්ටෙන්ට් හොඳයි කියලා, ඒවා තව අයට පෙන්නන්නේ.

මුල වැරදුනොත්, මං වගේ සදා කෙලවෙලා, හදා ගත්ත පේජ්, චැනල් අත අරින්ඩත් බැරි, මුල ඉඳලා ආයෙත් කරන්නත් බැරි තැනකට ඇවිත්, බකංනිලං ඉන්ඩ තමා වෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ.

-එන්ඩී-
උ.ගැ

PreOder 70,80,90 දශකයන් තුළ ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනාදරයට පත් එම චිත්‍ර කතා රසය නැවතත් ඔබ වෙත...ප්‍රවීණ පරිවර්ත...
13/06/2025

PreOder

70,80,90 දශකයන් තුළ ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනාදරයට පත් එම චිත්‍ර කතා රසය නැවතත් ඔබ වෙත...

ප්‍රවීණ පරිවර්තක එස්.චන්ද්‍රසිරි දසනායක මහතාගේ පරිවර්තනයකි.

ජුනි මස 16 දින නිකුත් වේ.

අයුක්තියට එරෙහි සටන් වදිනා දෑස් බැදි සුපිරි තරුව
පැන්ටම්
Phantom

පිටු - 186
මිල - 950/-
20% වට්ටමෙන් පසු මිල - 760/-

* 20% වට්ටමක් සහිතව බෙදාහැරීම (ගාස්තු අයකෙරේ )


පොත් ඇණවුම් කළ හැකි ක්‍රම

0760569132 දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් යොමු කිරීම

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit)
📍
www.malithi.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අන්තර්ජාල හරහා ඇණවුම් ලබා දීම.

https://malithi.lk/Books/pantom/

📌
(A-B පැන්ටමි කවර වර්ග 2න් ,ඔබ කැමති කවරයකින් ,ඔබට ලබා ගත හැක)

PreOder 70,80,90 දශකයන් තුළ ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනාදරයට පත් එම චිත්‍ර කතා රසය නැවතත් ඔබ වෙත...ප්‍රවීණ පරිවර්ත...
05/06/2025

PreOder

70,80,90 දශකයන් තුළ ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනාදරයට පත් එම චිත්‍ර කතා රසය නැවතත් ඔබ වෙත...

ප්‍රවීණ පරිවර්තක එස්.චන්ද්‍රසිරි දසනායක මහතාගේ පරිවර්තනයකි.

ජුනි මස 16 දින නිකුත් වේ.

අයුක්තියට එරෙහි සටන් වදිනා දෑස් බැදි සුපිරි තරුව
පැන්ටම්
Phantom

පිටු - 186
මිල - 950/-
20% වට්ටමෙන් පසු මිල - 760/-

* 20% වට්ටමක් සහිතව බෙදාහැරීම (ගාස්තු අයකෙරේ )


පොත් ඇණවුම් කළ හැකි ක්‍රම

0760569132 දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් යොමු කිරීම

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit)
📍
www.malithi.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අන්තර්ජාල හරහා ඇණවුම් ලබා දීම.
📌
(A-B පැන්ටමි කවර වර්ග 2න් ,ඔබ කැමති කවරයකින් ,ඔබට ලබා ගත හැක)

චිත්‍ර කතාවට අලුත්ම කෙනෙක් ජැග්රෝ.....මොණරාගල, බුත්තල  පොත් ප‍්‍රදර්ශන ඉවරවෙලා ගෙදරට එනකොට ජැග්රෝ චිත්‍ර කතා පොත ගෙදරටම ...
04/02/2025

චිත්‍ර කතාවට අලුත්ම කෙනෙක් ජැග්රෝ.....

මොණරාගල, බුත්තල පොත් ප‍්‍රදර්ශන ඉවරවෙලා ගෙදරට එනකොට ජැග්රෝ චිත්‍ර කතා පොත ගෙදරටම ඇවිත් තිබුනා....පොතේ හුරුබුහුටි බව දැක්කම සියලුම වැඩ නවත්තල පොත බලන්න හිතුනා.....
රංග රනිල් සුගතපාල චිත්‍ර කතාවට අලුත් නමක්....අලුත්ම පරපුරේ චිත්‍ර ශිල්පියෙක්....
ඔහුගේ උත්සාහය සාර්ථකයි...පොත ලස්සනට කරල තිබුනා..සෑහෙන්න මහන්සි වෙලා ඇදල තිබුනා..හොදම දේ චිත්‍ර කලර් කර ඇත්තේ අතින් පාට කරල.....වර්ණ ගැන්වීම හරිම ලස්සනට කරල තිබුනා..මම නිමන්සා එකෙන් පොත් විශාල ගනනක් කරල තිබුනත්
වර්ණ පොත් දෙකක් විතරයි කරල තිබුනේ...
අනුර ශ්‍රී නාත් ගේ සිංහයා,ඉතිහාස ගත චරිත පොත් දෙක...රනිල් පලවෙනි පොතම වර්ණයෙන් ඉදිරිපත් කිරීම හුඟක්ම සාර්ථකයි...හුඟක්ම ආඩම්බරයි....
මට චිත්‍ර කතා රසිකයෙක් විදිහට තියෙන එකම ප්‍රශ්නය කතාව ඉවර නොවීමයි...
දෙවෙනි කොටස ලගදීම එන බව දන්වා ඇත.
රනිල්ට ඉක්මනින්ම දෙවන කොටස කරන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි...
රනිල් ඔබට සුබම වේවා...චිත්‍ර කතාවෙහි දිගුගමනක් යන්න ලැබේවා....
උ.ගැ. Nimansa publication
(Wasantha paranavithana)

Onna 2025 taChithrakatha pothak JAGRO
25/01/2025

Onna 2025 ta
Chithrakatha pothak
JAGRO

Mokakkda me ???Ikmanin danaganna puluwan oyalata
25/01/2025

Mokakkda me ???
Ikmanin danaganna puluwan oyalata

පාට පාටින් දැක්ක හීනයක්...අනුව දශකයේ රුපවාහිනියේ විකාශනය උන රොබින් හුඩ්ට අපි කවුරුත් කැමතියි. ටක්. ලිට්ල් ජෝන්, නසියර්, ...
02/09/2024

පාට පාටින් දැක්ක හීනයක්...

අනුව දශකයේ රුපවාහිනියේ විකාශනය උන රොබින් හුඩ්ට අපි කවුරුත් කැමතියි. ටක්. ලිට්ල් ජෝන්, නසියර්, මැරියන් , විල් විතරක් නොවේ ෂෙරිෆ්, ගිස්බන් අපි කාටත් මතකයි.

එම චරිත ඒ අකාරයෙන්ම ඇඳි චිත්රකතාවක් එකල ජනප්‍රිය උනා. ඇත්තටම රොබින් හුඩ් කලෙක්ටර්ලා අතරේ ගොඩක්ම රෙයා පොතක් ඒක. ඉතින් සතුටට කාරණයක් එම පොතේ සිංහල පරිවර්තනයක් නිකුත් වෙනවා. අපිට හුරුපුරුදු එම රුප ඔන්න අපිට සමීපව අත්දකින්න නැවත අවස්ථාවක් ඇවිත්.

අපේ ජනප්‍රිය පරිවර්තකයෙක් වෙච්ච මංජුල දිසානායක මහතාගේ පරිවර්ත්නයෙන් වර්ණ පිටුවලින් එම චිත්‍රකතාව නුදුරේදීම ඔබට කියවන්නට හැකි වෙනවා.

-----------------------

90 දශකයේ ලාංකීය රුපවාහිනි ලෝලීන් ගේ උන්මාදය වූ
ලොව ප්‍රසිද්ද ROBIN OF SHERWOOD රුපවාහිනි කතාමාලාව
ආශ්‍රයෙන් නිර්මාණය වූ සුප්‍රසිද්ද චිත්‍රකතාව

"ශර්වුඩයේ රොබින්" - (වර්ණ පිටු 80ක්)
මිල - 750/=
වට්ටම - 20%
වට්ටම අඩුකළ මිල - 600/=
ගෙන්වා ගැනීමට තැපෑලට රු 200 කි

පරිවර්තනය - මංජුල දිසානායක
ෂා ප්‍රකාශනයකි
සැප්තැම්බර් 29 වනදා නිකුත්වේ

0778432909
මලදී ගැනීම සදහා
වට්ස්ප්
අමතන්න

නැතිනම්ක් ෂා පබ්ලිකේෂන් පෙජයට මැසේජ් කරන්න
https://web.facebook.com/ShaPublications

02/09/2024

!සිත්තරා !
නැවැත්තුවෙ නැ..😁
ලබන මාසෙ මුල ආපහු එනවා 🌞

ලාoකීය ච්ත්‍රකතා හා පොත් කවර ලොවෙ සිටින දැවැන්ත යා🔥💗Master💗බන්දුල හරිස්චන්ද්‍ර මහත්මයාගෙ න් මා ලද ආශිර්වාදය ❤️මාගෙ චුටි ...
29/07/2024

ලාoකීය ච්ත්‍රකතා හා පොත් කවර ලොවෙ සිටින දැවැන්ත යා🔥
💗Master💗
බන්දුල හරිස්චන්ද්‍ර මහත්මයාගෙ න් මා ලද ආශිර්වාදය ❤️
මාගෙ චුටි ප්‍රකාශන ආයතනය වෙනුවෙන් කර දුන් පොත් කවරය තමයි මෙ❤️
එතුමා ඒ ලබා දුන් නිර්මාණ ය සාහිත්‍ය ලොවෙ පොත් කවර වෙනුවෙන් මා ලද ලොකු වාසනාවන්ත අවස්ථාව ක්..
දීර්ග වෙලාවක් එතුමා සමග හා එම මැතිනිය සමග කතා බහ කරන්න ත් ලැබුනා නිදහසෙ...
ඉතින් ඉදිරියෙදි ඒ සාහිත්‍ය ලොවෙ සලකුනක් බදු චරිතයකින් ඔපවත් වු කවරය දැක ගන්න කම් ඉවසන් ඉන්න ...

Address

No 56, Talbet Town
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Chithrakatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Chithrakatha:

Share

Category