28/02/2023
ඔබේ ඇස් වලින් දුටු
ආදරේ පුරවගෙන
සෙනෙහසින් පිරී ගිය
ජීවිතේ බදා ගමි
විරාගී පපුතුරේ
හිස හොවා බෝ පෙමින්
ඔබෙ හදේ රිද්මයට
අයිතිවාසිකම් කියමි
අසීමිත අපරිමිත
ආදරේ කියාදී
මටත් මා අහිමි කළ
ආත්මය ඔබට දෙමි
මගේ පතිවත පුරා
සීරුවට තොල් තියා
ඔබ දුන්නු කිරි සුවද
සදහටම රැක ගනිමි...
අභී!