DataVision computer solution

DataVision computer solution Computer stores and computer repairing
games movie software and all IT solutions

19/08/2026
Offer Today 2026.07.28
28/07/2026

Offer Today 2026.07.28

17/03/2026

තෙල් QR සැකසීම අපෙන්
DATAVISION ගලහ
076 585 0020

කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Predator චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපට...
06/01/2026

කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Predator චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය, Predator: Badlands (2025). මේක නිකුත්වෙන්නේ මේ අවුරුද්දේ ආව Predator සම්බන්ධ දෙවෙනි චිත්‍රපටිය විදිහට.

ඔයාලට මතක ඇති Predator චිත්‍රපටි මාලාවේ මීට මාස කිහිපයකට කලින් නිකුත්වුණ Predator: Killer of Killers (2025) ඇනිමේෂන් චිත්‍රපටියත් මං අරගෙන ආවා.
හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු විදිහට Dan Trachtenberg. රචනය Dan Trachtenberg සමඟින් Patrick Aison.

Sci-fi/Horror ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 47ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට දායකත්වය ලබාදෙන්නේ Elle Fanning, Dimitrius Schuster-Koloamatangi ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

Predator: Badlands කියන්නේ වෙනස්ම විදියෙ චිත්‍රපටියක් මොකද කලින් චිත්‍රපටිවල ප්‍රධාන චරිතයට එරෙහිව වැඩකරන සතුරු චරිතය උන Predator මේකෙදි ප්‍රධාන චරිතය කරලා තියෙනවා. ඒ කියන්නෙ මේ වෙනකන් අපි Predator ගැන දැකපු කෝණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේකෙන්. Predator කියන චරිතය අපි මෙතෙක් දැකලා තියෙන්නෙ අනුකම්පා විරහිත දඩයක්කාරයෙක්, ප්‍රධාන චරිතයට පට්ටම අභියෝගයක් එල්ල කරන චරිතයක් විදියට මිසක් වීරයෙක් විදියට නෙමෙයි. ඉතින් Badlands වලින් අපි කලින් මිනිස්සුන්ගෙ කෝණයෙන් දැකපු Predator වෙනුවට ඩෙක් කියන තරුණ Predator කෙනෙක්ගෙ කෝණයෙන් කතාව බලාගන්න ලැබෙනවා.

Avatar: Fire and Ash එක වගේ චිත්‍රපට හෝල් එකට එන්නේ කොහොමද කියලා දන්නවද? අලුත් ඇවටර් (Avatar: Fire and Ash) එක බැලුවද? ඒ...
01/01/2026

Avatar: Fire and Ash එක වගේ චිත්‍රපට හෝල් එකට එන්නේ කොහොමද කියලා දන්නවද?
අලුත් ඇවටර් (Avatar: Fire and Ash) එක බැලුවද? ඒකෙ තියෙන කොලිටියයි, සවුන්ඩ්ස්වල ලස්සනයි දැක්කම පිස්සු හැදෙනවා නේද? 🤩 ඒත් ඔබ කවදාහරි හිතුවද ඔය තරම් කොලිටි ෆිල්ම් එකක් හෝල් එකට එන්නේ කොහොමද කියලා?
ඒක අපි හිතනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. මෙන්න මේකයි ඒ පිටුපස තියෙන ක්‍රියාවලිය.
අපි සාමාන්‍යයෙන් බලන කොලිටි ෆිල්ම් එකක් 2GB හෝ 4GB වගේනේ වෙන්නේ. ඒත් දැනට හෝල් වල පෙන්නන Avatar: Fire and Ash එකේ IMAX 3D පිටපතක් 1000 GB (1 Terabyte) විතර වෙනවා. ඒ කියන්නේ අපි බලන සාමාන්‍ය ෆිල්ම් 250ක් විතර එකතු කරලා තමයි මේ එක ඇවටර් ෆිල්ම් එකක කොලිටිය හදලා තියෙන්නේ.
මේක Pen Drive එකක දාලා නෙවෙයි එන්නේ. මේක එන්නේ DCP (Digital Cinema Package) කියලා විශේෂ ෆයිල් එකක් විදියට. එක්කෝ මේක විශේෂ ආරක්ෂිත Hard Drive එකක දාලා හෝල් එකට එවනවා. නැත්නම් සැටලයිට් (Satellite) හරහා කෙලින්ම හෝල් එකේ සර්වර් එකට ඩවුන්ලෝඩ් කරනවා.
හෝල් එකේ අයට මේ 1TB ෆයිල් එක ලැබුණා කියලා. ඒක ප්ලේ කරන්න බැහැ. ඒක ලොක් කරලයි තියෙන්නේ. මේක අරින්න ඩිස්ට්‍රිබියුටර්ස්ලා විශේෂ ඩිජිටල් යතුරක් (KDM එකක්) ඊමේල් කරනවා.
ඒ යතුර වැඩ කරන්නේ, අදාළ සිනමා ශාලාවට විතරයි.
හෝල් එකේ තියෙන අදාළ ප්‍රොජෙක්ටරයට විතරයි.
ඒ වගේම නියමිත දවස් ගණනට විතරයි! (කාලය ඉවර වුණ ගමන් ෆිල්ම් එක ආයෙත් Lock වෙනවා).
මේතරම් ආරක්ෂා කරන්න ප්‍රධානම හේතුව තමයි "Piracy" (ෆිල්ම් එක හොරෙන් කොපි කරන එක) නවත්තන්න. අනික අර 1TB සයිස් එක නිසා තමයි අපිට අර වගේ ලස්සනට, පැහැදිලිව තිරයේ ෆිල්ම් එක පේන්නේ.
ලංකාවට එන හැටි.
ලංකාවට මේ වගේ දැවැන්ත ෆිල්ම් එකක් එන විදිය ඇත්තටම වෙනමම ක්‍රියාවලියක්. ඒක ලංකාවේ තියෙන සිනමා ජාල ( SCOP, EAP, PVR, Liberty Cinema) සහ බෙදාහරින්නන් හරහා සිදුවන වැඩක්.
මෙන්න මේවිදිහටයි ඒක වෙන්නෙ.
ලංකාවට ගොඩක් හොලිවුඩ් ෆිල්ම් එන්නේ ඉන්දියාව හරහා. "Walt Disney" (ඇවටර් අයිති ඔවුන්ට) වගේ ලොකු සමාගම්වල දකුණු ආසියානු මධ්‍යස්ථානය තියෙන්නේ ඉන්දියාවේ. ලංකාවේ ඒජන්තවරු (බෙදාහරින්නන්) ඒ මධ්‍යස්ථානයත් එක්ක ගිවිසුම් ගහලා තමයි ෆිල්ම් එක ලංකාවට ගේන්නේ.
කලින් කිව්වා වගේ 1TB විතර වෙන DCP ෆයිල් එක ලංකාවේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන එක ටිකක් අවධානම් වැඩක්.
ඒ නිසා, බෙදාහරින්නන් විසින් ඉතාමත් ආරක්ෂිතව සකස් කරපු CRU Drives (විශේෂිත හාඩ් ඩ්‍රයිව් වර්ගයක්) ගුවන් මගින් ලංකාවට ගෙන්නනවා. මේ හාඩ් ඩ්‍රයිව් එක රේගුවෙන් (Customs) නිදහස් කරගෙන ආවට පස්සේ, ලංකාවේ තියෙන ප්‍රධාන සර්වර් මධ්‍යස්ථානයකට ගෙනියනවා.
අර ලැබුණු හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන ඩේටා, ලංකාවේ තියෙන සිනමා ජාලයේ ප්‍රධාන සර්වර් එකට "Upload" කරනවා.
දැන් ලංකාවේ ප්‍රධාන සිනමා ශාලා (PVR, Colombo City Centre) ෆයිබර් ඔප්ටික් ජාල හරහා සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඉතින් ප්‍රධාන සර්වර් එකේ ඉඳන් ඒ ඒ හෝල් එකේ සර්වර් එකට ලංකාව ඇතුළේ තියෙන ජාලයක් හරහා ෆයිල් එක යවනවා.
සමහර දුර පළාත්වල තියෙන හෝල් වලට තාමත් පොඩි හාඩ් ඩ්‍රයිව් එකකට ෆිල්ම් එක කොපි කරලා බස් එකේ හරි කූරියර් එකේ හරි යවන අවස්ථාත් තියෙනවා කියලත් කියනවා. ඒක ඇත්තද නම් දන්නෙ නෑ.
ෆිල්ම් එක හෝල් වලට යවන්න කලින් අපේ රටේ චිත්‍රපට සංස්ථාවේ සෙන්සර් බෝඩ් එකට පෙන්වන්න ඕන. ඒ අය ෆිල්ම් එක බලලා "ප්‍රදර්ශනයට සුදුසුයි" කියලා සහතිකයක් දුන්නට පස්සේ තමයි හෝල් වල පෙන්වන්න අවසර ලැබෙන්නේ.
ෆිල්ම් එක හෝල් එකට ලැබුණත්, ඒක ප්ලේ කරන්න ඕන "ඩිජිටල් යතුර" (KDM) ඩිස්නි සමාගමෙන් ලංකාවට එවන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්න පැය කිහිපයකට කලින්. ඒක කෙලින්ම ඊමේල් හරහා හෝල් එකට ලැබෙනවා. ඒක නැතුව හෝල් එකේ අයටවත් ෆිල්ම් එක ප්ලේ කරලා බලන්න බැහැ.
ඉතින් ඊළඟ පාර ඇවටර් බලන්න හෝල් එකට ගියපු වෙලාවක, මේ තිරය පිටුපස තියෙන දැවැන්ත තාක්ෂණය ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
- උපුටාගැනීමක් -

Address

Pupuressa Road
Galaha
20420

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 16:00

Telephone

+94765850020

Alerts

Be the first to know and let us send you an email when DataVision computer solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DataVision computer solution:

Shortcuts

Share