31/03/2026
Character Concept Art
ඔබ දකින හැම මතකතබාගත හැකි චරිතයක්ම…
ආරම්භ වෙන්නේ සරල අදහසකින්.
නමුත් ඒ අදහස
මිනිසුන්ට දැනෙන, මතක රැඳෙන, සම්බන්ධ විය හැකි
චරිතයක් බවට පත් කිරීම —
එයයි චරිත සංකල්ප කලායේ සැබෑ බලය.
Character Concept Art කියන්නේ මොකක්ද?
මෙය සාමාන්‍ය චිත්‍ර ඇඳීමක් නොවේ.
මෙය:චරිතය කවුද කියලා නිර්වචනය කිරීම
එහි පෞරුෂය දෘශ්‍යමය ආකාරයට පරිවර්තනය කිරීම
ඉදිරියට යන නිෂ්පාදන ක්‍රියාවලියට පදනමක් සකස් කිරීම
🎬 Film
🎮 Game
📺 Animation
සෑම එකක්ම මෙතැනින් ආරම්භ වෙනවා.
Concept Art = චරිතයේ DNA එක
අපේ නිර්මාණ ක්‍රියාවලිය
අපි භාවිතා කරන ක්‍රමවේදය
industry-level workflow එකක් — අදහසක්
production-ready character එකක් බවට පත් කරන එක.
Research & World Building - පර්යේෂණ
මෙහිදී අපි:
කතාව (Story)
පරිසරය (World)
හැඟීම් (Mood)
ගැඹුරින් විශ්ලේෂණය කරනවා.
මෙය character එක සැබෑ ලෝකයකට අයත් වගේ හැඟෙන්න කරන්නේ.
Ideation & Exploration - අදහස් ගවේෂණය
මෙහිදී:
Quick sketches
Silhouette variations
Form exploration
භාවිතා කරලා
විවිධ design directions explore කරනවා.
මෙය identity එක හොයාගන්න stage එකක්.
Design Refinement - නිර්මාණ සංවර්ධනය
මෙහිදී:
ශරීර ව්‍යුහය (Anatomy)
ඇඳුම් හා උපකරණ
කතාවට සම්බන්ධ විස්තර
අපි refine කරනවා.
හැම detail එකක්ම purpose එකක් තියෙනවා.
Color, Mood & Rendering - වර්ණ, ආලෝකය සහ හැඟීම
මෙය character එකසජීවී වෙන තැන.
මෙහිදී:
Color palette
Lighting & shadow
Material realism
define කරනවා.
මෙය emotion create කරන stage එකක්.
Final Presentation - අවසාන ප්‍රදර්ශනය
අවසානයේ:
Full character artwork
Front / Side / Back views
Expression sheets
deliver කරනවා.
මෙය
3D artists, animators, developers
ලාට official reference එකක් වෙනවා.
හොඳ චරිතයක් නිර්මාණය කරන මූලධර්ම
අපිට වැදගත්:
Story first — හැම design එකක්ම කතාවක් කියනවා
Strong silhouette — ඉක්මනින් හඳුනාගන්න පුළුවන්
Function + Style — ලස්සන වගේම විශ්වාස කළ හැකි
Iteration — හොඳ design එකක් iteration වලින් එනවා
Design එකෙන් Experience එකට
Concept art එක:
Design එකක් පමණක් නෙවෙයි
එය experience එකක ආරම්භය
මෙතැනින් පටන් ගන්නේ:
3D Modeling
Animation
Cinematic storytelling
අවසාන වචන පෙළක් - මා නිතරම විශ්වාස කරන දෙයක් තියෙනවා —
ඇත්ත ලෝකයේ හමුවන සෑම චරිතයකම පිටිපස්සේ ගැඹුරු කතාවක් තියෙනවා.
ඒ කතාව කෙනාගෙන් කෙනාට වෙනස් වුණත්,
ඒවා තුළ අඩංගු වෙන්නේ
හැඟීම්, අත්දැකීම්, පීඩාව, බලය, සහ මිනිස් ස්වභාවයේ සත්‍ය.
කලාකරුවෙක් ලෙස,
මගේ භූමිකාව වෙන්නේ
ඒ මතුපිට පෙනෙන ආකෘතියට වඩා
චරිතයක ඇතුළත සැඟවී ඇති කතාව හඳුනාගැනීමයි.
ඒ සඳහා,
මම ඒ චරිතයේ:
ජීවන රටාව
පෞරුෂය
හැඟීම්
අතීතය
පර්යේෂණ මට්ටමින් ගවේෂණය කරනවා.
ඒ අනුව,
ඒ කතාවේ “ඇද පැළදු” ඉවත් කරමින්,
සත්‍යය සහ ගැඹුර extract කරමින්,
මම නිර්මාණය කරන්නේ
ජීවමානව දැනෙන, හුදෙක් බැලීමට නොව — අත්විඳීමට පුළුවන් චරිතයක්.
මට, කලාකෘතියක් කියන්නේ
ලස්සනක් පමණක් නොවේ.
එය විය යුත්තේ:
මිනිසුන්ට දැනෙන, සම්බන්ධ විය හැකි,
ජීවිතයක් තියෙන නිර්මාණයක්.
එයයි
කලාකරුවෙක් ලෙස
මම දකින මගේ සැබෑ වටිනාකම.
✍️ Artist : Manoj Amarasingha