21/08/2026
🚁🇱🇰 අනාගතය කියන්නේ තාක්ෂණයයි!
ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට ඩ්‍රෝන් කැමරා තාක්ෂණය ඇතුළත් කිරීම තුළින් අපේ දරුවන්ට නවීන තාක්ෂණික ලෝකය ජයගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් ලබාදිය හැකියි.
ඩ්‍රෝන් තාක්ෂණය හරහා දරුවන්ට ව්‍යවහාරික විද්‍යාව, පරිගණක ක්‍රමලේඛනය, රොබෝ තාක්ෂණය, ඡායාරූපකරණය සහ භූගෝලීය අධ්‍යයනය වැනි ක්ෂේත්‍ර රැසක් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. 🎓💻🛰️
ඒ වගේම, අනාගතයේ කෘෂිකර්මාන්තය, සංචාරක ක්ෂේත්‍රය, සිතියම්කරණය, ඉදිකිරීම්, මාධ්‍ය සහ ගුවන් ඡායාරූපකරණය වැනි ක්ෂේත්‍රවල නව රැකියා හා ව්‍යාපාරික අවස්ථා රැසක් නිර්මාණය කළ හැකියි. 🌾🏗️📸
ඩ්‍රෝන් තාක්ෂණය සම්බන්ධයෙන් ආරක්ෂිත සහ වගකීම් සහිත භාවිතය ප්‍රවර්ධනය කරන අතරම, නව පරපුරට මෙම තාක්ෂණය අත්විඳීමට සහ ඉගෙනීමට වැඩි අවස්ථා ලබාදීම කාලීන අවශ්‍යතාවක්.
අද දරුවන්ට තාක්ෂණය උගන්වමු…
හෙට ශ්‍රී ලංකාවේ තාක්ෂණික අනාගතය ඔවුන් අතින් ගොඩනඟමු! 🇱🇰🚁