27/09/2026
ජීවිතේ අපිට හුඟාක් ළං වෙන මිනිස්සු ඉන්නවා...
අපේ සතුට, දුක, රහස්, හීන හැමදේම බෙදාගන්න මිනිස්සු.
එයාලා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා අපිට හිතෙන තරමටම ළං වෙන මිනිස්සු... 🤍
ඒත් ජීවිතේ සමහර තැන්වලදී
අපිට තේරෙනවා, මිනිස්සු කියන්නේ
අපිට ඕන විදිහට හැමදාම අපි ළඟ ඉන්න අය නෙමෙයි කියලා.
කාලයක් අපිට නැතුවම බැරි වෙලා හිටපු කෙනෙක්,
එක දවසක අපිට හුරුපුරුදු නැති කෙනෙක් වගේ වෙන්න පුළුවන්.
එතකොට තමයි...
කොච්චර ආදරේ කළත්,
කොච්චර ලස්සන මතක තිබුණත්,
හැමෝම හැමදාම අපේ ජීවිතේ ඉන්නෙ නෑ කියන ඇත්ත තේරෙන්නෙ.
අන්තිමට තනිවෙන මොහොතක් එනවා.
කාටවත් කියන්න බැරි දේවල් හිත ඇතුළෙම තියාගෙන,
"මට මම විතරයි නේද..."
කියලා හිතෙන මොහොතක්.
🥺❤️🩹