30/04/2020
ජයග්‍රහණයට කැපවූ සියලු දෙනාටම ප්‍රණාමය......
අභිමානනීය වූ ආනන්ද විදුහල් මාතාවගේ යශෝරාවය ඉදිරියට ගෙන යමින් 2019 අ.පො.ස සාමන්‍ය පෙළ සමත් ප්‍රතිඵලය 84.14 % ලෙස ඉහලට ඔසවා ඇති බව සනිටුහන් කරනුයේ ඉමහත්වූ සතුටිනි. එසේම සියලුම දූ දරුවන් වෙත මාගේ සුභාශිංශනයද පිරිනමනු කැමැත්තෙමි.
හර විෂයයන්වල සමත් ප්‍රතිශතය පහත පරිදි වේ .
* බුද්ධ ධර්මය - 92.07%
* සිංහල -93.86%
*ඉංග්‍රීසි -71.86%
*විද්‍යාව -77.23%
*ගණිතය -76.98%
*ඉතිහාසය -89 .78%
මෙම ජයග්‍රහණය සදහා ඇප කැපවී කටයුතු කළ විද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්, අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ මහත්ම මහත්මීන්,හිටපු විදුහල්පතිවරුන්, හිටපු ගුරු මහත්ම මහත්මීන් වෙතත් , නිවැරදි උපදෙස් ලබාදෙමින් අනුශාසකත්වය දැක්වූ ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අසේනි පරණවිතාන මහත්මිය ඇතුළු සියලුම අධ්‍යක්ෂ හා නිලධාරී මහත්ම මහත්මීන් වෙතත්, පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය ,දෙමාපියන් ඇතුළු සියලුම පාසල් ප්‍රජාව වෙතත්, විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ලෙස මාගේ කෘතගුණ පූර්වක ප්‍රණාමය මෙයින් පලකර සිටිමි.
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන විෂයයන් පිළිබඳ යම් ගැටලුවක් හෝ ඔබට දැන ගැනීමට අවශ්‍ය කරුණක් හෝ වෙතොත් පහත දැක්වෙන අංක වලට දුරකතන ඇමතුමක් ලබාදී විමසා බලන ලෙස දන්වමි.
සහකාර විදුහල්පති - ඩි.එච්.ඩි හෙලෙස්මිතා මිය - 0772377409
සහකාර විදුහල්පති කලා අංශ ප්‍රධානී - සමදරා චන්ද්‍රසේකර මිය - 0718081531
විද්‍යා අංශ ප්‍රධානී - කේ.ඩි.එන් අනුරුද්ධික මයා - 071 8080434
වාණිජ අංශ ප්‍රධානී - චන්දිමාල් ගජනායක මයා - 071 8008785
තාක්ෂණ අංශ ප්‍රධානී -පි.එච්.අයි ධනංජය මයා -0719394116
විදුහල්පති,
ගා/ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය,
ඇල්පිටිය.