Alevel jiwithe

Alevel jiwithe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alevel jiwithe, Art, Elpitiya.

😣🙁😯😯❤️
18/02/2020

😣🙁😯😯❤️

අඩේ😂😂
15/12/2019

අඩේ😂😂

Mention karanna 😂😂
03/12/2019

Mention karanna 😂😂

Oyalage yaluwo mention karan yan ❤️❤️🙏
22/11/2019

Oyalage yaluwo mention karan yan ❤️❤️🙏

අවුරුද්දක් පිරුණ ආදරේ සමරන්න එයාගෙ ඉස්කෝලෙ ළඟ මුනගැහුන අපි හෙමින් හෙමින් ටොරින්ග්ටන් එක දිහාට ඇවිදගෙන යන්න පටන්ගත්තෙ වෙන...
18/11/2019

අවුරුද්දක් පිරුණ ආදරේ සමරන්න එයාගෙ ඉස්කෝලෙ ළඟ මුනගැහුන අපි හෙමින් හෙමින් ටොරින්ග්ටන් එක දිහාට ඇවිදගෙන යන්න පටන්ගත්තෙ වෙන යන්න තැනක් නැති නිසා. තාම උසස් පෙළ කරන පොඩි ළමයි වුන නිසා සැරටම ආදරේ කරනවා කියල අනිත් අයට පෙන්නන්න ඕනෙ වුනේ නෑ. ඒක නිසයි විහාරමහාදේවී එක තෝරගත්තෙ නැත්තෙ.

කලින් පාරක් ඓතිහාසික ගොඩනැගිල්ලෙ හෙවණ යට වාඩි වුන වෙලාවක ආරක්ෂක අංශයේ මාමා කිව්වෙ මෙතන කපල් වලට ඉන්න බෑ, පහළට යන්න කියල. අඩුමගානෙ අතින්වත් අල්ලගෙන නොහිටපු වෙලාවක එහෙම කිව්වම රතු වුන මුහුනෙ ලජ්ජාවයි, වැඩිහිටි පරම්පරාව එක්ක තියෙන වෛරයයි හිතේ තියාගෙන පහළ තණකොල ගොඩේ ගහක් යට වාඩිවුනත්, එතන අර ඓතිහාසික ගොඩනැගිල්ලට වඩා ආදරය කරන්න සුදුසු වටපිටාවක් තිබුණා. ආරක්ෂක අංශයේ මාමා එක්ක තිබුන වෛරය මෛත්‍රියකට පෙරළුනේ ඒ විදිහටයි.

ඔය සිද්ධිය මතක් කරමින්ම සහ සිනහවෙමින් අපි ඓතිහාසික ගොඩනැගිල්ල දිහා බලාගෙන තණකොල ගොඩේ ගහක් යට වාඩි වුනා. එන අතරමඟදි කොළඹ කැම්පස් එක හරහා එද්දි දැකපු විප්ලවේ අලවලා තිබුන පෝස්ටර ගැන එකින් එක මතක් කරමින් වර්ෂ පූර්ණ කතාව පටන්ගත්තා.

කොළඹ සාමාන්‍යයෙන් බොහොම රස්නය අධික වුනත්, ගෙදර ගියාම ප්‍රවෘත්ති වලින් අහන්න ලැබුන විදිහට එදා තමයි වාර්තාගත වශයෙන් අවම උෂ්ණත්වයක් කොළඹට පැවතුන දවස. ඒ සීතලත් වෙනදා පායපු සැර අව්වත් නොතිබුන නිසා ඒ වටපිටාව (පොත් වල සහ චිත්‍රපට වල තිබූ ආකාරයෙන්) ආදරය කිරීමට බොහොම ලස්සනට සැරසී තිබුනා.

මලා! අන්න පොලිස්කාරයෙක්!

අපේ දිහාට ඇවිදගෙන එන පොලිස් මාමාකෙනෙක් දැකල ඇහි පිය ගහන ක්ෂණයෙන් අපි දෙන්න දෙපැත්තට විසිවුනේ මුහුදු වෙරළවල් වල, බෝගම්බර වැව රවුමේ අඩු වයසෙන් ආදරය කරපු අය කුදලගෙන ගිහින් ආයෙ දෙමව්පියන්ට බාර දෙන ව්‍යාපෘතිය ගැන ඔළුවෙ තිබුන නිසා. මොහොතක් හරි වෙන් වෙලා ඉන්න එක හොඳයි, ගෙදරට මුකුත් ආරන්චි වෙන එකට වඩා. නිකන් මොකටද ආදරේ නාමයෙන් යුද්ධ කරන්නෙ? අන්තිමට ගඩාෆිට වුනා වගේ බෝක්කුවක් ඇතුළෙ (දේශ)ප්‍රේමය මරාදමන්න තමයි වෙන්නෙ.

ඇත්තටම පොලිස් මාමා ගියේ වෙන වැඩකට. අපිව දැක්කෙවත් නෑ. ගව් ගානක් දුරින් හිටපු අපි හෙමින් හෙමින් ආයෙත් ළං වුනාට පස්සෙ තමයි, වතුර වුන ලේ ආයෙ ලේ බවටම පත් වුනේ.

හොඳ පොලිස් මාමා කෙනෙක් නේද?

ක්ලාස් කට් කරල ඇවිදින්න යන අය, ෆුට්බෝල් ගහන අය, රූපවාහිනී සංස්ථාවට යන එන අය සහ හොඳටම දන්න අඳුරන අය දුරින් යනව දැකලත් කතා නොකර අපි දෙන්න පාඩුවේ කතා කරන්න වුනා. ඇත්තටම වැඩිය කතා කරන්න දේවල් තිබුනෙ නෑ. ඒක නිසා අතින් අල්ලගෙන පැය ගාණක් කරේ අපි දෙන්නගෙ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු කපල් එකේ උදව්වට ඇවිත් පැත්තක ගහක් යටට වෙලා ඔහේ බලාගෙන හිටපු ගෑනු ළමයා දිහා බලාගෙන හිටපු එකයි.

“මොකද කියන්නෙ? මෙතනට එන්න කියමුද?”
“මාර අනුකම්පාවක්නෙ ඔයාට තියෙන්නෙ?”
“ඇයි? අනුකම්පා කරන්න හොඳ නැද්ද?”
“ගෑනු ළමයින්ට අනුකම්පා කරන්න එපා”
“ඒ මොකද?”
“අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න ඉඩ තියෙනවා.”
“ලංකාවෙ කොහෙද භූමිකම්පා?”

“ඔය ඉඳහිට වෙන්නෙ” කියල උත්තරේ නොදී එයා කළේ හිමින් හිනාවෙන එක. වචන කොච්චර බොළඳ වුනත් මේක කියන්නම ඕනෙ, එයා හිනාවෙනකොට හරි ලස්සනයි. ඒත් මගෙ යාළුවො කිව්වෙ එයා හිනාවෙන්න දන්නෙ නෑ කියල. මොකද දහ පාරක් හිනා වෙනකොට නව පාරක් හිනාවෙන්නෙ කට තද කරගෙන. සමහර විට එයාලගෙ ඉස්කෝලෙ සිංහල බෞද්ධ හැදියාවක පාසලක් වුන නිසා ඉගෙනගෙන ඇත්තෙ “සිනා නොමසෙන් දසන් දක්වා” කියල වෙන්න ඇති.

“මට ඔයාව වැඩිය මුනගැහෙන්න වෙන එකක් නෑ ඉස්කෝලෙ පටන්ගත්තම.”
“මටත් මේ අවුරුද්දෙම වැඩ. විභාග තුනක්ම තියේ.”
“අපි දෙන්නට කොච්චර කල් මෙහෙම ඈතට වෙලා ඉන්න වෙයිද?”
“අවුරුදු අටක්?”
“අවුරුදු අටක්??”
“හ්ම්…”
“එච්චර කල් දෙන්නට දෙන්න එපා නොවී ඉන්නෙ කොහොමද?”
“මාත් මේ ළඟදි ඔය කාරණේ කල්පනා කරා. අවුරුද්දක් දෙකක් යද්දිම අපි දෙන්නට දෙන්න ගැන හැමදේම ඉගෙනගන්න නිසා, ආයෙ අමුතුවෙන් දැනගන්න දේකුත් ඉතිරි නොවෙන නිසා අපි දෙන්නට දෙන්න එපාවෙයි”
“අපෝ. එතකොට හරි කම්මැලියිනෙ. මිනිස්සු මොකට ප්‍රාර්ථනා කරනවද මන්ද ආත්ම ගාණක් ඔයාත් එක්කම ඉන්න ලැබෙන්න කියල”
“ඒක ඇත්ත. ආත්ම ගානක් එකම මනුස්සය එක්ක කොහොම ඉන්නද මන්ද? හරි බෝරින්ග් නේ.”
“අපි දෙන්නටත්, අපි දෙන්නව එපා වෙයි නේ?”
“මොකද කියන්නෙ? අවුල් ගිහිල්ල අප්පිරිය වෙලා වෙන්වෙනවට වඩා…”
“…”
“මේ හොඳම කාලෙ වෙන්වෙමු?”
“ඒකත් නරක නෑ. මට එතකොට අර අපෙ ක්ලාස් එකේ සමීරව සෙට් කරගතහැකි.”
“ඒකනෙ. එහෙනම්?”
“හරි.”

S**T HAPPENS! කිව්වලු. ඊට පස්සෙ අපි ආයෙ කතා කළේ නෑ. ඔහේ වාඩි වෙලා බලාගෙන හිටපු එක මිසක්. දෙන්නගෙන් එක්කෙනෙක්වත් අඬන පාටකුත් නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි තැපෑලෙන් වදින්න පටන්ගත්තෙ, මම මෙච්චර කල් හොයපු කෙනා මෙයා කියලත්, මෙයාට වඩා හොඳ කෙනෙක් කොහෙන් හොයාගන්නද කියලත් එකපාර ඔළුවට කල්පනා වුනා. අඬන්න ඕනෙකම තිබුනත්, ඒක හරි බොළඳ අවර ගනයේ වැඩක් නිසාත්, වටේ පිටේ කට්ටිය හිටපු නිසාත්, කඳුළු නම් එලියට ආවෙ නෑ. ඔහොම කතා නැතිව ඉන්න අතරෙ තමයි එක පාරටම හැමදේම අඳුරු වෙනව වගේ දැනුනෙ. වෙන මොකකටවත් නෙවෙයි. එයාගෙම මුහුණෙ හෙවනැල්ලට. මටත් නොදැනෙන්න හිමීට ළං වෙලා මගේ තොල් දෙක සිපගත්ත ඈ-හිමීට පපුවට තුරුල් වුනා.

“මට පාළුයි ඔයා නැතිව.”

දේශගුණය බලපෑවෙ ඊටත් සෑහෙන්න වෙලාවකට පස්සෙ. ඊළඟ දවස් දෙකම දෙන්නට ගෙවල් වලට වෙලා ඉන්න සැරටම උණ අරගෙන තිබුණා.

#ප. ලි: සියලු චරිත හා සිදුවීම් මනඃකල්පිතයි
උපුටාගැනීමකි

Address

Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Alevel jiwithe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category