25/02/2023
අරගලය හා ඡන්දය
ධනවාදය පෙරලා දේශපාලන බලය අරමුණු කරගත් වාමාංශික ව්‍යාපාරයක් ,තම ව්‍යාපාරය වටා ජනතාව ඒකරාශී කරගැනීම මෙන්ම ජනතාවගේ පුළුල් විශ්වාසය දිනාගැනීම පළමුකොටම සිදු කරගත යුතු ප්‍රධාන කටයුත්තකි.
එම දේශපාලන ගමන් මගේහිදී , කම්කරු ,ගොවි ,තරුණ ශිෂ්‍ය කාන්තා ආදී සමාජ බලවේගයන්ගේ අයිතීන් සඳහා කරනු ලබන අරගලය,සටන, අඛණ්ඩව කළ යුතු අතරම , ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ
පවත්වනු ලබන මැතිවරණ වලට ද ඉදිරිපත් වීම කළ යුතුය. මැතිවරනද අරගලයේ මෙවලමක් බවට පත්කර ගත යුතුය.
බලය අරමුණු කරගත් පුළුල් මහජන ව්‍යාපාරයක්
අංශුමාත්‍රයක් හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අත් හළ යුතු නැත. මැතිවරණ වැනි ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අත්හැර කටයුතු කිරීම මාක්ස් ලෙනින් වාදයට අනුව අති වාම වැරැද්දකි.සෘජුව හෝ වක්‍රව, ධනපති පන්තියට වාම ව්‍යාපාරය මර්දනය කිරීමට අවස්ථාව ප්‍රදානය කිරීමකි. වැඩබිමේ,ගොවිබිමේ.. වීදියේ....කරනු ලබන අරගලයත් , මැතිවරණ හරහා ලබාගත හැකි ජයග්‍රහණත් ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියට යා යුතුය.
වර්තමානයේ අප ගෙවා දමන්නේ එවැනි වකවානුවකි. ROBA Supun AbeywiCkrama ❤