Sumathi Awards

  • Home
  • Sumathi Awards
Directions Website

Sumathi Awards Appreciating proficiency, aptitude, and dedication to art on the small screen! The title of award winner carries connotations of reputation and expertise.

SUMATHI AWARDS


THE AWARD

Receiving an award boosts a person’s work in their field be it Stage Play, Cinema or Television. Something that is priceless in any line of work. It also celebrates hard work in turn making peoples feel appreciated and well respected. By the mid 90’s many award ceremonies were held in Sri Lanka like Deepashika, Sarasavi Film Festival, OCIC and Presidential Awards. But there was a void for television awards. To fill these vacuum Mr Thilanga Sumathipala conceptualized “Sumathi Awards” in 1995 together with National Youth Council. Through this endeavour the “Sumathi Awards” seeks to raise the standards of entertainment in this country and applaud those who display passion and challenge the norm.

20/09/2026

හෙළ සිනමාවේ අමරණීය මතකයක් වූ ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය මහතාගේ ජන්ම දිනය අදයි.
යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු, සිය සුවිශේෂී රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන සලකුණක් තැබීය.
2023 වසරේදී අප අතරින් සමුගත්තද, ඔහු නිර්මාණය කළ චරිත සහ සොඳුරු මතකයන් තුළින් ඔහු සදා ජීවමානයි. ආදරණීය කලාකරුවාණෙනි, ඔබව ගෞරවයෙන් සිහිපත් කරමු. 🕊️

18/09/2026

සුමති සම්මානලාභී රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා Senali Fonseka ට නිදුක් නිරෝගී, සතුට හා සාර්ථකත්වය පිරි සුබ උපන්දිනයක් වේවා! 🎂
සුමති සම්මාන සංවිධායක කමිටුවේ උණුසුම් සුබපැතුම්!
25 වැනි සුමති සම්මාන උළෙලේදී, සිය නැන්දණිය වූ හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ සුරතින් ඇය සිය සම්මානය ලබාගත් සුවිශේෂී මොහොත… ✨

16/09/2026

30 වැනි සුමති සම්මාන උළෙලේ 2025 වසරේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මාන ලැබූ, මාධ්‍යවේදී Banuka Karunarathna, සිය ආදරණීය පියාණන් පිළිබඳව බෙදාගත් සංවේදී මතක සටහනක්. ❤️

09/09/2026

Like Father, Like Son… ❤️
සිය පියාණන් වූ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගෙන් උරුම වූ සංගීතමය හැකියාවන් රැගෙන, සුමති සම්මාන වේදිකාව සිය හඬින් හැඩ කළ දිල්මින් පෙරේරා. 🎶

02/09/2026

ප්‍රියංකර පෙරේරා; සොඳුරු කුමාරයාණෙනි, ඔබට සුබ ගමන්!
අභාවප්‍රාප්ත ජේ. ඒ. මිල්ටන් පෙරේරා ශූරීන්ගේ ආදරණීය පුත්‍රයා වූ, සුමති සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය සැමියා වූ සහ නව පරපුරේ ගායන ශිල්පී දිල්මින් පෙරේරාගේ ආදරණීය පියාණන් වූ ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව සුමති සම්මාන සංවිධායක කමිටුවේ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමු.

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට සිය නිර්මාණාත්මක දායකත්වයෙන් අමරණීය මතකයන් එක් කළ ප්‍රියංකර පෙරේරා මහතාගේ නික්ම යාම පිළිබඳව අපගේ බලවත් ශෝකය පළ කරන අතර, දිල්හානි ඒකනායක මහත්මිය සහ දිල්මින් පෙරේරා ඇතුළු එතුමාගේ පවුලේ සියලු දෙනා වෙත අපගේ සාතිශය සංවේගය පිරිනමමු.



ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල මුල් නිර්මාණකරුවන් වෙත අපගේ ගෞරවය සහ ස්තූතිය පුද කරමු.

31/08/2026

දශක ගණනාවක් පුරා සිය ප්‍රතිභාපූර්ණ රංගනයෙන් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය පෝෂණය කරමින් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක රැසක් තැබූ ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා Palitha Silva මහතාට සුබ උපන්දිනයක් වේවා! 🎉
Wishing you good health, happiness, and many more years of creative excellence. May your journey in the arts continue to inspire generations to come.

21/08/2026

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අසමසම හඬ පෞරුෂයක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු. 🕊️
පරම්පරා ගණනාවක හදවත් තම මධුර හඬින් ස්පර්ශ කරමින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමරණීය මෙහෙවරක් ඉටු කළ ඇය, සුමති සම්මාන උළෙලේ සම්මානලාභිනියක් ලෙසද අපගේ සම්මාන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත.
🏆 1999 – සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය ගීත ගායිකාව
🏆 2007 – යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානය - ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට කළ අද්විතීය හා සුවිශේෂී මෙහෙවර වෙනුවෙන්.
ඇගේ හඬ අප අතරින් නිහඬ වුවද, ඇය ගැයූ ගීත සහ ඇය තැබූ අමරණීය කලා සලකුණ සදා අප හදවත් තුළ රැඳෙනු ඇත.
විශාරද නන්දා මාලිනී මහත්මියනි, ඔබට නිවන් සුව! 🕊️

With profound sorrow, we bid farewell to Visharada Dr. Nanda Malini — the legendary voice of Sri Lanka, whose extraordinary contribution to our music and cultural heritage will live on for generations.

#නන්දාමාලිනී

* ලා දළු බෝපත් හැර ගියද, ඒ අමරණීය යතිවර සළකුණඅපට කිසිදා අමතක නොවනු ඇතගරුතර රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේ යනු ලාංකේය පැව...
20/08/2026

* ලා දළු බෝපත් හැර ගියද, ඒ අමරණීය යතිවර සළකුණ
අපට කිසිදා අමතක නොවනු ඇත

ගරුතර රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේ යනු ලාංකේය පැවිදි සාහිත්‍ය අඹරේ දිලිසුණු අසමසම ප්‍රතිභාවකි. බෞද්ධ දර්ශනය, සාහිත්‍යය සහ කලාව අතර අපූරු පාලමක් ගොඩනඟමින්, උන්වහන්සේ සිය පෑනෙන් මිනිස් හදවතට කතා කළ ප්‍රකට යතිවරයෙකි.

උන්වහන්සේගේ නික්ම යාම ලාංකේය බෞද්ධ සමාජයටත්, සාහිත්‍යයටත්, සංගීතයටත් පිරවිය නොහැකි රික්තයක් ඉතිරි කර තිබේ.

“ලා දළු බෝපත්” තුළින් යසෝදරාවගේ නිහඬ වේදනාවත්, “මේ ඉර හඳ යට” තුළින් මිනිස් ජීවිතයේ සරල සත්‍යයත්, “සඳ තරුමල්” තුළින් සෙනෙහසේ සුන්දරත්වයත්, “පන්සලේ පල්ලියේ” තුළින් ආගමික සීමා ඉක්මවා යන මනුෂ්‍යත්වයත්, “අව්වට වැස්සට හුරු මිනිසුන්නේ” තුළින් මිනිසාගේ ජීවන අරගලයත් උන්වහන්සේගේ පද තුළින් අපට හමුවිය.

නන්දා මාලනී,වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, ටී.එම්. ජයරත්න,සුනිල් එදිරිසිංහ,අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී,කරුණාරත්න දිවුල්ගනේ,දීපිකා ප්‍රියදර්ශනී,රූකාන්ත ගුණතිලක,අතුල-සමිතා,
ආදී ගායක ගායිකාවන් රැසකගේ හඬින් උන්වහන්සේ ගේ ගී පද ජන හදවත් අතරට ගිය අතර, “පිපිලා පරවෙන සුවඳ කැකුළු මල්”, “රැ සඳ අහස් ගඟෙන්”, “මහගෙදර මහ අවුල්”, “පිපෙනා මලකට ගලනා දොලකට” වැනි ගී පද ද ඔහුගේ නිර්මාණ ලෝකයේ විවිධ පැති අපට හඳුන්වා දුන්නේය.

එහෙත් සිද්ධාර්ථ හිමියන්ගේ විශිෂ්ටත්වය තිබුණේ ගීත ලිවීමේ පමණක්ම නොවේ.

සමාජ යථාර්ථය, මනුෂ්‍යත්වය, ආදරය, විරහව, ජීවිතයේ අනිත්‍යතාව සහ බොදු දහමේ ගැඹුරු සත්‍යයන්, මේ සියල්ල සාහිත්‍යමය රූපකයකින් මිනිස් හදවතට සමීප කරන්නට උන්වහන්සේ සමත් වූහ.

“ලා දළු බෝපත්” යනු එයටම කදිම සාක්ෂියකි. යසෝදරාවගේ කඳුළක් බෝපතක සෙලවීමක් බවට පත් කළ ඒ පෑන, අවසානයේ අපට මතක් කර දුන්නේ ජීවිතයේ සියලු හමුවීම්වලට වෙන්වීමක් ඇති බවය.

අද උන්වහන්සේ අප අතර නැත.

එහෙත්...

බෝපතක් සැලෙන සෑම මොහොතකම,
සඳක් පායන සෑම රාත්‍රියකම,
ගීයක් හදවතක් තුළ නිහඬව උපදින සෑම මොහොතකම,
උන්වහන්සේගේ පෑනේ සලකුණ අපට හමුවනු ඇත.

උන්වහන්සේ අපට ඉතිරි කළේ ගීත පමණක්ම නොවේ;
මිනිසෙකුවී, ජීවත් විය යුතු ආකාරය ගැන සිතන්නට පද රචනාවන්ද,
ජීවිතයේ අනිත්‍යතාව අවබෝධ කරගන්නට නිහඬ පාඩමක්ද උන්වහන්සේ අපට කියා දී තිබුණි.

“කෙනෙක් ආවොත් නැවත ආපසු යා යුතුමය” යන සරල සත්‍යය අද උන්වහන්සේගේ අපවත්වීම තුළින්ම අපට පසක්කර දී ඇත.

ලා දළු බෝපත් සෙමින් සැලෙමින් තිබේ...

එහෙත්,
ඒ බෝපත් අතරින් ඇසෙන ගී හඬ
තවත් බොහෝ කලක්
අපගේ හදවත් තුළ නිහඬව රැඳී තිබෙනු ඇත.

පින්වත් යතිවරයාණෙනි,
ඔබ වහන්සේ පැතූ උතුම් නිවන් සුවයම අත්වේවා!

-- ආචාර්ය තිලංග සුමතිපාල ඇතුළු සුමති සම්මාන සංවිධායක කමිටුව

ප්‍රේක්ෂක ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී රවීන් කණිෂ්ක මහතාට සුබ උපන්දිනයක් වේවා! 🎉Wishing you good health, ...
15/08/2026

ප්‍රේක්ෂක ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී රවීන් කණිෂ්ක මහතාට සුබ උපන්දිනයක් වේවා! 🎉
Wishing you good health, happiness, and continued success in your artistic journey. May you achieve many more milestones and continue to entertain audiences for years to come.

රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන්ද ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් ප්‍රේක්ෂක ආදරය ද...
09/08/2026

රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන්ද ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් Prasannajith Abeysuriya ප්‍රසන්නජිත් අබේසූරිය මහතාට සුබ උපන්දිනයක් වේවා! 🎉
ඔබගේ කලා දිවිය තවත් බොහෝ වසරක් සාර්ථකත්වයෙන්, නිරෝගී සුවයෙන් හා නිර්මාණශීලීත්වයෙන් පිරි, ඉදිරියටත් ආලෝකමත් වේවායි සුමති සම්මාන අපගේ හදපිරි සුබ පැතුම් එක්කරමු. ❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Sumathi Awards posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share