With love 4rever

With love 4rever Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from With love 4rever, Art, Dambulla.

අහසක තනිකම මකන්නට ...☄️හැකිනම් දිලිසෙන තරු ගොන්නකට ...අමාවකටත් සද නැතිවෙම දිලෙනකොට ...🌝🤍💙නොහැකිද පුංචි තරුවකට ..💫💙 අයිතය...
05/03/2022

අහසක තනිකම මකන්නට ...☄️
හැකිනම් දිලිසෙන තරු ගොන්නකට ...
අමාවකටත් සද නැතිවෙම දිලෙනකොට ...🌝🤍💙
නොහැකිද පුංචි තරුවකට ..💫💙 අයිතයික් කියන්නට හිමිකමක් නැතුවම තනි අහසකට ...✨🌑

ජීවිතය නම් කටුගෙය ...
දුෂ්කරය නොහිතනා තරමට ...🍂🔥
දෛවය උබ සරදම් කරන තරමටම ..
දෙවැනි නෑ බන් කරුමෙත් හැප්පෙනවා උබ එක්කල හරි හරියට ...👊🖤

ඉතින් වෙන වාරුවක් අවැසි නැ මට ...❤‍🩹
තනිකම රජයන මොහොතකට ..
විරහව මුසු වුනු කාලයට ...⏳
හැකිවිය තිතක් තබන්නට බොහෝ කලකට පසුව සදාකාලික තනිකමට ... 🖤⏳

ලෝක නියාමන ධර්මයටත් අභියෝග කල කුල කුමරුනට ...🪐✨
අස්වැසිල්ලක් විය "බිම්බා" නුඹ සැම විට ...❤‍🩹
ජල බිදක් නැති කතරටත් දවසක වැස්සට ...🌧️🌧️
පතොක් මල් පිපුනෙත් ගිනි කාෂ්ටකේමයි හරි හරියට ...🌵🌵🌵
වසන්තයත් දවසක ඒවි කිව්වට , මම දැන් කැමතිම උඹ එක්කල මේ ගෙවෙන ඉඩෝරෙට ...🍂🍂🍂
ඉතින් ප්‍රේමිය , සැබැවින්ම නුඹ මාලග සිටින විට.. , නිතැතින්ම දිනුම මා අතැතිය ... ❤️🖤

Credit goesShn Warnakulasooriya :

07/07/2021

අනන් මනන් නැත හරියට වැදුම් පිදුම් කළොත් පනම් දෙවියන්...

සැඩ පරුෂ භාවයෙන් යුතු පනම් දෙවියන් රජරට නුවර කලාවියේ පුදපෙත් ලබන ප‍්‍රබල දේවාත් මයකි. මෙම දෙවියන් පිළිබඳ උපත් කතා කීපයක්ම පවතී. යක්‍ෂ දමනයට සමතෙක් ලෙස ද සැලකෙන පනම් දෙවි කතුන් ලෙඩ කරවන යක්‍ෂාත්මයක් ලෙස ද සැලකේ පනම් දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයක් මාතලේ කණ්ඩලම ප‍්‍රදේශයේ පැවතුන අතර එම වැසියන් මෙම දෙවියන් රන් පනම් බණ්ඩාර දෙවියන් ලෙසින් අදහනු ලැබූ බව ද ගම්පොළ යුගයේ ප‍්‍රබලව සිටි ගිරිවංශිකයන් අතර පුදපූජාවන්ට පාත‍්‍රවූ දේවාත්මයක් බව ද දේව පුරාණයේ සඳහන් වේ. (දේව පුරාණය 293 පිටුව)

රජරට සිට කන්ද උඩරට කටුගස්තොට පිහිටි තොටුපළට පැමිණි පනම් යකු එම තොටුපළේ තොටියා ලෙඩ කර එම තොටියාගේ දරු පවුල විනාශ කළ බව ද දේව පුරාණයේ පැවසේ. එයට හේතුව තොටියා විසින් පනම් යකුන් සෙන්කඩගලට පැමිණි පනම් දෙවි එම පෙදෙසේ නාගසක වාසය කරමින් සතර වීදි සැරි සරමින් විස්කම් පෑ බව ද පනම්දෙවි යහන් කවි ගායනාවල මෙසේ සඳහනවේ.

පායන සඳ විලසින රැුස් දැකලා සිත සන් තොසි නේ
අටකණු වීදිය බැසලා සක්මන් කෙරු හොර රහ සේ
නාගහ වීදිය බැහැලා ලියෝ කැටුව දස දහ සේ
ඔබ කළ දස්කම් විකාර මතු පවතින පන් දහ සේ

තවත් උපත් කතාවකට අනුව පනම් දෙවි මෙරට රජකම් කළ එළාර රජුගේ පුතෙක් බව පැවසේ. තම අශ්ව කරත්තයට යටකර වසු පැටවකු මැරූ බවත් එම වරදට එළාර රජු තම පුතු ද එම අශ්වකරත්තයටම යටකර මැරූ බවත් මරණින් මතු එම කුමාරයා යකෙකුව ඉපිද පනම් යක්‍ෂයා නමින් ප‍්‍රසිද්ධවූ බව ද පැවසේ. සැහැසි යක්‍ෂයකු වූ බව පැවසෙන පනම්යකු මින්නේරි ප‍්‍රදේශයේ අණසක පතුරවමින් හාස්කම් දැක්වූ බව පැවසේ.

මින්නේරියට වැඩමවලා දොළොස්දුව වැඩ සිටින්ඩ
දොළොස් දුවෙ වැඩසිටි බව දැන ගන්නට තෙද කරන්ඩ
මෙල්ෂණෙන් හුන් කිරි අහපාට කරති තෙද පෙනෙන්ඩ
මෙලෙස මෙවග මොකද කියා හත් රජ්ජුරුවන් අහන්ඩ

මින්නේරි ප‍්‍රදේශයේ සිය අණසක පතුරවමින් විසූ මෙම පනම් යක්‍ෂයා දිනක් මහසෙන් රජුට අයත් ගව පට්ටියේ ගව දෙණුන් ගෙන් දොවා තිබූ කිරිකළ ලේ බවට පත්කෙළේය. ගවපල්ලෝ් තමන් විසින් දොවන ලද කිරි කළ ලේ බවට පත්ව තිබෙනු දැක මහත් පුදුමයටත් භීතියටත් පත්ව වහා ඒ බව මහසෙන් රජතුමාට සැලකර සිටියහ. ඒ බව ඇසූ මහසෙන් රජ එය දැක ගැනීමට ගව පට්ටිය කරා ගියහ. ගව පට්ටියේ තබූ කිරිකළ එක එකක් දෙස බැලූ රජතුමා මහත් පුදුමයට පත්ව මෙය සිදුකර ඇත්තේ පනම් යක්‍ෂයා බැව් දැන රජතමා පනම් යක්‍ෂයා වෙනුවෙන් දොළ පිදේණි දුන්බවද ඉන් පසුව එම ලේ බවට පත්ව තිබූ කිරිකළ යථාතත්ත්වයට පත්වූ බවද පැවසේ. පනම් යක්‍ෂයා මෙසේ ගවපට්ටියේ දොවා තිබූ කිරිකළ ලේ බවට පත් කෙළේ සිය තෙද පෙන්වීමට බව ඉහත පද්‍යයෙන් පැහැදිලි වේ.

මෙසේ සහැසිව සිටි පනම් යකු කතරගමට පැමිණ සිය තෙදබල පෙන්වූවේ මේ අයුරිනි

එතනින් තෙද බල වරමුත් ලබා පනම් දෙවි වැඩ ලා
සිතමින් තෙද බල ලබන්ට කතරගමට වැඩ මව ලා
එතනින් දෙවි සුදු ගවයින් හැටක් මරා නැති කර ලා
දකිමින් උයනා මුලූතැන් බත් මාලූත් පිනි කර ලා (සි.දේ.පු.)

කතරගම දෙවියන්ට සිය තෙදබල පෙන්වීම සඳහා සුදු ගවයින් හැටක් මරා විනාශ කළ බවද මුළුතැන් සඳහා පිසින ලද බත් මාලූ පිනි කළ බවද එහි සඳහන් වේ. මෙහිදී මහ බෙත්මේ කපුරාළට පනම්යකුන් අල්ලන ලෙසට අණ ලැබුුුණ බවද පනම්යකු එයින් ගැලවීම සඳහා සුදු ඇත් පැටවකු අල්ලා දැකුම් කළ බවද සිංහළ දේව පුරාණයේ සඳහන්වේ.

දස අවතාරයෙන් යුතුවන පනම් දෙවියන් උඩුගම්පල විසූ කළු කුමාර යක්‍ෂයා මෙන්ම කාන්තාවන් ලෙඩ කරවන යක්ෂාත්මයක් ලෙසද සැලකේ. දුම්බර ප‍්‍රදේශයට පැමිණ සංඝයා වහන්සේ සැට නමක් මරාදැමූ බවද පැවසේ.

දුම්බර එළියට වැඩලා සිටිති
පෙම්බර අගනන් තනපට කඩති
පින්බර ස`ගසැට නමකුත් මරති
රම්බර දස අවතාරෙන් වඩිති

සැහැසිව සිටි පනම් යක්‍ෂයා දමනය කිරීමට සිතූ මහසෙන් රජතූමා මින්නේරි වැවමැද වූ ගොඩැල්ලක පිරිත් මණ්ඩපයක් කරවා පිරිත් දේශනයක් පැවත්වීමට කටයුතූ කෙළේය. ආටානාටිය සූත‍්‍රදේශනාව කරද්දී මඩ කණයෙකුගෙ වේශයක් මවාගත් පනම්යකු මඩ යට සැ`ගවී සිටි බවත් ආටානාටිය සූත‍්‍ර දේශනාවේ බලයෙන් මඩ උණුවෙද්දී එහි රැුඳී සිටීමට නොහැකිව ඉන් ඉවත්ව පැන දුවගොස් අඹන්ගෙ`ගන් එතෙරවීමට සැරසෙද්දී රජ සෙබළුන් විසින් අල්ලාගත් බවද පැවසේ. එම පුවත සිංහල දේව පුරාණයේ සඳහන් වන්නේ මේ අයුරිණි.

‘‘ආටානාටිය සූත‍්‍රය කියත්ම අනෙක් සියළු යකූන් දමනය වූ නමුත් පනම්යකා පැමිණියේ නැත. මඩ කණයෙකුගේ වෙස්ගෙන මඩ යට සැ`ගවුණත් මඩ රත්වන්නට වූ හෙයින් පිටතට නෑවිත්ම බැරිවිණි. එහෙයින් අවසානයේ පිරිත් මණ්ඩපය වෙත එන අතර මගදී මීහරක් රැුලක් හමුව උන් එකෙකුගේ ගාතයක් කඩා පිරිත් මණ්ඩපය තුළට විසි කෙළෙන් සංඝයා තිගැස්සී පිරිත නැවත් වූහ. මෙයින් අවකාශ ලද යක්‍ෂයා එම සැට නමගේ බෙලි කඩා දැමුවේය. (තමන්කඩුවේ භික්ෂූන් පිරිත් කීමට මැලිය යන ජනප‍්‍රවාදයේ මුල මෙය යැයි කියනු ලැබේ.) (දේව පුරාණය 294 පිටුව)

මහසෙන් රජතුමා විසින් දමනය කරනුලැබූ පනම්යක්‍ෂයා මහසෙන් රජුගෙන් වරම් ලබාගත් බවත් නැවත මිනී නොමරන ලෙසට පත්තිනි මෑණියන්ගේ රන් හළඹේ දිව්රූ බවත් පත්තිනි දෙවියන්ගෙන් වරම් ලබාගත් බවද ඉන්පසුව පනම් බණ්ඩාර දෙවියෝ හෙවත් පනම් බණ්ඩාර හාමුදුරුවෝ නමින් බැතිමතුන් අතර පුද පූජාවන්ට පාත‍්‍ර වූ බවද පැවසේ.

මේවග මොකදැයි කියලා පත්තිනි දිවසින් බැලූවා
බොහෝ මිනීමරා ඇවිත් සිටිනා බව දෙවි දුටුවා
නොදේය සෙදි කුමරුට වද කරන්න දෙවි සිතුවා
මෙසේ මිනී නොමරන්නට රන් හළඹේ දිව් රෙව්වා

වසංගත රෝග දුරුකිරීමෙහි සමතෙක් වන පනම් දෙවි`දු ලංකාවේ ප‍්‍රබල දේවාත්මවලට අභියෝගයක් වූ දේවාත්මයක් ලෙසද සැලකෙන අතර පනම් දෙවියන් නුපුරුදු අයට හරකට කොටියා දුටුවා වාගේ බවද පුරුදු අයට තමන් වැදු මවුන් වාගේයැයිද යහන්කවි ගායනාවල සඳහන්වේ.

තවත් ක‌ෙන‌ෙකුට දැන ගැනීමට අනිවාර්ය‌ෙන්ම Share කරන්න...

24/06/2021
13/06/2021

Address

Dambulla
21106

Telephone

+94772398635

Website

Alerts

Be the first to know and let us send you an email when With love 4rever posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category