Art Forum - University of Kelaniya

Art Forum - University of Kelaniya Inspiration is for amatures. The rest of us just show up and get the work done. If you wait around fo

31/05/2023

මේක ලියන්න ටිකක් පරක්කු වුණා. දවසකට පැය 24 මදි කියලා හිතෙන දවස් ටිකකට පස්සේ හොයාගත්ත නිවාඩු වෙලාවක මේ සටහන ලියන්නේ,
පසුගිය මැයි 8 වෙනිදා රෑ 10.34 ට ඇමතුමක් ආවා. ගැස්සිලා ඇහැරිලා බලනකොට නාඳුනන අංකයක්.
"හෙලෝ අක්කේ " ගෑණු ලමයෙකුගේ කෝමළ කටහඬක්!
" හෙලෝ" මං කතා කළේ නිදිමතේ.
ඇමතුම ලැබුණේ කලා සංසදයේ වත්මන් ලේකම්තුමියගෙන්. ඇය කතා කළේ ඊළඟ දවසේ ඒ කියන්නේ මැයි 9 වෙනිදා පවත්වන්න නියමිතව තිබුණු අමුRTHAYA ප්‍රසංගයට සහභාගී වෙනවද කියන එක තහවුරු කර ගන්න. ඒත් මගේ තාත්තා රෝහල්ගත වෙලා හිටපු නිසා මට යන්න විදියක් තිබුනේ නැහැ. ඊට පස්සේ පැය ගණනක් යනකම් නින්ද යන්නේ නැතුව ඇහැරලා හිටපු මට ගොඩාක් දේවල් කල්පනා වුණා. මුලින්ම අපි විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා හිටියත් අපෙන් පස්සේ කලා සංසදයේ වැඩකටයුතු දිගටම සිද්ධවෙනවා කියන එක ගැන දැනුණෙ පුදුම සතුටක්. ඊළඟට අපි කලා සංසදය පටන්ගත්ත හැටි, පළවෙනි AGM එක, ප්‍රකම්පන කලා උළෙල කරන්න සල්ලි හොයපු හැටි පිළිවෙලට හරියට ෆිල්ම් එකක් වගේ ! 😌
පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොටම වගේ මගේ අම්මා අසනීප වුණා. ඒත් එක්ක මුහුණදෙන්න සිද්ධවුණ දුෂ්කරතා එක්ක ඉගෙනගන්න එක නතර කරලා ගෙදර යන්න ඕන කියලා හිතමින් මම හිටියේ. ඇත්තම කියනවා නම් හරිම සතුටින් ඉන්නවා වගේ පෙන්නගෙන හිටියට, වෙලාවකට ඒ ප්‍රශ්න වලින් පැනලා යන්න පුළුවන් මොකක්ම හරි ක්‍රමයක් මම හොයමින් හිටියෙ. ඔහොම ඉන්නකොට දවසක් හවස DH එකයි IT ගහයි අතර තුංමං හන්දියෙදි "ඒ මචං දැන් ලෙක්චර් එකක් තියේද ? නැත්තං පොඩ්ඩක් හිටපංකො" කියලා අපේ එකෙක් ඇහුවා. මමත් ඉතිං නතර වුණා මොකක්ද සීන් එක කියලා බලන්න.
" මචං අපි සයන්ස් එකේ කලා සංගමයක් පටන් ගත්තොත් ඒකට උදව් කරනවද ? උඹ කවි එහෙම ලියනවා කියලා ආරංචියක් ආවා..." (තව මොනවද කිව්වා මට දැන් මතක නෑ) මමත් ඉතිං හා කිව්වා. උදව් කරන්න පුළුවන් ද කියලනෙ ඉතිං ඇහුවෙ !
එතනින් තමයි කතාව පටන් ගත්තෙ. 2018 ජූලි 16, A11 301 ශාලාවෙ තමයි කලා සංසදයේ පලවෙනි සභා රැස්වීම තිබුණෙ. (ලේකම් විදියට පත්වෙලා පැටලි පැටලි ස්තූති කතාව කරන්නත් වුණා. සභාවක් ඉස්සරහා කතා කරන්න ගියාම සබකෝලෙනෙ 🙈) කලා සංසදය නිසා මට හොඳම හොඳ සහෝදරයො ටිකක් මුණගැහුණා. පුහු ආටෝප නැති ජ්‍යෙෂ්ඨ සහෝදරයො ටිකක්, අපි වගේම එකම විදියට හිතන පතන ආදරණීය කනිෂ්ඨ සහෝදර සහෝදරියන් ටිකක්, විශේෂයෙන්ම එකම batch එකේ වුණත් ඊට කලින් ලඟින් ආශ්‍රය කරන්න ඉඩක් නොලැබුණු ආදරණීයම හොඳම සහෝදරයො පස්දෙනෙක් කලා සංසදය නිසා මට ලැබුණා.💙 ඒ ආදරණීය සහෝදරයො පස්දෙනා එක්ක ජීවිතේ ගැන කරපු පුංචි පුංචි කතාවලින් මට ජීවිතේ එපා කරපු ප්‍රශ්නවලින් පැනලා යන්නෙ නැතුව විඳදරාගෙන ඉන්න ධෛර්යයක් මට ලැබුණා. (මේ ගැන කලින් උන්ට කියලා නෑ මම ) ප්‍රතිලාභ මොකුත්ම නැතුවමත් ආත්මතෘප්තිය වෙනුවෙන් විතරක්ම වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. මට කැම්පස් එක අතනොහැර ඉන්න හේතුවක් ලැබුණා!
AGM එකෙන් පස්සේ 2018 අවුරුද්ද ඉවර වෙන්න කලින් ප්‍රකම්පන show එක කරන්න target කරගෙන proposal එක හදන්න ගත්තා, ඒකත් දවස් ගාණක මහන්සියක්. සල්ලි හොයන්න කොටුවේ කඩවල්වල ඇවිදලා ටිකට් විකිණුවා. කෝච්චියේ සින්දු කිව්වා. ඒ අතරේ අපි ජයලාල් රෝහණ මහත්මයා එක්ක, කූඹියෝ නාට්‍යයේ ලක්මාල් සහ තුමිඳු මහත්වරු එක්ක, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයා එක්ක වැඩසටහන් කිහිපයක් ම කලා. ප්‍රකම්පන (2018) සමාරම්භක උත්සවයට කලින් දවසේ හවස ඉඳන් ඒ කියන්නේ 2018 නොවැම්බර් 26 වෙනිදාට රෑ එළිවෙනකම් අපි චිත්‍ර/ඡායාරූප ප්‍රදර්ශනයට Lobby එකේ සැරසිලි කලා. 28 වෙනිදා අංගම්පොර සංදර්ශනයක් කළා. එළිමහනේ කරන්න plan කරගෙන හිටපු show එක වැස්ස නිසා DH එකේ කරන්න වුණා. 29 වෙනිදා තමයි ප්‍රකම්පන ප්‍රසංගයේ කූටප්‍රාප්තිය. ඒ දවස ගැන මතක් කරනකොට ඇටමැස්සා පොතේ එක වාක්‍යයක් මට මතක් වෙනවා.
"කාර්යයේ මගේ කොටස මම ඉටුකර ඇත්තෙමි ! "
(මගේ ජීවිතේටම ඒ වගේ පරිපූර්ණ හැඟීමක් ඇති වෙලා තියෙන්නේ එක වතාවයි.) 2018/11/29 ප්‍රකම්පන ප්‍රසංගය අවසන් වුණාට පස්සේ දැනුනේ ඒ වගේ හැඟීමක්!
2019 වෙනකොට අපේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ විශ්වවිද්‍යාලයේ ජීවිතය හමාර කළත් සහයෝගය ලබා දෙන එක නතර කලේ නෑ. කනිෂ්ඨ සහෝදර සහෝදරියන් අතරින් පත්වුණ අලුත් නිලධාරී මණ්ඩලයක් එක්ක අපි ආයෙමත් වැඩසටහන් සංවිධානය කළා. කලින් වතාවටත් වඩා සාර්ථකව 2019 අවුරුද්දෙත් ප්‍රකම්පන ප්‍රසංගය පවත්වන්න අපිට පුළුවන් වුණා. ඒ තමයි කලා සංසදයේ සහෝදර සහෝදරියන් සමඟ මගේ අන්තිම හමුවීම. කැම්පස් ජීවිතයෙන් ඉවත් වුණාට පස්සේ පෞද්ගලික ජීවිතෙයි වෘත්තීය ජීවිතෙයි වගකීම් එක්ක හිරවෙලා මට කලා සංසදය මඟහැරුනා. දැන් ගෙවන කාර්යබහුල දවස් ඒ කාලෙ කොච්චර සුන්දරද කියලා මට මතක් කරලා දෙනවා. base එකේ වඩේ කාලා ප්ලේන්ටි බොනගමන්, ස්ටඩියෙ මේසෙකට වටවෙලා event plan කරපු ඒ හවස්වරුවකට කාලය හරහා ආපහු යන්න පුළුවන් නම් මොනතරම් හොඳද කියලා මම හිතනවා.
ආදරණීය නංගි, මල්ලි ,
මම ඔයාලව කවදාවත් හමුවෙලා නෑ. ඒත් ඔයාලා දිගටම කලා සංසදය ක්‍රියාකාරීව පවත්වාගෙන යන එක ගැන ආඩම්බරයි වගේම ඒ ගැන ස්තූතියි ! 💛 කැම්පස් ජීවිතේ අපි හිතනවට වඩා ඉක්මණින් ගෙවිලා යනවා. ඒ කාලය තුළ සුන්දර මතකයන් එකතු කරගන්න. ඔයාලගේ කනිෂ්ඨ සහෝදර සහෝදරියන්ව කලා සංසදයට එකතු කරගන්න. කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී කලාවෙන් අකම්පිත හදවත් කම්පිත කරන්න. ආදරෙයි 💖

~ කලා සංසදයේ හිටපු පලවෙනි ලේකමී ~ 😉

කැළණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ කලා සංසඳය විසින් සංවිධානය කරන ලද 'අමුර්තය' සංගීත සන්ද්‍යාව, සාර්ථක කරගැනිමට සහයෝගය දු...
17/05/2023

කැළණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨ කලා සංසඳය විසින් සංවිධානය කරන ලද 'අමුර්තය' සංගීත සන්ද්‍යාව, සාර්ථක කරගැනිමට සහයෝගය දුන් ඔබ සැමට ස්තූතියි. 🙏🏾

🚩මිස් කරගන්න එපා. *රු. 300 ටිකට්පත් අවසන් වී ඇත.*~300~, 800, 1500 *අමුවෙන්ම* 🌬️ විඳින්න _අමුර්තය_ 🍂 *මැයි 9 හවස 4.30🕟ට  ...
07/05/2023

🚩මිස් කරගන්න එපා.
*රු. 300 ටිකට්පත් අවසන් වී ඇත.*
~300~, 800, 1500

*අමුවෙන්ම* 🌬️ විඳින්න _අමුර්තය_ 🍂

*මැයි 9 හවස 4.30🕟ට කැළණිය විශ්වවිද්‍යාලයීය 📌ධර්මාලෝක ශාලාවට....*

ටිකට් මිලදී ගැනීමට පහත Google form එක පුරවන්න. 👇🏾
https://forms.gle/rn2bT8Rex4auyKQV9

පහත ගිණුමට මුදල් බැර කරන්න. 👇🏾

💰 _මිල රු. 800 හෝ රු. 1500_

8003854019
M.A.D.D.D. Munasinghe
Commercial Bank
Minicom Bank Gampaha

☎️ වැඩි විස්තර සඳහා:
දුලංජය: 078 337 9734
චතුර: 076 347 2863
අසේකා: 076 768 7440
සංජුල: 078 698 9210

🖇️ සංවිධානය:
විද්‍යාපීඨ කලා සංසඳය
කැළණිය විශ්වවිද්‍යාලය

🚩මිස් කරගන්න එපා. *රු. 300 ටිකට්පත් අවසන් වී ඇත.*800, 1500 අමුවෙන්ම🌬️ විඳින්න _අමුර්තය_ 🍂 මැයි 9 හවස 4.30🕟ට  කැළණිය විශ්...
07/05/2023

🚩මිස් කරගන්න එපා.
*රු. 300 ටිකට්පත් අවසන් වී ඇත.*
800, 1500

අමුවෙන්ම🌬️ විඳින්න _අමුර්තය_ 🍂

මැයි 9 හවස 4.30🕟ට කැළණිය විශ්වවිද්‍යාලයීය 📌ධර්මාලෝක ශාලාවට....*

ටිකට් මිලදී ගැනීමට පහත Google form එක පුරවන්න. 👇🏾
https://forms.gle/rn2bT8Rex4auyKQV9

පහත ගිණුමට මුදල් බැර කරන්න. 👇🏾

💰 _මිල රු. 800 හෝ රු. 1500_

8003854019
M.A.D.D.D. Munasinghe
Commercial Bank
Minicom Bank Gampaha

☎️ වැඩි විස්තර සඳහා:
දුලංජය: 078 337 9734
චතුර: 076 347 2863
අසේකා: 076 768 7440
සංජුල: 078 698 9210

🖇️ සංවිධානය:
විද්‍යාපීඨ කලා සංසඳය
කැළණිය විශ්වවිද්‍යාලය

06/05/2023

🚫 ඉක්මන් කරන්න 🚫
ඉතිරිව ඇති අවසන් ටිකට් පත් ඔබේ කරගන්න

අමුවෙන්ම 🌬️ විඳින්න එන්න අමුර්තය 🍂

මැයි 9 වෙනිදා හවස 4.30ට 🕟
📌කැළණිය විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක ශාලාවට....

ටිකට් පත් වෙන් කරවා ගැනීමට පහත Google form එක පුරවන්න. 👇🏾
https://forms.gle/rn2bT8Rex4auyKQV9

පහත ගිණුමට මුදල් බැර කරන්න. 👇🏾
මිල රු. 800 හෝ රු. 1500

8003854019
M.A.D.D.D. Munasinghe
Commercial Bank
Minicom Bank Gampaha

ඔබ පුල පුලා බලාසිටි ඒ අවස්ථාව මෙන්න ❤‍🩹🔥 එන්න ✨අමුවෙන්ම රසවිඳින්න අමුර්තය  🍃විද්‍යාපීඨ කලා සංසඳය විසින් සංවිධානය කරන අමු...
05/05/2023

ඔබ පුල පුලා බලාසිටි ඒ අවස්ථාව මෙන්න ❤‍🩹🔥 එන්න ✨
අමුවෙන්ම රසවිඳින්න අමුර්තය 🍃
විද්‍යාපීඨ කලා සංසඳය විසින් සංවිධානය කරන අමුrthaya සංගීත සන්ද්‍යාව සංජීව් ලෝන්ලියස් සමඟින් මැයි 9️⃣ වන අඟහරුවාදා සවස 4.30 🕟 සිට 📍කැළණිය විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදි
සීමිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් ඇති බැවින් අදම ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න form එක පුරවන්න.👇🏾
https://forms.gle/zmJh2cTjdbioLcyi6

පහත ගිණුමට මුදල් බැර කරන්න 👇🏾 හෝ වෙන් කල ටිකට් පත ලබාගන්නා විටද මුදල් ගෙවීම ද සිදුකල හැක.
මිල රු. 300 ( කැළණිය විශ්වවිද්‍යාලයීය සිසුන්ට පමණයි )
8003854019
M.A.D.D.D. Munasinghe
Commercial Bank
Minicom Bank Gampaha

💰 රු. 800 හෝ රු. 1500 ප්‍රවේශ පත්‍ර සදහා,
පහත Google form එක පුරවන්න. 👇🏾
https://forms.gle/rn2bT8Rex4auyKQV9

‼️ සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මනින්ම ඔබේ අසුන වෙන් කරවාගන්න. ‼️

🚩🚩 වෙන් කරවා ගත් ටිකට් පත් ලබා ගැනීම සඳහා 8 වන සඳුදා දින උදෑසන 10 සිට විද්‍යා පීඨය ඉදිරිපිට ගේට්ටුව අසළට පැමිණෙන්න.🚩🚩
👉🏾 එදින දොරටුවෙන් ද ප්‍රවේශ පත්‍ර මිළදී ගත හැක.👈🏾

☎️ වැඩි විස්තර සඳහා:
දුලංජය: 078 337 9734
චතුර: 076 347 2863
අසේකා: 076 768 7440
සංජුල: 078 698 9210

🖇️ සංවිධානය:
කලා සංසඳය
විද්‍යා පීඨය
කැළණිය විශ්වවිද්‍යාලය

ඔබ පුල පුලා බලාසිටි ඒ අවස්ථාව මෙන්න ❤‍🩹🔥 එන්න ✨අමුවෙන්ම රසවිඳින්න අමුර්තය  🍃විද්‍යාපීඨ කලා සංසඳය විසින් සංවිධානය කරන අමු...
04/05/2023

ඔබ පුල පුලා බලාසිටි ඒ අවස්ථාව මෙන්න ❤‍🩹🔥 එන්න ✨

අමුවෙන්ම රසවිඳින්න අමුර්තය 🍃

විද්‍යාපීඨ කලා සංසඳය විසින් සංවිධානය කරන අමුrthaya සංගීත සන්ද්‍යාව සංජීව් ලෝන්ලියස් සමඟින් මැයි 9️⃣ වන අඟහරුවාදා සවස 4.30 🕟 සිට 📍කැළණිය විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදි

සීමිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් ඇති බැවින් අදම ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න form එක පුරවන්න.👇🏾
https://forms.gle/zmJh2cTjdbioLcyi6

පහත ගිණුමට මුදල් බැර කරන්න 👇🏾 හෝ වෙන් කල ටිකට් පත ලබාගන්නා විටද මුදල් ගෙවීම ද සිදුකල හැක.

මිල රු. 300 ( කැළණිය විශ්වවිද්‍යාලයීය සිසුන්ට පමණයි )

8003854019
M.A.D.D.D. Munasinghe
Commercial Bank
Minicom Bank Gampaha

💰 රු. 800 හෝ රු. 1500 ප්‍රවේශ පත්‍ර සදහා,

පහත Google form එක පුරවන්න. 👇🏾
https://forms.gle/rn2bT8Rex4auyKQV9

‼️ සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මනින්ම ඔබේ අසුන වෙන් කරවාගන්න. ‼️

🚩🚩 වෙන් කරවා ගත් ටිකට් පත් ලබා ගැනීම සඳහා 8 වන සඳුදා දින උදෑසන 10 සිට විද්‍යා පීඨය ඉදිරිපිට ගේට්ටුව අසළට පැමිණෙන්න.🚩🚩

👉🏾 එදින දොරටුවෙන් ද ප්‍රවේශ පත්‍ර මිළදී ගත හැක.👈🏾

☎️ වැඩි විස්තර සඳහා:
දුලංජය: 078 337 9734
චතුර: 076 347 2863
අසේකා: 076 768 7440
සංජුල: 078 698 9210

🖇️ සංවිධානය:
කලා සංසඳය
විද්‍යා පීඨය
කැළණිය විශ්වවිද්‍යාලය

Stay Tuned 👀...
14/03/2023

Stay Tuned 👀...

~මඟහැරුනු පෙම~නේත්‍රා අස්සේ ගැටුනු දහසක් ප්‍රාණ අතරපැලපදියම් කර සිව්දිශාවෙම දැකගන්නසහේතුක අහේතුක මිදීමක් නොම වෙන්නසත් සය...
26/02/2023

~මඟහැරුනු පෙම~

නේත්‍රා අස්සේ ගැටුනු දහසක් ප්‍රාණ අතර
පැලපදියම් කර සිව්දිශාවෙම දැකගන්න
සහේතුක අහේතුක මිදීමක් නොම වෙන්න
සත් සයුරෙ දිය ඇති තරම් සීමා නැතිව එක්තැන ඉන්න
ක්ෂේම බිම් සොයමින්ම හාරමි
ඇස ගැටෙන හැම ආත්මෙම
හති වැටෙන තුරු දුවමි
නහරයක් පාසා මුසුව ලෙය
විජලිතව ඇද වැටුනෙමී ලය හති වැටී ඉර අමතකව
මට කලින් හෙවනැල්ල බිම සිප මා වැළඳගත් අරුම කිම…


විශ්වනී කෞශල්‍යා
ජෛවීය විද්‍යා අංශය
පළමු වසර

චාමික උපේක්ෂ බදුල්ලෑව.ජෛවිය විද්‍යා අංශය .පළමු වසර.
23/01/2023

චාමික උපේක්ෂ බදුල්ලෑව.
ජෛවිය විද්‍යා අංශය .
පළමු වසර.

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ  කියයි. “මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක්...
17/01/2023

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ කියයි.

“මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක් නැරඹීමට ගියෙමි, ටිකට් පත් සදහා දිගු පෝලිමක් තිබූ අතර අප ඉදිරිපිට සිටියේ දෙමාපියන් සහ දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක්.

ඔවුන් දරිද්‍රතාවයෙන් යුතු අය බව පැහැදිලි වූ අතර, ඔවුන්ගේ ඇඳුම් පරණ නමුත් පිරිසිදුයි. සර්කස් ගැන පිරිමි ළමයින් කතා කරන විට ඔවුන්ගේ පියා ඉතා සතුටු සිතින් සිටියේය.

තම වාරය පැමිණි විට ඔවුන්ගේ පියා ටිකට් මිල ඇසීය අයකැමි ටිකට් මිල ගණන් ඔහුට පැවසූ විට, මිනිසා ගොත ගසමින් හැරී තම බිරිඳගේ කනට යමක් කීවේය.

"ලැජ්ජාව නිසා එය පහසුවෙන් කියවිය හැකි විය."

හදිසියේම, මගේ පියා සාක්කුවෙන් ඩොලර් 20 ක් ගෙන එය බිමට විසි කළේය. මගේ පියා නැමී එය අතට ගෙන මිනිසාගේ උරහිසට අත තබා මෙසේ කීවේය. "ඔයාගේ සල්ලි වැටුනා සර් ..."

ඒ මිනිසා මගේ පියා දෙස බැලූ අතර ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියේය.

"ස්තුතියි සර්." යැයි පැවසීය.

අනතුරුව තාත්තා මාව අතින් ඇදගෙන පෝලිමෙන් එළියට ආවා. ඒ මිනිසාට දුන් ඩොලර් 20 හැර මගේ පියා සතුව ප්‍රමාණවත් මුදල් නොමැති විය.

එතැන් සිට මම මගේ පියා ගැන ආඩම්බරවීමි. එම මිනිත්තු 2 මගේ ජීවිතයේ මම දුටු හොඳම දර්ශනය විය.

- චාලි චැප්ලින් -

#උපුටාගත්තකි

සිතුවම ඇන්දේ ,
ජේ. ඒ . දෙවුනි වසුන්දරා
ජෛවිය විද්‍යා අංශය
පළමු වසර.

සෙමෙස්ටරය අවසන්.  මීට මාස 6කට විතර කලින්, මොර සූරන වැස්සෙ පෙගීගෙන , උදේ පාන්දර 6ට විතර සරසවි මාවතේ කන්ද නැගල ඇවිත් මාස 6...
04/01/2023

සෙමෙස්ටරය අවසන්.

මීට මාස 6කට විතර කලින්, මොර සූරන වැස්සෙ පෙගීගෙන , උදේ පාන්දර 6ට විතර සරසවි මාවතේ කන්ද නැගල ඇවිත් මාස 6ක් ගෙවිලා ගිහින්. ඒ වෙනකන් තිබුණ online මිතුදම් අලුත් වෙලා bio අපි එක පවුලක් වගේ වෙන්න ගතවුණේ බොහොම ටික කාලයක්.

ඒ පටන් ගත්තෙ අලුත් ජීවිතයක්. ඇලිස්ගෙ විස්මලන්තයම නොවුණත්, හීන කතන්දරයක් නොවුණත් , ඒ පටන් ගත්ත ජීවිත කතාව සුන්දරයි.
සතියෙ දවස් 7 මදි කියල දැනෙද්දී , පෝයට, සෙනසුරාදාට දේශන වැටෙද්දී , දවසෙ පැය 24 මදි කියල දැනෙද්දී, ඔව්. මට පළවෙනි වතාවට හිතුණා මම නාඩි වැටෙන කෙනෙක්. මෙච්චර කල් උදේ වුණා රෑ වුණා විතරක් විදියට දවස ගෙවපු මට දැනෙන්න ගත්තා දැනුයි මම ජීවත් වෙන්නෙ කියන හැගීම. ලැබ් රිපෝට් , assignment ගොඩට යට වෙලා දවස් ගෙවද්දී මාසයක් මෙච්චර ඉක්මනින්ම ගෙවෙනවද? ගෙදර යන්නත් බැරි වුණා කියල දැනෙද්දී මටත් හිතුණා සමහර වෙලාවට මට මාවත් මග ඇරෙනවද කියල .

සරසවි මාවත දිගේ දම් පාට ලොකු මල් පිපුණු වැට දිගේ, මල් අතරෙ දග කරන ලේන්, බටිති පැටවු දකිද්දී මටත් මතක් වුණා එන්න කලින් මම ගත කරපු නිදහස් කෙලිලොල් ජීවිතේ. ඒ මතකයි මේ කාර්යබහුලත්වයයි එකට එකතු වුණාම දැනෙන්නෙ වෙනමම සුන්දරත්වයක්. මාස 6ක් ඇත්තටම ගෙවුණද? මෙච්චර ඉක්මනින්ම . හිතා ගන්නත් බෑ.
එකතු කළ මතක සටහන්, චාරිකා, විද්‍යාගාර අධ්‍යයන ආදී සියල්ල සිහි කැදවන්න දුරකථන ඡායාරූප එකතුව පීරද්දී දැනෙන්නෙ සතුටක්.
ඉතින් දාන් නිවාඩුයි. දවස් කීයක්ද? මට අනුව නම් දවස් 3ක්. මදි නේද ? ඔව්. ගෙදර ගිහින් එන්න හිත හදාගන්නත් මදි.ඔය ගැන කල්පනා කර කරම අවසාන විභාගය ඉවර වුණ ගමන් පොත්ගුලට රිංගුවේ , සීතල පොළොවෙ වාඩි වෙලා නිවී සැනසිල්ලෙ කතා පොතක් බලන්න හිතාගෙන . ලොකු නිදහසක් දැනෙන්නෙ.
මේ පොළොවෙ වාඩි වෙලා බිත්ති වලට කන් තිව්වම ඔයාටත් ඇහේවි, මම වගේම හදවතේ බර සැහැල්ලු කරගන්න, කැලණි සරසවි මව් හදවතට ළංවෙලා සෙමෙස්ටරයක පීඩනය නිදහස් කරගන්න කාගෙ කාගෙත් සිතිවිලි වල හඩ.
හමුවෙමු ලබන සතියෙත් අපි. ඊළඟ සෙමෙස්ටරයේදී.

දෙවුනි වසුන්දරා
ජෛවිය විද්‍යා අංශය
පළමු වසර.

Address

University Of Kelaniya
Dalugama

Alerts

Be the first to know and let us send you an email when Art Forum - University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Art Forum - University of Kelaniya:

Share

Category