06/10/2026
🚫Small Business කරන අයට වැදගත් කරුණක්… ✨
🕯️ Small Business එකක වටිනාම දේ Customer. 🤍
ඒ නිසා Business එක Customer මූලික කරගෙන ගෙනියන්න ඕන. Customer කෙනෙක් අපිව විශ්වාස කරලා ගෙවන මුදලට උපරිම සාධාරණයක් කරන එක, හොඳ quality එකක් ලබාදෙන එක වගේම, Customerගේ අවශ්යතාවය තේරුම් අරගෙන වැඩ කරන එකත් අපේ වගකීමක්.
ලාභය විතරක් බලනවාට වඩා, “මම ගෙවපු මුදලට මට වටිනා දෙයක් ලැබුණා” කියන සතුට Customer කෙනෙක්ට ලබාදීමයි වැදගත්. 🌷
Customerගෙන් ලැබෙන හැම Feedback එකක්ම අපේ Business එක Improved කරගන්න ලැබෙන අවස්ථාවක්.💫
ඒ වගේම, හොඳ product එකක් දෙන එක වගේම, ආදරණීය සහ Friendly Service එකක් Customer කෙනෙක්ට ලබාදීමත් අපි ව්යාපාරිකයන් විදිහට සැලකිලිමත් විය යුතු දෙයක්. 🤍
මොකද Customer කෙනෙක්ට මතක තියෙන්නේ අපෙන් ගත්ත product එක විතරක් නෙවෙයි…
🤝😍අපි එයාට සලකපු විදිහත්. ✨