Say Hello to ur self

Say Hello to ur self I might don't know who I am but I know where I want to be. To know yours, here Say Hello to ur self.!

06/06/2024
෴මම හුඟක් වෙලාවට හැසිරිලා තියෙන්නේ මෝඩයෙක් වගේ. ඔව් ඔයාට ඇහුණා හරි "මම හැසිරිලා තියෙන්නේ මෝඩයෙක් වගේ" ‍මිනිස්සු බොරු කිය...
06/06/2024


මම හුඟක් වෙලාවට හැසිරිලා තියෙන්නේ මෝඩයෙක් වගේ.
ඔව් ඔයාට ඇහුණා හරි "මම හැසිරිලා තියෙන්නේ මෝඩයෙක් වගේ"

‍මිනිස්සු බොරු කියනකම් මම ඔහේ අහගෙන ඉඳලා තියෙනවා ඒ බොරු වලට අහුවුණා වගේ.
කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු ලොකුකම් කියවනකොට මං අහන් ඉදලා තියෙනවා ඒ පුරසාරම් හරි රසවත් වගේ.

මිනිස්සු ඇස් දෙකට පෙනි පෙනි විනිවිදබාවයකින් තොරව කපටි සැලසුම් හදනකොට මම අහක බලන් ඉදලා තියෙනවා "එයාල බලාපොරොත්තු වුණු විදිහටම" මට ඒවා තේරෙන්නේ නැති තරමටම මම මොට්ටයි වගේ. සමහර මිනිස්සු මාව පාවිච්චි කරනවා කියලා ඉතා පැහැදිලිව පෙනි පෙනිත් මම එයාලට කෙටි කාලයකට මාව පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙනවා. ඇයි ?

මං හෙන මොළේ තියෙන ඩයල් එකක් නිසා ද
නැත්නම් මට එයාලව අන්දන්න ඕන වුණු නිසා ද ?
නෑ දෙකම නෙමේ.

* සමහර තැන් වලදී මම ඒ මිනිස්සුන්ට දුන්නු ගෞරවය එයාලගෙම මුණ ඉස්සරහපිට කුඩු කරලා දාන්න මට ඕන නොවුණු නිසා.

* සමහර තැන් වලදී ඒ මිනිස්සු කොහොම වුණත් මම ඒ මිනිස්සුන්ට ආදරේ කරපු නිසා, මම ඒ මිනිසුන්ට මගේ හදවතින්ම මිතුරෙකුගේ තැන දීපු නිසා.

* සමහර තැන් වලදී එයාලට, මං අරූව අන්දලා මට ඕනේ විදිහටම මගේ වැඩේ සැලසුම් කරගත්තා කියන සිඟිති ආතල් එක උන්ට විදින්න ඉඩ දෙන්න ඕනේ නිසා.

* සමහර තැන් වලදී ඔවුන් මට කරපු නරක දේවල් ඔවුන් කරපු හොඳ දේවල් එක්ක සමබර වුණු නිසා.

ඒත් ඇත්තටම ඇයි?

ඒ මං ඒ හැම තැනකදීම පාඩමක් ඉගෙන ගත්ත නිසා, මට අවශ්‍ය කොටස මම මගේ ජීවිතේට එකතු කරගත්ත නිසා. ඒ හැමදේම මාව වඩා ශක්තිමත් කරපු නිසා, වඩා හොඳින් මිනිස්සු අඳුනගන්න මගේ ඉව මුවහත් කරපු නිසා.
ඒ හැම මනුස්සයෙක්ම වෙනස් ජීවිත පාඩම් කියල දුන්නු, කියලා දෙන "ජීවිත ගුරුවරු" නිසා.

මගේ පාඩම අවසන් කියල තේරුණාම මං ඒ මිනිස්සුන්ව මගේ පුංචි සම්බන්ධතා රවුමෙන් කපාහරින හැම මොහොතකදිම වඩා කුඩා වෙන මගේ රවුම, කුඩා තිතක් වෙන ප්‍රමාණෙට ආවත්, ඒ තිත ඇතුළේ හැබෑ සැනසීමත්, උණුසුමත්, ආදරයත්, අව්‍යජත්වයත් තිබුණු නිසා.

ඒ නිසා ඒ පොඩි උණුසුම් තිත ඇතුළේ දවසක මම විතරක්ම ඉතිරිවෙන තරමට වුණත් "මම මෝඩයෙක් වගේ හැසිරෙයි." මොකද වඩා වැදගත් වෙන්නේ "inner peace" නිසා.

නොනවතින ආටෝප සාටෝප ඩ්‍රාමා එකක සෙනග ගොඩක් අතරේ ඉන්නවට වඩා සැනසීමෙන් ඉන්න පුළුවන් තනි ග්‍රහලෝකයක් හදාගන්න ආස ජීවින් මේ ලෝකේ ඉන්නවා. මම එයින් එකෙක්.

කොයිතරම් මිනිස්සු එක්ක මූව් වුණත්, ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොහොතේ හිටියත්, ජීවිතේ වැඩි ප්‍රමාණයක් මම කැමති තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න කැමති මිනිස්සුන්ගේ සිතීම් පරාසය ඔයාලට imagine කරන්න බැරි තරම් දුරකට විහිදෙනවා. ඔවුන්ගේ දුක, සතුට, creativity, imagination, නිදහස, සැළසුම් සකස් කිරීම් සියල්ල තියෙන්නේ මේ නිහඬ සිතීම් පරාසේ ඇතුළේ.

ඉතිං ඔව් ඔයාට තමා මම කියන්නේ, මම තවදුරටත් මෝඩයෙක් වගේම හැසිරෙන්න ඉඩ තියෙනවා!

🤍 copied 🤍
____________________________________

May be I will not Fall in love ❤️ again..Twice.., I did my best.Everything I knowIn every way In every moment.I know tha...
18/05/2024

May be I will not Fall in love ❤️ again..

Twice.., I did my best.
Everything I know
In every way In every moment.
I know that is my max.

But they didn’t felt that love.

I know I will never Do that much again
As know I will never love that much again.

So,why should I be unfair for another ‘he’

Thats why I am now begging you god
Never try to make me Fall in love again.

I wish I will never
Felt that again.. ❤️‍🩹🤍

- ✍️ Jaanu

💜 සමහර වෙලාවට අපිට අපිව වළදාන්න වෙනවා 💜මට කවදාවත් වචන කරන්න බැරි තරම් හැගීම් මගෙ ඇතුළෙ තිබුනා 😶. ඒවා එහෙමම තිබුනා: දැනුන...
19/03/2024

💜 සමහර වෙලාවට අපිට අපිව වළදාන්න වෙනවා 💜

මට කවදාවත් වචන කරන්න බැරි තරම් හැගීම් මගෙ ඇතුළෙ තිබුනා 😶. ඒවා එහෙමම තිබුනා: දැනුනා, විදදරාගග්තා, මන් ලගම තියාගත්තා.
මොකද මම කවදාවත් මගෙ ගැන ඕනෑවට වැඩිය පැහැදිලි කරන්න දක්ෂ වුණේ නැහැ. මිනිසුන් කෙසේ හෝ මාව හදුන ගනීවි, නමුත් බොහෝවිට ඔවුන්ට මාව දැනෙන්නෙ නැහැ.

ජීවිතේ අපි මුහුණදෙන සමහර අත්දැකීම් නිසා අපි තීරණය කරනවා සමහර හැගීම් වලට, අපේ සමහර ගති පැවතුම් වලට සීමා පනවන්න. ඒ එක්කම අපේ සමහර versions වලට තිත තියන්න 😔

හැබැයි ඒ දේවල් කරන්නෙ තව කෙනෙක්ව සනසවන්න හෝ ඒ අය සතුටුකරන්න නෙවෙයි. අපිට අපිවම Heal කරගන්න පුළුවන් වෙන්නයි 😇. මොකද ඒක එක්තරා විදිහකට මිනිහෙක්ට පාවිච්චි කරන්න පුළුවන් Defensive Mechanism එකක්.

අන්න ඒකෙන් ඔයාට පුළුවන් වෙනවා ඉදිරි කාලයෙදි ඔයාට වෙන්න පුළුවන් දරුණු හිත් රිදීම් 💔, බිදීම් වලින් ආරක්ෂා වෙලා ඔයාට ඕනි විදිහට ඔයාගෙ ජීවිතේ ගමන අරගෙන යන්න. සතුටින් ඉන්න 🥳.. මොකද අපි මොන දේ කොහොම කරත් අපිට ඒ සියල්ල අවසානෙදි සතුටින් ඉන්න නැත්නම් ඒ මොකුත් වැඩක් වෙන්නෙ නෑ.

අන්න ඒ නිසා සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අපිවම වළදාන්න!

😔 ඒක හරි අමාරු වැඩක්...
ඒත් අපිට ඒක කරන්නම වෙනවා ! 😉👍

- Copied > Edited & Added 😁-

ගොඩක් අය මගෙන් අහන දෙයක්.. කොහොමද මෙහෙම සතුටින් ඉන්නෙ කියලා 🤪. ඇත්තටම මේ post එක විනාඩියක් අරන් කියෙවුවට පාඩු නෑ. අත්දුට...
19/03/2024

ගොඩක් අය මගෙන් අහන දෙයක්.. කොහොමද මෙහෙම සතුටින් ඉන්නෙ කියලා 🤪. ඇත්තටම මේ post එක විනාඩියක් අරන් කියෙවුවට පාඩු නෑ. අත්දුටුව යි.. ප්‍රත්‍යක්ෂ යි.. 😉🤗

‍෴————————————

පීඩනයකින් තොරව සම්බන්ධකම් පවත්වා ගැනීමේ කලාව දන්නවද 👇👇👇

විනාඩියක් අරන් කියෙවුවට පාඩු නෑ ජිවිතයට

ඔව් ඇත්ත ඒක හරිම විනෝදයි😊😊😊

🔔සතුටෙන් බොරු අහන්න

බොහෝ යාළුකම් බිඳෙන්න හේතුව බොරු කීම සහ කියපු බොරු මාට්ටු වීම ,
යහමින් ලුණු ඇඹුල් දාපු අතේ පැලවෙන බොරුවකට උනත් හිතේ සතුටෙන් සවන් දෙන්න ..ඔබ බොරුකාරයන්ට අකමැති වුනු පමණින් මිනිස්සු බොරු කියන එක නවත්තන්නේ නැහැ ,සමහර මිනිස්සුන්ගෙ ජීවිතේම තනිකර බොරුවක් ,අනේ එයා මට බොරු කිව්වා කියලා දුක් වෙන්න ගත්තොත් මැරෙනකම්ම දුක් වෙන්න වෙනවා .මොකද හැමෝම බොරු කියනවා ..මේ කියන්නෙ බොරු බව මනා සේ දන්නවා උවත් ගොනා සේ අහගෙන ඉන්න පුරුදුවෙන්න ,එතකොට ප්‍රශ්න අඩුයි ..

🔔මතයන් දරාගන්න.

'' නියඟලා කෑවොත් මැරෙනවා ''මේක ඔබත් දන්නවා , මමත් දන්නවා , මොන පිස්සුද නියඟලා මම උයලා කාලා තියනවා ..ඔබේ යාලුවෙක් එහෙම කියන්න පුළුවන් , ඉතින් තරහ යන එක සාදාරණයි ,
හැබැයි ඔබ වැරදියි , ඔබට නියඟලා වස උනාට ඔහුට රස වීමට පුළුවන් , තවත් සමහරවිට ඔහුට නියඟලා ඔරොත්තු දෙනවා වෙන්නත් පුළුවන් , නැත්තම් ඔවුන් නියඟලා කියලා කියන්නේ වෙන අල ගෙඩියකට වෙන්නත් පුළුවන් ..මොන තරම් ඇත්ත දන්නවා උනත් අනිත් අයට ඔවුන්ගේ මතය පිළිගන්න ඉඩ දීලා නිහඬ වෙන්න ..ඔබ හිටගෙන ඉන්න පැත්ත අනුව මේ අංකය 6 (හය ) උනාට ඔහු හිටගෙන ඉන්න පැත්ත අනුව මේ 9 ( නමය ) වෙන්න බැරි නැහැ ..ඕන කෙනෙකුට තමන්ගේ මතයේ පිහිටන්න ඉඩ දීමෙන් සම්බන්ධතා වලදී ප්‍රශ්න අඩුයි ..

🔔 බලපෑම් කිරීම නවතාදමන්න.

ඔබේ ලඟම හිතවතා , ඔබේ ලොකුම හතුරා සමග සතුටු සාමිචියේ ඉන්නවා දැකීම ඔබට පීඩනයක් වෙනවනම් සමාජ සම්බන්ධකම් වලදී ඔබ ෆේල් ..ඔබට දූරියන් අමුර්ත්ය වූ පමණින් අනෙකා දූරියන් පිළිකුල් කිරීම නවතා දැමිය යුතු නැත , ඔබ කසාද බැඳපු පලියට හැමෝම කසාද බැඳිය යුතු නැත , ඔබට දරුවන් දෙදෙනෙකු සිටි පමණින් හැමෝටම දරුවන් දෙදෙනෙකු සිටිය යුතු නැත , ඔබ යනු ඔබය , සම්බන්ධතාවක් නිසා ඔබ අනෙකාව පාලනය කරන්නට උත්සාහ දැරීම නිසා ඔබට හිමිවන්නේ දුකක් කලකිරීමක් පමණි ..බලපෑම් නොකරන සම්බන්ධකම්වලින් දුක දැනෙන්නේ නැහැ .

🔔රිදෙන තැන් හංගන්න

සමාජ සම්බන්ධතා වලදී අපි ගොඩක්ම දුක් විඳින කාරණය තමයි මේ ..අපි හැමෝගෙම දුර්වල තැන් තියනවා , තමන් දුර්වල වෙන්නේ කොතනදීද කියලා දන්නේ තමන් විතරයි , ජීවිතේට ලඟම හිත් වලට මිසක් , හම්බෙන හම්බෙන හැමෝටම තමන්ගේ දුර්වලතා හඳුන්වා දීම ,ලොකු අවධානමක් , රිදෙන තැන් හොඳටම දන්නා මිනිස්සු රිද්දන්න ඕන විදිහත් හොඳටම දන්නවා, සමාජ සම්බන්ධතා වලට විවුර්ත වීමේදී සීමා සහිත වෙන්න ..එතකොට රිදෙනවා අඩුයි .

🔔ආයුධ හංගගන්න

බොහෝවිට අපිට වරදින්නේ මෙතැනදී ,හිත අතට අරගෙන මනුස්සකම වචන වල පෙරලෙනකොට අපි ඉතින් වෙච්ච දේවල් ,වෙන්න තියනදේවල් , විතරක් නෙමෙයි ඉපදෙන්න ඉන්න දරුවන්ගේ නම් පවා කියනවා , තමන් විතරක් දැනගන්න ඕන දේවල් , තමන් දැනගත්තම ඇති , රහස් කියන්නෙ මුවහත්ම ආයුධ , ඕවා එහෙ මෙහෙ එළියේ දාන එකෙන් තමන්ගේ ජීවිතේම තමයි අවධානමේ වැටෙන්නේ..කෙනා හොඳින්ම හඳුනාගන්නා තුරු ඔබේ යටිහිත ඔබ ලඟම තියාගන්න .එතකොට සම්බන්ධතා පවත්වාගැනීමේදී සහ බිඳවැටීමේදී ඇතිවෙන පීඩනය අඩුයි .

🔔වෙනස් වීම් වලට ගරු කරන්න

අද ඉන්න මම හෙට වෙනස් , හෙට ඉන්න මම ලබන සතියෙ වෙනස් , අපි පිළිගත්තත් නැතත් ශාරීරිකව වගේම මානසිකවත් අපි වෙනස් වෙනවා ..ඉතින් හැමදාම ආදරේ කරපු කෙනා වෙනස් වුනා , ලඟම හිටපු මිතුරා සතුරා වීම ,තුල පුදුම වෙන්න දෙයක් නැහැ , එහෙම වෙන්න පුළුවන් දෙයක් ..අද රහ ට දැනිච්ච දෙයක් හෙට වහ වගේ දැනෙන්න පුළුවන් ,මොන තරම් තදට බැන්දත් සම්බන්ධතා ලෙහෙන්න පුළුවන් ..මිනිස්සු වෙනස් වෙනවා.. ඉතින් , උපේක්ෂාවෙන් දරාගන්න ..

🔔කෙලෙහි ගුණ කියල වචනයක් නැහැ.

ඔබ මිනිස්සුන්ට හොඳින් සැලකුව පමණින් ඔවුන් ඔබට හොඳින් සැලකිය යුතු නැහැ , එහෙම වෙන්නෙත් නැහැ ,කාට හෝ උදව්වක් කරලා ඔබත් යමක් බලාපොරොත්තුවෙනවා නම් ඒ ගනුදෙනුවක් මිසක තවදුරටත් උදව්වක් වෙන්නේ නැහැ , පුළුවන් හැමෝටම උදව් කරන්න හැබැයි හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා ..කෙනෙකු ගුණ මකු වූ පමණින් ඔබේ හොඳ ගති නවත්තන්න එපා ..කොටින්ම කිව්වොත් වර්තමානයේ කෙලෙහිගුණ කියලා වචනයක් නැහැ , ඒ වචනේ අමතකම කරලා දාන්න ..

🔔තනිවෙන්න හුරුවෙන්න ..

ජීවිතේ කියන්නේ අම්බලමක් ,තමන්ගේ වැඩේ කරගෙන හැමෝම යනවා , එහෙම නොයන අයත් ඉන්නවා , හැබැයි කව්රු ගියත් කව්රු නැවතුනත් ඔබට ඔබේ ගමන යන්නම වෙනවා ,ඒ නිසා පෙරපුහුනුවක් විදිහට හරි තනිවෙන්න හුරුවෙලා ඉන්න එක වටිනවා,

👇👇👇

එකිනෙකාට වෙනස් මිනිස්සු අතර එකිනෙකට වෙනස් ගැටළු මතුවීම සාදාරණයි ,

ඔබත් මමත් අපි හැමෝම විටක වැරදියි වගේම විටක නිවැරදියි ..

එහෙමයි කියලා,ගෝලීයකරණය වුනු සමාජයක අපි කාටවත් හුදකලා වෙන්න බැහැ , ඒක ප්‍රායෝගිකත් නැහැ, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි හැමෝටම සමාජය සමග සම්බන්දතා පවත්වන්න ම සිද්ධවෙනවා .

හැබැයි ඔයාගේ මනස යතාර්ථයට සුදානම් නම් කිසිම කෙනෙකුට, කිසිම සම්බන්ධයකට ඔබව රිදවන්න ලේසි වෙන්නේ නැහැ.

මේක මුලදී ටිකක් අමාරුයි වගේ දැනුනට පුරුදු උනාම හරිම විනෝදයි , වගේම ප්‍රතිඵලදායකයි ..දිගින් දිගටම ප්‍රගුණ කළා කියන්නෙ ඉතින් ගේමක් නැතුව හෙනහුරා ව උනත් හොඳම යාලුවෙක් කරගෙන ආශ්‍රය කරන්න පුළුවන් ... 👌

අනිශා ජයකොඩි ✍
උපුටා ගැනිමක්

💚💕"All Journeys have secret destinations of which the traveler is unaware" - Martin Buber
17/04/2023

💚💕

"All Journeys have secret destinations of which the traveler is unaware" - Martin Buber

25/10/2022
💜🤝
25/10/2022

💜🤝

24/10/2022
Puppy 🐶 💕
22/10/2022

Puppy 🐶 💕

There is nothing sweeter in this world than a Breath of a baby..I think that's why you got that name “Baby's Breath” 💞  ...
22/10/2022

There is nothing sweeter in this world than a
Breath of a baby..
I think that's why you got that name “Baby's Breath” 💞

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Say Hello to ur self posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share