අකුර

අකුර සමහර අකුරු කතා කරනවා�

12/06/2026
❤️
29/05/2026

❤️

21/03/2026

මට මෙන්න මෙච්චරක් විතරක්ම කියන්න
ආදරේ කියන එක හරියටම දැනෙන්න
පුළුවන්ද වචන වලින් මට ඒක කියන්න

මුල් අකුර විතරක්ම පොතේ මුල ලිව්වාට
දුක නැද්ද නිකම්වත් ඉතිරි පිටු හැඩුවාට
ඇත්තටම පුළුවන්ද නුඹට නොහඬා ඉන්න

බදාගෙන මගේ යැයි මගේ ලග හිදීමය
දුරින් දුටුවාම හෝ සතුටින් පිරීමය
අතහැරී ගිය පසුව හිතින් සුහ පැතීමය

ආදරේ එහෙමමද ආයෙමත් ඇසීමය
ඇතැම් විට බදාගෙන ඉකි ගගා හැඩීමය
මතක් වෙන ඉඳහිටක සිනාවක් පිරීමය

ඇත්තටම මට ඒක දැනෙන හැටි කියනවද..?

ළඟටම ගිය නිසා කතා කරලා එන්නත් තිබුනා...එයා නපුරු නෑ... ඔයාට හොඳටම යාලු වෙන්නත් තිබුනා...එහෙම වුනා නම් එයා මගේ ගැන විස්තර...
13/03/2026

ළඟටම ගිය නිසා කතා කරලා එන්නත් තිබුනා...
එයා නපුරු නෑ...
ඔයාට හොඳටම යාලු වෙන්නත් තිබුනා...
එහෙම වුනා නම් එයා මගේ ගැන විස්තර කියන්නත් තිබුනා...
ඉස්සර සැරම සැර. ..
එයා මගේ ඉර ...
අහම්බෙන්වත් දකින්නට
මම බලන් හිටපු පාර
තනියම ඔහේ ඇවිදන් ගියපු පාර...
දැන් හැමදාම එහේද...
මෙහේද...
ඔව් මම දන්නවා සතුටු බව හුගක්ම
නොකිව්වට හමදාම අපි බලන් හිටි විදිහ
අපේ ඇස් අපි ළඟම පරිස්සම් කල විදිහ..
දන්නවද මටත් දැන් කොච්චරක් සතුටුයිද....

අකුර♥️

Address

Colombo
0094

Website

Alerts

Be the first to know and let us send you an email when අකුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category