07/03/2022
මම නුවන් , මගේ බිරිඳ ගිය පෙබරවාරි මාසේ මුල හදිසියේම උණ රෝගයෙන් පෙළෙන්න ගන්නවා. මුලදි ඩෙංගු ලක්ෂණ පෙන්නුවත් වෛද්‍යවරුන්ගේ දක්ෂකමින් දිනක් ඇතුළත ඇයට ලියුකේමියා රෝගය බව හොයා ගන්නවා.
ඉන්පසු ඇයව අපේක්ෂා රෝහලට මාරු කරනවා.දැනට මහරගම අපේක්ශා රෝහලේ වාට්ටු අංක 30, වෛද්‍ය බුද්දික සෝමවර්ධන මහතා යටතේ ප්‍රතිකාර ලබන ඇයගේ, කරන ලද ඉන්දියානු බෝන්මැරෝ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදියට ඇයට ඇටමිදුළු බද්ධ කිරීමක් සිදු කරන්න වෙන බවත්, එය දැනට රාජ්‍ය අංශයේ රෝහල් තුළ නොකෙරෙන බවත් දැනුම් දුන්නා. වඩා සාර්ථක ලෙස මෙය ඉන්දියානු රෝහලක දී කළ හැකි නිසා, සියල්ලට වඩා ඇයගේ ජීවිතය වැදගත් නිසා, අපි ඇයව ඉන්දියාවට රැගෙන යන්න තීරණය කළා.
අපිට තියෙන්නෙ ඉතාම සීමිත කාලයක් , අපේ වෛද්‍යතුමා ලබා දුන් මාස 2 ක කාලයෙන් දැන් අපිට ඉතිරි ව ඇත්තේ මාස එකහමාරක කාලයක් පමණයි.ඉන්දියාවේ දී මෙම ප්‍රතිකාරයට මිලියන 15ට ආසන්න මුදලක් වැයවන බවත් ඔහු අපිට දැනුම් දුන්නා.
මෙවැනි කෙටි කාලයකින් මේසා විශාල මුදලක් සොයාගැනීමට අපහසු නිසා අපට මූල්‍යමය සහයෝගයක් අවශ්‍ය වෙලා තියෙනවා.
අපි දවසක මැරෙන මිනිස්සු , අපි දෙන්නම ඒක දන්නවා , ඒත් අපේ දරුවො දෙන්නා තාම ගොඩක් පොඩියි.. (ලොකු පුතාට වයස අවුරුදු 8, පොඩි පුතාට වයස අවුරුදු 6 යි)
ඒ නිසා දරුවොන්ට එයාලගේ අම්මා ඕන.. මට අපේ පුංචි පවුල ආරක්ෂා කරගන්න ඕනේ..
මට ඒකට ඔයාලගෙ සහය ලැබෙයි කියල හිතනව.
නුවන් (0719557667)
N.D.Walpita
A/C no.1026 5489 2147
Sampath Bank
Panadura Branch