17/03/2026
මගේ සිග්නේචර් ඩේට් කේක් එක හවස තේ වලට ඇඹුල් කෙසෙල් එක්ක. අද හැදුවෙ 500g ලෝෆ් ටින් එකේ.මේවගේ ස්ලයිසස් 13ක් කැපුනා.
රට ඉඳි කේක් 500g රෙසිපි එක
අවශ්‍ය ද්‍රව්‍ය
ඇට රහිත රට ඉඳි 200g
බටර් 75g
සීනි 50g
බිත්තර 3
වැනිලා තේ හැඳි 1/2
පාන් පිටි 75g
බේකින් සෝඩා /ආප්ප සෝඩා තේ හැඳි1/4
බේකින් පවුඩර් තේ හැඳි 1
තද තේ කහට කෝප්ප 1/4
රට ඉඳි ටිකට තේ කහට උනුවෙන්ම දාල පෙඟෙන්න තියල පල්ප් එකක් හදාගන්න.
ග්‍රෑම් පන්සීයෙ කේක් තැටිය බේකින් පේපර්ස් දාල සූදානම් කරගන්න.
අවන් එක අංශක 180ට විනාඩි දහයක් ප්‍රීහීට් වෙන්න දාන්න..
රට ඉඳි ටික හයිය වැඩි නම් ටිකක් ලිපේ තියල ගන්න.
බටර් ටික තත්තපර 30ක් බීට් කරල සීනි දාල බීට් කරන්න. ඊටපස්සෙ බිත්තර එකින් එක හයි ස්පීඩ් බීට් කරන්න. වැනිලා එකතු කරන්න.
ඊටපස්සෙ හොඳින් නිවාගත් රට ඉඳි පල්ප් එක දාල අඩුම ස්පීඩ් එකේ බීටර් එකෙන් හෙමීට ඒක බිත්තර එකට මික්ස් කරන්න.
පීට් එකට පිපුම්කාරක ටික දාල පොඩ්ඩක් හැන්දෙන් කවලම් කරල කේක් බැටර් එකට එකතු කරල ඒකත් අඩුම ස්පීඩ් එකේ තත්පර තිහක් වගේ මික්ස් කරගන්න.
සකස් කරගත් තැටියට දාල අමතර වායු බුබුළු එහෙම ඉවත් කරල බේක් කරගන්න.
අවන් අනුව කාලය වෙනස් වෙනව .
මට විනාඩි 35ක් ගියා.
වැඩි විස්තර විඩියෝ එකේ තියෙනව පළවෙනි කමෙන්ට් එකේ.ලිපේ හෝ එයාර් ෆ්‍රයර් එකේ හදන විස්තරත් ඇතුලුව.
Cooked_by_INDI ©❤️