Beauti of srilanka

Beauti of srilanka 2020

 #කතාකරන_පින්තූර 😥ඇත්තටම එයාලට කතා කරන්න පුළුවන් උනා නම්...............?ඒ හුස්මඒ ලස්සන ඒ නිදහසඑයාලගෙ ඒ මුළු ලෝකයම,  අද ....
01/06/2021

#කතාකරන_පින්තූර 😥

ඇත්තටම එයාලට කතා කරන්න පුළුවන් උනා නම්...............?

ඒ හුස්ම
ඒ ලස්සන
ඒ නිදහස
එයාලගෙ ඒ මුළු ලෝකයම, අද ....?

අපිට සමාවෙන්න , ඒ හැමදේම එක මොහොතකින් උදුරගත්තට 🙏

වන්දියකට වඩා ඔයාලගෙ හුස්ම පොදක වටිනාකම දන්න මිනිස්සු ඉන්න ලෝකයකට ආයෙත් එන්න. ❤️

-ශෙහාන් මාලක ගමගේ-

26/05/2021
දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය "මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ තැන් ප්‍රසිද්ධ කරනවා කියලා හිතන්...
16/05/2021

දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය

"මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ තැන් ප්‍රසිද්ධ කරනවා කියලා හිතන්න එපා.මේ තැන් ගොඩක් අය දන්නවා මම හිතනවා මේ සමූහය තුල මම වගේම පරිසරයට ආදරේ කරන පරිසරය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මේ තැන් වලට යනවා නම් ඒ තැන් ආරක්ෂා කරලා , අවට මිනිස්සුන්ට කරදරයක් නොවෙන්නත් වග බලාගන්න.

කොත්මලේ ජලාශයේ බැම්මේ සිට මාවෙල දෙසට කිලෝමීටර 5-6ක් ගිය තැන සුන්දර ගම්මානයක මනරම් කුඩා වෙල් යායක් අද්දර ඉහල කෙළවරේ රණමුනේ පිහිල්ල පිහිටා තිබෙනවා. අඩියක් පමණ පලල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස් සිරුරු පවිත්‍ර කරන මෙම රණමුනේ පිහිල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී එන පීල්ලක්. යාබදව පිහිටා ඇති අම්බලම වැනි ගොඩනැගිල්ල ඉතා පැරණි කාලයට අයත් පාදමක සලකුණු මත නිර්මාණය කළ එකක්. මෙම පිහිල්ල ගැමුණු කුමාරයා කොත්මලේ සිට සේනා සංවිධානය කල කාලය දක්වාම ඇදී යන ඉතිහාසයකට ඇතුලත් බව ජනප්‍රවාද වල සඳහන් වේ. උල්පත් ජලය කෙලින්ම හිස මතට වැටෙද්දී තරමක සිසිලකින් යුක්ත වුනත් ඒ වැනි පිහිල්ලකින් නා ගැනීම අමුතුම ජීවන අත්දැකීමකි.

මෙම රණමුනේ පිහිල්ලෙන් ගැමුණු කුමාරයා ස්නානය කල බවද ජනප්‍රවාද වල සඳහන් වේ. ගම්වැසියන් පවසන අන්දමට කොපමණ නියං සමයකදී හෝ මෙම රණමුනේ පිහිල්ලේ වතුර නොසිඳේ..

මෙම වටිනා සම්පත රැක ගැනීම එම ගමේ ජනතාවගේ පමණක් නොව මුලු රටේම අයගේ යුතුකමක් . ඔබත් මෙම ස්ථානයට යනවා නම් එම ස්ථානයටත් එම ගම්වාසීන්ටත් හිරිහැරයක් නොවන සේ හැසීරෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි.

සටහන: ශශින් විජේතුංග
(මෙය සම්පූර්ණයෙන් උපුටාගත්තකි)

07/05/2021

හැකිතාක් share කරන්න.හදිස්සියක්

කිරිවෙහෙර වන්දනාවෙන් පසු යාල පරිසරයට අනුගත් වීමු.මිනිසුන්ට වඩා සතුන් කොතරම් නිදහසේ දිවිගෙවන්නේදැයි සිතුනි.එහෙත් මරණබියෙන...
11/02/2021

කිරිවෙහෙර වන්දනාවෙන් පසු යාල පරිසරයට අනුගත් වීමු.

මිනිසුන්ට වඩා සතුන් කොතරම් නිදහසේ දිවිගෙවන්නේදැයි සිතුනි.එහෙත් මරණබියෙන් පීඩිතව කර්මානුරූපීව ජීවිතය ගෙවන ඇතැම් සතුන් ආයුෂ කෙළවර නොවී සිටියදීත් කර්මයේ විපාක වශයෙන් මරණයට පත්වන්නේ තිරිසන් ලෝකය තුළ ඇති දුක්ඛදායක බව පසක් කරන්නට මෙනි....ලැබූ දුර්ලභ මනුසත් භවය ගුණපුරන ජීවිතයක් බවට පරිවර්තනය කරනොගන්නාතාක් අපේ ජීවිතද මෙලොවදී තිරිසන් ගති ඇත්තාසේම මරණින් මතුව තිරිසන් යෝනිවල උත්පත්තිය ලබන බව දකින්න අවබෝධ කරගන්න ....

..තෙරුවන් සරණයි ..

නුවරඑළියේ ඉදන් ඇවිදින්න යන්න ලස්සන තැන් ටිකක්
09/02/2021

නුවරඑළියේ ඉදන් ඇවිදින්න යන්න ලස්සන තැන් ටිකක්

 #සොබාදහමට ප්‍රේම කරමු.අදත් ස්වභාවික පරිසරයට තරමක් අනුගත වීමි......කුඩා අවදියේ මතකය යලිත් සිහිපත් වූයේ තරමක වේදනාවක් ද ස...
23/01/2021

#සොබාදහමට ප්‍රේම කරමු.

අදත් ස්වභාවික පරිසරයට තරමක් අනුගත වීමි......කුඩා අවදියේ මතකය යලිත් සිහිපත් වූයේ තරමක වේදනාවක් ද සහිතවය...මන්ද යත් නම් මිනිසුන් ස්වභාවික ගොවිතැනෙන් කෘතීම ක්‍රම රටා වලට හුරුවී ඇති නිසාවෙනි......

2021/01/23

21/01/2021
20/01/2021

🇱🇰🇱🇰

Recommend beauti of srilanka
20/01/2021

Recommend beauti of srilanka

වාහෙනෙන්ම උඩටම යන්න පුලුවන් හැම හොයන  #හුලංගලට යන්නෙ මෙහෙමය       හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ නක...
19/01/2021

වාහෙනෙන්ම උඩටම යන්න පුලුවන් හැම හොයන #හුලංගලට යන්නෙ මෙහෙමය

හුලංගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයායේ නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එය කුරුණෑගල හෝ මාතලේ සිට ළඟා විය හැකිය. මේ කන්දට නැව්ගල කියලත් කියනවා.කුරුණගල සිට දඹුල්ල දෙසට තල්ගොඩපිටිය හන්දිය දක්වා ගමන් කර යටවත්ත පාර දෙසට හැරෙන්න ඕනී. මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා ඇත.
Hiking වලට ආස අයට කුරුණෑගල මඳුරාගොඩ පැත්තෙන් නගින්න පුළුවන්. මේක කුරුණෑගල කියලා කීවට කුරුණෑගල නම් නෙමේ හරියට බැලුවොත් පහල විතරයි කුරුණෑගලට අයිති අනිත් හුලංගල කොටස මාතලේට තමා අයිතී..
කුරුණෑගල සිට මුළු දුර කිලෝමීටර 40 ක් පමණ වේ.ඇත්තටම කීවොත් මේක පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නමුත් මේකේ බෑවුමේ පහල තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කය. එම නිසා සැලගම වතුයාය මැදින් වාහනයක මෙම කන්දට නගින්නත් පුළුවන්.. (ගොඩක් අය මේ කන්ද නගින්නෙ මේ වතුයාය මැදින් ) නමුත් අයිතිය කුරුණෑගලට සතුයි.

දන්න තරමින් මෙම කාලයේ වත්තට ඇතුළු වීමට අවසර ගත යුතුයි.වතු දොරටුවේදී ඔබට වාහනයක් සඳහා යම්කිසි මුදලක් අය කරයි. සැලගම වතුයායේ ලයිම් නිවාස වලින් ඔබට දර්ශන ස්ථානයට ළඟා වීමට කිලෝමීටර් 2-3 ක් පයින් යා හැකිය. කෙසේ වෙතත්, මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන දර්ශන ස්ථානය දක්වාම යා හැකිය. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක්. වාහනෙන්ම ගියත් මග දෙපැත්තෙන්ම තේ වතු, කදු තියෙන නිසා පරිසරයේ සුන්දරත්වය අඩුවක් නැතුව විදගන්න පුළුවන්.

පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 760 (අඩි 2500) ක් උසිනි. කෙසේ වෙතත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යයි.

මේ පුංචි ලෝකාන්තය මුදුනට ආවම දැකගන්න ලැබෙන නිදහස, සුන්දරත්වය ඔයාලත් ගිහින්ම විදගන්න. මේ පුංචි ලෝකාන්තය මුදුනට වයඹ හා මධ්‍යම පළාත් හොදින් දිස්වෙනවා. ඒ අතරින් නකල්ස් කදු පන්තිය , බිසෝගල , දොළුකන්ද , රිදී විහාරය , රම්බඩගල්ල වගේ තැන් ගොඩක් බලාගන්න පුළුවන්.

සැලගම වතුයායේ පිහිටා ඇති යටවත්ත බිසෝ ඇල්ලට ද ඔබට පිවිසිය හැකිය. දිය ඇල්ලට ළඟාවීම සඳහා, ඔබ වතුයායේ ලයිම් නිවාස වලින් දකුණට හැරී යටවත්ත හින්දු කෝවිල දක්වා යා යුතුය.

කුරුණෑගල ඉඳලා යන්න පුළුවන් ලස්සනම තැනක්. ගියාට කමක් නෑ ඔබ ගෙනියන පොලිතීන් ප්ලාස්ටික් එහි දාල එන්න එපා.

විස්තර හොයාගත්තෙ අන්තර්ජාලයෙනි 🌎 Photo Credit - මුල් අයිතිකරුවන් සතුයි 📷

Hulangala | Kurunegala

Address

Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Beauti of srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share