11/01/2025
ආණ්ඩුවේ අළුගෝසුවෝ
හිස් කබලේ හරි අඩක් නොමැතිව සහ මොළයට සිදුවූ දැඩි ආබාධ තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව හදිසියේම නැවතත් සිර කූඩුවට දැමීමට ඊයේ (10) දහවල් කටයුතු කරනු ලැබුවා.
ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ වෛද්‍යවරු විසින් ලබාදී තිබූ නිර්දේශයේ දැක්වුණේ, දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බවත්, නමුත් ඔහුගේ හිස් කබලට සහ මොළයට සිදුව ඇති හානිය නිසා ඇතිව තිබෙන ඉතා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ඔහුට හදිසි ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය වුවහොත් වහාම නැවත රෝහල්ගතකර ප්‍රතිකාර ලබාදිය යුතු බවටයි.
සෞඛ්‍ය ඇමති නලින්දගේ දැඩි බලපෑමට යටත්ව, වෛද්‍ය සදාචාරයත් මුළුමුණින්ම උල්ලංඝණය කරමින් එම නිර්දේශය ලබාදුන් ඇමතිගේම වෛද්‍ය කණ්ඩායම සැබවින්ම වෛද්‍යවරුන් නොව අළුගෝසුවන් ය.
හිස් කබලේ හරි අඩක් නොමැතිව සහ මොළයට සිදුවූ දැඩි හානිය හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිකාර නවතා නැවත සිරගත කිරීමෙන් පසු, ඊයේ (10) රාත්‍රී 11:00ට පමණ හදිසියේම 'ෆිට් එක' සෑදීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.
"සිරකරුවෝද මනුෂ්‍යයෝය" තේමා පාඨයත් බල්ලට දමමින් බන්ධනාගාරයේ සිටින දේශපාලන අළුගෝසුවන් රාත්‍රී 11:00ට පමණ අසාධ්‍ය තත්ත්වයට පත්වූ දුමින්ද සිල්වා මහතාව පාන්දර 3:00 වනතුරුම ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්ගත නොකොට සිරමැදිරිය තුළම රඳවා තබාගැනීමට කටයුතු කර තිබුණා.
අසාධ්‍ය තත්ත්වයට පත්වී පැය ගණනාවකට පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබූ අතර මෙතරම් බරපතළ කරුණක්, ඇමතිගේ බලපෑම මත සාමාන්‍යකරණය කොට ඔහුගේ ජීවිතය අවදානමකට ලක් කරමින් මෙම දේශපාලන අළුගෝසුවන් සිදුකරන්නේ ඉතා නින්දිත තුච්ච ක්‍රියාවන්ය.