දු ලී

දු ලී අනන්තයටත් එහා සිතිවිලි

05/05/2026
නිලට නිලේ නිසලව වෑදිය නිදනාපියුමක් වෙලා පිපියන් සුවඳක් ඉසිනාමතකය අතරමැද දුක කිය කිය හඬනාඋලලේනෙක් නොවෙන් තුන් සිත ගිනි බි...
05/05/2026

නිලට නිලේ නිසලව වෑදිය නිදනා
පියුමක් වෙලා පිපියන් සුවඳක් ඉසිනා
මතකය අතරමැද දුක කිය කිය හඬනා
උලලේනෙක් නොවෙන් තුන් සිත ගිනි බිඳිනා........

කළුවර හඳ වෙයන් හිත් ගගනත පිපෙනා
නොම දිලියන් පුර පස අහසට පෙමිනා
අමතක මතක නිවි නිවි දල්වන දුරිනා
තරුවක් නොවෙන් රිදුමක් හද වෙත ගෙනෙනා.........

නොම දැවුනත් මතකය චිතකයට දැමූ
මග හැරුණත් එදා ප්‍රේමය සුවඳ හැමූ
හද රිදුනත් නෙතින් නෙත හමු නොවී ඉමූ
එක කඳුළක් නැතුව අපි බිම බලා යමූ........

✍️ දු ලී

දැකල තියනවද තමන්ගෙ වැරදි වහගන්න අනික් මිනිස්සු පිට දාහක් වැරදි පටවන මිනිස්සු ...කිසිම හේතුවක් නැතුව අහේතුක තරහක් හදාගෙන ...
05/05/2026

දැකල තියනවද තමන්ගෙ වැරදි වහගන්න අනික් මිනිස්සු පිට දාහක් වැරදි පටවන මිනිස්සු ...
කිසිම හේතුවක් නැතුව අහේතුක තරහක් හදාගෙන ඉන්න මිනිස්සු ....

මමත්වයෙන් විතරක් ම ඔලුව ඉදිමුණ මම මගේ කියන හැමෝම හරියි කියන මිනිස්සු ....
කළ හැකි කිසිවක්ම නැති ඊර්ශ්‍යවෙන් පමණක් ම හිස පුරෝගත් මිනිස්සු .....

තමන්ට තියන එකමෙක ආයුධය වන ජුගුප්සාජනක වචන වලින්
පන්න පන්නා පහර දෙන මිනිස්සු ...
ඔව් ඒ තමයි මේ ලෝකෙ අත්හරින්නම ඕන මිනිස්සු .............❤️❤️

දැනෙන්න හොඳම නැති දෙය තමන්ට කාත් කවුරුවත් නෑ කියන හැඟීම..මේක වෝල් එකේ ඉහළ පහළ යනකොට දැක්ක ගමන් මට කියවුණේ 'දැනෙන්න හොඳම ...
05/05/2026

දැනෙන්න හොඳම නැති දෙය තමන්ට කාත් කවුරුවත් නෑ කියන හැඟීම..

මේක වෝල් එකේ ඉහළ පහළ යනකොට දැක්ක ගමන් මට කියවුණේ 'දැනෙන්න හොඳම නැති දෙය තමන්ට තාත්තා නෑ කියල දැනෙද්දි දැනෙන හැඟීම කියල"

මොකද ඒ වෙලාවෙ මම හිටියෙ අන්තෙටම හිත රිදෝගෙන... මට ඕන උනේ අඬන්න උණුහුම්ම උණුහුම් උරහිසක් එක්ක මෘදුව හිස පිරිමදින හස්තයක්....

මට ඕන උනේ පුංචි කාලෙ බය උනාම ගිහින් හැංගෙනව වගේ තාත්තගෙ පපුව අස්සෙ හැංගෙන්න... සේරම නෝක්කාඩු ටික කියල මගේ හිත හදාගන්න ....මගේ පුතා ඕවා ගණන් ගන්නෙපා කියල තාත්තගෙ හඬින් අහගන්න....කිසි දේකට බය වෙන්නෙපා තාත්තා ඉන්නව කියල අහගන්න....ලෝකයම ඉස්සරහ බය නැතුව මට මම වෙන්න....

ඒත් ඒ කිසි දේකට තාත්තා ළඟ නෑ කියල දැනෙද්දි... ඉතින් ඊට වඩා අසරණ හැඟීමක් තවත් තියනවද....

දු ලී

30/04/2026

මිනිස්සු අත් අරින්න බය වෙන්නෙපා... බය වෙන්නෝන අත් අරින්න ඕන මිනිස්සු අල්ලන් ඉන්න...

30/04/2026

මිනිස්සු අත් අරින්න බය වෙන්නෙපා...
බය වෙන්න ඕන අත් අරින්න ඕන මිනිස්සු අල්ලන් ඉන්න.......

Address

Colombo

Telephone

+94704348477

Website

Alerts

Be the first to know and let us send you an email when දු ලී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category