04/02/2026
ක්‍රිකට් ලෝක කුසලානයේ යථාර්ථය
ලෝක කුසලානයේ ආරම්භයට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. එංගලන්තයෙන් තරග 3ක්ම දරුණු ලෙස පරාජයට පත්වීම අපේ ක්‍රීඩකයන් දරුණු මානසික වැටීමකට ලක්වී ඇති බවට නිසැකයි. මුහුණු පොත පුරාවටම ක්‍රීඩකයන්ට ඉතා දරුණු විවේචන දැක ගැනීමට පුළුවන. තුන්වන තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩකයන්ට බැණ වදින වීඩියෝවක් අපට දැක ගැනීමට පුළුවන. ලෝක කුසලානයට දින කිහිපයක් පමණක් තිබියදී මෙලෙස ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහළට දැමීම කිසිසේත් අනුමත කළ නොහැක. එංගලන්තය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්ථානය අපට වඩා සෑහෙන ඉදිරියෙන් සිටින බව ඕනෑම කෙනෙකුට පැහැදිලිය. නමුත් ක්‍රිකට් යනු ඉතා අවිනිශ්චිත ක්‍රීඩාවකි. තරඟයක් ජයගැනීමට දක්ෂතාවය පමණක්ම නොසෑහේ. දැන් ලංකාවේ ප්‍රේක්ෂකයන් කළ යුත්තේ අපේ ක්‍රීඩකයන් දිරි ගැන්වීමයි. අපේ ්‍රීඩකයන්ට මෙම කුසලානය ජය ගැනීමට අනිවාර්යෙන්ම පුළුවනි. සෑම තරඟයකටම නිවැරදි ගේම් ප්ලෑන් එකක් සමග අප යා යුතුය. අපේ හැකියාවන්ට අනුව සෑම තරඟයක්ම උපරිමය කළ යුතුය. සෑම ක්‍රීඩකයෙක්ම තමන්ගේ උපරිම දායකත්වය සෑම තරඟයකටම ලබා දිය යුතුයි. සෑම තරඟයක්ම අනිවාර්යයෙන්ම අපට ජයගැනීමට පුළුවන් යන මානසිකත්වයෙන් අප ක්‍රීඩා කළ යුතුවේ. ප්‍රේක්ෂකයන් ලෙස අප දැන් නම් කර ඇති සංචිතයට උපරිම සහයෝගය ලබාදිය යුතුය. මේ ක්‍රීඩා කරන්නේ අපගේ ලංකාවේ ක්‍රීඩකයන්. ඉතින් අද සිට ක්‍රීඩකයන්ට නොබැන ඔවුන් දිරිමත් කර මේ ලෝක කුසලානය ්‍රී ලංකාවට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.