02/07/2024
1 July 🧡 - හමුවීම් හා සමුගැනීම්
Meetings and farewells
මිනිසුන් විදිහට අපි ජීවත්වෙන්න ඕන මේ සොභාදහමට අනුව. මේ විශ්වය තුල අපට නොදැනෙන සංඛ්‍යාත හා ශක්තීන් එමටයි. ඒ වගේම තමයි මානව සම්බන්ධතා ත්.
අපේ ජීවිතයෙන් කවුරු හරි ඉවත් වෙලා යනවනම් ඒ දේ වෙන්නෙත් හේතුවක් ඇතුව. අපි තුල ඇති ශක්තීන්ට අනුකූලවයි මේ විශ්වය තුල මානව සම්බන්ධතා ගොඩනැගෙන්නෙ.
මිනිසුන්ගෙ සිතුවිලි අනුව මේ සංඛ්‍යාතයන් ධන ඍණ ලෙස වෙනස් වෙනවා . එක්තරා කාලයකදි සම්බන්ධතා පැවති මිනිස්සු ජීවිතයේ මුහුණදෙන සමහර දේවල් නිසා ඇතිවන සිතිවිලි සමඟ ඔවුන්ගෙ aura එක හා ශක්තීන් වල සිදුවන වෙනස්වීම් නිසා මේ සබඳතාවයන් බිඳෙනවා. ඔයාගෙ ජීවිතෙන් අයින් වෙන අයව නවත්තන්න යන්න එපා. ඔයා මොන තරම් හොඳ කෙනෙක් වුනත් ඔයාගෙ ශක්තීන් එක්ක එයාගෙ ශක්තීන්හී වෙනස්වීම් නිසා තමයි break up වෙන්නෙ. මේක ගොඩක් ගැඹුරු විෂයක්. මේක අවබෝධ කරගන්නව නම් ජීවිතේ අහිමිවීම් වලට හොඳින් මුහුණ දෙන්න පුලුවන් කියන එක මම විශ්වාස කරනවා. ඇත්තටම සොභාදහමයි අපට නොගැලපෙන අයව අපෙන් ඉවත් කරන්නෙ.
නිතරම ධනාත්මක වෙන්න. අපෙන් ඉවත්වෙන මිනිස්සුන්ට නිතරම ස්තූති කරන්න. ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගන්න හැරවුම් ලක්ෂයක් වුණ එකට. දුක, තරහ,භය, පසුතැවීම,කනස්සල්ල,ඊර්ශියාව වැනි ඍණාත්මක ශක්තීන් ඔබවෙත ළඟාකර නොගෙන ධනාත්මක ශක්තීන් පමණක් ආකර්ෂණය කරගන්න. තමන් තමන්ට ආදරය කරන්න. සතුටින් ඉන්න. 😊
As humans, we should live according to this nature. Those are the frequencies and energies that we do not know in this universe. And so are human relationships.
If someone leaves our life, it happens for a reason. Human relationships are formed in this universe according to the energies within us.
These frequencies change positively and negatively according to people's thoughts. These relationships are broken due to changes in their aura and energies along with the thoughts caused by some things that people face in their lives. Don't stop people from leaving your life. No matter how good of a person you are, the break up is due to the changes in your energies and his energies. This is a very deep subject. I believe that if you understand this, you can cope well with the losses in life. It is really nature that gets rid of those who are not compatible with us.
Always be positive. Always thank the people who leave us. For being a turning point to understand the reality of life. Don't let negative energies such as sadness, anger, fear, regret, worry, jealousy reach you and only attract positive energies. Love yourself. be happy.
Anju's Diary