11/11/2020
❤️
ආරම්භය 💕
"A man is by nature a social animal..."
මේ කතාව මෙහෙම පටන් ගමු. ඔබ සමඟ අපට බෙදා ගන්න හුඟක් දේ තියෙනවා. නමුත් ක්‍රමානුකූලව සහ පිළිවෙලකට.
සාම්ප්‍රදායික හමුවීමකින් එහා ගිය, intellectual psychology සහ cognitive psychology පැතිකඩ නිරාවරණය වන, self awareness and Personality development අරමුණු කරගත් ගණුදෙනුවක් මේක. මනුෂ්‍යයාගේ ඇතුළාන්තය සහ විශ්වය මුණගැහෙන කතාබහක්.
ජෛව විවිධත්වය සහ පරිනාමය දෙස ආපසු හැරිලා බැලුවොත්, අපි හුඟක් සමාජශීලි සත්ත්ව කොට්ඨාසයක්. නිතර මුණගැහෙන, අදහස් උදහස් හුවමාරු කරගන්න, දුක සැප බෙදාගන්න, ආදරය සමඟ වතුර වීදුරුවක් හරි තව කෙනෙක්ට පිළිගන්වන, ඒ සඳහාම ශිෂ්ඨාචාරයක් ගොඩ නැගුනු ජීවී වර්ගයක්.
කොතෙක් පැහැදිලි කිරීම් තිබුණත් භෞතිකය සහ මනස (Mind and the Body) තවමත් විවාදයට ලක්වෙනවා. මත ගැටළු නිරන්තරයෙන් ඇතිවෙනවා. එය කෙසේ වුවත්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමඟ IVF/ICSI වැනි කෘතිම පිළිසිඳගැනීම් කරලියට පැමිණියද, අපි තවමත් නිරායාසයෙන්ම හැකි සෑම විටෙකම මාතෘ ගර්භාෂයක උණුහුම ඉල්ලනවා.
සති 8 - 10 කින් මත්තට, ජීවයක් ඇති දරු ගැබක් මාතෘත්වය සමඟ ලොව පළමුවෙනි අන්තර් පුද්ගල සම්බන්ධතාවය ඇතිකරගන්නවා. එතැන් සිට මිනිසුන් සමඟ අපි, නොයෙක් ගණුදෙනු ඇති කරගන්නවා. මානසික වෛද්‍ය විද්‍යාවේ අන්තර් පුද්ගල සම්බන්ධතා (interpersonal relationships) කියලා ලස්සන නමකින් හඳුන්වන නේක ස්වරූප ගත්, නේක අරමුණු හිස්මුදුන් කරගත්, නේක මනෝභාවයන් හා ඈඳුනු සබඳතා ඕනෑ තරම් ඇතිවෙන්න පුළුවන්. හැම අන්තර් පුද්ගල සම්බන්ධතාවයක්ම හමුවීමක්. කෙනෙකුගේ හමුවීමක්. හුවමාරු කරගැනීමක්.
හමුවීම් යාමනය කරන මිනිස් ක්‍රියකාරී ව්‍යූහය, විෂය පථය තුළ social brain කියලා හඳුන්වනවා. මදක් විපරම් කරලා බැලුවොත්, අපි මොනවද අපේ මනසට feed කරන්නේ? මොනවද අපි feed කළ යුත්තේ? Let us feed our ears so that it nourishes the brain.
නූතන ජීවන රටාව තුළ Stress, Depression හෝ ඉතා සරල grief reaction එකකට පවා මුහුණ දිය හැකි coping strategies වල පුහුණුවක් අපට නැහැ. ඒ සඳහා කැපවුන විවෘත කතා බහක් නැහැ. මිත්‍ර සංසද ගොඩනැගී නැහැ. මතයක් ප්‍රකාශ කරන්න, තවත් මතයකට ඇහුම්කන් දෙන්න සහ ගැටලු නිරාකරණය කරගන්න ගැළපෙන platform එකක් නැහැ. තනිවීම සමාජය විසින්ම නොයෙක් හේතු නිසා ඇති කරගත් ප්‍රපාතයක්.
මිනිසුන් විසින් ඇති කරගත් පීඩාකාරී කාරණා බොහෝමයකින් වෙන් වූ පරිසරයක, මනුෂ්‍යත්වයට නිදහසේ පියාපත් ලබාදෙන්න, විශ්වයෙන් ත්‍යාග වූ කලාව සහ සංගීතය විඳින්න, සහෘදයන් සමඟ මුහුවන්න, සුදුසු වපසරියක; Art Gallery එකක අපි මුණ ගැහෙමු. මිත්‍රත්වය ගොඩ නගා ගමු. වෙනස් විය යුත්තේ එතැන් සිටයි. බොහෝ දේ අපි කතා කරමු, බෙදාගමු. හමුවෙමු !