Psychos logic

Psychos logic STAY HAPPY
KEEP SMILING
LIFE IS TOO SHORT TO WORRY
ENJOY EVERY MOMENT
KEEP THAT SMILE ON YAA

12/10/2025
29/07/2025

What we all wanted a long time ago.

11/10/2024

We all lived there omnce..❤️❤️

02/06/2024

Its always been the ❤ of 🇱🇰

21/02/2024

Ever noticed how Dog Shouts ....🤣🤣

21/02/2024

What has happened to this generation..
😥😥😥

Nipun Nishara Perera Can understand your feeling browi. Stay Strong.ගෙවල් පාරට හැරුණා ඒත් එන්න තරම් හයියක් නෑ.වාහනේ අයින...
07/09/2023

Nipun Nishara Perera Can understand your feeling browi. Stay Strong.

ගෙවල් පාරට හැරුණා ඒත් එන්න තරම් හයියක් නෑ.
වාහනේ අයිනට අරං නතර කලා.. මල්ලි මලගෙදරට ඉස්සරහින් දකුනට යන්න..
පාර දිගටම ඔයාගේ poster ගහලා.
අවුරුදු 10ක් පුරාවට ආදරෙන් බලං ඉදලා පටන් ගන්න හිටපු ලස්සන කාලයක්. ඔහේ ගලං යන්න පටං ගත්තා.
ඒකට කමක් නෑ..
නොකියා කිසි දවසක කොහේවත් නොගිය
ඔයා කාටත් නොකියා කොහේදෝ දුර ඈතකට යන්නම ගිහින්.....

මහ අමුතු හීතලක
වැහි බීරිමත් එක්කම
පොද ගහන වෙලාවේ ගේ ඇතුලට ගොඩ උනා....
අවුරුදු ගානක් දුරට හිත ඇදිලා ගිහින් නතර උනා.
හැමෝම හරි ඉක්මනින් ඉඩ දුන්නා අර ළමයා ඔය ඇවිල්ලා ඉන්නේ.... මට ඇහුනේ එච්චරයි.

මලක් නිදි මල් ගොඩක් මැද
ඒ එයාමද..
මං ගාවට වෙලා පොඩ්ඩක් මං කලු වෙලාද කියල අහලා විකාර කරපු ඒ ලස්සන කෙල්ලද මේ...
මේ මං ගාවට වෙලා හිනා වෙවී ඉදපු දගකාරිද මේ
තොර්තෝංචියක් නැතිව කියවපු ඒ කටකාරිද මේ
අද මං ආවද කියලවත් දන්නේ නෑ....
මා එක්ක කතා කරන්න එයා එන්නේ නෑ....
හැමෝගෙම ඇස් දෙකේ තිබ්බ කදුළු මාව දැක්කම දිය වෙනවා පෙනුනා...
ඔයාගේ යාළුවෝ ඔක්කොම වගේ ඇවිල්ලා නැගිටලා බලපංකෝ.. එක පාරක්...
මේ මාත් ආවා.. අනේ එක පාරක් නැගිටලා බලපං..
හීරුනත් රිදිලා අඩන උබට මේක දැනුනේ නැද්ද කියලවත් අහන්න අනේ පොඩ්ඩක් නැගිටපංකෝ...
Please නැගිටපං....
ඔයාගේ තාත්තා මගේ අතින් අල්ල ගත්තමයි මට සිහියක් ආවේ..
මං ඔයා දිහා බලං සෑහෙන්න වෙලා ඉදලා..
මටත් හොරා මගේ ඇස් වලින් කදුලු පොදි ගනන් බේරිලා...
ඔයත් එක්ක හීන දැක්ක කොහේහරි මං නතර වෙලා...
අනේ shyinee... Please දුවගෙන ඇවිත් කියපං
මට වෙනදා වගේම
හිස් අතින්නම් ආවේ ආපහු යන්න පුලුවන් කියලා..
මාව බලන්න උබ ආවේ අන්තිම පාර කියල දැනන් හිටියනම්
එදා මං ආපහු යන්න දෙන්නේ නෑ.... 😥

මං මටම කියනවා ඉන්න බෑ බලං යමං මෙතනින්
යමං යමං කියලා..
ඒත් යන්න මට වාරු නෑ..
මේ උබව දකින අන්තිම පාර..
ඒ මූණ දකින අන්තිම පාර..
මේ උබගේ ඔලුවට අත තියලා නලල ඉබලා අන්තිම පාරටත් මං යන්නම් කියලා පාරට බැස්සා.... පාරට පේන්න ගහල තියන poster එක දැක්කේ ඒ වෙලාවේ.. එකේ තියෙන්නෙත් මංම ගත්තු photo එකක් මගේ කකුල් පන නැතිවෙලා ගියා...
හාමුදුරුවෝ වඩිනවා....
උබ මේ ගිය ගමනත් පරිස්සමෙන් යන්න ඇති..
උබට බුදුසරණයි...
එහෙනම් මම යන්නම් මැණික...😥

උබව මගේ කරගන්න මට බැරි උනා..
උබ මගෙන් ඈතට ඉගිලුනා ඒක ඇත්ත..
වෙන කෙනෙක් එක්ක ජීවිතයක් පටං ගත්තා ඒක ඇත්ත.
ඒත් මෙච්චර දෙයක් වෙනකං උබට කියන්න බැරි උනේ ඇයි.....
මං උබව අතෑරියේ නෑනේ...😥

ඔයාව එයාලා අරං යන්නයි හදන්නේ...
මට එතකං ඉන්න බෑ... මට එච්චර දෙයක් කරගන්න බැරි බව මං හොදටම දන්නවා
මෙච්චර වෙලා හරි හිටියේ කොහොමද කියලා මං දන්නෙත් නෑ..
උබව මේ හීතලේ කළුවර පාළු තැනක තනි කරලා එන්න තරම් මගේ හිත හයිය නෑ.. ඒ නිසා මං යන්නම් වස්තු..
ටික ටික ගෙදරින් ඈත් වෙනකොට මට උබ පරිස්සමෙන් යන්න කියනවා ඇහෙනවා.. වෙනදා වගේ උබ කෑගහලා බුදුසරණයි කියනවා ඇහෙනවා..
වාහනේට නැග්ගත් මං තාම එතන උබ නිදන් හිටපු ඒ මල් වලින් සරසපු පෙට්ටිය ගාව...
උබේ හිනාව උබේ කතාව හැමදාමත් මතක් තියං මං මෙතනින් නවතින්නම්..
ආයේ මුණගැහෙනකං පරිස්සමෙන් ඉන්න.
හැමදාමත් උබට මං හරි ආදරෙයි Shyinee..
මං මේ උබේ එකා....😥

25/08/2023

Difference between laughable and laughing 😂😂

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Psychos logic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category