World of Anime II

World of Anime II Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from World of Anime II, Arts and entertainment, Colombo.

18/07/2024

ඔයාලා Oscar Winner - Boy and the Heron බැලුවද ? දැන් web copy ඇවිල්ලා සති කීපයක් වෙනවා. බලපු අය මොකද හිතන්නෙ ෆිල්ම් එක ගැන...

Bleach TYBW cour 3 එන ඔක්⁣තෝබර් වල එනව කියල අපි දැනටමත් දන්නවනෙ...🤩මේ එන්න යන්නෙ Bleach වලදි අපි දකින Fiercest ම Fights ...
17/07/2024

Bleach TYBW cour 3 එන ඔක්⁣තෝබර් වල එනව කියල අපි දැනටමත් දන්නවනෙ...🤩
මේ එන්න යන්නෙ Bleach වලදි අපි දකින Fiercest ම Fights පිරුනු සහ මම දකින විදිහට මෙතෙක් ආව Serious ම Arc වලිං එකක්..👌
ඒකෙදි.. අපි කතා කරන්නම ඕන දෙයක් තමයි,අවුරුදු ගානකට පස්සෙ පලවෙනිම වතාවට දකින්න යන
Current 1st division Commander සහ 8th division captain වන Shunsui Kyoraku ගෙ Badass Bankai එක...🤩

Kyoraku දැක්ක මුල් දවසෙ ඉඳංම ඕනම Bleach fan කෙනෙක්ගෙ Dream එකක් වගේ වෙන්න ඇති මේ යකාගෙ Bankai එක මොන වගේද බලන එක...මොකද, අපි පොදුවේ ගත්තොත් Anime world එකේම ඉන්න Laid back , flamboyant type characters හැම එකක්ම වගේ way too powerful නෙ..එයාල ලේසියකට Serious වෙන්නෙ නැහැ වගේම එහෙම උනාම ඉතිං..😅

ඒ වගේම පොරක් තමා මේ Kyoraku කියල කියන්නෙ..

(ආ මට කියන්න බැරි උනා❗❗❗ SPOILER ALERT ❗❗❗)

Kyoraku ගෙ Bankai එක කතා කරන්න කලිං එයාගෙ Shikai එක ගැන කතා ⁣කරොත්..

එයා එයාගෙ Shikai එක වෙන Katen Kyokotsu (Flower-heaven bone of madness) එක හරහා දැනට අපි දකින 1 out of 3 dual zanpakuto වලින් Japanese child play 6ක් Summon කරනවා..ඉතිං බේසිකලි මෙයා මෙයාගෙ enemies ලව Defeat කරන්නෙ සෙල්ලං කරල..(Suits him right)... අපි දන්න දෙයක් තමයි Shikai එකක Advanced step එක තමයි Bankai එක කියල කියන්නෙ..🤩
එහෙමනං ඇයි Kyoraku ගෙ Childs play වලිං Advance වෙන Bankai එක Soul society එකේ Banned වෙලා තියෙන්නෙ 🙂

අපි දන්නව දැනට Soul society එක තුල Banned bankai තව තිබ්බා එකක් ඒ තමයි Shinji ගෙ Shakashima Fukushima happo fusagari එක.. ඒක Banned කරන්න උන මූලිකම හේතුවක් තමයි නෙ ඒ Bankai එක Friend and foe දෙපැත්තටම effect වෙන එක..😅
ඉතිං Kyoraku ගෙ Bankai එකත් Banned bankai එකක් වෙන්නෙ ඒ නිසාම තමයි...
Kyoraku ගෙ Bankai එක වෙන Katen Kyokotsu : Karamatsu Shinju එක තුලදි..
ඉස්සෙල්ලාම Zanpakuto spirit එක Kyoraku තුලට ඇතුල් වෙනව ඊට පස්සෙ නැවතත් එලියට release වෙන Bankai එක ලොකු Shadow space එකක් අයිති කරගන්නව..
මේ space එක Kyoraku කියන විදිහට Dark,lonely and hopeless space එකක්..🙂 ඉතිං එහෙම තැන් වලට Joy එක ගෙන්න නං child play එකක් කරන්නම වෙනව...

මේ Bankai එක activate කරන්න ඉස්සෙල්ල Kyoraku අනිවාර්යයෙන්ම එයාලෙ Allies ල ඒ සීමාවෙන් පිට ඉන්න වගට තහවුරු කරගන්නම වෙනව...එහෙම නැත්තං මේ අයත් ඒ Bankai එක හරහා එලියට එන 4-act play එකට ඇතුල් වෙනව වගේම එයාලටත් Zanpakuto spirit එකත් එක්ක ඒ සෙල්ලම කරල දිනන්නම වෙනව (ඔයාලට මතක ඇති මෙයාගෙ shikai එකේ උනත් නීතිය වෙන්නෙ Who wins live,who loses die 🙂)

Thameraikizu no wakachiai ( The sharing of pain) එහෙම නැත්තං මේ Bankai එකේ Act - 01
මේකෙදි..kyoraku සහ එයාගෙ Villain අතර වෙන ඕනෑම Wound එකක් දෙන්නම අතර Share වෙනව..මේක Fatal එක අනුව වෙනස් වෙනවද කියන එක නං ෂුවර් නැහැ...🥲

Zanki no Sh*tone (The pillow of shame) එහෙමත් නැත්තං Act - 2

මෙතනදි Kyoraku ගෙ opponent ට Disease එකක් Spread වෙනව,constantly blood spill වෙන්න පටං ගන්නව..😶

Dangyo no Fuchi (The abyss) එහෙම නැත්තං Act - 03

මෙතනදිත් Kyoraku සහ opponent දෙන්නම ලොකු Ocean එකකට ඇද වැටෙනවා..🥲 මේකෙදි මේ තැන තියන වතුර එක දිගටම ඉහල යනව නවතින්නැතිව..කවුරු හරි එක්කෙනෙක්ගෙ Reaitsu (spiritual pressure) එක හිඳිල යනකං මේක ඒ විදිහටම තියනව..😅

Itokiribasami Chizome no Nodobue (Thread cut blood soaked throat) එහෙම නැත්තං Final play එක..

මේ තමයි සෙල්ලමේ අවසානය..මෙතනදි Kyoraku ගෙ Blades දෙකම එලියට ගන්න මෙයා ඒ අල්ලං ඉන්න ඇඟිල්ලකුත් ප්‍රතිවාදියගේ බෙල්ලටත් සම්බන්ධ වෙන විදිහට Thread එකක් අදිනව..ඉතිං මේකෙදි සම්පුර්ණයෙන් ම වගේ වාසිය Kyoraku ට තියෙන්නෙ,එයාට කැමති තරම් වෙලාවක් ඇතුලතදි අර thread එක Tight කරල එයාගෙ ප්‍රතිවාදියව Defeat කරන්න පුලුවන්,forever 🙂

ඉතිං ඔයාලට පේනව ඇති Bankai එකේ තරම,
ඒ වගේමයි මේ විදිහෙ Acts play වෙන තව Bankai තිබුනෙ එකයි.. ඒ තමයි Former 1st division commander ගෙ Sanka no tachi bankai එක..🥵
ඒක කොහොමද කියන්න ඕන නෑනෙ මෙතන නේද 🔥

ඉතිං ඔන්න ඔය වගේ Lethal සහ Obviously Cruel Version එකකිං එලියට එන Bankai එකක් නිසාම තමයි Kyoraku ගෙ Bankai එක Soul society වලිං තහනම් කලේ..මොකද
වැරදීමකිං හරි Kyoraku ගෙ Energy එක අවශ්‍ය ගානට නැත්තං එහෙම ඒ Bankai එක නිසා එයාම උනත් විනාශ වෙලා යන්න පුලුවන්.. ඒ වගේම වැරදිලාවත් එයාගෙ Allies ල ඒකට අහු උනොත් one way or another එයාලටත් සොරි තමයි...🙂

කොහොම උනත් මේ Awesome play එක අපිට එන October වලදි බලන්න පුලුවන් වෙනව...🤩
ඒ වගේම Kyoraku කියන්නෙ මොනතරම් Dangerous hands play කරන මොන තරම් Hard decisions පට්ට ලේසියට ගන්න පොරක්ද,ඇත්තටම එයා Easy going flamboyant කෙනෙක්ම ද කියලත් ඔයාලටම තේරෙයි...🙂

ගිහිං එන්නං...
Admin Hashira 😎

1999 Romance down arc එකේ ඉඳල 2024 Egghead arc එකයගට එනකං Onepiece කියන අති සුන්දර Anime එක මාරම දුරක් මේ වෙද්දි ඇවිල්ල ...
16/07/2024

1999 Romance down arc එකේ ඉඳල 2024 Egghead arc එකයගට එනකං Onepiece කියන අති සුන්දර Anime එක මාරම දුරක් මේ වෙද්දි ඇවිල්ල තියෙනව..🔥
ඒ One piece universe එකේ සාඩම්බර රසිකයෙක් වෙන්න ලැබුන එකට නං මාරම සතුටක් තියෙන්නෙ..😇
ඉතිං,තවමත් ඔයාල මේක බලන්න පටං අරං නැත්තං...මේ සතියෙ ඉඳල තව සති 7,8ක් ඉසසරහට යනකං ඔන්න චාන්ස් එකක් එනව බලන්න..
මොකද..

ඒ සති ටිකේ Onepiece main story එකක් නෑ..🙂
ඒ කියන්නෙ මෙහෙමයි..
Fillers නෙවෙයි... අපි මේ සතියෙ ඉඳං (ටෙක්නිකලි ගිය සතියෙ ඉඳං) ඉස්සරහට දකින්නෙ.. Strawhat pirates ලගෙං පිටත ⁣One piece ලෝකයේ මේ වෙනකොට වෙන විශාලතම Events ටික..🔥

Ep1112 - මේක අපි දැක්ක දැනටමත් Shanks vs Kid ගෙ Battle එක.. almost 10 imdb rank කරපු එපියක් ආවෙ..🔥

Ep1113 - 1114 - Garp vs Blackbeard pirates events ටික තමයි මේ දෙකේ දකින්න තියෙන්නෙ...හුඟ දෙනෙක් බලං හිටපු Dream event එකක් වෙන Garp in action මෙතනදි ඇති ගානට බලන්න පුලුවන්..🤩

Ep1115 - Buggy ගෙ Onepiece claim කරන්න තියන Desire එක සහ ගොඩ දෙනෙක් ගෙ Jaw dropping incident එකක් වෙන්න නියමිත Sabo ගෙ Kamabakka island ආගමනය මේකෙදි බලන්න පුලුවන් වෙනව..🔥

Ep1116 - 1120 - Sabo විසින් Mary geoise invade කලා ඔයාල දන්නවා ඇතිනෙ..ඉතිං එතනදි මොකද උනේ සහ දැනට OP වලිං අපිට ලැබෙන Shocking ම Reveal එකකුත් මේ Episodes අතරට එකතු වෙනවා..

Ep1121-1122 - Garp විසින් Koby ව බේරගන්න Action packed episodes දෙක තමයි මේ...Luffy Gear V ආව වගේම Peak moment එකක් මේකෙදිත් වෙන්න නියමිතව තියනව..🤩🔥

ඉතිං..ඔන්න ඔය ටික වෙනකං..ඔයාලට Straw hats ඇතුලු Crew එකත් එක්ක egghead වල වෙන Main story line එක බලන්න වෙන්නෙ නෑ..🙂
මේ තමයි මේ අවුරුදු ගානටම අපි වැඩිම කාලයක් එක Straw hat pirate කෙනෙක්වත් දකින්නැතිව ඉන්න යන පලවෙනි වතාව..🥲

ඉතිං ඔන්න ඔය අතරෙදි..ඔයා තාමත් Onepiece බලන්න ඉන්න කෙනෙක්නං බලන්න පටං අරං Catchup කරල තියාගන්න පුලුවන්..😌

'We wait at the Egghead Island,Come at any cost' 🔥

Admin Hashira 😎

Spoiler AlartFacts... නිකමට කල්පනා කරාද..Zenitsu කියන්නෙ hashira කෙනෙක් තියා හරියට Hashira training එක ගත්ත එකෙක්වත් නෙව...
09/07/2024

Spoiler Alart
Facts...

නිකමට කල්පනා කරාද..Zenitsu කියන්නෙ hashira කෙනෙක් තියා හරියට Hashira training එක ගත්ත එකෙක්වත් නෙවෙයි..😒
Demon Slayer mark හරි Flame red katana හරි Activate කරන්න තියා මිනිහා ඕව අහලවත් නැති එකෙක්..😂
එහෙව් එකේ කො⁣හොමද බොසා Upper moon කෙනෙක්ව one shot behead කරන්නෙ කියල..🥲
මංගා එක බලපු අය දන්නව,Zenitsu ගෙ infinite castle වලිය චැප්ටර් ගනං ඇද්දෙත් නෑ..වන්ශොට් closed..🔥

හේතුව තමයි...
"Lightning doesn't hit twice for the same place" කියන phase එක..
නිකමට කල්පනා කරන්න Zenitsu ගෙ Sleep mode targets ටිකට මූ ගොඩාක් Struggle කරල ගැහුවෙ නෑ..හැම එකක්ම වගේ උට ඕන තැනට One shot අරං ගියා..👌
අපි ඉස්සර ලිව්ව Demon Slayer article series එකෙත් කතා කරා demon slayer අස්සෙ ගොඩාක් මේ වගේ Sayings and famous ironies පාවිච්චි කරන එක ගැන..
මෙතනදිත් simply ඒකයි උනේ..
අකුණක් දහ පාරක් විතර වැදිල වැදිල හුරතල් කරන්නෙ නෑනෙ..එකයි,Down 🙂

Admin Hashira

Barakamon - විසේකාර ළමයාඇනිමේ කියන්නෙ නිතරම අපිට අලුතෙන් යමක් උගන්වන දෙයක්. ඉතින් කවදාවත් පවතිනවා කියලා හිතුවෙවත් නැති ක...
01/06/2024

Barakamon - විසේකාර ළමයා

ඇනිමේ කියන්නෙ නිතරම අපිට අලුතෙන් යමක් උගන්වන දෙයක්. ඉතින් කවදාවත් පවතිනවා කියලා හිතුවෙවත් නැති කලාවක් ගැන කියල දුන්න ඇනිමේ එකක් තමයි මේ Barakamon කියන්නෙ.

Barakamon anime එක එන්නෙ 2016 දි... මේ ගැන කතා බහ ආය ඇතිවෙන්නෙ අර hype, story කියන මීම් ටෙම්ප්ලේට් එක නිසා. ඒකෙ විදිහට hype එක 0ක් කියල කට්ටිය කිව්වට ආව දවස් වල හොඳටම හිට් වුණු ඇනිමේ එකක් විදිහට පරිණත ඇනිමේ ෆෑන්ස්ලා මතක් කරලා තිබ්බා.

ගායිස්, Barakamon කියන්නෙ healing anime අතර masterpiece එකක්... characters, story,moral,animetion වගේ හැම දෙයක්ම peak තියන cringe නැති අමුතුවෙන් asthetic ගතියක් ඔබන්න ගියේ නැති ඇනිමේ එකක්.
(ගොඩක් හීලින් ඇනිමේ Studio Ghibli වගේ කරන්න ගිහින් අනා ගන්නවනෙ)

කතාව ගෙතෙන්නෙ තමාගෙ වෘත්තීය ජීවිතයේ ඉදිරි දිශාව හොයාගන්න හිතලා පොඩි දූපතකට යන Handa Sheishuu කියන තරුණ calligrapher වටා.

මොකක්ද මේ Calligraphy කියන්නෙ ? ඇනිමේ එක ගැන මේකෙන් පස්සෙ විස්තර කරන්නම්...

Calligraphy - සරලවම " කලාත්මක ලෙස ලිවීම " . Japanese වලින් නම් Shodo/ Suji විදිහට මේ කලාව හඳුන්වනවා. සරලවම කිව්වොත් මේකෙදි කරන්නෙ සාම්ප්‍රදායික කලු තීන්ත සහ පින්සල් භාවිතා කරමින් කිසියම් කලාත්මක සහ අර්ථවත් පාඨයක් /වචනයක් සුදු රෙද්දක් හෝ කඩදාසියක් මත ඇඳීම...

ඇත්තම කිව්වොත් calligraphy කියන දේ ජපානෙ විතරක් නෙමේ ලෝකෙ පුරාම විසිරිලා තියන කලාවක්. ඒ සම්බන්ධ ලෝක ශූරතා තරගාවලි පවා තියනවා. මේක රක්ෂාවක් විදිහටම කරන්න ප්‍රගුණ කරල කරන්න පුලුවන් කියල දන්නෙ Barakamon බැලුවට පස්සෙ. මේ calligrapher ලා කලා කරුවන් විදිහට හඳුන්වනවා. මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ ඉතින්. කැමති අයට යූටියුබ් එකේ සර්ච් කරලා අකුරු අඳින හැටි , ඒ කලාව ගැන වැඩිදුර දේවල් ඉගනගන්න පුලුවන්... ජපානෙ මේ කලාවෙ විශාල පිළිගැනීමක් තියන බව නම් පේනවා. ( අකුරු අඳින කලාව ලංකාවෙත් තියනව... )

=========
ආපහු Barakamon පැත්තට එමු...

ඉතින් Handa Sheishuu එයාගෙ Calligraphy නිර්මාණයක් විවේචනය කරපු එයාගෙ ප්‍රධානියාට කණ පැලෙන්න එකක් ගහනවා 😅... ඊට පස්සෙ එයාගෙ තාත්තා එයාව මේ දුරබැහැර තියන දූපතට පිටුවහල් කරනවා ගිහින් කලාව හරියට ඉගනගෙන වරෙම් කියල...
Handa ට මෙහේදි අවුරුදු හයක විතර පොඩි ගැණු ළමයෙක්ව හම්බ වෙනවා. එයා තමා Naru... ඇනිමේ එකේ නම - Barakamon කියන එකෙන් අදහස් කරන විසේකාර ළමයා තමා මේ Naru. Naru ඇවිල්ලා දඟ බෝලයක්...
ඉතින් Naru, එයාගෙ යාළුවෝ, ගම් වැසියො එක්ක අපේ කතා නායකයා Handa තමාගෙ ජීවිතේ මුසු කරගන්න හැටි, එයාගෙ මානසික පීඩනය සමනය කරගන්න හැටි... එයා ටික ටික සුව වෙන හැටි... එයාගෙ නිර්මාණ වලට වස්තු බීජ හොයාගන්න හැටි තමා මේ කතාවෙ තියෙන්නෙ...

මේක මාරම wholsome කතාවක්... එපිසෝඩ් එක ඉවර වෙනවා දැනෙන්නෙවත් නැහැ. එක රැයින් ඉවර කරලා කල්පනා කර කර ඉන්න පුලුවන් කතාවක් තමයි barakamon කියන්නෙ. මේ කතාවට sequel එකක් තියනවා Handa Kun කියල. ඒක අපේ Handa ගෙ high school කාලෙ ගැන තියන ඇනිමේ එකක්. ඒ වගේම සුපිරි Live action එකකුත් තියනවා.

අපි ගොඩක් අය ඉගනීම එක්ක, තමාගෙ වෘත්තිය එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. එහෙම ඉන්නකොට නොදැනීම අපි ලෙඩ වෙනවා. කායිකව වගේම මානසිකවත්... ඉතින් අපිට සුව වෙන්න ඕන...

එහෙම නම්,

අපිට ඉර එළිය ඕන... නිල් පාට වතුර ඕන... පිරිසිදු හුළඟ ඕන... Positive vibes දෙන මිනිස්සු ඕන... සැබෑ යාළුවෝ ඕන, ප්‍රඥාවන්ත වැඩිහිටියො ඕන...

Barakamon කියන්නෙ indeed heeling anime එකක්... ඔයාට දැනෙනව නම් ඔයා දැන් පහලටම වැටිලා ඉන්නෙ කියල... Barakamon බලන්න... අනිවාර්යයෙන්ම හොඳක් දැනේවි... බලාපොරොත්තුවක් ලැබේවි.

ගිහින් එන්නම් එහෙනම්...


මේ වගේ පත වැස්සවල් අස්සෙ මහත්තයො ලියනවයි කියවනවයි බලනවයි ඇර තව මොනාද ඉතිං නෙහ්..🌝සෑහෙන කාලෙක ඉඳං කට මුලටම බිසි වෙලා හිටි...
31/05/2024

මේ වගේ පත වැස්සවල් අස්සෙ මහත්තයො ලියනවයි කියවනවයි බලනවයි ඇර තව මොනාද ඉතිං නෙහ්..🌝

සෑහෙන කාලෙක ඉඳං කට මුලටම බිසි වෙලා හිටිය කාලෙං චුට්ටකට ඈත් වෙලා ආපහු මගෙ Comfort zone එකට බහින්න දැං මාසෙක විතර ඉඳං මට පුලුවන් උනා..😇
ඒකෙදි මම පරන දේවල් ටික කරං යන ගමං අලුත් දෙයක් විදිහට Manhwa කියවන්න පටං ගත්ත..🙂

ඔව්,මම manhwa මීට කලිං ගොඩක් කියවල නෑ.. Solo leveling කියවල තියනව තව God of Highschool කියවල තියනව තව දෙකතුනක් කියවල තියනව එච්චරයි..🤧
ඉතිං පහුගිය ටිකේ රැයක් දවාලක් නැතිව අහුඋන අහු උන මංහ්වා ටිකක් කියවපු එක ටිකක් වැඩිපුර කලා..🙂

මේකෙදි ඉස්සෙල්ලම,මංහ්වා කියන්නෙ මොකද්ද කියල දන්නැති කෙනෙක් ඉන්නවනං..මංහ්වා කියන්නෙ Japanese manga වගේ ලියවෙන Korean ස්ටයිල් එකේ කතා..මංගා එකකට වඩා මේක Colored සහ Chapter එකක Frames ගාන ටිකක් වැඩියි..අර වගේම Genre වලට බෙදිල එක Long and Short strips මංහ්වා අපිට කියවන්න පුලුවන්...

ඉතිං ඒවා කියවං යන ගමනෙදි..මට මගෙ යාලුවන්ගෙං ලැබුන Recommendations සහ මම හොයල බලල දැකල කියවපු Manhwa අතුරිං මට දැනුන Top 10 අතර තියන Manhwa ටිකක් ඔයාලට Recommend කරන්න හිතුවා..🥲
පහලිං බලං යන්න එහෙනං මම නමත් එක්ක Briefly විස්තරයක් යටිං ලියං යනවා..👇

10 - Eleceed
Eleceed කියන්නෙ Overpowered MC කෙනෙක් ඉන්න Action,Supernatural කියන Genre වලට අයත් වෙන විදිහෙ Manhwa එකක්..දැනට 400+ තියන Ongoing manhwa එකක් වෙන මේකෙ..Superpowers තියන නමුත් ඒක ලෝකෙට පේන්නැති විදිහට ඉන්න Cat lover mc කෙනෙක් වටේට වෙන සිද්ධි දාමයක් ගැන තමා කතාව යන්නෙ..දැං දැං නං මේක ටිකක් Repetitive ගතියක් ආවත් නියම Blood pumping action scenes වගේම මාර ලස්සන artstyle එකක් එක්ක කියවන්න පුලුවන් හොඳ manhwa එකක් විදිහට Recommend කලැකි..🙂

9 - The Crown Prince that sells medicine

Isekai,adventure,Comedy කියන Genre වලට බර Manhwa එකක්..කතාවෙ Plot එක කියන්න දෙයක් නෑ title එකේම තියෙන්නෙ මේකෙ Main story එක තමා..😂
Ongoing manhwa එකක් වෙන මේක තවම එපි 30ක් විතරයි තියෙන්නෙ..දැන් යන විදිහටනං interesting manhwa එකක් වේවි කියල කියන්න පුලුවන් එකක්..

8 - Return Of the Disaster Class Hero

අවුරුදු 20කට කලිං ඉඳල මිය ගියපු ඒ කාලෙ හිටපු දක්ෂතම Warrior කෙනෙක් ආපහු ආවොත්..ඒක මොන වගේ වේවිද..කියල බලන්න ඕනනං මේක තමයි ඒක..
මම දැකපු intense ම සහ මාරම ලස්සන Fight frames ටිකක් තිබ්බ Manhwa එකක් තාමත් Ongoing යන එකක්..Revenge type එකට ආසනං මේක සෙට් වෙයි හොඳට ඔවාලට..🙂

7 - Leveling Up with The gods

තවත් දැකපු ලස්සනම Art style එකක් තියන මාර ⁣ලස්සනට Build කරන් එන Manhwa එකක් තමයි මේකත්..Chaps 50ගානක තවමත් යන ටිකක් වෙනස් විදිහක කතාවක් තමයි මේකෙ යන්නෙ..

6 - This witch of mine

මේක මම මෙච්චර කාලෙකට කියවපු ලස්සනම Romance manga or manhwa අතර Top 5 තියන්න පුලුවන් විදිහෙ මාර ලස්සන කතාවක්..
Drama,romance genre වලට ආසනං මේ තියෙන්නෙ ඒවගේ මැනිකක්🥺... කපල් 05 ක් වටේට යන බොහොම Sweet කතාවක් මේක ඇවිල්ල ඉවරයි..ඔයාල manhwa බලන කෙනෙක්නං අනිවාර්යයෙන්ම බලන්න කියල Recommend කරන්න කැමතියි..👌

5 - Castle

Mafia සහ Underworld සම්බන්ධව අපි සාමාන්‍යයෙන් නිර්මාණ දකින්නෙ හරි අඩුවෙන්නෙ..Castle කියන්නෙ ඒ නිර්මාණ අතර මමනං ගොඩක් ඉහල තියන වැඩක්..
සෑහෙන හොඳට mafiaව සහ Underworld activities ගැන හොයල බලල මාරම Accurate විදිහට කරං එන Next level manhwa එකක් මේක..
පට්ට Intense battles වලිං පිරිල තියන මේ කතාව යන්නෙ Korea වල තියන ලොකුම Cartel එකක⁣ට ගේම ඉල්ලන්න එන කොල්ලෙක් වටේට.. Miss කරගන්න නං එපා ඔයාලා මංහ්වා කියවනවනං මේ කතාව...

4 - The Legend of the Nothern Blade

Murim එහෙම නැත්තං Martial arts world stories වලට ආස කරන කෙනෙක් නං මේක ගැන නොදැන ඉන්න විදිහක් නෑ..Nothern Heavenly sect කියන ඉතා බලවත් Clan එකක ඉතුරු උන පුරුකක් උන Jin mu won ගෙ හෙන Adventurous journey එකක් ඔයාලට කියවන්න පුලුවන්...හරි Unique සහ මාර ලස්සන Style එකකිං යන මේක එක දිගට කියවගෙන යන්න පුලුවන් interesting වැඩක්..තාමත් Ongoing..

3 - The Omniscient Readers Viewpoint

මේක ගැන මම වැඩිය කියන්න ඕන වෙන එකක් නෑනෙ..තමන් කියවල ඉවර කරපු වෙබ් නවල් එක අස්සට යන Dokja ගෙ Award winning adventure එක ඔයාල දැනටමත් දන්නව ඇති..මේක දැනටමත් Anime adaptation එනව කියල Hint කරපු GOAT level එකේ Manhwa එකක්..අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න මේකත්..

2 - The Beginning after the End

ගිය ආත්මෙදි All mighty රජ කෙනෙක් වෙලා ඉඳල ඒ මතකෙත් එක්කම මොකවත් කරගන්න බැරි අත දරුවෙක් වෙලා Reincarnate උනාම මොකක් වෙයිද ...මේ තියෙන්නෙ ඒ කතාව තමයි..දැනට episodes 178k ආව තවමත් Ongoing යන මේ කතාව මාර Creative විදිහට ලියවෙන,පට්ට ලස්සන artstyles සහ Character developments වගේම හෙන Gore level Fights include වෙලා හැදුන තවත් GOAT වැඩක්..
මගෙ⁣ යාලුවෙක් කිව්ව විදිහට Jobless reincarnation එකේ Non p**o version එක කිව්වත් හරි 😁

1 - The Greatest Estate Developer

මේක ඇර මට අංක එකට තියන්න වෙන Manhwa එකක් තාමත් දැනුනෙ නෑ...මම පිස්සු වැටුන Manhwa වලිං එකක්..Isekai වලිං මම කියවපු ආතල්ම manhwa එක වගේමයි..හැම පැත්තම නියම ගාන⁣ට Develop කරං එන නියම කතාවක්.. 80%ක් විතර ම මේක Comedy පැත්තට බර උනත්..පට්ටම Boss battles,world developing,character developments,relationship building එක්ක perfect විදිහට Build කරං එන Story එකක් ⁣මේකෙදි අපිට බැලුවැකි..OP Mc කෙනෙක් හිටියට ඒකා තරං ආතල් Character එකක් ⁣මම වෙන manhwa එකක දැක්කෙ නෑ..😂 තැනිං තැනිං 4th wall එක පවා Break කරල හෙන පැහැදිලිව දැනට ආව ගොඩාක් Manhwa inspire කරගෙන අරං යන මේ masterpiece level manhwa එක නං Must watch.. ඒ වගේමයි Manhwa beginner කෙනෙක්ට නං මීට වඩා හොඳ Manhwa එකක් Recommend කරන්න මට මතක් වෙන්නෙත් නෑ..🥲

ඉතිං ඔන්න ඔය ටික තමයි දැනට මම කියවපු Manhwa අතර දැකපු Top 10 manhwa ටික විදිහට මම සලකන්නෙ..
Ofc.ඔයාලගෙ අදහස් කියන්න සහ මේ Places වලට මේවා Deserved ද නැද්ද කියල කියන්නත් අමතක කරන්න එපා..

ගිහිං එන්නං..✌️
Admin Hashira 😎

Ashaf is smoking hot🚬🔥කට්ටිය The Witch and the Beast බැලුවතේ... මිස් කරගත්තොත් අපරාදෙ ඇනිමේ එකක්...
29/05/2024

Ashaf is smoking hot🚬🔥
කට්ටිය The Witch and the Beast බැලුවතේ... මිස් කරගත්තොත් අපරාදෙ ඇනිමේ එකක්...

The Fog Hill of Five Elements season 01 (2020)Donhua කියන්නෙ අපිට සෑහෙන්න මිස් වෙන ඒත් ඇත්තම කිව්වොත් Anime වලටත් වඩා පෙ...
28/05/2024

The Fog Hill of Five Elements season 01 (2020)

Donhua කියන්නෙ අපිට සෑහෙන්න මිස් වෙන ඒත් ඇත්තම කිව්වොත් Anime වලටත් වඩා පෙලක් වෙලාවට ඉහල තැනක තියන්න පුලුවන් නිර්මාණ බිහිවෙන තැනක්..👌

පොදුවේ අපි මේ සේරම Anime කියප හඳුන්වනවා උනත්..පෙලක් Donhua වලට වෙන කැපවීම සහ ඒවගෙ තියන කොලිටිය දැක්කම ඇත්තටම බහුතරයක් Anime එක්ක එකට තියන්නත් අවුල් වගේ හිතෙනව..😁

The Fog Hill of Five Elements කියන්නෙත් ඒ වගේ Masterpiece Next level වැඩක්..👌
විශේෂයෙන්ම මතක් කරන්න ඕන..මේ වගේ Stunning Visuals අපිට Anime වලිං හම්බෙන්නෙම නැති තරම්..🥵

Samsara Studios and Nice boat studios එකතු වෙලා හැදුනු මේ අති විශිෂ්ඨ නිර්මාණය..පලවෙනි කතාංගය කොටස් තුනකුත් දෙවනි කතාංගය කොටස් හතරකිනුත් තමයි සමන්විත වෙලා තියෙන්නෙ..

මේක මොනතරම් ලස්සනද කියල පෙන්නන්න මම යටිං Frames ටිකකුත් දාලා තියන්නං..
මේ සීසන් දෙකට වෙං කරන පැය තුන හමාර නං ඔයාල කවදාවත් Regret කරන එකක් නැත් වේවි..👌
ඕනෑම Animation Category එකකට Rookie කෙනෙක්ට බය නැතිව Recommend කරන්න පුලුවන් Perfect ලෙවල් එකේ වැඩක් බලන්න එහෙනං මේක ඔයාලට Recommend කලා..🥂



යමක් සිදුවී තිබෙන හැඩයි... Satosugu Canon...    Credit: animesempai
28/05/2024

යමක් සිදුවී තිබෙන හැඩයි...

Satosugu Canon...



Credit: animesempai

My Oni Girl (2024)Netflix never messing up with animes eh..😁මේ අවුරුද්දෙ බලපු Wholesome ම Anime movie එක මේක වේවි sure ...
28/05/2024

My Oni Girl (2024)

Netflix never messing up with animes eh..😁
මේ අවුරුද්දෙ බලපු Wholesome ම Anime movie එක මේක වේවි sure එකටම...

හරිම ලස්සන Concept එකකට ප⁣ට්ට Stunning visuals වගේම ⁣ලස්සන Jpop ටිකකුත් එකතු කරල හදල තිබ්බ මාරම Comfort Anime එකක් මේක..

ට්‍රයි එකක් දීල බලන්න ඔයාල regret වෙන එකක් නෑ..👌

BREAKING: "Sakamoto Days" anime has been officially announced for January 2025!මුලින්ම නෙට්ෆ්ලික්ස් එක යටතෙ තිබ්බ Sakamo...
27/05/2024

BREAKING: "Sakamoto Days" anime has been officially announced for January 2025!

මුලින්ම නෙට්ෆ්ලික්ස් එක යටතෙ තිබ්බ Sakamoto Days එයාලගෙන් ගැලවුනා කියල අපහු නිව්ස් එකක් ආවනෙ. ඒත් ඔන්න බලාපොරොත්තු කඩ නොකර මේ ඇනිමේ ඇඩෝප්ශන් එක 2025 ජනවාරි වල එනවා කියලා කන්ෆර්ම් නිව්ස් එකක් ඇවිල්ලා තියනව.

Sakamoto Days වල අයිතිය අරන් තියෙන්නෙ TMS Entertainment ස්ටූඩියෝ එක. Dr. Stone, Fruits Basket වගේ සුපිරි ඇනිමේ කරපු ස්ටූඩියෝ එකක් තමා ඉතින්. සතුටුයි ඈ...

27/05/2024

ගිය සතියෙ විකාශය වුණු Demon Slayer season 4 ,Water Hashira's pain කියන එපිසෝඩ් එකේ තිබුනෙ ගියූ ටොමියෝකා ගෙ අතීත කතාවෙන් බාගයක් විතරයි කියල ඔයාලා දන්නවද ?
( මම හිතුවා මේ කොටස thaisho era secret එකෙන් කියයි කියල. හැබැයි කිව්වෙ නෑ.)

Giyuu ගෙ දෙමාපියන් බෝවන රෝගයකින් මිය යන්නෙ ඔහු ළඳරුවෙක්ව සිටියදී. ඊට පස්සෙ එයාව බලා හදාගන්නෙ Tsumiki Tomioka , එයාගෙ අක්කා. දෙමාපියන් නැති වෙනකොට අක්කගෙ වයස දක්වන්නෙ අවුරුදු 10ක් විදිහට. ඒ වගේම ධනවත් වෙළඳ පවුලක් විදිහට තමා Tomioka පවුල ගැන විස්තර තියෙන්නෙ.

ඉතින් අවුරුදු 19 දි Tsumiki Tomioka , මිය යනවා demon attack එකකින්. හරියටම එයාගෙ විවාහ උත්සවේට කලින් දවසෙ රාත්‍රියේදි. අක්කා මල්ලිව හංගනවා...
ඉතින් ඒකයි ගියූ එතනින් බේරෙන්නෙ.

ඊට පස්සෙ ගියූ ටොමියෝකා ට එයාගෙ නෑදෑයො එක්ක ජීවත් වෙන්න වෙනවා. ගියූ එයාගෙ අක්කට පහර දුන්න demon ගැන හැම තැනම කියව කියව ඇවිදිනවා. න්මුත් පොඩි ළමයෙක් නිසා කවුරුත් ඒක විශ්වාස කරන්නෙ නෑ. හැමෝම හිතන්නෙ මේක වලස් ප්‍රහාරයක් නිසා සිදු වුණු දෙයක් කියල.

ඉතින් ඒ නිසා මේ පොඩි ළමයට පිස්සු කියල හිතලා මෙයාව මානසික රෝහලකට යොමු කරන්න එයාගෙ නෑදෑයො දෙන්නෙක් එයාව ටෝකියෝ වලට අරන් යනවා.

ඒ අතර වාරයේ තමයි ගියූ පැනලා යන්නෙ. දුවන්නෙ Sagiri වනාන්තරයට. මේ කැළෑව කොච්චර දරුණුයිද කියල Tanjiro ගෙ Training arc එකේදි තේරෙනවනෙ.

ඉතින් තුවාල වෙලා සිහියත් නැතුව වැටිල හිටපු මේ ළමයව හොයාගන්නෙ කැලෑවෙ දඩයක්කාරයෙක්.
ගියූ කම්පනය නිසා කාලයක් කතා කරන්නෙත් නැතුව හිටියා කියල light novel එකේ තියනවා. (පොර කොහොමත් වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයිනෙ)

ඉතින් මේ දඩයක්කාරයා බීමක් බොන ගමන් Urokodaki san ට තමා හොයා ගත්ත ළමයා ගැන කියල තියනව. ඊටපස්සෙ තමයි Urokodaki ට උනන්දුවක් ඇති වෙලා Giyuu ව පුහුණු කරන්න ගෙන්නගෙන තියෙන්නෙ. එතනදි තමයි එයාට Sabito ව හම්බ වෙන්නෙ.

ඉතින් අවුරුදු 3ක් Giyuu සහ Sabito කඩු ශිල්පය ඉගනගන්නවා. එයාලා Final test එකට යනකොට අවුරුදු 13 යි...

ඉතිරිය ඉතින් ඔයාලා දන්නව... මේ කොටසත් එකතුකළා නම් ඒ එපිසෝඩ් එකට තවත් වටිනවා...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when World of Anime II posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share